Kaala (2018) Tamil by Jegan Ganeshan
12ට විතර ඔෆීස් එකෙන් එළියට පැන්නා, ෆට්ට ට්‍රැෆික් එකක් තිබුණේ, සයිටම් උද්ඝෝෂණය නිසා කොහොම හරි 2.25 වෙද්දි ෆිලුම් හෝල් එකට එන්න පුළුවන් වුණා. මං යද්දි කිහිප දෙනෙක් පිටුපස අාසන සේරම අාක්‍රමණය කරගෙන අවසන්, මමත් කොහොම හරි පිටුපස පේළියේ ඉදිරි අාසනයක් ලැබුණා. ටික වෙලාවක් වාඩිවෙලා ඉද්දි කවදාත් මං අප්‍රිය කරන සුවඳක් දැනෙන්න ගත්තා කවුදෝ කෙනෙක් සිගරට් එකක් පත්තු කරනවා. පිටුපස පේළියෙන් බියර් ටින් අරින් “චිස්” හඬ විනාඩියෙන් විනාඩියට වගේ අැහුණා. මේ අතරතුර ටිකක් විතර පරණ සින්දු වගයකුත් අැහෙන්න ගත්තා. මම බලන්න නොඉවසිල්ලෙන් හිටිය චිත්‍රපටියක් තමා “කාලා”
රංජිත්ගේ අධ්‍යක්ෂණයෙන් “සුපර් ස්ටාර්” රජිනිකාන්ත්ගේ රංගනයෙන් මේ මස 7 වන දින ලොව පුරා තිරගත වූ චිත්‍රපටිය කාලා. මේ චිත්‍රපටියේ වස්තු විෂය වෙලා තිබුණේ මුඩුක්කුවාසීන්ගේ ජීවිතය හා ඔවුන් ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නේ.? ධාරාවි නම් ප්‍රදේශය මුම්බායිවල පිහිටා අැති එක් මුඩුක්කු ප්‍රදේශයකි, මුම්බායිවල ශක්තිමත් දේශපලනඥයෙකු වන හරිගේ අරමුණ වන්නේ පිරිසිදු මුම්බායි නගරයක් බිහි කිරීමයි, නමුත් සැබෑ අරමුණ වන්නේ ධාරාවි ප්‍රදේශය තමන්ගේ නමින් ලියාපදිංචි කරගැනීමයි. ඔහුගේ උත්සහයට කාලා විරුද්ධ වෙනවා. මාෙවුන් දෙන්නාගෙන් ජය ගත්තේ කවුරුන් ද යන්නයි මෙහි අවසානය.
සාමාන්‍යයෙන් රජිනිකාන්ත්ගේ ෆිලුම් එකක් ඔහුව හඳුන්වා දෙන්නේ දිගු දෙබසක් කියා හෝ යම් දුකක් අැති වූ විට ඔහු පිහිටට පැමිණෙන බව අතිශ්‍යයෝක්තියෙන් කියා ය. නමුත් මේ චිත්‍රපටියේ එය එ් අාකාරයෙන් තිබුණත් එ් තරම් අතිශ්‍යයෝක්තියක් නොවිය. සරල ලෙස ඔහුගේ පළමු රූප රාමුව පෙන්නුවේ කුඩා ළමුන් සමඟ ක්‍රිකට් සෙල්ලම් කරන අාකාරය පෙන්වමින්, සාමාන්‍යයෙන් රජිනිගේ රසිකයන් හැටියට අප ඔහුගෙන් බලාපොරොත්තු වන දේවල් කිහිපයක් තිබෙනවා. සටන් ජවනිකා විහිළු ගීත යන එ්වා අප බලාපොරොත්තු වෙනවා. කබාලි චිත්‍රපටියේ රංජිත් මේවා රජිනි රසිකයන්ට ලබා දෙන්න අපොහොසත් වුණත් මේ චිත්‍රපටියේ ඔහු එ්වා ලබා දී තිබුණ බවක් පෙනෙන්නට තිබුණා. වර්තමාන දේශපාලනඥයන් හා විප්ලවවාදියන් ගැනත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් මනා ලෙස පෙන්වා තිබුණා. සමාජ අසාධාරණ ගැන කතා කරන රංජිත් මේ චිත්‍රපටියෙත් එය තම තේමාව කරගෙන තිබුණා. ලෝකයේ සියලු රටවල මුඩුක්කු ප්‍රදේශ තිබෙනවා. එහි ජීවත් වෙන අයටත් සිදු වන්නේ මෙවැනි ඉරණමක් බවට රංජිත් මතක් කර දී තිබුණා. තවත් සුවිශේෂි කරුණක් නම් විප්ලවවාදීන්ව ත්‍රස්තවාදීන් ලෙස හෝ දුෂ්ඨයන් ලෙස නිරූපණය කිරීමට අතීත, වර්තමාන දේශපලනඥයන් දරණ උත්සහය මේ චිත්‍රපටිය තුළ පෙන්වීමට රංජිත් උත්සහා කර තිබුණා. හරිගේ මිණිබිරිය කාලා කියන්නේ කවුද කියා අැසු විට ඔහු පවසන්නේ රාවණන් යනුවෙන්ය. තව ද රංජිත් විසින් රාමායනය පවා අභියෝගයට ලක් කරන දෙබස් කිහිපයක් යොදා තිබුණා. රංජිත්ට අනුව රාවණා වීරයෙකි. රාමන්ට වඩා..
චිත්‍රපටියේ දුර්වලතා නොතිබුණාම නොවේ. දමිළ සිනමාවේ රජිනි යනු සුපර් හීරෝ කෙනෙකි. එ් නිසා ඔහුව මරන්න ජගතෙක් නොමැත. මේ චිත්‍රපටියේ ද එය අනුගමනය කර තිබිම අපට දකින්නට ලැබුණා. සමහර තැන්වල දෙබස් ඉතා වේගවත් නිසා එ්වා නිසා අාකාරයට තේරුම් ගැනීමේ අපහසුතාවයක් තිබුණා.
සංගීතය ගැන වැඩි කතාබහක් නොමැත, නමුත් නිතරම රැප් සංගීතය භාවිතා කරගැනීමට රංජිත් සමත් වී තිබුණා.
වැස්සේ අව් කණ්ණාඩි පැළඳගෙන රජිනිකාන්ත සටන් කිරීම, එසේ සටන් කරන විට අව් කණ්ණාඩිය ගැළවී නොවැටිම වැනි දේවල් අපට විහිළුවක් ලෙස දැනුනත් රජිනිකාන්ත් චිත්‍රපටිය තුළ කුමක් කළත් අපට එය වරදක් ලෙස නොදැන්නෙන් මන්ද..? එය ඔහුට අැති ගරුත්වය ද.. නැතිනම් ඔයා කෙරෙහි අැති සෙනෙහස ද යන්න දන්නේ නැත. කොටින්ම කියනවා නම් කාලයකින් බැලු රජිනිකාන්ත්ගේ හොඳ චිත්‍රපටියක් යැයි මට කීමට හැක. මෙය රජිනි රංගනයෙන්.