Indian folk Music by Ramitha Vimukthi
ඉන්දියානු ජන සංගීතයේ ගීත කෝකිලාවන් දෙදෙනෙක්.
පළවෙනි පින්තූරේ ඉන්නේ නන්ජියම්මා. මෙවර ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ, හොඳම කාන්තා පසුබිම් ගායනයට හිමි සම්මානයේ ජයග්‍රාහිකාවයි. ඇය මෙම සම්මානය ජයග්‍රහණය කරන්නේ 2020 වර්ෂයේ නිකුත් වූ Ayyappanam Koshiyum මලයාලම් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ Kalakkatha ගීතය වෙනුවෙන්. ඇය පැමිණෙන්නේ කේරලයේ ජීවත් වන ඉරුලා නම් ආදීවාසී ජන ප්‍රජාවක් තුලින්. ඒ සමගම ඇය ගායන කළ Kalakkatha ගීතයද ඉරුලා බසින් ලියවූ ජන ගීතයක්. අවුරුදු 62 ක් වන නන්ජියම්මාගේ හඬේ ජවය බොහෝ දෙනාගේ ඇගයීමට පාත්‍ර වුනා. ජන ගීත ගායිකාවක් වශයෙන් ලැබිය හැකි ඉහලම පිළිගැනීමක් ලබා ගැනීමට නන්ජියම්මා සමත් වුනා.
දෙවෙනි පින්තූරේ ඉන්නේ බන්වාරී දේවී. ඇය රාජස්තානි ජන ගීත ගායිකාවක්. ඇය කරලියට පැමිණෙන්නේ 2013 වර්ෂයේ විකාශනය වූ Coke Studio වැඩසටහනෙන්. එහි රාම් සම්පත්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වුනු Kattey නම් ගීතය බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. නන්ජියම්මාගේ ජයග්‍රහණයත් සමග බන්වාරි දේවීගේ එම ජව සම්පන්න ගායනය නැවත වතාවක් මතකයට ආවා. ඒ සමගම එම වැඩසටහනේම නැවත වතාවක් 2015 දී ගායනා කළ Chadh Chadh Jana නම් රාජස්තානි ජන ගීතයද ජනප්‍රිය වෙනවා.
ඇය Coke Studio තුල ගායනා කරපු ගීත පහතින් :