Joseph (2018) Malayalam | Sinhala Article

Joseph (2018) Malayalam by Vimu Sankalpanie 

මා මලයාලම් සීනමාවට මහත් සේ රුචිකත්වයක් දක්වය. ඒ විශේෂ හේතු කීපයක් නිසා ය. කේරළ පරිසරය , අව්‍යාජ මනුෂීයත්වය , ගැමිකම යනාදියයි. තවත් දෙයක් නම් අනෙකුත් සිනමා කර්මාන්ත මෙන් මලයාලම් සිනමා කර්මාන්තය තවමත් වානිජකරණයට හසු නොවී තිබිම ය .

” ජෝසෆ් “ මා මලයාලම් සිනමාවේ දුටු තවත් හදවත කම්පිත කරන සිනමා සිත්තමක්. ජෝසෆ් නම් විශ්‍රාමික පොලිස් නිලධාරියා වටා දිග හැරෙන කතාවකි මෙය . ඔහු විශ්‍රාම ගැනීමට පෙර අවංක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර අතර විශ්‍රාම ගැනීමෙන් පසුව ද පොලිසියට අවශ්‍ය වූ අවස්ථාවල ඔහුගේ සේවය ලබා දුන් අපුරු මිනිසෙකි. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙන්නේ ඔහුගේ පළමු පෙම වූ ලීසම්මාව මළ සිරුරක් සේ දුටු පසු ය . තදින් බීමට ඇබ්බැහි වන ඔහු ඉන් පසු එතෙක් තම බිරිඳ සමග තිබු ප්‍රිතීමත් යුග ජීවතය දුක්බර ජීවතයක් කර ගනියි. සෑම දිනකම අධික බිමතින් රෑ දෙගොඩ හරි යාමයේ නිවසට එන ජෝසෆ් සිය බිරිඳ සමඟ වදනක් හෝ කතා නොකරයි. මෙයින් මහත් වියවුලට පත් වෙන ස්ටෙලා ඇයගෙන් සිඳු වු වරදක් නිසා ඔහු එලෙස කරන බව සිතා ඔහුගෙන් අසයි ඒත් ඔහු එයට උත්තර නොදෙයි. අවසනයේ ස්ටෙලා යුග ජීවතයෙන් සමුගෙන ආපසු යාමට සැරසෙයි. එම අවස්ථාවේදී ජෝසෆ් ” දුව තියලා යන්න “ ලෙස කියයි. ඔහු නොකියා කිව්වේ ස්ටෙලාට යන්න ඇයව ඔහුට ඕන නෑ ලෙස බව දැන ගන්නා ස්ටෙලා මොහොතක් හෝ නොරැදී ඒ රාත්‍රියේ දීම පිටව යයි.

වසර දෙකකට පසු පිටර් සමඟ ස්ටෙලා විවාහ වෙයි. ඇයගෙත් ජෝසෆ්ගෙත් දියණිය වු ඩයනා හදිසි අසනීප වී මිය යයි. මිය යන්නේ කුමකින් ද කියලා නම් සඳහනක් නෑ . ඔහොම කාලය ගත වෙද්දී දිනක් හදිසි අනතුරකට මුහුණ පා ස්ටෙලා රෝහල් ගත කරයි. වැදගත් ම දේ පසු කලක දී ජෝසෆ්ගේ හදිසි වෙනස් වීමට බලපාන හේතුව දැන ගන්නා ස්ටෙලා සේම ඇයගේ දෙවන සැමියා වන පිටර් ජෝසෆ් සමඟ කතා කරයි. එමෙන් ම ස්ටෙලාට ජෝසෆ් සමඟ කතා කිරීමට ඉඩ දෙයි. හදිසි අනතුරකට මුහුණ පා මිය ගිය ඩයනාගේ සේ ම ස්ටෙලාගේ අවයව ද පරිත්‍යාග කරයි.

සිනමා කෘතියේ උච්චතම අවස්ථාව එළඹෙන්නේ ජෝසෆ්ගේ මරණ විමර්ශනය කිරීමේ ඉවට ස්ටෙලාගේ මරණය හදිසි අනතුරෙන් පසු සිදු වු ඝාතනයක් නිසා සිදු වුවාක් බව පසක් වීමෙන් පසු ය . ඉන් පසු ඔහු ඒ ඔස්සේ විමර්ශනයක යෙදෙයි. එයට ඔහුගේ මිතුරන් සිව් දෙනා බොහෝ සේ උපකාර කරයි. අවසානයේ ඔහු මහා පරිමාණ අවයව ජාවාමක තොරතුරු හෙළි කර ගන්නා අතර ස්ටෙලාගේ හදිසි මරණයට හේතුව ද හොයා ගනියි . ඒත් මෙය නිතීයේ රැහැනට හසු කර ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔහු සිය දයාබර මිතුරන්ට ද නොදන්වා තීරණයක් ගනියි එය කුමක් ද , අවයව ජාවාරම්කරුවන්ට නිසි දඩුවම් ලැබෙයි ද ? ස්ටෙලාට ජෝසෆ්ගේ හිතේ පැවති ආදරය කොපමණ ද යන්න දැන ගැනීමට ඔබත් මේ කුතුහලයෙන් පිරි ජෝසෆ් නම් මලයාලම් සිනමා වශියට දෙනෙත් යොමන්න .

මගේ සිත ඇඳී ගිය අවස්ථා දෙකක් ඇත. ස්ටෙලාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ දී ජෝසෆ් ස්ටෙලාට පිරිනමන අවසන් හාදුවට සහ අනික ජෝසෆ් ස්ටෙලාගේ මරණයට සදාරණයක් ඉටු කිරීමට වගේම අවයව ජාවාරම්කරුවන් නිතියේ රැහැනට කොටු කිරීමට සිදු කරන පරිත්‍යාගයයි. ජෝසෆ් සිනමා සිත්තම බලපු අයට අකුරු කරන්නටත් නොබලපු අයට බලන්නටත් ඇරයුම් කරමින් සටහන නිමාවට පත් කරනවා .

* Directed by –
M. Padmakumar

* Written by –
Shahi Kabir

* Produced by –
Joju George

* Starring –
Joju George
Dileesh Pothan
Athmiya Rajan
Malavika Menon
Madhuri Braganza
Cinematography
Manesh Madhavan

*Edited by – Kiran Das

*Music by –
Songs:
Ranjin Raj
Bhagyaraj (Pandu Paadavarambathiloode)

*Score: Anil Johnson

*Production company – Appu Pathu Pappu Production

*Distributed by – Showbiz Studios

*Release date – 16 November 2018

*Running time – 138 minutes

විමූ සංකල්පනී

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *