K.G.F:Chapter 2 up Coming Movie by Sndeepa Lakshan
#KGF මොකක්ද මේ අකුරු තුනේ කතාව… මොකක්ද?2018 කියන්නෙ ෆිල්ම් වලට කප් ගහපු අවුරුද්දක්.ඔන්න ඔය අවුරුද්දෙ අග භාගය වෙනකොට ඉන්දියාවෙ රාවයක් ගියා එක සොච්චන් කන්නඩ ෆිල්ම් එකක් ගැන.අකුරු තුනක ෆිල්ම් එකක්.ඒත් කවුරුත් ඒක ගනන් ගන්න හිතුවෙ නෑ.මොකද කන්නඩ,මලයාලම්,දෙමල,තෙලිගු ෆිල්ම් ගැන අපේ ෆිල්ම් ඔස්තාර්ල කියන අය ඇති කරල තිබ්බ සුරන්ගතා කතා භීශනයක්…ඒක ඒ කාලෙ නැගලම ගියා.
?ටැමිල් ෆිල්ම් බලන්න එපා ජරාව
?ඒව ගන්න ඩෙට වලින් ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් බලපන්
?ඕවගේ ස්ටෝරිය හද්ද ගූ
?එකක් ගැහුවම සීයක් වැටෙනව
?හෙන අතාත්විකයි ඕව
ඔය වගේ ලොකූ කතා ගොඩක් ඒ කාලෙ දරුනුවටම ගියා. මාත් ෆිල්ම් බැලුව… ඒත් ඔය ඉන්දියාවෙ මලයාලම්, තෙලිගු, දෙමල එක නලු නිලියක්වත් මන් නමින් දැනන් ඉදියෙ නෑ. කොටින්ම සූර්‍යා කියන්නෙ කවුද කියලවත්???මොකද ඔලුව ඇතුලෙ ඇන්ද ඔන්න ඔය කතා ටික නිසා …
ඔහොම කාලය හෙමීට ගෙවීගෙන යද්දි 2018 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ උදාවුනා. යූ ටියුබ් එක පුරාම KGF කියන ෆිල්ම් එකේ ට්‍රෙයිලර්ස් පෝස්ටර් වැටෙන්න ගත්ත. ඇත්තටම වෙන ෆිම් එක්කට ඔය තරන් පෝස්‍ට් ගොඩක් මන් දැකල තිබ්බෙ නෑ… බලන්න ආසාවක් ආව.
හරියටම 2018 දෙසැම්බර් 20 ෆිල්ම් එක us වලයි canada වලයි රිලීස් වෙලා දෙසැම්බර් 21ඉන්දියාවෙ ෆිල්ම් එක දුවන්න ගත්ත.. ඔය එක්කම තව ගොඩක් අය හිතන් ඉදපු බොක්ස් ඔෆිස් කප් ගහන්නම කියල ලියන් ඉදපු ෆිල්ම් සෙට් එක්කුත් ඕකත් එක්කම රිලීස් උනා. පලවෙනි දවසෙන්ම ඉන්දියාවෙ සුනාමි රැල්ලක් වගේ kgf ආක්‍රමනයක් ගියා. ඒක මුලු ලෝකෙ පුරාම පැතිරුනා. ෆිල්ම් හෝල් ෆුල් උනා.පැල් බැදගෙන ෆිල්ම් එක බලන්න ගියා. එකම එක කන්නඩ ෆිල්ම් එක්කට පුලුවන් උනාද ලෝකයක් කන්නඩ ෆිල්ම් වලට කැමති කර ගන්න. ඔව් ඒක කරා kgf chapter 1… මිනිස්සු පිස්සො වගේ ෆිල්ම් එකට සෙට් උනේ. ඒක ලන්කාව ඇතුලෙත් දැක්ක. හිතන් ඉදපු ඔක්කොම ෆිල්ම් වලට good bye කියල මේ කන්නඩ තනි ෆිල්ම් එක ලෝකය පුරා පලවෙනි තැන ගත්ත. බොක්ස් ඔෆිස් පිට පිට සම්මාන ෆිල්ම් එකට හම්බෙන්න උනා.
ඒකට ප්‍රදානම හේතුව උනේ නලු නිලියන්ගෙ තෝරා ගැනීම. මේක මේ තරන් හිට් උනේ ඇයි. ඒකත් ලොකු කතාවකට මුල. මේකෙන් ටාර්ගට් කරේ ගොඩක් තරුන සෙට් එක සහ මැදි වයස් අය. ෆිල්ම් එකක බලාපොරොත්තු වෙන ඇග හිරිවට්ටන ත්‍රිල් එක දෙන්න kgf එක සුපිරියටම සමත් උනා. ඒ කවුරුත් නේ ප්‍රදාන නලු #yash ගේ සුපිරි ඇක්ටින් නිසා වගේම ෆේස් ලුක් එක නිසා. ඒ ගැම්ම ෆිල්ම් එකේ හැම කොටසකම තියනව…
Film එක බලල සති ගානකට පස්සෙ kgf කියනවට වඩා ගොඩක් අය රොකී ඉන්න ෆිල්ම් එක රොකී බායි ඉන්න ෆිල්ම් එක කියන්න ගත්ත.ඒ යශ් රොකීට ලස්සනට පන දුන්නු නිසා…
Chapter 1 film එක:
රොකී කියන්නෙ දුප්පත් පවුලක කොල්ලෙක්.තාත්ත කවුද කියල දන් නැ, අම්ම තමා කොල්ලව හදා ගන්නෙ. මුරන්ඩු කොල්ලෙක්. අම්මට ගොඩක් ආදරෙයි. අම්මගෙ වචනෙට පිටින් යන් නෑ. ඒත් ඒ අම්මගෙ ආදරෙත් ලොකු කාලයක් රොකීට ලැබෙන්නෙ නෑ. අම්මත් මැරෙනව.රොකී තනිවෙනව. ඒත් අම්ම මැරෙන වෙලාවෙ රොකීගෙන් එක පොරොන්දුවක් ගන්නව…
“මට පොරොන්දු වෙන්න,මම දන්නෙ නෑ ඔයා කොහොම ජීවිතේ ඉස්සරහට ගෙවන් යයිද කියල.ඒත් ඔයා මැරෙන දවසට,ඔයා ශක්තිමත් ගොඩක් ධනවත් ප්‍රසිද්ද කෙනෙක් විදියට මැරෙන්න ඕනි”
ඒ අම්මගෙ පොරොන්දුවට රොකිට දෙන්න පුලුවන් උන අන්තිම පිලිතුර තමයි
“මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවමයි අම්මෙ”
කියන දේ විතරයි…
අම්මත් නැති රොකී උත්සහ ගත්තෙ කොහොම හරි ඒ උන පොරොන්දුව ඉශ්ට කරන්න. බොම්බායෙ වීදි අස්සෙ හැදුනු රොකී මුලු බොම්බායම ආක්‍රමණය කරා තමන්ගෙ ශක්තියෙන්. ඒ එහෙ මැර කල්ලියක ලොක්කෙක්ගෙ ලගට වෙලා. බොම්බායම බය උනා රොකී කියන නම ඇහැද්දි… ඒ රොකීගෙ බයික් එක. රොකීගෙ ෆිල්ම් එකට එන්ටර් වීම් මාර කන්සෙප්ට් එකක්. ඒක කකුල් හිරිවැටෙන සීන් එකක් කීවොත් වැරදි නෑ. ඒත් රොකීට ඕනි මේ බොම්බායෙ විතරක් නෙමෙ දකුනු ඉන්දියාවෙම ලොකුම මැරය වෙන්න.
ඒත් කවදාවත් රොකී අහින්සක ජනතාවට මොකුත් කරේ නෑ. මොකද රොකී ඒ දුප්පත් කම දන්න නිසා… මේකෙ ස්ටෝරි ලයින් එක යන්නෙ 1970-1980 කාලෙ වගේ ඒ කාලෙ කොලර් රන් පතල් ආශිතව තමා… මෙතනින් එහාට කියන්න ඕනි නෑ නොබලපු එක්කෙනෙක් හරි ඉන්නවනම් අදම බලන්න ඒක… මන් මේක කියන එක අයට කරන ගැරහීමක්. මේකෙ ස්ටෝරිය යන්නෙ එක්කෙනෙක්ගෙ පාපොච්චරනයක් හැටියට. සමහර වෙලාවට කාලය ටිකක් ඉස්සරහට පැනල රොකීගෙ බොස් ෆීලින්ග් එක උපරිමේට ආව කොටසුත් අතරින් පතරින් පෙන්වනව… ඉන්දියානු රුපියල් කෝටි 100 සහ 200 අභිබවා ගිය පලමු කන්නඩ ෆිල්ම් එක හැටියට මේ kgf ෆිල්ම් එක බොක්ස් ඔෆිස් පොත් අතරට යනව.
ඒ වගේම ෆිල්ම් එකෙන් පස්සෙ යශ්ට මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගන්නව. ඒ රැවුල ඒ කොන්ඩෙ අදවෙනකනුත් එහෙම්මයි. යශ්ගේ බීස්ට් ස්ටයිල් එක බොස් ෆීලින් එක එහෙම්මයි. සවුන්ඩ් වලින් ඉෆෙක්ට් වලින් ඒ ෆිල්ම් එක අප් කරන්න දුන්නු හිප් එක සුපිරි.
යශ්ගෙ සීන් වලදි එන ඒ සවුන්ඩ් ට්‍රැක් එක ගොඩක් බොස් ෆීලින්ග් එක ඇගට දැනෙන සවුන්ඩ් එකක්. ඒවගේ පොඩ්ඩක් කොනෙන් ගෑවිල යන පොඩි ලවු ස්ටෝරි එක්කුත් තියනව. ලව් ස්ටෝරියට වඩා ප්‍රබලම තැනක් දීල තියෙන්නෙ ක්‍රයිම් පැත්තට කියලයි කියන්න තියෙන්නෙ.
Imdb rate එක 8.8ක් වගේ ඉහල අගයක් ගන්න ඒ ෆිල්ම් එක සමත් වෙලා තියනව. ඒක ඒ ෆිල්ම් එකට ලැබිය යුතුම අගයක්. පලවෙනි කොටසේ අධ්‍යක්ශනය සහ රචනය කියන දෙකම ප්‍රශාන්ත් නීල් විසින් සිදු කරල තියනව…
#කාලයත්_එක්ක_ඔන්න_මෙ_වසරේ_අනිත්_සුනාමියත්_එනව
K.G.F.chapter 2 (2020)
ෆිල්ම් එක රිලීස් ඩේට් එක තියෙන්නෙ 2020 ඔක්තොබර් 23… ඔව් ලග ලගම එනව තමා.
හිතෙන විදියට ප්‍රදාන විලන් වෙන්නෙ #අදීරා ඒ චරිතෙට පන පොවන්නෙ #සන්ජය_දත්…
ගරුඩගෙ සීන් එකෙන් පස්සෙ පතලේ අයිතිකාරය වෙන්නෙ රොකී.එතනින් එහාට කතාව තම බල ගන්න පුලුවන් වෙන්නෙ චැප්ටර් 2 වලින්.
ලෝගො එකේ එන්නෙ rebuilding an empire කියලයි… අදිරාජ්‍ය නැවත ගොඩ නැගීම අතරතුර ඔහුට මුහුන දීමට සිදු වන ඊලග මේන් බොස් තමා අදීරා කියන්නෙ.
හරි එහෙනම් පොප් කෝන් ලෑස්ති කරන් බලන් ඉමු ඔක්තෝබර් වෙනකන්.යශ්ගෙ ඒ ගැම්ම අපි බලන්න.❤?
ඒ රැවුල කොන්ඩෙ දෙබස් අදටත් කොල්ලො අනුකරන
May I come in…
If you bad, im your dad…
ඒවගේම අලුත් ස්ටෝරියෙ වෙනස් ලව් ස්ටෝරි වගේකුත් තියනව. අලුත් කෙල්ලො සෙට් එක්කුත් එක්කම කරනව… අවුරුදු දෙක්කට පස්සෙ උනත් රොකී අදිරාජ්‍යේ නැගී සිටිනවා…