Jaurim – Twenty Five, Twenty One Korean Song | Sinhala Article

Jaurim – Twenty Five, Twenty One by Vishu Rajapaksha

Jaurim – Twenty Five, Twenty One (스물다섯, 스물하나 | seumul-daseos, seumul-hana)

#ost #twentyfivetwentyone

වෙනදා අහන්න ලැබෙන කොරියානු ගී හඬවල් වලින් වෙනස් සුවිශේෂී ගායනා ශයිලියක් නිසා හිත ගිය ගීතයක් තමයි මේ. මේ ගීතය Twenty Five, Twenty One කතා මාලාවේ OST එකක් වුණත්, රොක් ගායක කණ්ඩායම Jaurim හි නවතම ඇල්බමයේ ප්‍රධාන ගීතයත් වනවා. ගීතය ගායනා කරන්නේ Kim Yoon Ah. ගීතයේ නමත් Twenty Five, Twenty One. ඇල්බමයේ නම Goodbye Grief. මේ ගීතයට නිර්මාණය වුණු official මියුසික් වීඩියෝව නැරඹුවාට පස්සේ මට මේ ගීතය ගැන තිබුණු සංවේදනය තවත් වැඩි වුණා.

මියුසික් වීඩියෝව පුරාවටම දකින්න ලැබෙන්නේ එක් ව්‍යවසායක තරුණයෙකුගේ තනිකඩ, පාලු ජීවන රටාවයි. කොටින්ම කිව්වොත් work stress නැත්නම් රැකියාව නිසා අත් වෙන පීඩනය පිළිබදවයි මේ නිර්මාණය පෙන්වන්න උත්සහ කරන්නේ කියලා මට පලවෙනි වතාවෙන්ම තේරුම්ගියා. Work Stress ගත්තම උඩින්ම වැජඹෙන රටක් වුණු දකුණු කොරියාව, වසරකට සටහන් කරන රැකියා පීඩිත සියදිවි හානි කරගැනීම් අනුපාතය හුගක් ඉහලයි. ඒත් මේ වීඩියෝ එක ඒ රටටම විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙටම පොදුයි.

කෙලි ලොල් ව ගත කළ පාසල් විය, ආදරය පසුපස හඹාගිය යෞවනය මුළුමනින්ම කැප කිරීමක්නේ රැකියාව කියන්නේ. සල්ලි පස්සේ දුවන ජීවිතේ ඉදහිට හුස්මක් ගන්නවත් විවේකයක් හොයාගන්න තියෙන අමාරුව රැකියා කරන අය දන්නවා. සමහරු කියයි අපෝ මං නම් රස්සාව එතන කරලා ගෙදර එනවා ඕක ගෙදර අරන් ආවමයි ඔහොම කියලා.. හැබැයි හැමෝටම ඒක කියන තරම් ලේසි දෙයක් නෙමෙයි..

හිතන්න ඔයා දැනුම් තේරුම් තියෙන වයසේ ඉදන් හීන දැක්ක රැකියා ක්ෂේත්‍රය මොකක්ද? ඔයා දැන් නියලෙන්නේ ඒ රැකියාවෙද?
පඩිය ඉස්සරහට දාලා ලෝකයා ඔයාට මවලා පෙන්නපු රැකියාවමද ඒ? ඔයා ආදරේ කරපු, ආදරේ කරන අය එක්ක ගත කරන්න දැන් ලොකු කාලයක් ඔයාට ලැබෙනවද? ඉස්සර වගේ හිතේ ඇති වුණු ආදරණිය හැගීම් ආවර්ජනය කර කර ඉන්න දැන් ඔයාට විවේකයක් තියෙනවද?

හිතන්න කෙනෙක් කාර්යාලයක් තුළ රැකියාවක් තෝරාගන්නවා.. කම්පියුටර් ස්ක්‍රීන් එකයි, ෆයිල් කඳුයි, සේවකයන් වෙන් කරන්න මද උසකට නැගි ඒ බිත්ති මැද්දේ හරි හරියට වැඩ කරන ඔහු /ඇය, day shift, night shift දෙකම වෙහෙසෙනවා, කන්න ලැබෙන්නේ මෙලෝ රහක් නැති,සොච්චම් කෑම ප්ලේට් එකක්.. ඕක කාලා ආයෙත් වැඩ පටන් ගන්නවා… බස්, ට්‍රාන්ස්පෝර්ට් වල රස්තියාදු වෙලා ගෙදර ආවම පුදුම මහන්සියක්… තමන් ආදරේ කරපු කෙනත් තමන් ළග නැති මොහොතක, ආපහු හැරිලා බලනවා එයාගේ ගෙවුණු සුන්දර යෞවනය දිහා..

“අනේ ඒ කාලේ ආයේ මට ලැබෙනවානම්.. මේ ජිවන බර බිමින් තියලා ආයේ ඒ කාලෙට දුවගෙන යන්න ලැබෙනවනම්, මං හුගක් තනිකමින්…… මේ මං හීන මවපු ජීවිතේ නෙමෙයි…. මට හුගක් මහන්සියි.. හොදටම හති.. මං මගේ සතුට මුළුමනින්ම කැප කළා මේ අදුරු, පීඩිත ලෝකයට..”

ඔයාට මොකක්ද දැනුන හැගීම??
අන්න ඒ වගේ දෙයක් තමයි මේ මියුසික්‌ වීඩියෝ එක බලද්දී මට දැනුනේ.. ඇත්තටම මට ඇඩුනා.. ඒ තරමට ඒක මගේ හිතට වැදුනා. මොකද මගේ අනාගතේ මගේ ඉස්සරහ මැවිලා පේනවා වගේ මට දැනුනා…අපි කාටවත් කාගෙවත් ජීවිත තවත් අයගේ ජීවිත එක්ක සංසන්දනය කරන්න බෑ.. ඒ නිසා මට දැනුන දේ තාව කෙනෙකුට නොදැනෙන්න පුළුවන්, නැත්නම් ඊට වඩා දැනෙන්න පුළුවන්.. ? ඒ සියල්ල පැත්තකින් තිබ්බම ඒ ගීතයේ පද පේලියත්, තේරුමත් ඒ හා සමානුපාත වෙලා යනවා.. ඒ වගේම එක් පැත්තකින් Twenty Five, Twenty One කතා මාලාව හා ද සමානුපාත වෙනවා..හුගක්ම මැවෙන්නේ බෙක් යී ජින්ගේ ජීවිතේට සමාන රූපයක් ..

-Lyrics-
Balam-e nallyeo kkoch-i jineun gyejeol-en
ajigdo neoui son-eul jab-eun deus geuleon deus hae.
geuttaeneun ajig kkoch-i aleumdaun geol
jigeumcheoleom samuchige alji moshaess-eo.
u~ neoui hyang-giga balam-e sillyeo one.
u~ yeong-wonhal jul al-assdeon seumuldaseos, seumulhana.

Geu nal-ui badaneun peog dajeonghaess-eossji.
ajigdo naui son-e jabhil deus geuleon deus hae.
buseojineun haes-sal sog-e neowa naega iss-eo
gaseum silidolog haengboghan kkum-eul kkueossji.
u~ geunal-ui nolaega balam-e sillyeo one.
u~ yeong-wonhal jul al-assdeon jinannal-ui neowa na.
neoui mogsolido neoui nundongjado
aeteushadeon neoui che-onmajeodo
gieoghaenaemyeon halsulog meol-eojyeo ganeunde
heut-eojineun neol butjab-eul su eobs-eo.
balam-e nallyeo kkoch-i jineun gyejeol-en
ajigdo neoui son-eul jab-eun deus geuleon deus hae.
geuttaeneun ajig nega aleumdaun geol
jigeumcheoleom samuchige alji moshaess-eo.
u~ neoui hyang-giga balam-e sillyeo one.
u~ yeong-wonhal jul al-assdeon seumuldaseos, seumulhana.

u~ geunal-ui nolaega balam-e sillyeo one.
u~ yeong-wonhal jul al-assdeon jinannal-ui neowa na.
u~
u~
u~ yeong-wonhal jul al-assdeon seumuldaseos, seumulhana.
seumuldaseos, seumulhana.

මල් පරව සුළගට මුසුව යන සෘතුවක,
මට තවමත් ඔබේ දෑතේ පහස දැනෙනවා,
ඒ කාලේ මට ගැඹුරින් තේරුම් ගන්න බැරි වුණා,
ඒ කාලේ මල් තවමත් ලස්සනයි..
උහ්.. ඔබේ සුවඳ සුළග හා හමා එනවා,
උහ්.. සිතුවා එය සදහටම තියේවි කියා,
අපේ විසි පහ, විසි එක කාලේ..

මුහුද ඒ කාලේ සන්සුන්, නිසොල්මන්..
මට අදටත් මතක්‌ වෙනවා ඔයා මගේ අතින් අල්ලන් හිටිය හැටි,
හිරුගේ උණුසුම යට, ඔබයි මමයි..
මගේ හදවත නිවාලන්න මං හීන දැක්කා..
උහ්.. එදා ගැයූ ගීතය සුළග හා හමා එනවා,
උහ්.. සිතුවා එය සදහටම තියේවි කියා,
ඔබ හා මම රැඳී ඒ දිනය

ඔබේ හඬ, ඔබේ ඇස්
ඔබේ සිරුරේ උණුසුම,
මා ගුලි කරගන්නා තරමට, එය ඈතට යනවා
මට වෙලී ඉන්නට බැහැ

මල් පරව සුළගට මුසුව යන සෘතුවක,
මට තවමත් ඔබේ දෑතේ පහස දැනෙනවා,
ඒ කාලේ මට ගැඹුරින් තේරුම් ගන්න බැරි වුණා,
ඒ කාලේ මල් තවමත් ලස්සනයි..

උහ්.. ඔබේ සුවඳ සුළග හා හමා එනවා,
උහ්.. සිතුවා එය සදහටම තියේවි කියා,
අපේ විසි පහ, විසි එක කාලේ..
උහ්.. එදා ගැයූ ගීතය සුළග හා හමා එනවා,
උහ්.. සිතුවා එය සදහටම තියේවි කියා,
ඔබ හා මම රැඳී ඒ දිනය

ඔහ්….
ඔහ්…
සිතුවා එය සදහටම තියේවි කියා,
අපේ විසි පහ, විසි එක කාලේ..
විසිපහ, විසි එක කාලේ …….

Cemre Clementine
ක්ලෙමන්ටයින්?
#ost  #twentyfivetwentyone

Official මියුසික් වීඩියෝ 

විසූ රාජපක්ෂ (Cemré Clementine)

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *