Juror 8 (2019)
• 






| 8.3 / 10








• Drama / Suspense
විත්තිකරු තමන් ගෙ අම්මව මැරුවද ? නැද්ද ?
කොරියානු සිනමාව කියන්නෙ වෙනස් වෙනස් තේමාවන් ඔස්සේ ප්රේක්ෂකයා ව කුතුහලයෙන් , ත්රාසයෙන් , භීතියෙන් , ආදරයෙන් , සටන් වලින් මුළු චිත්රපටය පුරාම ප්රේක්ෂකයා ව ඇදබැද තියාගන්න පුළුවන් සිනමාවක් කියලා කොරියානු චිත්රපට බලන අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ…
ඒ වගේම තමා සත්ය සිදුවීම් ඔස්සේ චිත්රපට නිර්මාණය කිරීමෙන් සුවිශේෂී ස්ථානයක් කොරියානු සිනමාවට හිමි වෙනවා..ඉතින් මේ Juror 8 චිත්රපටයත් අන්න ඒ වගේ සත්ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්රපටයක් ඒ..

2008 වසරේ ජූරි සභාවක් විසින් දකුණු කොරියාවේ කළ පළවෙනි නඩු විභාගයේ කතාව..පුතෙක් තමන් ගෙ අම්මව අමානුෂික විදිහට ඝාතනය කිරීමේ ඝාතන නඩුවක්..මේ නඩු විභාගය බලාපොරොත්තු වුන තරම් සුමට නඩු විභාගයක් නෙමේ..ඉතින් මේ ජූරි සභාවක් ඔස්සෙ නව විවාදයකින් මේ දකුණු කොරියාවේ පළමු ජූරි නඩු විභාගය සිදු කරනවා..ඒ විවිධ වයස් සහ විවිධ ක්ෂේත්ර වල සාමාන්ය පුද්ගලයන් 8 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් පත් කරනවා..ඉතින් මේ ජූරි සභාව ඔස්සෙ මේ නඩුවේ සත්ය අසත්ය තාව හොයාගන්න එක තමා මේ චිත්රපටයේ තියෙන්නෙ..මේ ජූරි සභාවේ 8 වෙනි සභිකයා ගේ නිසා මේ නඩුව වෙනස් ම පැත්තකට හැරෙනවා..
2019 වසරේ නිකුත් වුන තවත් සුපිරි නිර්මාණයක් කිව්වොත් හරි..ඒ මොකඩ කියනවා නම් මේ චිත්රපටය Heartwarming & Heartbreaking Storyline එකක් තියෙන්නෙ..හිතන්න දෙයක් ඉතුරු කරන ෆිල්ම් එකක්..
චිත්රපටය ගැන මම මීට වඩා වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..මේ චිත්රපටය කොච්චර අපූරු චිත්රපටයක් ද කියන එක වචන ගාණකට සීමා කරන්න බෑ..ඒක බැලුවට පස්සෙ ඔයාටම දැනෙන්න ඕනෙ..
කතාව සරල වුනත් මාරම විදිහට හිතට වදින , මුළු කතාව පුරාම කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්…

” නීතිය කියන්නෙ දඩුවම් කිරීමම නෙමේ..වැරදි ලෙස චෝදනා ලැබිය හැකි අය සදහා ප්රමිතියක් සකස් කිරීමයි..”
*සිංහල සබ් නෑ කියලා බලන්නෙ නැතුව ඉන්නවා නම් ඉතින් කරන්න දෙයක් නෑ..
Download කරගන්න පුළුවන් Mkvking සයිට් එකෙන්..*
