Hum Dil De Chuke Sanam (1999) Hindi | Sinhala Article

Hum Dil De Chuke Sanam (1999) Hindi by Nayanathara Rajarathna

දෙහදක සිර වු ඇය අවසානයෙ සෑබෑ ආදරය සොයා ගත්තාද…?

සෑබෑ ආදරේ තිබෙන්නෙ ඇයගේ ආශවන් ඉශ්ට කරන්නට සැරසෙන සැමියා ළගද.. තම පෙම්වතිය එනකන් එක සිතින් මගබලාන සිටින පෙම්වතා ළගද.. මෙම කාරණය එකිනේකාට වෙනස් වෙන්න පුලුවන් , මෙ පිළිබඳ කල්පනා කරනකොටත් ඉතාම පැටලිලි සහගත ස්භාවයක් ඔබට එයි ,

නමුත් ඔබ සිතන තරම් එය එතරම් අපහසු ගැටලුවක් නොවෙ..

ආදරය කියන්නේ මොකද්ද කියලා ඔබට අවබෝධයක් තිබෙනවා නම් එයම ඇති ඔබට මෙ ගැටලුව විසදා ගැනිමට , නමුත් මෙම පැනය අවබෝධ කරගැනිමට නන්දිනිට නම් මදක් අපහසු උනා… 

මෙම කතාව මම කීප වාරයක් නැරඹුවත් අදටත් දුක හිතෙන එකම දෙය නම් සමීර්ට තිබු ආදරය නිසාම තම සැමියා කැටුව සමීර් සොයා පැමිණි නන්දිනි ඇයි අවසානයේ සමීර්ව ප්‍රතික්ශේප කලේ ..? ඇය දැනගත්තත් සැබැ ආදරය ඇත්තෙ ඇගෙ සැමියා ළඟ බව උනත් , ඇය මෙතරම් කලකට පසු සමීර් සොයා පැමිණ ආපහු හැරියාම සමීර්ට මොන වගෙ දැනෙයිද කියා ඇය සිතුවෙ නෑ… ඒය හරියට වෙන කෙනෙක්ගෙ වෙලා ඉන්නකොටත් ඔබවම ඔනේ කියා පැමිණ ඔබගේ සිතුවිලි අවුස්සා නැවත

නෑ මට ඔනෙ අරයව කියලා ගියා වගේ දෙයක්…

කෙසෙ නමුත් මෙය හරිම සුන්දර සිනමාපටයක් , මෙහි කතාව , පසුතල , ඇදුම් පැළඳුම් , සංගීතය ,ගීත මෙ සෑමදේම හරිම ලස්සන සිතුවමක් වගේ මට නම්.. විශේශයෙන්ම මෙහි ගීත අදටත් ඉතාම ජනප්‍රිය තැනක තිබිමම මෙම සිනමාපටයට ලොකු එළියක් එකතු කරනවා , එම නිසාම වෙන්න ඇති කොපමන කාලයක් ගිතත් මෙය අදටත් තරුණ මහලු පිරිස් අතර ප්‍රසිද්ධ , 

මෙහි මෙහෙම දෙයක් සිදු වෙනවා , මෙහි අවසානයේ පෙන්නුම් කරනවා නන්දිනිට තම දෙමව්පියන් සොයා දුන් මිනිසා ළඟ තමයි සැබෑ ආදරය තිබුනේ යන වග , නමුත් මෙය හැම ආදර කතාවකටම හරි යන්නේ නෑ… 

එයත් තෙරුම් අරන් මෙය නරඹන්න.. අවාසානය මට නම් එතරම් හොදක් නෑ.. මොකද සමීර්ගෙ හදවත බිඳුණු නිසා , මෙහි අවසානයේ මොවුන් තුන් දෙනාම සතුටින් සිටින විදිහට මෙය නිම කලා නම් හොදයි කියලා මට හිතුනා… කෙසෙ හෝ අවසානයේ නන්දිනිට සමුදුර තරණය කරන්නම උනා සෑබෑ ආදරය සොයා ගන්න ,

Release date: June 18, 1999 (India)
Distributed by: Eros International
Adapted from: It does not die
Story by: Pratap Karvat; Sanjay Leela Bhansali

නයනතාරා රාජරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *