Kabir Singh (2019) Hindi
ආදරණීය කබීර් සිං…….
“If you can’t slap, if you can’t touch your woman wherever you want, I don’t see emotion” – sandeep reddy vanga-
ඔබේ පෙම්වතියට ඔබට කම්මුල් පහරක් හෝ හිතුන වෙලාවට හිතුන තැනකදී අතපත ගාන්න බැරිනං එය සත්ය ප්රේමයක් නෙවේ කියලා කියන්නේ චිත්රපට අධ්යක්ෂක සන්දීප් රෙඩ්ඩි වංගා මේක මතක තියාගන්න පස්සට උවමනා වෙයි…
*කබීර් රාජ්දීර් සිං*
තවත් කියනවනං ප්රීති පන්තියේ මොන පේලියේ ඉඳගන්න ඕන කියන තැනින් පටන් කාත් එක්කද යාලුවෙන්න ඕනේ තැන දක්වා සාමාන්ය කොලේජ් ජීවිතයක් ගතකරන්න නොදී ඔක්කොම තීරණය කරන්නේ කබීර්. කබීර් කොයිතරම් විෂ සහිතයිද කියනවනං ප්රීතිගෙන් අයින් වුනාට පස්සේ බල්ලෙක් අරං හදාගෙන ඒ බල්ලට කතාකරන්නෙත් ප්රීති කියලා.
*ප්රීති කාශ්යප් සික්කා*

තමන් නමවත් නොදන්න එකෙක් දැක්කා විතරයි පන්ති ගානේ ගිහින් ඒකි මගේ කියලා TERRITORY MARK කරද්දිත්, තමන්ගේ අවසරයක්වත් නැතුව ඇවිත් ඉඹලා යනකොටත් ,තමන්ට යාලුවෝ තෝරද්දිත්, හැමවෙලාවෙම පන්තියට ඇවිත් PRIVATE EDUCATIONAL SESSIONS දෙන්න එක්කං යද්දිත්,කොටින්ම කියනවනං කකුල කැඩිලා මීට පස්සේ තමුසේ ඇවිත් මාත් එක්ක නතර වෙනවා කියද්දිත් අර කිසිම හැගීමක් දැනීමක් නැති සුදු බෙඩ්ශීට් එකම තමා.
ප්රීතිට ගහලා කබීර් පැය හයක් දෙනවා ගෙදර අයව එයාගේ ප්රේම සම්බන්ධයට එකඟ කරගන්න. කියන්න කොච්චරවත් දේවල් තියෙද්දී ප්රීති දෙමාපියන්ට කියනා මම සියපාරක් විතර ඌත් එක්ක නිදිවැදලා තියනවා ඒක නිසා බන්දලා දෙන්න කියලයි. එතනදීවත් එයාට ගානක් නැහැ මේ මිනිහා මට ගැහුවා නේද කියලා.
කොහොමත් අර තමන්ගේ ගෑනිට ඕනෙ වෙලාවක අත උස්සන අතපත ගාන්න පුලුවන් වෙන්න ඕනේ කියලා කියන්න තරම් බුද්ධිමතෙක් වෙච්ච සන්දීප් රෙඩ්ඩි වංගා මහත්මයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි.

බොලිවුඩ්වල මේ වගේ ABUSIVE හීරෝස් ඉන්න චිත්රපට නිශ්පාදනය වෙලා තියෙනවා ඒත් ඒ එකක් වත් ඒත් කබීර් තරම් විෂ සහිත ,කාන්තාවන් OBJECTIFY කරපු,RAGGING සාමාන්ය කරපු,මත්ද්රව්ය, මත්පැන් දර්ශන තියෙන, CASTE DISCRIMINATE කරන ඒවා නෙවෙයි මම හිතන්නේ.
මෙහෙම චිත්රපට නිශ්පාදනය වෙන එකෙන් වෙන්නේ පිරිමි ලමයි තමන්ගේ කෙල්ලව හිංසා කරන එක සාමාන්ය වෙනවා සහ ගැහැනු ලමයි හිංසනයට ලක්වෙන එක සාමාන්ය දෙයක් විදිහට හිතාගන්න එක විතරයි වෙන්නෙ.

Initial release: June 21, 2019 (India)
Box office: ₹383.02 crore