John Wick (2014) English | Sinhala Article by Viduni Hettiarachchi
” ඒ ඔයා කල දේ නෙමෙයි පුතා, මාව වේදනාවට පත්කරන්නේ, ඔයා ඒ දේ කලේ #කාටද කියන එකයි “
” ඒ යකා මොකෙක්වත් නෙමෙයි “
” ඒ මොකෙක්වත් නැති යකා තමයි #John_Wick
” එක කාලෙක ඔහු අපේ සහායකයෙක්, අපි එයාට කිව්වෙ #Baba_Yaga කියලා “
” #Boogeyman ? “
” ජොන් කියන්නෙ ඇත්තටම #Boogeyman නෙමෙයි, එයා තමයි #Boogeyman ව වුනත් මරන්න යවන එකා “
” ජෝන් කියන්නේ, අවධානය, කැපවීම, ආත්ම විශ්වාසය පිරුනු කෙනෙක් “
” මං දවසක් දැක්ක එයා මිනිස්සු තුන්දෙනෙක්ව මරනව බාර් එකකදි පැන්සලකින්, මගුලෙ පැන්සලකින් “
” එක දවසක් හදිසියේ එයාට අයින් වෙන්න ඕන වුනා, ගැහැනු කෙනෙක් වෙනුවෙන්, ඉතින් මං එයත් එක්ක ගනුදෙනුවක් කලා, මං එයාට කරන්න අමාරුම වැඩක් බාරදුන්නා, කාටවත්ම කරන්න බැරි වැඩක්, එදා එයා මිහිදන් කල මිනී වලින් තමයි අද අපි ඉන්න තැනට අත්තිවාරම වැටුනෙ “
“ඊට පස්සෙ මගෙම පුතා, එයාගෙ වයිෆ් මැරිලා දවස් කිහිපයක් විතරක් ගතවෙලා තියෙද්දි, එයාගෙ කාර් එක හොරකම් කරල එයාගෙ බල්ලව මැරුවා “
#Revenge_Is_A_Dish_Best_Served_Cold
#පළිගන්න එක එකපාරට කරන්න හොද නැහැ, කාලය ගතවෙන්න වෙන්න, වේදනාව නිසා හදවත තුවාල වෙන්න වෙන්න, පළිගැනීමත් එක්තරා කලාවක් වෙන්න තිබුනා
ඒත් ඔහු #මරණයේ මිටියාවතින් ඈත්වෙලා ජීවිතය හදාගෙන, ජීවත් වෙන්න උත්සාහ කලත් ආයිත් ඔහුට මරණය ගෙන එන දේවදූතයා බවට පත්වෙන්න වුනේ, කොහෙවත් යන කොල්ලෙක් ඔහුගේ එකම බලාපොරොත්තුවත් උදුරාගත්තට පස්සෙයි
” හෙලන් මැරුනම, මට හැමදේම නැතිවුනා, මගෙ වයිෆ්ගෙන් ලැබුනු අන්තිම තෑග්ග හැටියට හුරතල් බලු පැටියෙක් ලැබුනම, මට ආයිත් බලාපොරොත්තුවක් ඇතිවුනේ මගේ වේදනාව බෙදාගන්න තවත් කෙනෙක් ලැබුනු නිසා, ඔයාගෙ පුතා ඒ දෙය මගෙන් උදුරාගත්තා, හොරකම් කලා, මරල දැම්ම, මිනිස්සු අහනව මං ආයිමත් ඇවිල්ලද කියල, ඒකට මට දෙන්න හරි උත්තරයක් තිබුන්නැහැ, ඒත් දැන්, ඔව්, මං හිතන්නෙ මං ආපහු ඇවිත්, ඔයාට ඔයාගෙ පුතාව මට බාරදෙන්න පුලුවන් නැත්නම් ඔයාගෙ පුතාගෙ මිනිය ලග ඉදන් කෑගහමින් මැරෙන්න පුලුවන් “
#තෝරාගැනීමක් කලොත් එයින් ලැබෙන පලවිපාක මොනවා වුනත්, ආයිමත් හැරෙන්නට ඔහුට බැහැ. ඔහු යන මාවතේ ඔහුගේ පිටුපසින් එන, ඔහුගේ ජීවිතයට ලංසුවක් තබමින් මරන්නට පැමිණෙන ඝාතකයින්ගෙන් බේරීමට ඔහුට හැකියාවක් ලැබේවිද ?
මැරෙන්නෙ එකපාරයි, ඒත් ජීවිතය ජීවත් කරවන්නට හැමදාම මරණයත් එක්ක සටන් කරන්නට වෙන්නේ, විනෝදාංශයක් හැටියට නෙමෙයි, ගන්නා හැම හුස්මකින්ම, මතකයන් ගොඩකුත් ඔහුත් සමගින් හුස්ම ගන්නා නිසාමයි