Jana Gana Mana (2022) Malayalam by Sandeepa Lakshan
ගොඩක් අය ඇත්තටම ලොකු රැල්ලක් වගේ හැම තැනම කට්ටිය පෝස්ට් ශෙයා කරනව දැක්ක.ඉතින් ටිකක් ඉවසුව පෝස්ට් එකක් දාන්න.ගොඩක් අපි අතරේ ඉන්න අය ඇබ්බැහි උන පිරිස් ඉන්නව චිත්රපට වර්ගීකරණය කරමින් බලන.ඒක ඒ ඒ එක්කෙනාගෙ කැමැත්ත.ඒත් මන් ඉල්ලීමක් කරනවා.ඔයාල හැම නිර්මාණයක්ම බලන්න.ඔයාලට බොහොමයක් සමාජ අවබොදයන්,සමාජ විප්ලවයන්,සමාජ වෙනස්වීම් හැම දෙයක්ම ඇත්තටම චිත්රපටයකින් තේරුන් ගන්න පුලුවන්.
ඔන්න ඔය සමාජය කියන කොට්ටාශය, අපි කියන දේ පෙන්වන එක හැරවුමක් තමා මලයාලම් සිනමාව. එම හැරවුම මිනිස්සුන්ට උල් පිහියකින් පපුවට අනින මට්ටමින් වැඩි දියුණු වෙලා කියල මේ කාලයේ විතරක්ම නෙමේ මීට වසර 10කට 20 පෙර ද තේරුම් ගැනීමට හැකි උනා. හරි දැන් යමු චිත්රපටය පැත්තට.අහ් ප්රිත් කවුද කියල නොදන්න කෙනෙක් ඉන්නව නම් බලන්න Memories, mumbai police, cold case, ayyappanum koshiyum, 7th day,ezra, kuruthi…..සහ බොහොමයක්
Jana gana mana… මන් මෙහෙම පටන් ගන්නම්. “සර් මට අවස්තාවක් දෙන්න කතා කරන්න, මන් මේ කාරනාවට විරුද්දයි” ඔහොම අද අපි ඉන්න සමාජෙ කතා කරන්න අයිතිය තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? ඇත්තටම අපිට රජයට පිටින් හෝ නීතිය හා සාමය සුරකින්නන් කියන අයට පිටින් යන්න පුලුවන්ද? වර්තමානයේ ඕකට අයිති වෙන තව පිරිසක් තමා මාධ්ය?
අපි මෙහෙම දෙයක් ගමු. “කුඩා දැරියක් දූශනය කර මරා දමා ඇත, අසල වගුරු බිමකින් මිනිය සොයා ගත් පොලිස් නිලදාරීන් අපරාද කරු සොයා විමර්ශණ සිදු කරයි” මේක වෙන්නෙ ලංකාවෙ නම්. ඔය news එක වයිරල් කරන්න මොන වගේ දේවල් කරන්න පුලුවන්ද?
*පත්තරේක ඇතුල් පිටුවකට දානවා
*සමාජජාලා වල දානවා
*ගුවන් විදුලියෙ අහන්න සලස්සනවා
*සාමන්ය නිව්ස් එකක් විදියට රූපවාහිනියේ පෙන්නවා.
ඔය ඔක්කොම කරත් ඔය news එක වයිරල් වෙයිද? ඒත් කාට හරි ඔය news එක වයිරල් කරන්න ඕන උනොත් ඔය කරපු දෙවල්ම ඔයිට වඩා ගැම්මකින් කරනව. පත්තරේ ප්රදාන පිටුවෙ ලොකු අකුරකින්, සමාජ මාද්ය වල සියලු ප්රොෆයිල් වලට දැරියගෙ පොටෝ එක දැමීමෙන්, ගුවන් විදුලියෙ සහ රූපවාහිනියේ විශේශ පුවත් ලෙස
දැන් තේරෙනවද news එක්කයි වයිරල් එක්කයි තියන වෙනස. එතකොට ඔය වෙන දේ අපේ පලාතෙ අපි දන්න අදුනන කෙනෙකුට වෙන්න ඕන නෑ, මිස්සුන්ගෙ ලේ උනුවෙලා දගලන්න ගන්නවා.එතකොට ඒ කාලෙ ඇතුලත වෙන දේවල්. ඔක්කොම අමතකයි. මතක එකම දේ වයිරල් වෙන news එක. ඔය එක වයිරල් news එකට අමතරව රට ඇතුලෙ වෙන අමානුශීය, නින්දිත, කුහක, දූශන, වංචා, මිනීමැරුම් කීයක් එම දවසේ එම වෙලාවෙ වෙනව ඇත්ද? කවුරුත් දන්නවද. කවුරුත් ඒවට විරුද්ද වෙනවද? කවුරුන් හෝ නැගී සිටිනවද?….
නැගී සිටින්න තියා එහෙම නැගී සිටින කෙනෙකුට සමාජයේ ජීවත් වෙන්නවත් ඒ ප්රබලයො කියන අය ඉඩ දෙන් නෑ.ඒක තමා ඇත්ත.ඔන්න ඔය ඇත්ත ලෝකයට පෙන්වන ඔය ඇත්ත ආරක්ශා කරන බොරුව මැඩලන නිලදාරීන්ම දවසක ඇත්ත වසන් කරල බොරුව රජ කරොත්.
ලංකාවෙ ආසන්නතම සිද්දි ලෙස මුදල්වංචා,අපරාද,පාස්කු ප්රහාරය,සාමන්ය ජනයාට වෙඩි තබා මරා දැමීම… .ඇතුලු එකී මෙකී නොකී දෑ.කො යුත්තිය ඉශ්ඨ උනාද? ලොකුම නිව්ස් තමා මහින්ද බැසිල් එකම දවසෙ ගෙදර ගියා ඊලග දවසෙ තව එකෙක් යවමුඑතකොට උන වංචා අපරාද ඔක්කොම ඉවරයි. ඔක්කොම නිදහස්. එතකොට පාස්කුවෙන් අම්ම තාත්ත අහිමි උන පොඩි ලමයට කෝ සාදාරනේ. කෝ දාන් ඉදපු සුදු කොඩි කලු කොඩි.මේ වෙන හැමදේටම අපිත් වගකියන්න ඕන. අපේ මිනිස්සුන්ට දවසට එක හොද වයිරල් news එකක් ඇති දවස ගෙවාගන්න. ඒක දන්නව ලොකු පුටුවල අය.ඒව දන්න නිසා උන් හැමදාම ලොකු පුටුවෙ රජ කරනො.
ඒත් මිනිස්සු දවසක නැගිටීවී.ලොකු ලොක්කො පාගන් නැගිටිවී. එදාට ඉතුරු වෙන්නෙ හදවතේ සාක්ශිය විතරයි.හදවතින් අහන්න අන්තිම වෙලේ. මම හරිද?
දෙවනි කොටසින් දවසක හම්බවෙමු,යුක්තිය ජය ගනී