JoJo Rabbit (2019) by Ravindu Sampath Wickramasekara










93% liked this film Google users
යුධබිම යනු සුන්දර කෙලිබිමක් නොව…එය ඉතා බිහිසුණු මෙන්ම සාහසික සංකල්පයක්.
විප්ලවයකට , අරගලයකට හෝ ඕනම සුදු කලු අරමුණක් වෙනුවෙන් කොහෝ හරි අහිංසක මනුෂ්ය ජීවිතයකට හානියක් වෙනවනම් , ඒක අපරාධයක්.
“ලේ හෙලවීමකින් තොර විප්ලවයක් නෑ…” කියලා මම අහලා තියෙනවා. ඒත් ඒ හෙලවෙන ලේ කොහෝ හරි අහිංසක දරුවෙක් ගෙ නම් , කාගෙම හරි අම්මා කෙනෙක් ගෙ නම් , ජීවිතය ගැන අහිංසක හීන දකින අහිංසක මනුස්සයෙක් ගෙ නම්………….?

යුද්ධය යනු කිසිදාක ජයග්රහණයක් ලෙස හැදින්විය යුතු තරම් සොදුරු ක්රිකට් මැච් එකක් වැනි දෙයක් නෙවෙයි.
මොකද ක්රිකට් මැච් එකක බිදෙන්නෙ කඩුලු. ඒත් යුද්ධයකදි බිදෙන්න අහිංසක මිනිසුන්ගේ සිහින , ගෙවල් දොරවල් , දරුවන්ට දෙමව්පියන් සහ දෙමාපියන්ට දරුවන්… මේවා කඩුලු බිද වැටෙනවා වගේ සරල නැහැ
හාවෙක් වගේ අහිංසක දරුවෙක්. එයාගෙ නම “ජෝජෝ”… එයා ජීවත් වෙන්නෙ එයාගෙ අම්මා එක්ක ජර්මනියෙ.
ඒක හිට්ලර්ගෙ කාලය…
ඔව්… ළමා සොල්දාදුවන් යුද්ධය වෙනුවෙන් පුහුණු කරවපු ම්ලේච්ඡත්වය වැගිරුන කාලයක් ඒක.
ඒත් මේ චිත්රපටය නැරඹීමට පටන්ගත්ත වෙලාවේ ඉදලම මට මේක ඇත්තටම හිට්ලර්ගෙ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන්න උත්සාහ කරනවද , නැද්ද කියලා හිතාගන්න බැරි තැනකට ආවා…
මොකද මේක ආරම්භ වෙන්නෙම හරි අමුතු විදියකට…

ඔව් පුළුවන්… මේක අන්න ඒ වගේ මහ අමුතු වැඩක්… මාරම වැඩක්. 

මට මාරම ආදරයක් ඇති වුණා මේ සිනමාපටය ගැන. 

යුද්ධය කියන්නෙ ඇත්තටම නරඹන්නා ගේ මයිල් කෙලින් කල යුතු Consept එකක්ද ???
නැහැ… ඇත්තටම ඒක විහිළුවක්. යුද්ධය කියන්නෙම හිනා නොයන කාලකණ්ණි විහිළුවක්.
“JoJo Rabbit” අන්න ඒ ගැලපෙනම තැන අල්ලගෙන තියෙනවා.
ඒ වගේම “ජෝජෝ” නමැති වයස අවුරුදු දහයක මෙහි ප්රධාන චරිතය සහ ඔහුට මැවිලා පෙනෙන චරිතයක් ලෙස “හිට්ලර්” ව සිනමාපටය තුලට රැගෙන විත් තිබෙන ආකාරය මම දැකපු ඉතාම විශිෂ්ඨ සිනමාත්මක උපක්රමයක්. ඒක හරිම ලස්සනට සිනමාකරුවා සිනමාපටය සදහා රැගෙන විත් තිබෙන්නේ හිට්ලර් චරිතය සදහා හරිම සිත් ඇදගන්නා සුළු හාස්යජනක රංගනයක් එකතු කරමින් වීම ඉතාම සුවිශේෂී කාරණයක්. හිට්ලර් හරියට මේ Film එකේ Mr.Been වගේ… 

නාසි හමුදාව පවා සිනමාකරුවා විසින් පෙන්නුම් කරන්නේ පොඩි Dramatically Act එකක් සහිතව වීම විශේෂත්වයක්.
ඔය අතර හිට්ලර් ගේ රසිකයෙක් මෙන් දිනක හිටිලර් ගේ ලගම නිලධාරියෙකු වීමට සිහින දකින පුංචි “ජෝජෝ” ගෙ නිවස තුල සැගවී ජීවත් වන “යුදෙව්” දැරියක්ව ඔහුට මුණගැහෙනවා. ඇය වයස අවුරුදු 14 ක් පමණ වන නව යොවුන් විය ගෙවන සුන්දර යුවතියක්.
මෙතැනින් එහාට සිනමාපටය රැගෙන යන අපූර්වාන්විත බව මට සිනමාකරුවා සහ සිනමාපටය කෙරෙහි පුදුම ගෞරවයක් ඇති කරනු ලැබුවා…
සිනමාව කියන්නෙම ලෝකය දිහා තෙවන ඇසකින් බලන තැනක්. මේ සිනමාකරුවා ලෝකය දෙස විතරක් නෙවෙයි , සිනමා ආකෘති දෙස පවා තෙවන ඇසකින් බැලූ ඉතා විශිෂ්ඨ සිනමාකරුවෙක් ලෙස මම හදුන්වා දෙන්න කැමතියි.
ඔහු නමින් “TAIKA WAITITI“
ඔහු තිර රචකයා සහ අධ්යක්ෂකවරයා ලෙස කැපී පෙනෙන දක්ශතාවයක් පෙන්නුම් කරනවා විතරක් නෙවෙයි, මම පෙර සදහන් කල “හිට්ලර්” චරිතය හරිම අපූරුවට රග දක්වනු ලබන්නෙත් ඔහුමයි. 

2020 Oscar සම්මාන උළෙල තුලදී “Taika Waititi” හොඳම තිර රචනය සදහා “JoJo Rabbit” වෙනුවෙන් සම්මානය ලබනවා.
ඇත්තටම ඔබ තවමත් “JOJO RABBIT ” නරඹා නැත්නම් , ඔබට ඉතාම විශිෂ්ඨ සිනමාත්මක අත්දැකීමක් මග හැරී තිබෙන බවයි මගේ හැඟීම…
මනුෂ්යත්වය ට වඩාත්ම සුදුසු ප්රේමය මිසක , ම්ලේච්ඡත්වය නොව…
Let Everything Happen To YouBeauty and TerrorJust Keep GoingNo Feeling is FInal
“Rainer Maria Rilke”
Release date: October 18, 2019 (New Zealand)
Budget: $14 million