K-Drama VS C-Drama Chapter 1 by Eranga Liyanarachchi
?කොරියන් Drama සහ චයිනීස් Drama අතර වෙනස ‼️ ?
( K-Drama VS C-Drama Chapter 1 )
? Lockdown කාලෙ හැමෝම වගේ ගෙවල් අස්සට හිරවෙද්දි ගොඩක් අය TV Series, Web Series, Films ඇති තරම් පට්ට ගැහුවනෙ. සමහර අය නම් මේ වෙද්දි රෙකෝඩ් කැඩෙන තරමට ඩ්‍රාමා බලලා ඇති. හරි… ඒ කතාව පැත්තකින් තියමුකො.
?TV Series ගත්තොත් ලංකාවෙ ගොඩක් ප්‍රේක්ෂකයන්ට කොරියන් Series නැත්නම් K Drama හරිම සමීපයි. ඒකෙ කතා දෙකක් නෑ. ??
?හරිම ආදරණීය දෙබස්, සිත් ඇදගන්නාසුළු කතා තේමා, ආදරණීය පෙම්වතුන්, ඇඳුම් ආයිත්තම් කොටින්ම කෑම බීම පවා අපේ රටේ කොරියන් රසිකයන්ගෙ හදවත් තුළට කිඳා බැහැලම ගිහින්. ??
?හැබැයි කොරියානු නාට්ටි ගැනම විතරක් නැතුව මෑතකදි ක්‍රම ක්‍රමයෙන් අපේ රටේ ප්‍රේක්ෂකයන් අතරට ආපු චීන නාට්ටි ගැනත් කතාකරමු.
?මගේ මතකයෙ හැටියට නම් ලංකාවෙ විකාශය කරපු #මුල්ම චීන නාට්ටිය තමයි ජාතික රූපවාහිනියෙන් විකාශනය කරපු “#දිය_කඩඉම” නාට්‍යය. ඊටපස්සෙදි ටෙලිවිෂනය ආක්‍රමණය කළේ ” #මායාවරුන්ගේ_ලෝකය”. ජාතික රූපවාහිනියෙන් විකාශය කරපු ඒ ෆැන්ටසි චීන කතාව [ Xianxia (ක්ෂ’න්ක්ෂියා) ], ලංකාවෙ ටෙලි තිරය ආක්‍රමණය කරගෙන හිටපු කොරියන් නාට්ටි අතරින් වෙනස්ම රසයක් එකතු කළා.
?ඒත්, ඉතිං ලංකාවෙ බහුතරයක් ඉන්න කොරියන් ප්‍රේක්ෂක ප්‍රජාව අතර නම් තවමත් චීන කතාවලට #ලොකු_ආකර්ෂණයක් නම් නෑ. මොකද චීන නාට්ටි #සාමාන්‍යයෙන් YouTube නැතිම තරම්. කොරියන් නාට්ටි නම් ටක්ගාලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට “කොරියන් ගෲප්” හතරවටේටම තියෙනවනෙ. ඉතිං අපේ අය Chinese Drama Series ගැන වැඩිය දන්නෙත් නැත්තෙත් ඔන්න ඔය හේතුව නිසා. ??
? [ ඒ වුණාට මෑත කාලයේ ඉඳන් IQiYi, Youku, Tencent (We TV), Viki වගේ Chinese Networks දැන් දැන් YouTube, Facebook හරහා සම්බන්ධ කරලා තියෙන නිසාම ලේසියෙන්ම YouTube වලින් Drama බලන්න පහසුයි. ඒ වගේම Chinese Facebook Fan Group හරහා සෑහෙන්න ජනප්‍රියත්වයකුත් ලැබෙනවා. ] ??
?ඒත් ඉතිං දීර්ඝ කාලයක් තිස්සෙ එකම #රහකට හුරුපුරුදු වෙච්ච කෙනෙක්ට වෙනස් රහක් දැනෙද්දී ඉබේටම කරකවලා අතෑරියා වගේ හැඟීමක් දැනෙන එක අතිශයින්ම සාමාන්‍යයිනෙ. ඒ නිසා එකපාරටම චීන නාට්ටියක් බලද්දි නුහුරු හැඟීමක් එන්න පුළුවන්. ඒක ඉතිං ටික කාලයක් යද්දි ඉබේටම ඒ නුහුරු ගතිය ඉබේටම නැතිවෙලා යයි. ??
?කොරියානු සංස්කෘතිය සහ චීන සංස්කෘතිය අතර සෑහෙන්න වෙනස්කම් තියෙනවා. ඒ බව චීන රජ කතාවක් සහ කොරියන් රජ කතාවක් බැලුවම පැහැදිලිවම දැනෙනවා. එකපාරටම නොදැන චීන ජාතිකයොයි, කොරියන් ජාතිකයොයි ඔක්කොම එක වගේ මූණු තියෙන අය කියලා පටලවගන්නෙපා. චීනය කියන්නෙ ලෝකෙ වැඩිම ජනගහනය තියෙන රට වගේම, ජනවර්ග විශාල ප්‍රමාණයක් තියෙන රටක්. නමුත්, ප්‍රධානම ජනවර්ගය විදියට හඳුන්වන්නෙ ‘Han’ (හන්) ජනවර්ගය තමයි.
?ඒ වගේම, චීන සහ කොරියන් අය කියන්නෙ රටවල් 2ක මිනිස්සු. එයාලා එකිනෙකා අතර පෙනුමෙන්, බාහිර රූපයෙන් පවා වෙනස්. හරියටම බැලුවොත් ඒ වෙනස්කම් පැහැදිලිවම පෙනෙයි.
?ඒත්, වැදගත්ම දේ තමයි බහුතරයක් කොරියන් ප්‍රේක්ෂකයෝ පිළිගන්න අකමැති කාරණාවක් තියෙනවා. ඒ තමයි, කොරියාව කියන්නෙ චීන සංස්කෘතියෙන් බිඳී ආපු තවත් රටක සංස්කෘතියක් කියන එක. දකුණු කොරියාව දැන් දැන් ස්වාධීන වුණත්, තවමත් චීන සංස්කෘතියේ සාරයෙන් ගත්ත කොටස් තමයි කොරියානු සංස්කෘතියෙ අදටත් තියෙන්නෙ. පහුගිය කාලෙදි චීන සංස්කෘතික ලක්ෂණ අනුකරණය කළා කියලා චෝදනා ලබපු කොරියානු නාට්‍ය,චිත්‍රපට, නවකතා බොහොමයක් තහනම් වුණා විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් චීනයේ මුල් නිර්මාණකරුවන්ට වන්දි මුදල් ගෙවන්නත් කොරියාවට සිදුවුණා. කොහොමවුණත්, ඉතිහාසය කියන දේ කාටවත්ම වෙනස් කරන්න බෑනෙ. ??
?හරි… අද මම කියන්න යන්නෙ චීන රජ කතාවල සහ කොරියානු රජ කතාවල තියෙන බාහිර වෙනස්කම් ගැන.
? කොරියානු භාෂාවට සාපේක්ෂව චීන මැන්ඩරින් භාෂාව ගොඩක් වේගවත් භාෂාවක් වීම නිසා කතාකරන වේගය වැඩියි. කොරියන් නාට්ටිවල වගේ ඇද…ලා කතාකරන්නෙ නෑ. අපේ අයට මුලින්ම මඥ්ඥං වෙලා යන්නෙ ඔන්න ඔතනින්. අනේ තේරෙන්නෙ නෑ කියනවා. මේ කියන මටත් චීන මැන්ඩරින් භාෂාව තේරෙන්නෙ නෑ තමයි. ඒකට ඉතිං පොඩ්ඩක් නුහුරු නිසා Subtitles නවත්තලා හරි බලන්නකො. ටිකෙන් ටික හුරුවෙයි. මොකද, චීන භාෂාව ඇහිලම ගොඩක් වචන, යෙදුම් ඉබේටම හුරුවෙනවා. අනික Subtitles වේගෙන් යන්නෙත් නෑ. සාමාන්‍ය කියවගන්න පුළුවන් වේගයකින් තමයි Play වෙන්නෙත්. වැදගත්ම දේ තමයි ලංකාවේ අපිට චීන මැන්ඩරින් භාෂාව ඉදිරියේදී සෑහෙන්න වැදගත් වෙනවා කියන එක. අන්න ඒක අමතක කරන්නත් එපා. දැනටමත් දන්නවනෙ අපේ රටේ තත්වය ගැන එහෙම ? ??
? චීන ඓතිහාසික (Historical/රජකාලෙ කතා) කැටගරි කීපයක්ම තියෙනවා. Wuxia (වුක්ෂියා), Xianxia (ක්ෂ’න්ක්ෂියා), Xuanhuan (ක්ෂුවන්හ්වාන්) කියලා. Wuxia කියන්නෙ Martial Arts එක්ක යන රජකාලෙ කතා. Xianxia කියන්නෙ ෆැන්ටසි කතා. ඒවයෙත් Martial Arts තියෙනවා. හැබැයි Immortals ලා, Demons ලා ඉන්න කතා. වැඩිහරියක් තියෙන්නෙ බෞද්ධාගමික පසුබිමක් එක්ක යන ෆැන්ටසි කතා. Xuanhuan කතා කියන්නෙ Magic බලයක් වගේ තියෙන කතාවලට.
? කොරියන් නාට්ටිවල එහෙම වෙන් කිරීමක් තියෙනවද කියන එක නම් පැහැදිලි නෑ. ??
? බටහිර රටවල් ඇතුළු ලෝකෙ බොහෝ රටවල වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නෙ මේ Wuxia සහ Xianxia Drama Series තමයි.
?Wuxia Series :- Princess Agents, The Wolf
?Xianxia Series :- Ashes of Love, Love and Redemption
?Xuanhuan :- Douluo Continent, The Untamed
? ඒ වගේම, චීන රජකාලෙ කතාවල වැඩියෙන්ම එයාලා මුල්තැන දෙන්නේ Martial Arts වලට. විශේෂයෙන්ම කුංග්ෆු (Kung Fu) වලට. ඒ ඉතිං චීනයේ සාම්ප්‍රදායික සටන් කලාවනෙ. ඒ නිසා, කුංග්ෆු කිව්වම කාටත් මතක් වෙන්නෙ ‘චීනය’ තමයි.
? කුංග්ෆු සටන් කලාව චීනයේ ගැහැණු – පිරිමි දෙගොල්ලටම පොදුයි. චීන නිළියන් පවා හොඳට කුංග්ෆු පුරුදු පුහුණු වෙච්ච අය තමයි. ‘කොරියන් රජකතාවල කාන්තාවන්’ නම් Martial Arts වලට එච්චර ලැදි බවක් නම් පෙන්වන්නෙ නෑ.
? චීන රජ කතා 100% ක්ම හඬකැවීම් කරලා තියෙන්නෙ. කොරියාවෙ හඬකැවීම් කටයුතු සිදුකරනවා ගොඩක් අඩුයි.
? (මේ ගැන මම ඉදිරි ලිපියකින් තොරතුරු ගේන්නම්.)
? කොරියන් රජ කතාවල පිරිමින් හිස්වැසුම් පැළඳගෙන කොණ්ඩය උඩට වෙන්න ගැටගසාගෙන ඉන්නෙ. ඒත්, 90%ක්ම චීන රජ කතාවල පිරිමි කොණ්ඩය දිගට මුදාහැරලා ඉන්නෙ.
? ප.ලි. කොණ්ඩය මුදාහැරපු පිරිමින් ඉන්න, චීන කතා අනුසාරයෙන් නිර්මාණය කරපු “කොරියානු නාට්ටිවලට”නම් මේ කතාව අදාළ නෑ හොඳේ.
?Moon Lovers (මේක චීන කතාවකින් හදපු Drama එකක්.)
?Empress Ki [ චීනයේ Hengdian (හ’න්ග්දෙයන්) Studios රූගත කිරීම් ]
? හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනි චීනයේ රාජවංශ ගණනාවක්ම තිබුණා. ඒ ඒ රාජවංශවල හැටියට ඇඳුම් පැළඳුම්, කොණ්ඩ මෝස්තර සම්පූර්ණයෙන්ම වෙනස්.
? කොරියන් රජ කතාවල පිරිමි අයගෙ ඇඳුම්වල දිගට සාපේක්ෂව ගත්තොත් චීන කතාවල පිරිමි අයගෙ ඇඳුම් පොළව අතුගාගෙනම යන තරමට දිගින් වැඩියි. කකුල් පේන්නෙත් නෑ. ඇවිදගෙන යද්දිත් නිකම් පාවෙනවා වගේ තමා පේන්නෙ. ??
? ඒ වගේම චීනයේ රාජවංශ ගණනාවක්ම තිබුණා. ඒ ඒ රාජවංශවල හැටියට ඇඳුම් පැළඳුම් සම්පූර්ණයෙන්ම වෙනස්. කොහොම වුණත් චීන ජාතිකයො ඇඳුම් ඇන්දෙ දිගට.
? කොරියානු ජෝසන් රජ පෙළපත සම්බන්ධ කතා ගැන වගේම එකම විදියෙ රජවරුන්ගෙ ඇඳුම්, කාන්තා ඇඳුම් තියෙන්නෙ. (කොරියන් රජ බිසෝවරු අඳින පිම්බුණ ලොකු ගවුම්.) ඒ වගේම, කොරියන් රජවරුන්ගෙ ඇඳුම් තද රතු හෝ අඳුරු රතු පාටකින් යුක්තයි.
? කොරියාවෙ සාම්ප්‍රදායික ඇඳුම් හඳුන්වන්නේ “Hanbok” (හ’න්බොක්) නමින්. එතකොට, චීනයේ සාම්ප්‍රදායික ඇඳුම්වලට කියන්නෙ Hanfu (හ’න්ෆු) කියලා. Hanfu කිව්වට මේකෙත් විලාසිතා ගොඩයි. එක වගේ නෑ. මොකද, අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ චීනයේ රාජවංශ සෑහෙන්න ප්‍රමාණයක් තිබුණා.
? ඒ වගේම චීන රජවරුන්ගේ රාජකීය ඇඳුම් කළු, අඳුරු නිල්, සුදු පාට, කහ පාට, රතු පාට වගේ විවිධත්වයක් තියෙනවා. කොරියන් රජවරුන්ගෙ වගේ එකම පෙනුමෙ රතු පාටක් නෑ.
? කොරියන් කතාවල කාන්තා පාර්ශවය ගොඩක් ලස්සනට පේන්න මේකප් (Makeup) කරද්දී චීන කතාවල Female Lead (කෙල්ල) ට වඩා Male Lead (කොල්ලා) ලස්සන කරන්න උත්සාහ ගතිපු බවක් නම් පැහැදිලිවම පේනවා . ඇයිද දන්නෑ ඒකට හේතුව නම් …
? ඒ වගේම කොරියන් කතාවල සරාගී පෙනුම කාන්තාවන්ගෙන් ඉස්මතු කළාට චීනයේ සරාගිකත්වය වැඩිපුරම ඉස්මතු කරන්නෙ පිරිමි. Hot & Sexy පිරිමි චරිත වැඩියි. ??
? කොරියන් නාට්ටිවලට සාපේක්ෂව චීන නාට්ටිවල නළු නිළියන්ගේ මුහුණේ ඉරියව් (අභිනයන්) පෙන්වීම වැඩියි. ගොඩක් දුරට ඉන්දියානු නළු නිළියන්ගේ ලක්ෂණ චීන නළු නිළියන්ගෙනුත් පේනවා වැඩියි. ??
? ඒ වගේම කොරියන් රජ කතාවල පෙන්වනවා වගේ චීන කතාවල රජවරු සේවිකාවො පෝලිම් ගණනාවක් පිරිවරාගෙන නම් නෑ. බහුතරයක්ම කොරියන් Drama වල රජ කෙනෙක්ගෙ පසුපසින් ඉන්නෙම සේවිකාවො ලෝඩ් එකක්. පිරිමි සේවකයො හරිම අඩුයි. ???
? චීන රජ මාළිගාවල බේතකටවත් සේවිකාවො හොයාගන්න හරිම අමාරුයි. චීන රජ මාළිගාවල වැඩියෙන්ම ඉන්නෙ පිරිමි පරාණ තමයි. චීන රජ කෙනෙක්ගෙ පිටුපසින් ඉන්නෙ සන්නද්ධ ආරක්ෂක සෙබළු. ??
? කොරියානු රජ මාළිගාවල රජවරුන්/බිසෝවරුන් බිම වාඩිවීම, බිම නිදාගැනීම සිදුවුණත් චීන කතාවල උස් අසුන්වල වාඩිවීම, උස් යහන්වල (ඇඳන්වල) නිදාගැනීම තමයි සිදුවෙන්නෙ. චීන මාළිගා පවා සෑහෙන්න උසකින් හදලා තියෙන්නෙ. ප්‍රාකාර (තාප්ප), පන්සල්, නිවාස පවා කොරියන් කතාවල වගේ ඔළුව වදින මට්ටමේ පහළින් හදපු වහලවල් නෑ. ඒ නිසා, ලේසිපාසු විදියට චීනයේ වහලයකට නම් නගින්න බෑ. ??
? කොරියානු රජකතාවල රජවරුන්ට හැටහුටහමාරක් බිසෝවරුන් හිටියට චීන රජවරුන්ට එහෙම නෑ. ඒ අතින් එයාලට ගෑනු ප්‍රශ්න අඩුයි. රජ බිසෝවරු අතරේ කුමන්ත්‍රණ කතා චීනයේ නෑ. ඒ වෙනුවට චීන රජ කතාවල වැඩිපුරම තියෙන්නෙ රජවරු අතරේ රාජ්‍ය ආක්‍රමණ, කුමන්ත්‍රණ ගැන සම්බන්ධ කතා තමයි. ??
? චීන කතාවල ප්‍රශ්න බොහෝවිට තියෙන්නෙ සහෝදරයන් අතරේ තමා. එක්කො අයියා ආදරේ කරන කෙල්ලට මල්ලිත් ආදරේ කරනවා. නැත්නම් මල්ලි ආදරේ කරන කෙල්ලට අයියත් ආදරේ කරනවා. අන්තිමේදී සහෝදරයන් අතරේ වෙනම ගැටුම් ඇතිවෙලා කෙල්ලටත් ඒ දෙන්නා අතරින් එකෙක් තෝරගන්න බැරුව මඥ්ඥං වෙනවා. Moon Lovers කතාවෙත් එහෙමනෙ. ඔන්න හැමෝම දන්න උදාහරණයම මං මෙතනටත් ඇදලා ගත්තා. ඒකත් ඔරිජිනල් චීන කතාවක කොපියක් ඈ. ???
? කොරියන් නාට්ටිවලදි නම් රෑ ජාමෙට රජතුමා බිසෝවරුන්ගේ මාළිගාවලට ගොඩවදින්න ඕනි. ඒත්, චීන නාට්ටිවල නම් රජ බිසව රජතුමාගෙ මාළිගයට යන්න ඕනි. කොරියන් රජවරුන්ට සාපේක්ෂව චීන රජවරු නම් රජ බිසෝවරුන්ට පදිරි වෙන්න අකමැති බවක් පේනවා වගේ ඒකෙන්.
? කොරියන් රජ කතාවල වගේ චීන රජ කතාවල නම් Happy Ending ගොඩක් අඩුයි කියලා කියන්න ඕනි.
මොකද, අතිශයින්ම සංවේදී කතා තේමා චීන රජ කතාවලට ගන්නා නිසාම Happy Ending ගොඩක් අඩුයි. බොරු කියන්න ඕනි නෑනෙ. වැඩියෙන් තියෙන්නෙ Sad Ending තමයි. හැබැයි ලස්සන, ආදරණීය කතා. ඒත්, අපේ අයට ඉතිං Happy Ending තිබුණොත් ඒ ඇතිනෙ. ඔන්න ඔය නිසා හොඳම කතා මිස් කරගන්නවා. අපරාදෙ ඉතිං … ??
? ඒ වගේම මේක නම් කියන්නම ඕනි වැදගත්ම කාරණාවක්. කොරියන් කතාවක එක Episode එකකින් බාගයක් තමා චීන කතාවක එක Episode එකක් වෙන්නෙ. ඒ කියන්නෙ ඉතිං Episode 20ක කොරියන් නාට්ටියක් නම් ඒක චීන කතාවකින් බැලුවොත් Episode 40 ක් වෙනවා. හරියටම බැලුවොත් චීන කතාවක Episode එකක කාලය විනාඩි 35 – 40 ත් අතර වෙනවා. කොරියන් කතාවක එක Episode එකක කාලය විනාඩි 60 – 90 ත් වගේ. ඒ නිසා චීන කතාවක Episodes ගණන දැකලා… “අඥී Episode ගාණ වැඩියි” කියලා දැක්ක ගමන් නහයෙන් අඬන්න නම් එපා. එක Episode එකක කාලය කොච්චරද කියලා දැන් දන්නවනෙ. ??
? හරි ඉතිං… මේ දැනට බැලූබැල්මටම නෝට් වෙච්ච ඒවා තමා. සමහර ඒවට කොරියන් ඩයි හාඩ් ෆෑන්ස්ලා ට්‍රිගර් වෙන්නෙපා. ඇත්ත කිව්වෙ හොඳේ. ??
? ඒ වගේම තමයි ඔයාලට Modern Type කතාවල නම් Chinese, Korean කියලා ලොකු වෙනසක් දැනෙන එකක් නෑ. දැනෙන එකම වෙනස භාෂාවෙ වෙනස විතරයි කියලා තේරේවි. ??
? ඉතිං අපේ යාළුවන්ට කොරියාව සහ චීනය කියන රටවල් 2 අතර වෙනස්කම් ගැන ඉදිරියේදීත් ලිපි අරගෙන එන්නම්කො.
? [ කොරියන් රජ කතාවල සහ චීන රජ කතාවල රාජකීය චරිතවල ඇඳුම් පැළඳුම් අතර වෙනස්කම් මම ෆොටෝස්වල පැහැදිලිවම දාලා තියෙනවා. ඒකත් බලලා ලයික් එකක් දාන් යන්න හොඳේ … ]