Huma Qureshi Hollywood Bollywood Actress

හුමා කුරේෂී…
Huma Qureshi..

Huma Qureshi unveils her character poster from Zack Snyder's Army Of The Dead : Bollywood News - Bollywood Hungama

බොලිවුඩයේ සිට හොලිවුඩ්ය ජය ගන්නා ලද තවත් අපුරුම දක්ෂතම රංගන ශිල්පිනියක් වන ඇය නමින් හුමා කුරේෂි විය.1986 වසරේ ජූලි මස 28 වන දින ඉන්දියාවේ නවදිල්ලියේ මුස්ලිම් පවුලක උපත ලැබීය. ඇගේ පියා සලීම් කුරේෂි අවන්හල් 10ක දාමයක් පවත්වාගෙන යන ආපනශාලා හිමිකරුවෙක් වන ඇගේ මව අමීනා කුරේෂි ගෘහණියකි. ඇයට රංගන ශිල්පි සාකිබ් සලීම් ඇතුළු සහෝදරයන් තිදෙනෙක් සිටී. කුරේෂි කුඩා කාලයේදී පවුල දකුණු දිල්ලියේ කල්කාජි වෙත පදිංචියට ගියේය. දිල්ලි විශ්ව විද්‍යාලයේ ගාර්ගි විද්‍යාලයේ ගෞරව උපාධිය සමඟ ඇය ඉතිහාසයේ උපාධිය සම්පූර්ණ කළාය. පසුව ඇය Act 1 නාට්‍ය කණ්ඩායමට බැඳී නාට්‍ය නිෂ්පාදන කිහිපයකම රඟපෑවාය. එන්. කේ. ශර්මා ඇගේ රංගන කාලය තුළ ඇගේ උපදේශකයා සහ රංගන ගුරුවරිය විය. ඇය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ වැඩ කර ඇති අතර වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියකට සහාය වී ඇත.

හුමා මුලින්ම සිනමාවට පා තබන්නේ 2012 වසරේ අනුරාග් කාශ්‍යප්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Gangs of Wasseypur හි පලමු කොටස සමගින්ය. මනෝජ් බජ්පායි, රිචා චඩ්ඩා, නවාසුඩින් සිද්දිකි හා පංකජ් ත්‍රීපාටි වැනි දක්ෂතම රංගන ශිල්පින් සමගින් එක්කල ඇයගේ රංගනය විචාරක ඇගයිමට ලක් විය. හොදම කුළුඳුල් රංගනය වෙනුවෙන් South Asian Rising Star Film, BIG Star Entertainment හි සම්මාන දිනාගන්නා අතර ෆිල්ම් ෆෙයාර්, Star Guild, ]Stardust හා Screen සම්මාන නිර්දේශ ලබා ගැනිමට සමත්විය. එම වසරේ තිරගතවු අනුරාග් කාශ්‍යප්ගේ Luv Shuv Tey Chicken Khurana සදහා ද ඇය රංගනයෙන් එක්විය. 2013 වසරේ නිර්මාණය වුන කන්නන් අයියර්ගේ Ek Thi Daayan ඉම්රාන් හාෂ්මි සමගින් රංගනයෙන් එක්වු අතර හොදම සහය රංගනය වෙනුවෙන් Screen සම්මාන නිර්දේශයක් දිනාගන්නා ලදි. එම වසරේ තිරගතවු නිඛිල් අද්වානිගේ නිර්මාණයක් වුන D-Day හි රංගනය වෙනුවෙන් ද හොදම සහය රංගනය වෙනුවෙන් Zee Cinema සම්මාන නිර්දේශ දිනාගන්නා ලදි. 2014 වසරේ තිරගතවු Dedh Ishqiya හි නස්රුඩින් ෂා, මධුරි ඩික්ෂිත් හා අර්ෂඩ් වාර්ෂි සමගින් රංගනයෙන් එක්වු අතර හොදම සහය රංගනය වෙනුවෙන් Stardust සම්මානයෙන් පිදුම් ලැබිය.

 

Varun Dhawan & Huma Qureshi's Scene | Bollywood Movie | Badlapur - YouTube2015 වසරේ නිෂ්පාදනය වුන තවත් විශිෂ්ඨම චිත්‍රපටයක් වන ශ්‍රීරාම් රාගවන්ගේ Badlapur හි වරුන් ධාවන් හා නවාසුඩින් සිද්දිකි සමගින් රංගනයෙන් එක්වු ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානක් වෙනුවෙන් නිර්දේශ විමට හැකිවිය. ඉන්දියානු රුපියල් කෝටි 16 පිරිවැයක් දාරා නිර්මාණය වුන අතර කෝටි 83 ආදයමක් උපයාගැනිමට සමත් විය. ඇය එම වසරේ දී මාරාටි සිනමාවට අවතිර්ණ වුයේ Highway චිත්‍රපට හරහාය. 2016 වසරේ මලයාලම් සිනමාවට අවතිර්ණ වුයේ සුපිරි තරුවක් වන මම්මූටි සමගින් White චිත්‍රපටය ඔස්සේය. 2017 වසරේ දී තිරගතවු සුභාෂ් කපුර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවු අක්ෂේ කුමාර් හා අන්නු කපූර්ගේ රංගනයෙන් හැඩවු Jolly LLB 2 සදහ ඇය එක් වු අතර එය ඉන්දියානු රුපියල් කෝටි 197 මුදලක් උපයාගැනිමට සමත් වුය. තම සොහොයුරා සමගින් රංගනයෙන් එක්වු Dobaara: See Your Evil චිත්‍රපට 2017 වසරේ දී ප්‍රදර්ශනය විය. ඇය දමිල සිනමාවට අවතිර්ණ වුයේ දැවැන්ත නිර්මාණයක් වන සුපිරි තරුවක් වන රජිණිකාන්ත්ගේ Kaala සිනමාපටයේ සහය චරිතයක් නිරුපණය කරමින්ය. 2021 වසරේ නිර්මාණය වුන දැවැන්ත සිනමාපටයක් වු සැක් ස්නයිඩර්ගේ Army of the Dead හරහා ඇයගේ හොලිවුඩ් ආගමනය සිදුවිය. සුපිරි තරුවක් වන අජිත් කුමාර් සමගින් Valimai හා සුපිරි තරුවක් වු අක්ෂේ කුමාර් සමගින් Bell Bottom යන සිනමා නිර්මාණයන් ඉදිරියේ තිරගත විමට නියමිතයි..

Valimai' still leaked, fans want an update now!

අපි බැලු චිත්‍රපටි  වෙනුවෙන් ……

ප්‍රබෝධ මධුශංඛ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *