K. S. Chithra Indian Playback Singer | Sinhala Article
August 7, 2021
ALL IN ONE, Article, Biography, General, Kollywood, Tamil, Untold Story, අරුල් කීර්තනන්
349 Views
K. S. Chithra Indian Playback Singer

1963 වර්ෂයේ ජූලි 27 වන දින මෙලොව එලිය දකින ක්රිශ්ණන් නායර් ශාන්තකුමාරි චිත්රා නොහොත් සංගීත සාම්රාජ්යයේ ස්වර්ණමය සංකේතය “melodey queen of indian cinema”, පොඩිහිටියන් සිට වැඩිහිටියන් දක්වා තම ගායනයෙන් වසඟ කර ගත්, ලොව වටා ඇති සියලු රසිකයින්ගේ පිළිගැනීමට පාත්ර වූ කේ.එස්. චිත්රාගෙ පලමු ගුරුවරයා වූයේ ඇගේ පියාය. 1979වර්ෂයේ මලයාලම් සිනමාවේ ගරු එම්.ජී.රාධාක්රිශ්ණන් විසින් ගායිකාවක් හැටියට සිනමාවට හඳුන්වාදෙයි. 1985වසරේ “පූවේ පූ චූඩවා”නම් දමිළ චිත්රපටයේ “චින්නකුයිල් පාඩුම් පාට්ටු කේට්කුදා” ගීතය තම මිහිරි හඬින් ගායනයත් සමඟ ඇයට “චින්නකුයිල්” යන නම පට බැඳුණි. එපමණක් නොව නයින්යිගල්, ගානකුයිල්,වානම්පාඩි,සංගීත සරස්වති,කන්නඩ කෝගිලෛයි, පියා බසන්ති යන ගෞරව නාම වලින්ද පිදුම් ලබනවා.
අවුරුදු 13ක් වූ චිත්රා දිනක් තම පාසලේ පැවැත්වූ ගායනා තරඟයකට සහභාගි වී ඉතා සංකීර්ණ තෝඩි නම් රාගයේ ස්වර සියල්ලත් සමඟ අලංකාරව ගායනා කරමින් ඉන්දීය මධ්යම රජයෙන් දක්ෂතාවය ඇත්තන් හට ලබාදෙන අවුරුදු 07ක ශිෂ්යත්වය ලබා දෙමාපියන් හට කීර්තිය අත්පත් කර දෙනවා. එය තමාගේ පලමු පියවර කරගත් චිත්රා සංගීත ක්ශේස්ත්රයේ ගාන්ධර්වයෙකු වන ඉලයරාජාගෙ උපකාරය ඇතුව 1986 වසරේ නිකුත් වූ “නී දානා අන්ද කුයිල්” නම් දමිළ චිත්රපටයේ “පූජෙයිකේට්ර පූ ඉදු” නම් ගීතය ගංගෛයි අමරණ් සහ ඉලයරාජා සමඟ ගායනා කරන අතර ඇගේ ප්රථම දමිළ ගීතයද එය වෙනවා.
පසුව ඈ විජයශංකර්නම් ඉංජිනේරුවකු සමඟ විවාහ වෙනවා. විවාහ ජීවිතයෙන් අවුරුදු 15ක පෙරුම්පිරීමේ ප්රතිඵලය වශයෙන් දූ කුමරියක් ඈ දාව උපදිනවා. නමින් නන්දනාය. නමුත් ඒ සතුට දිගටම නොපැවතුනි. අවාසනාවන්ත ආකාරයට නන්දනා පිහිනුම් තටාකයට වැටී හුස්ම සිරවී මියයයි. ඒ වන විටත් ඇය විශේෂ අවශ්යතා තිබෙන දරුවකු වීමත් කනගාටුදායක කරුණකි. දියනියගේ වියොවෙන් පසු චිත්රා සජිවී ප්රසංග හෝ අනෙකුත් ගීත කටයුතු සඳහා තාවකාලිකව සමුදී සිටිනවා. අනතුරුව තම මැකි ගිය දියනියට පිං පිණිස කේරලයේ පිහිටි ජාත්යන්තර පිලිකා රෝහලට කිමෝ ශල්යාගාරයක් ඈ විසින් සාදා දෙනවා. ඉන් පසුව ඈ වැඩියෙන්ම ගායනා කලේ දේව ගීත හා භක්ති ගීත පමණි.
ඉන්පසුව 1995 වර්ෂයේ වීඩියෝරෙක්ස් නම් සංගීත ආයතනයක් ආරම්භ කරන චිත්රා දක්ෂතාව ඇති නමුත් කිසිදු අවස්ථාවක් නොමැතිව සිටින තරුණ තරුණියන් හට උදව් උපකාර කරනවා. 1997 වර්ෂයේ බ්රිතාන්ය පාර්ලිමේන්තුව මඟින් ඉන්දියාව නියෝජනය කරන ප්රථම ඉන්දීය කාන්තාව බවට ගෞරවාදරයට පත් ව ඉතිහාසගත වෙනවා. 2009 වර්ෂයේ චීනයේ පැවති ජාත්යන්තර සංගීත උළෙලේදී සම්මානයෙන් පැසසුම් ලත් ප්රථම ඉන්දීය කාන්තාව බවටද ඈ ගෞරව ලබනවා. දමිළ, තෙලිඟු, මලයාලම්, කන්නඩ, බෙංගාලි, ඔරියා, පංජාබි, ගුජරාටි, ටුලු, රාජස්ථානි, උර්දු, සංස්කෘත, බඩාගා, යන භාෂා වලින්ද, ලතින්, මැලේ, අරාබි, ඉංග්රීසි, ප්රංශ වන විදේශීය භාශා වලින්ද 25,000කට අධික ගීත ප්රමාණයක් තම හඬින් අලංකාර කර තිබෙනවා.
වැඩිම ජාතික සම්මාන ප්රමාණයක් දිනාගත් පසුබිම් ගායිකාවලෙස ඉතිහාස ගත වනවාත් සමඟම 2005 වර්ශයේ පද්මශ්රී ගෞරවයෙන් පිඳුම් ලබනවා. ඒපමණක් නොව ෆිල්ම්ෆෙයා සම්මාන 08 කින්ද, ප්රාන්තයන් අතර ප්රධානය කරන සම්මාන 36කින්ද සම්පූර්ණ සම්මාන 100කට වැඩියෙන් මැය පිදුම් ලබනවා. M TV වීඩියෝ මියුසික් ජාත්යන්තර සම්මානය දිනාගත් එකම දකුණු ඉන්දීය ගායිකාව බවටද මැය පත් වනවා. තවද සත්යබමා විශ්වවිද්යාලයෙන් හා ජාත්යන්තර දමිළ විශ්වවිද්යාලයෙන් ආචාර්ය උපාධියද ඈ ලබාගෙන තිබෙනවා. ඊට අමතරව සෞදී අරාබියේ ෆෙඩරල් සුප්රිම් කවුන්සලයේ සාමාජිකතවයද 2019 වර්ෂයේ මැය සතු කරගන්නවා. ඉතා විශේෂතම කරුණ වනුයේ ලන්ඩනයේ පිහිටි රෝයල් ඇල්බට් නම් සුප්රකට ජාත්යන්තර සංගීතාගාරයේ තම හඬ අවදිකල ප්රථම දකුණු ඉන්දීය ගායිකාවද මැය වෙනවා. වර්තමානයේ විවිධ භාෂා වලින් සංවිධානය කෙරෙන රියැලිටි වැඩසටහන් වලට සහභාගි වෙමින් සංගීත ක්ශේස්ත්රයේ අනාගතය තනන කර්තව්යයේ නියැලී සිටිනවා. මැයගෙ අනුදැනුම මත නිර්මාණය වූ ආධුනිකයින් වර්තමානයේ බොහොය. වර්තමානයේ පසුබිම් ගායිකාවක් වන ශ්රියා ගෝසල් පවා තමා ගේ අයිඩල් එක බවට හඳුන්වන මැය එදත් අදත් මගෙ නයින්ටිගල් ය.. ඈ පිළිබඳව ලිවීම මං ගෞරවයක් හැටියට සළකනවා.
අරුල් කීර්තනන්
Writer