Innocence (2020) Korean by Sithum Ishara
⭐⭐⭐⭐⭐⭐⭐⭐ | 8.0/10
Crime / Drama
ඔයා Heart Blackened (2017) , Mother (2009) Moss (2010) වගේ Movies බලලා තියනවා නම් ඒවට කැමති නම් අනිවාර්යෙන් මේකටත් කැමති වෙයි..
” පොඩි ගමක වුන සිද්ධියක්..”
” අවමංගල්‍යක් අස්සෙ වුන මිනීමැරුමක්…”
” එක්කෙනෙක් මැරිලා හතරක් රොහලේ..”
” බත් වයින් වලට වස කවලම් කරලා දීලා..”
” සිද්ධියට ගෑණු කෙනෙක් ව පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා..”
ජුන්ග් ඉන් කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ ආයතනයක දක්ෂ නීතීවරියක් !! දවසක් මෙයාගෙ පියාගෙ අවමංගල්‍යයේදී මිනීමැරුම් සිද්ධියක් වාර්තා වෙනවා..ඒ අවමංගල්‍යේදී පිරිනමන වයින් වලට පළිබෝධනාශක කවලම් කරලා දීලා..බීපු එක්කෙනෙක් මැරිලා හතරක් රෝහල් ගතකරනවා..නගරාධිපතිත් ඒ අතර ඉන්නවා..සිද්ධියට ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන ජුන්ග් ඉන් ගෙ අම්මව සැකකාරිය විදිහට කොටු වෙනවා..
ඉතින් ඇගේ මවගෙ නිර්දෝශීභාවය ඔප්පු කරන්න ජුන්ග් ඉන් මේ නඩුව බාරගන්නවා..රෝහල් ගත වුන නගරාධිපති චූ ඉන් ගේ යම් යම් වසන් කිරීම් සහ බොරු ප්‍රකාශ වගේ සැක සහිත සාධක කිහිපයක් ජුන්ග් ඉන් හොයාගන්නවා..ඒත් තමන් ගෙ මවගෙ රෝගී තත්වය නිසා ඇයට කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ..ඉතින් ජුන්ග් ඉන් කොහොම තමන් ගෙ මවගෙ නිර්දෝශීභාවය ඔප්පු කරයිද ? කවුද එතකොට බත් වයින් වලට වස කවලම් කලේ ? ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා..?✋
මේ අවුරුද්දෙ බලන්න ආසාවෙන් ම හිටපු Korean Movies වලින් එකක් තමා මේක.. ( Shin Hae Sun නිසාම ? ) තවත් නියම කොරියන් ෆිල්ම් එකක් මේ අවුරුද්දෙ බලපු…???Well Crafted Crime / Drama ෆිල්ම් එකක්..Mystery Elements දාලා කරපු Legal Crime Drama ෆිල්ම් එකක්..?ෆිල්ම් එකේ තිබ්බ Unexpected Moments නිසා ෆිල්ම් එකේ Storyline එක තවත් රසවත් වුනා..?අනිත් විශේෂම ෆිල්ම් එකේ Cast එකේ Acting…?✋මම ෆිල්ම් එකේ දැක්ක ලොකුම Point එක තමා මේක..මේ ෆිල්ම් එකෙන් Main Characters ලගෙ සුපිරි ගණයේ රංගනයක් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි..ඒ වගේම Shin Hye Sun ගෙ Main Lead කරපු පළවෙනි Movie එක තමා මේක..Acting නම් ???
අන්තිමට කියන්න තියෙන්නෙ Innocence කියන්නෙ..මේ අවුරුද්දෙ ආපු නියම Story එකක් තියන සුපිරි Acting තියන නියම Legal Crime / Drama ෆිල්ම් එකක්..?
” I’ll Prove Her Innocence “