Jei jei shivshankar Hindi song | Sinhala Article

Jei jei shivshankar Hindi song by Nayanathara Rajarathna

?? කාලයකින් දැකපු අපුරු ගීතය ..

ඇත්තටම ඉන්දියාවෙ සිනමාපට තුළ මැත කාලයේ දැකපු ගීත සහා විඩියෝ අතරින් කාලයකට පසු පැමිණි සුපිරියක් විදිහට තමයි
” jei jei shivshankar ” මම දකින්නේ…

රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්රොෆ් කියන්නේ කොහොමත් රංගනයට වගේම නර්තනයට දක්ශ නළුවෝ දෙන්නෙක්.. මම උනත් මොවුන් දෙදෙනාගේ සිනමාපට අවාම මුලින් බලන්නෙ ගීත විශුවල් ටික.. එතරම් ආසයි , ඉතිං මේ දක්ශයෝ දෙන්නම එකට මෙහෙම නටයි කියලා කවුද දෙයියනේ හිතුවෙ… කොහොම හරි ඒ හිනෙ හැබැ උනේ සිද්ධර්ත් ආන්න්ද් ට පිං සිද්ද වෙන්න තමයි..

මේ සින්දුව තිබෙන සිනමාපටය තමයි War . මෙය සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර Yash Raj Films බැනරය යටතේ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කර ඇත. මෙහි ප්‍රධාන චරිත සඳහා රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්රොෆ් තමයි රංගනයෙන් දායක වි තිබෙන්නෙ..

ඒ වගේම මෙම සිනමාපටය ඉතාමත් ඉහළ ආදයමක් ලබා ගැනිමට සමත් වි තිබෙනවා . එය නම් පුදුමයක් නොවෙයි ඉතිං . වැඩ්ඩො ඉන්නකොට ආදයම් වාර්තා නොතියා තියෙයිද..

කොහොමහරි හරිම ලස්සන සුපිරි විශුවල් එකක් තමයි මේ jai jai shivshankar කියන්නෙ..
මෙහි කැමරා ශොට් සිංදුවෙ රිද්මයට අනුව කැපෙන විදිහට තමයි මම නම් ගොඩාක් කැමති .
මිට කලිනුත් මම රිතික් ගේ එවැනි ගීත විශුවල් දැක තිබෙනවා නමුත් ඒ අතරට මෙ ගීතයක් එකතු වි හමාරයි දැන්.

ඉතිං අනිවාර්යයෙන්ම බලන්න දහා පාරක් උනත් කිසිම කම්මැලි කමක් නැතුව ඇසි පිය නොහෙලා බලන් ඉන්න පුළුවන් ..
 

නයනතාරා රාජරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *