Juhi Chawla Indian Actress | Gossip

Juhi Chawla Indian actress Gossip by Mmp Ranaweera

ඔබත් ඇයට හිනා උනාද? ?❤️

ජුහී චවුලාගේ මෑතකදී ඔබ දකින රූපයත් ඇගේ තරුණ වියේ ඔබ දුටු රුවත් අතර ලොකු වෙනසක් තියෙනවා..ඔව් එය එසේ විය යුතුයි.. හේතුව ඇය මනුෂ්‍ය දුවක් මිස දෙව් දුවක් නොවන නිසාවෙන් . වියපත් වනවාත් සමග ඇගේ රුව අඩුවෙනවා.. එය ඔබටත් මටත් ඇයටත් පොදු වූ ධර්මතාවයක්..

“බියකරු සසර , අප්පෝ කැත, ප්ලාස්ටික් සැත්කම් තමයි ඉතින්, සුදු වෙන්න බෙහෙත් ගහලා ඔය..” කියලා නිළියන්ගේ වයසත් සමග දාන මේකප් රහිත සාමාන්‍ය ජීවිතය ගත කරන අයුරින් පළ වෙන ඡායාරූප වලට බොහෝ දෙනා කමෙන්ට් දාන එක සාමන්‍ය දෙයක්. .. මොකද අපිත් හැමදාම දකින්න ආස එයාලගේ ඒ රුව එදා දුටු අයුරින්ම නිසා..

ඇත්ත.. අපි වගේම එයාලත් කැමති ඔවුන්ගේ ඒ රුව ඒ අයුරින්ම අපි වෙනුවෙන් පවත්වා ගන්න.. හේතුව එයාලගේ “ජොබ්” එක රදාපවතින්නේ අපි ඔවුන්ට ඇති ආකර්ශනයත් ඔවුන්ගේ රුවත් මත වීමයි.. නැටුම් නටන රස්සාවක් කරන කෙනා තමන්ගේ අත් පය ආරක්ෂා කරගන්නවා, ගීත ගායනයෙන් ජීවත් වෙන කෙනා තමන්ගේ හඬ අරක්ෂා කරනවා, යතුරු ලියන්නා ඔවුන්ගේ ඇගිලි ආරක්ෂා කරගන්නවා, ගුරුවරයා ඔහුගේ දැනුම වර්ධනය කරගන්නට නිතර අධ්‍යනයේ යෙදෙනවා..මේ සෑම පුද්ගලයෙක්ම තමන්ගේ බඩවියත වෙනුවෙන් කරන රැකියාවේ වැදගත් කම වෙනුවෙන් වන ශරීර අංග වලට වැඩි ආරක්ෂාවක් දෙනවා සේම නළුවා හෝ නිළිය තමන්ගේ පෙනුම ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා.. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් සැත්කම් කිරීම හෝ වෙන මොනවා කරත් කරන්නේ පෙනුම වැඩි කරගෙන ආකර්ශනය වැඩියෙ ලබා ගන්න. එයයි සත්‍ය..නමුත් කරන දෑ වලින් නොසිතූ ලෙස අසාර්තක වන අයද නැතුවා නෙවෙයි..

ජුහී චවුලාත් මේ අකරතැබ්බයට මුහුණ දෙනවා.. ඒ කියන්නේ ඇගේ පෙනුම වෙනුවෙන් කළ එක් සැත්කමක් මගින් ඇගේ මුහුණ තරමක් අවුල් වෙනවා.තරමක් කිව්වට ආරංචි මාර්ග වලට අනුව ඇගේ මුහුණේ එක් පැතතක මාංශ පේශි අඩපණ වී තිබුන බවයි සදහන් වන්නේ.. ඒ වගේම මේ ප්‍රතිකාරය ඇය කරන්නේ නිලි Shabana Azmත් සමග.. දෙදෙනාටම මෙහි අතුරු ප්‍රතිඵල ලැබුන බවයි සදහන් වන්නේ..

ඔවුන් දෙදෙනාම කර තිබුනේ මුහුණෙහි රේඛා සහ රැලි ඉවත් කරන ප්‍රතිකාරයක් වන Botox සහ ෆිලර් එන්නත් කිරීමයි. නමුත් ප්‍රතිකාරයේදී විශාල මාත්‍රාවක් මුහුනට එන්නත් කිරීම හේතුවෙනුයි දෙදෙනාටම මේ අනතුර සිදුවී තිබුනේ..

සමහරු Botox කියන්නේ මොකද්ද කියලා නොදන්නවා ඇති. ඒකත් කෙටියෙන් මම කියන්නම්…

Botox යනු වියපත් වීමත් සමග මුහුණේ ඇති රේඛා සහ රැලි අවම කිරීම හෝ සුමට කිරීම සඳහා සමට යටින් එන්නත් කරනු ලබන botulism toxin වලින් ලබාගත් ප්‍රෝටීනයකි. බොටොක්ස් මාත්‍රාව පුද්ගලයාගේ සමේ ප්‍රභවය අනුව වෙනස් වන අතර,එය භාවිතා කරන විට සැලකිලිමත් විය යුත්තේ ඒ නිසාවෙනි.

කෙසේ හෝ ජුහී නැවතත් සැත්කම් කිහිපයකින් මුහුන යතාතත්වයට පත්කර ගත්තත් පෙර තිබූ මුහුනත්, ඇගේ නහයේ තිබූ ස්වභායත් .. ඇගේ සුන්දර සිනහවත් ඇයට අහිමි වූවා..මේ හේතුවෙන් නිලියක් ලෙස ලොවක් හදුනන ඇය කෙතරම් කළකිරීමකින් සහ මානසික පීඩනයකින් සිටින්නට ඇත්ද..

අපි හිනා උනාට ඇය උත්සාහ කරන්නේ ඇගේ පෙනුම රැක ගනිමින් සුරූපී ලෙස හිදින්නට . නමුත් දෙයක් වරදින්නේ අපට කියලානම් නෙවෙයි..

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *