Ingmar Bergman’s Cinema | Sinhala Article

Ingmar Bergman’s Cinema | බර්ග්මන්ගේ සිනමාව

දෙවියෝ නිශ්ශබ්දයි”
– බර්ග්මන්-
ස්වීඩනයෙන් බිහිව ලෝක සිනමාවම ඒකලෝක කල අග්රගණ්ය අධ්යක්ෂකවරයෙකි Ingmar Bergman.
මෙතුමාගේ සිනමා නිර්මාණ විශාල ප්රමාණයක්ම අතිවිශිෂ්ඨයි යනුවෙන් හැඳින්විය හැකි නිර්මාණ .
මූලික වශයෙන් මනුශ්ය හැගීම් කීපයක් සහ චරිත ඉතා අවම ප්රමාණයක් යොදාගෙන මුලු ලෝකයටම පොදුවේ තේරුම් ගැනීමට පුලුවන් අර්ථකථන තමන්ගේ චිත්‍රපට තුලින් සම්ප්‍රේශනය කිරීමට Bergmanභ තුළ සහජ හැකියාවක් ඇති බව කිව්වොත් නිවැරදියි.
රූපරාමු වලින්  එක කතාවකුත්, එක් එක් කෙටි දෙබස් වලින් වෙනම කතාවකුත් ඒ සිනමාපට සඳහා ගැඹුරක් ලබාදිමට සමත් වෙලා තියනවා. සිනමාපටවල දෙබස් වලින් කතාව තෝරාගැනීම ප්රේක්ෂකයට බාරයි.
දශක ගණනාවක් ගෙවුනත් ඒවායෙ නැවුම් බව තව දුරටත් වලංගුයි. ඒ නිර්මාණ වලින් ආභාශය ලද නිර්මාණම රාශියක් පවතින බවත් දැකිය හැකියි.
විවිධ මාතෘකා ඔස්සේ අතිවිශාල කථිකාවතක් නිර්මාණය කරන බර්ග්මන්, එකම මාතෘකාවක විවිධ පැතිකඩ ස්වරූපයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද මාතෘකාවක් තමා දෙවියන් ගේ විද්යාමානත්වය.
ඒ ගැන කියවෙන
Ingmar Bergman's Cinema | The Criterion Collection
Through a glass darkly (1961),
Winter light (1963),
The silence (1963)
යන චිත්‍රපට ත්‍රිත්වය  විටෙක Trilogy එකක් ලෙස ද  සලකන නිර්මාණ ත්රිත්වයකි.
මනුශ්යයාගේ පැවැතීමට, අසරණකම් වලදී මනුශ්යත්වය පදනම් කරගත් විසදුම් වලින් එහා ගිය වෙනයම්ම පිහිටක් සොයන ජීවිත වලට දෙවියන් කියන සංකල්පයම පිහිටක්. සංකල්පයෙන් එහාට ගිය දේවත්වය ශ්රද්ධාව පෙරදැරිකරගත් උතුම් පදවියක් ලෙස දකින්නත් පුලුවන්.
හැබැයි සිදුවන සිදුවීම් , මනුශ්යයා දේවත්වයේ නාමයෙන් එහෙම නැත්නම් සිදුකරන අකටයුතුකම් දකිනා කෙනෙක්ට දෙවියන්ගේ පැවැත්ම ගැන ප්රශ්නාර්ථයක් විය හැකියි.
ඇයි දෙවියන් මෙලෙස සිදුවීමට ඉඩ හැර බලා සිටින්නෙ?
ඇයි අපිට පිහිට නොවෙන්නෙ…?
ඇයි යායුතු මග නොපෙන්වන්නෙ….?
ඒ වගේම ඇයි කෙනෙක් ජීවත් වන්නේ….?
මොනවටද….? මොනවා ලබා ගැනීමටද…?
……………………………………………………………

?Through a glass darkly (1961)

හීනෝන්මාදයෙන් පෙලෙන කාන්තාවක්. ඇය දෙවියන් දකින්නියක්. කතා කරන්නියක්. නමින් Karin.
ඇගේ සොයුරා අපේක්ශාභංගත්වයෙන් සිටින ලිංගිකත්වය පිලිබදව පවා ප්රශ්න ඇති කෙනෙක්.
පියා රචකයෙක්. දුවගේ රෝගීතත්වය හා විස්තර අනුව හෝ පොතක් ලිවීමටයි ඔහුගේ බලාපොරොත්තුව.
උන්මත්තකාගාරයෙන් නිදහස්ව දූපතක පැය 24ක කාලය ගතකරන Karin හා පවුලේ අයගේ අත්දැකීම්.
සහබාගි වූවන් සහෝදරයා , පියා හා ප්රසිද්ධ වෛද්යවරයක් වන Karin ගේ සැමියා   Marvin.
ආදරය හා ලිංගිකත්වය සොයා යන තරුණ ජීවිත… එක් වරක් හෝ දෙමාපියන් සමග යම් පමණකට හෝ තම ප්රශ්න සම්බන්ධව කතා කල හැකිනම් යැයි සිතන ජීවිත.
දෙවියන් දැකීම , මානසික අවපාතය සහ දෙවියන් ආදරය තුලින් දැකීම.
Academy awards වලදී Best Foreign Language Film සදහා සම්මාන දිනා ගැනීමට සමත් වී ඇත.
……………………………………………………………

?Winter light (1963)

දෙවියන්ගෙ පැවැත්ම ගැන සැකකරන පාස්ටර්වරයෙක්.
චීන න්යශ්ටික අවි නිපදවීම්, ලෝක ස්වභාවය ගැනම කලකිරීමෙන් ජීවත් වන මාලු අල්ලන්නෙක් වන ජෝනාස්  නම් සැමියෙක්. ඔහුගේ ගර්භණී බිරිද karin.
පාස්ටර්වරයාගේ වසර ගණනාවකට පෙර මියගිය බිරිදගේ මතකයන්.
පාස්ටර්වරයාගේ ආදරය පතන පාසල් ගුරුවරියක වන Marta.
මතකයන් , යථාර්ථය අතර දෙවියන් සෙවීම.
සැමට සහනයක් ලබා දීමට සිටිනා පාස්ටර්වරයාගේ මනසේ ව්යාකූලත්වය…
නොපෙනන දෙවියන් සෙවීමද ජීවත් වන්නවුන් අතර ආදරය ,කරුණාව සෙවීමද?
……………………………………………………………

?The silence (1963)

ලොව ඇති සියල්ල සම්බන්ධව කුතුහලයෙන් සියල්ල යම් පමණකට හො අවබෝධ කරගැනිමට වෙර දරන කුඩා Johan. බලාපොරොත්තු දෑස් දල්වාගෙන ලෝකය දෙස බලන ඔහු…
දුටුවන් මන පිනවන johan ගේ මව , සියල්ල කෙලිදෙලෙන් බලන ජීවිතය ම ඕනවට වඩා නොසිතන ඇය anna.
බුද්ධිමත් , තනිව ජීවිතය සම්බන්ධ තීරණ ගතහැකි අසාධ්ය අසනිප තත්ත්වයෙන් සිටින ester නම්
Annaගේ වැඩිමහල් අක්කා.
දෙදෙනාගේ අදහස් නම් අහසට පොලව වගෙ.
නම නොදන්නා නගරයක, හෝටලයක කාමර 2කින් වෙන්වන මේ අක්කා නගෝ ජීවිත්, ගන්නා තීරණ.
සියල්ල අවිනිශ්චිත යුධ සමයක. හෘදසාක්ශිය සොයා යෑම. ලිංගික ආශාවන් සංසිදවීම සොයා යෑම.
දෙවියන්ගේ නිශ්ශබ්දතාවය…
(පසුකාලීනව theory එකක් වශයෙන් මෙහි මොලය හා කයහි සිදුවන ගැටුමක් ලෙස අර්ථකථනයක් විචාරකයන් දී ඇත.).
……………………………………………………………
සරලව සිනමාපට සම්බන්ධව මූලික තොරතුරු පමණක් කීවත් මේවායේ ගැබුරක් කියවා ගැනීමක් අත්යාවශ්ය නිර්මාණ ලෙස දකිමි.
Cinematography ගැන වචනයක් නොකිව්වොත් ඒක ලොකුම අඩුපාඩුවක්. Sven Nykvist ගේ cinematography විශිෂ්ඨයි.

හෂාන් දුලංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *