Jessy Sinhala Short Film | Sinhala Article

Jessy Sinhala Short Film by Lakshan Perera

පහුගිය මාසයේ අන්තර්ජාතික වශයෙන් තේරීපත්වීම් කිහිපයක් හිමිකරගත් ජෙසී කෙටි චිත්‍රපටය හැදුනේ මෙහෙමයි…

සුන්දර අත්දැකීම් එකතු කරපු, තවත් එක් නිර්මාණයක් Jessy. මේ වීඩියෝ එකෙ රූගත කිරීම් කරනකොට සිදු වූ සිදුවීම් කිහිපයක් තියනවා. හරිම සුන්දර දවසක් එදා… ජෙසී රූගත කිරීම සදහා සම්පූර්ණ දවසක් අපි ගත්තා. එක් දවසින් රූගත කරපු කතාවක් තමයි jessy කියන්නෙ. නමුත් සංස්කරණ කටයුතු වලට දින කිහිපයක් වැය වූවා.

ඉතින් අපෙ ජෙසි , ඒ කියන්නෙ Navoda වාහනය පැදවීම කල අපූරූව, එතකොට අපේ කණ්ඩායම මේ නිර්මාණය කල ආකාරය, වගේ මෙවැනි දේවල් මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන් සහ සංස්කරණයේදි වර්ණ භාවිතය වැනි දේත් බලාගන්න පුලුවන්.

එක් තැනක තියනවා ජෙසී කෙල්ල අපෙ ලුකාව උස්සලා වාහනෙ ඩිකියට දාගන්න දර්ශනයක්.. එතනදි මුල්ම රූගත කිරීමෙදි නොදැනුවත්වම ඇයගෙ පපුවට ඔහුගෙ කකුල වදිනවා. නිකන් නෙමේ ටිකක් සැර පාරක්. ජෙසි නංගි පපුවත් අල්ලන් හිනා උනාට ඒක ටිකක් රිදුනා… ඒ වගේම ඩිකියට අත අරින්න තුන් හතර වතාවකම ඇග පොඩි පට්ටම් කරගන්නත් උනා. මොකද පණ නැති කෙනෙක්ව උස්සලා අරන් “ඩග්” ගලා අතඇරියා හා සමාන සැබෑ රංගනයක් තමයි සිදුවන්නෙ. ඒ වගේම තමයි වාහනය තල්ලුකරන එකත්.. කියන්න ඕන නෑ නේ. වාහනය දැක්කම හිතා ගන්න ඒකෙ බර. ඒක ඉතින් මුලු චිත්‍රපටයෙන් 90%ක්ම තල්ලු සහ රූගත කිරීම් තමයි සිදු වූනේ. මේ හැම දේම ඒ ඒ අයගේ කැපවීම… ආසාව, උනන්දුව…

එලෙසට නිර්මාණය වූ Jessy කතාවේ අවසන් ප්‍රතිඵලය ගැන නිහතමානී සතුටක් කණ්ඩායමේ අපි හැමෝටම දැනෙනවා.

ජෙසී නැරඹූ ඔයාලට මේ දෙබස් කණ්ඩය ගැන මතක ඇති…

ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්…
අපි හැමදාම
අපි ආස කරන දේවල් පස්සෙ යනවා..
අපිට ඕන දේ ලැබෙනකම්,
අපි ඒ ආසාවට ආදරේ කරනවා…

සමහර වෙලාවට
සමහර ආස දේවල් වලට
සමහර මිනිස්සු
අපිට පිස්සු කියනවා..

මගේ පිස්සුව
මගේ ජීවිතේ විනෝද වෙන එක…
හැබැයි ඒ මට ඕන විදියට…
මම ආසම විදියට

අද මට මුණ ගැහෙන ඔයාලා එක්ක
මම අද විනෝද වෙන්නම්..

අපි විනෝද වෙමුද…
ම්ම්….
මගෙ විදියට….?

ඔව් ” සමහර වෙලාවට, සමහර ආස දේවල් වලට, සමහර මිනිස්සු, අපිට පිස්සු කියනවා.” මේ කතාව අපිටම කොයිතරම් කියලා ඇතිද..
✌️? ඉතින් jessy නරඹන්න කැමති කෙනෙක්ට මම පහලින් ලින්ක් එක එකතු කරන්නම්..

ඉදිරියේ දි Last Message Youtube Mini Series එකත් එක්ක එකතු වෙමු.. එයත් වෙනස්ම විදියෙ අත්දැකීමක් වෙවී නරඹන ඔයාලට. ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.

Jessy behind the scenes වීඩියෝ එක නරඹන්න ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න

Jessy Short Film link?
https://youtu.be/Wkrqd2zpK5Q

ලක්ෂාන් පෙරේරා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *