I Care a Lot ( 2021) English | Sinhala Article

I Care a Lot ( 2021) English by Hirusha Kasun

57% liked this film Google users

මාර්ලා ගෙ ජොබ් එක තමා වයසක මිනිස්සු බලා ගන්න එක . ඒ කියන්නෙ අපි කියමුකො සරලව වැඩිහිටි නිවාස පවත්වාගෙන යන එක කියලා. ඉතින් මෙයා ගාර්ඩියන් කෙනෙක්. මෙයාගෙ භාරෙ ඉන්නවා සෑහෙන්න වයස්ගත අය. බැලූ බැල්මට මේක සෑහෙන්න හොද ජොබ් එකක් නෙහ් . අපෝ හොදටම කල් වැඩිය් මාර්ලගෙ හොද නරක ප්‍රෙඩික්ට් කරන්න

මාර්ලගෙම භාෂාවෙන් කියනවනම් මේ ලෝකෙ හොද මිනිස්සු නෑ. ඉන්නෙ නරක ටිකක් අඩු මිනිස්සු හා නරක මිනිස්සු විතරය් . මාර්ලා කරන්නෙ හොද වැඩක් වගේ පෙනුනට ඒක එහෙම නෑ . මාර්ලා කරන්නෙ බොහොම කූට වගේම උපක්‍රමශීලී විදිහට එයා භාරෙ ඉන්න වයසක උදවියගේ දේපොල , ඉඩකඩම් කඩා වඩා ගන්න එක

එක අතකින් ඈට තියෙනවා හොද සටකපට මොලයක්. ව්‍යාපාරික මොලයක්. ඇගේ සාහය්කාව වෙන්නෙ ඇගේ පෙම්වතිය වන ෆැන්කි. දෙන්නාගෙ අරමුණ තමා ධනවත් වීම . ඉතින් දෙන්නා එක්ක දිගටම බිස්නස් එක කරගෙන යනවා. මාර්ලා සූදානම් නෑ මොන වෙලාවකවත් ඇගේ අරමුණ තුල පරදින්න. ඇගේ ව්‍යාපාරය තුලදි ලාභය තමා පලවැන්න වෙන්නෙ මනුශ්‍යත්වය කියලා වචනයක් ඇගේ ශබ්දකෝශෙ නෑ

ඔහොම යද්දි කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට උනා වගේ වැඩක් ඈට වෙනවා ඉතින් ඇගේ හොට පැටලුනාද , ඈගෙ ව්‍යාපාරයට මොකද උනේ කියලා බලන්න මේක බලන්නම වෙනවා

මේකෙ මාර්ලා විදිහට රංගනයෙන් එකතුවෙන්නෙ Rosamund Pike . ඇගේ රගපෑම ගෙන මම අටුවා ටීකා ටිප්පනී කියන්න ඕනෙ නෑනෙ. මාරම රිලැක්ස් එකේ මේ මාර්ලා කියන සටකපට වගේම ස්මාර්ට් කාන්තා චරිතය ඈ කරනවා. ඒ වගේම කියන්න ඕනෙ මේක ඉතාමත් හොද මට්ටමේ චිත්‍රපටයක් වන වග. චිත්‍රපටයේ අවසානය උනත් ඉතාමත් හොද වගේම ප්‍රසාදයට ලක් විය යුතු අවසානයක්.

චිත්‍රපටය බලන් යද්දි බලන උදවියට අනිවාර්යයෙන් හිතෙය් යකෝ මේකි මාර හෙරක්නෙ කියලා . ඔව් ඇගේම ක්‍රමයකට ඇගේම ව්‍යාපාරයකට නීත්‍යානුකූලව හොරකම් කරන සටකපට හෙරක් ඈ.

J Blakeson
Release dateFebruary 19, 2021 (USA)
Box office$1.3 million

හිරුෂ කසුන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *