I Saw the Devil (2010) Korean | Sinhala Article

I Saw the Devil (2010) Korean by Dilru Yashodhada


Iᴍʙᴅ -7.8
?????? / ????????
??????? – ????? ??????

#මිනිසාමයි_ලොව_දෙවියන්_වන්නේ…
#මිනිසාමයි_ලොව_තිරිසන්_වන්නේ..

එහෙම කියන්නෙ නිකන්ද..?

මිනිස්සු තමයි ලෝකෙ තේරුම ගන්න්ට අමාරැම සත්වයා.කොයි වෙලාවෙ මොන හේතුවකට කොහොම වෙනස් වෙනවද කියල හිතාගන්න බැහැ..

හැම මනුස්සයම එක වගේ නැහැ.ප්‍රශ්නයක් උනාම හැමෝම එක වගේ හැසිරෙන්නෙත් නැහැ.එහෙම වෙන්නම ඕන මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්න.අහිංසක අංගුලි මාල උනා වගේ නිකන්ද .? ඒ වගේ අහිංසකයො ඇතුලෙ ඉන්න යක්ශයා එලියට එන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ

ඒ තරම් ප්‍රචන්ඩකාරී වෙනවා.මේකත් එහෙම කතාවක්.පලිගැනීම කියන දේ හිතට ආවට පස්සෙ ඒ හැගීම පාලනය කරන්න හරිම අමාරැයි..තමන්ගෙ ආසාව සංසිදෙනකන් මිනිස්සු පලිගන්න කැමතියි.ඒක තමයි පෘතජ්ජන මිනිස්සුන්ගෙ ගතිය.ඕනම කෙනෙක්ට ඒක වෙන්න පුලුවන්.

කොරියන් කතා බලල තියෙනව නේද..? සීනි බෝල වගේද..? කතා එහෙම උනාට කොරියානු චිත්‍රපට කලාව ඊට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ .හිංසනය මූලික කරගෙන බොහෝ නිර්මාන බිහි වෙනවා.ටෙලිනාට්‍ය ක්ශෙත්‍රයේ වගේ සීනි බෝල ආදර කතා අඩුයි.

අවසානය දක්වා ත්‍රාසය භීතිය කුතුහලය පිරිච්ච කතාවක් මේ..කොරියානු සිනමාවේ බිහි වූ විශිෂ්ට සලරැ සිතුවක්.

වාහනේ දෝශයක් නිසා පාලු පාරක වාහනේක ඉන්න ගෑනු ලමයෙක්..
ඇය් තම සැමියා සමග දුරකතන සංවාදයක නිරත වෙලයි ඉන්නෙ.
එතනින් යන ට්‍රක් රත රියදුරෙක් ඇයට උදව් ඉරීමට ඉදිරිපත් වෙනවා
ඒ වෙද්දිත් ඇය වාහන ඇදගෙන යන සේවාවක ට කතා කරලයි ඉන්නෙ
ඒත් මේ ගෑනු ලමයා කැමති වෙන්නෙ නැහැ.

ඒත් බලෙන්ම මේ මනුස්සයා ඇයට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා
වෙන්නෙ හිතන්නෙවත් නැති දෙයක් ඇයට පහරක් ගසා වාහනයේ දොර කඩලා ඇයව ඒ මනුස්සයගෙ ගෙදරට අරන් යනවා.
ඒ අරන් යන අතරෙ ඇය ආයාචනා කරනවා තමන් ගැබිනියක් බව.තමන්ව නොමරන ලෙසත්.ඒත් හිත් පිත් නැති මේ මනුස්සයා අමානුෂික විදියට ඝාතනය කරනවා.

මේ ඝාතනය කල ගෑනු ලමයගෙ පෙම්වතා රහස් පොලිස් නිලදාරියෙක්.ඔහු මේ සම්බන්ද ව විමර්ශනය කරන්න පටන් ගන්නවා.එතනදි තමයි දැන ගන්නෙ මේ වගේ ගෑනු ලමයි හතර දෙනෙක්ම මරල දාල කියලා.අවසානයේ තම පෙම්වතියගේ ඝාතකයා හොයාගන්න ඔහු ඝාතකයා මරනවා කියල හිතුවද..? නැහැ ඊට වඩා වෙනස් ක්‍රමේකට තමයි ඔහු තම පලිගැනීම කරන්නෙ..

මේ පලිගැනීම කොහොම වේවිද..? මොකද මේ ගෑනු ලමයින්ට උනේ..? මේක ලොකු කතාවක් බලලම දැන ගන්නකො.

2014 Ek Villan චිත්‍රපටය හදන්න inspire උනේ මේක..ඒත් මේ එකම කතාව නෙමෙයි.

දිල්රූ යශෝධා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *