Jamtara – Sabka Number Ayega Season 01 (2019) Hindi | Sinhala Article

Jamtara – Sabka Number Ayega| Season 01 (2019) Hindi by Indeewari Herath

තාම ලංකාවෙ සිනමා ගෘෘප් අයට අව්වුනේ හොඳ ඉන්දියන් සීරිස් ටිකක් බලමුද ?

Jamtara කියන්නෙ ඉන්දියාවෙ Jharkhand ප්‍රාන්තයේ පිහිටි නගරයක්. මේ නගරය අයිති වෙන්නෙ Jamtara නමින්ම හැඳින්වෙන දිස්ත්‍රික්කයට. එක පැත්තකින් ⁣මායිම් වෙන්නෙ බෙංගාලයට. කවුරුත් දන්න දෙයක් තමයි ඉන්දියාව කියන්නෙ IT හබ් එකක්. මේ IT හබ් එකේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙන්නෙ ⁣බැංගලූර්, හයිද්‍රාබාද්, චෙන්නයි වගේ නගර. හැබැයි Jamtara කියන්නෙත් එක්තරා විදියක හබ් එකක්. වෙන මොනවටවත් නෙවෙයි, Jamtara ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ Phishing හබ් එකක් විදියට. සරලවම කිව්වොත් ඉන්දියාවෙ කැපිටල් සිටි එක නවදිල්ලිය නම් phishing capital එක වෙන්නෙ Jamtara. ඉන්දියාව පුරා සිද්ධ වෙන phishing category එක යටතේ වර්ගීකරණය කරන්න පුලුවන් සයිබර් ක්‍රයිම්ස් වලින් 80% ම සිද්ධ වෙන්නෙ මේ Jamtara කියන කුඩා නගරය හරහා. ඒක මොන වගේද කිව්වොත් 04/2015 – 04/2017 අවුරුදු දෙක ඇතුළත ඉන්දියාවෙ ප්‍රාන්ත 12 ක පොලිස් කණ්ඩායම් විසිතුන් වතාවක් විවිධ අවස්ථා වලදි මේ කුඩා නගරයට විසිට් කරලා තියනවා එයාලට ලැබුණු පැමිණිලි විමර්ශන සඳහා. වැදගත් ම කාරණය තමයි මේ phishing ක්‍රම හරහා ලක්ෂ ගණන් මුදල් ජම්ටරා නගරයට ගලාගෙන ආවත් මේ නගරය තාමත් ඉන්දියාවෙ තියන නොදියුණු ම නගර අතරින් එකක්.

Jamtara – Sabka Number Ayega සීරිස් එක සඳහා පාදක වෙන්නෙ ඔය මං මුලින් කියපු තොරතුරු. ඒ නිසා මේක true events based සීරිස් එකක් විදියට හඳුන්වන වුනත් පුලුවන්. Phishing ජාවාරමේ යෙදෙන නූගත්කම සහ කුල පීඩනය වගේ ප්‍රශ්න වලින් පීඩිත වෙලා ඉන්න තරුණ ළමයි පිරිසක්, ඔවුන්ව තමන්ගේ අල්ලෙ නටවන්න හදන දේශපාලකයෙක් සහ ⁣ඒ දෙපාර්ශවය අතරට මැදිවුනු පොලීසියක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.

විශේෂයෙන්ම නූගත්කම මොනතරම් සාපයක්ද කියලා හොඳට පැහැදිලි කරනවා මේකෙ. අනිත් අත⁣ට ඉතාම උගත් යැයි සම්මත මිනිස්සු පවා සල්ලි ලැබෙනවා කිව්වොත් සම්පූර්ණයෙන්ම පිස්සු වැටෙන විදියත් මේ සීරිස් එකේ තියනවා. ලේයර්ස් බර ගාණකින් නැරේට් වෙන ජම්ටරා සීරිස් එක කිසිම කම්මැලි කමක් නැතුව දිගටම බලන්න පුලුවන් වැඩක්. ඒ වගේම මේක predictable නෑ.

එපිසෝඩ් දහයක් තියන ජම්ටරා සීරිස් එක අනිවාර්යයෙන්ම බලන්න කියලා recommend කරන සීරිස් එකක්. මේකෙ තියන දේවල් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. බලලම තේරුම් ගන්න තමයි තියෙන්නෙ.

මගේ ගාන 3.5/5 පළවෙනි සීසන් එකට.

Jamtara – Sabka Number Ayega scored 7.2 out of 10 on IMDb.
83% liked this TV show Google users
First episode date:January 10, 2020
Number of episodes:10
Number of seasons:1
Language:Hindi
Network:Netflix

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *