Hrithik Roshan Indian Actor by Nayanathara Rajarathna
ඉන්දියාවෙ වෙසෙන ලොවක් වසග කර කඩවසම් හැඩකාරයා…………
ම්ම් ඇත්තටම කොහෙන් පටන් ගන්නද කියලා වත් සිතා ගත නොහැකි..ඒ තරමට ඔහු ගැන වර්ණනා පමණක් සිදුකල හැක මට නම්….
Hrithik Roshan ❤️
ගෑණු පිරිමි භේදයකින් තොරව සැවොම ආදරය කරන සැමදෙනාගෙන හදවත් දිනාගෙන සිටින කවදාවත් කෙදිනකවත් අමතක කල නොහැකි කෙනෙක් තමයි Hrithik Roshan කියන්නේ… මොහුගේ පළමු සිනමාපටයේ සිට මෑත කාලයේ සිදුකල සිනමාපටය වෙනකන් ප්‍රෙක්ශකයන්ගේ ආදරය අඩු වැඩි නොවි එකම ආකාරයෙක් පවත්වා ගන්නට තරම් මොහු වාසනාවන්තයි .. ඒ වගේම මොහුට ආදරය කරන කෙනෙක් නම් hrithik ගේ කිසිම සිනමාපටයක් අතපසු නොකර ඇති බවයි මන් නම් සිතන්නෙ…
Hrithik Roshan මොහු 1974 ජනවාරි 10 දින බොම්බායේ ඉතාමත් සුවශේශි පවුලක පුතු ලෙස උපත ලබා ඇති අතර රිතික්ගේ පියාගේ ආච්චි ඉරා රොෂාන් බෙංගාලි ජාතික කාන්තාවක් බවයි පැවසෙන්නෙ… ඒ වගේම ඔහුගේ පියා ඔබ කවුරුත් දන්න ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ රාකේෂ් රොෂාන් .. ඔහුගේ මව පිංකි නිෂ්පාදක සහ අධ්‍යක්ෂ J. Om Prakash ගේ දියණිය වෙනවා.. මං සිතන්නේ hrithik ගේ සිනමා ජිවිතය පටන් ගත්තේ පවුලෙන්මයි…
ඔහුට බොහො සේ මහන්සි වන්නට උනේ නැත මොකද ඔහුගේ පවුලම සිනමා පවුලක් නිසා.. ඔහුගේ මාමා වන රාජේෂ් සංගීත නිර්මාපකයෙක් වන අතර මොහුට වැඩිමහල් සොහොයුරියක්ද සිටි ඇය නම් සුනයිනා…
සමහර විට ඔබට සිතෙයි මොහු ඉතාමත් වාසනවන්තයි මොහු ඉපදුනේම සිනමා පවුලක..මොහු ඉපදුන දවසේ ඉදන් සතුටින් ඉන්න ඇති කියලා..නෑ..එය එහම උනේ නැ..
ඔහු කුඩා කාලයේ සිටම ඉතාමත් දුක්පීඩා විද තිබෙනවා ඔහුගේ ලෙඩ රෝග නිසා..
මොහු කුඩා කාලයේ ඉතාමත් හුදකලාවෙ ජිවත් විමටලු හුරු වි සිටියේ ඒ ඔහුගෙ අඩුපාඩු කම් ලොවෙන් වසන් කරගැනිමට…
ඔහු උපත ලැබුවේ ඔහුගේ දකුණු අතේ ඇති ඇඟිල්ලට අමතර මාපටැඟිල්ලක් බද්ධ කර කරගෙනම ..
එය ඔහුගේ සම වයසේ මිතුරන්ගෙන් සමහරක් ඔහුව මග හැරීමට හේතු වි ඇති බවයි පැවසෙන්නේ…. ඒ වගේම ඔහු වයස අවුරුදු හයේ සිට ගොත ගසා ඇත.. මෙය නිසා ඔහුට පාසැලේදී ගැටළු ඇති වු අතර වාචිකව සිදුකරන විවිධ පරීක්ෂණ මගහැරිමටමොහු අසනීපයන් මවා පෑමට පුරුදු වි සිට ඇත….
ඔබ කවදාවත් හිතුවද සුපර් ස්ටාර් Hrithik Roshan ට මෙවැනි ගැටළු තිබුනු බව…
මොහුගේ රගපැම වගේම මොහුගේ නර්තන හැකියාව නම් ඉතාම ඉහළයි.. මොහුගේ සෑම සිනමාපටයකම ඇති ගීත වල මොහුගේ නර්තනය හැකියාව වඩාත් ප්‍රබල ලෙස ප්‍රෙක්ශකයන්ගේ සිත් ඇද ගැනිමට සමත් වෙලා තිබෙනවා …
? ඔබට මතකද Bang Bang සිනමාපටය එහි තිබෙන ගීත වල Hrithik නර්තනයේ යෙදුන සෑම කොටසක්ම මට කවදාවත් අමතක වෙන්නේ නැ… එතරම් එය ඉතාමත් සිත්ගන්නා සුළුයි… ඉන්දියාවේ නළුවන් අතර රංගනය වගේම නර්තනය ද එක සමානව සිදු කරන්නේ Hrithik කියලයි මගේ අදහස නම්…
ඒ වගේම මොහු එකම චරිත වලට රංගනයෙන් දායක වි නැ… මොහු රගපැ චරිත එකකට එකක් වෙනස්…ඒ අතරින්
? Dhoom 2 (2006) හි මොහු සොරෙකුගේ චරිතයක් ද
?Jodhaa Akbar (2008) හි මොහු මෝගල් අධිරාජ්‍යයා අක්බර් යන චරිතයද
?Guzaarish (2010) හි මොහු quadriplegic චරිතයද
?Agneepath ශෝකයෙන් පලිගන්නා වීරයෙක්ගේ චරිතයද වැනි චරිත වලටද මොහු පණ දී ඇත… මේවා පමණක් නෙමෙයි ලියලා නිම කරන්න බැරි විශිෂ්ට සිනමාපට රැසක් මොහු සතුයි..
ඒ වගේම මොහු ඉන්දියාවේ වැඩිම වැටුප් ලබන නළුවන්ගේ ලැයිස්තුවේ සිටිනවා..එය නම් පුදුමයක් නොවෙයි…
ඒ මෙන්ම මොහු සම්මාන රැසකට වග කියලා තිබෙන එකත් පුදුමයක් නොවෙයි…
මේ වන විට ඔහු
ෆිල්ම්ෆෙයාර් සම්මාන 6 ද…
හොඳම නළුවා සඳහා සම්මාන 4 ද..
හොඳම මංගල සහ හොඳම නළුවා (විචාරකයින්) සඳහා එකක් බැගින් බොහෝ සම්මාන දිනා තිබෙනවා …
Hrithik කුඩා කාලයේ සිටම සිනමාවට සම්බන්ධව වැඩ කටයුතු සිදු කලත් මොහුගේ සිනමා ජිවිතයේ හැරයුම් ලක්ශ්‍යය වුනේ “කොයි මිල් ගයා ” කියන සිනමාපටය…
කොයි මිල් ගයා සිනමපටය ගැන මං මිට පෙර ඔබට ලිපියක් ලියා තිබුනා..එහි ඇති විශිෂ්ට බව නම් කියලා නිම කරන්නට නොහැකි…
Hrithik ගේ හැරවුම් ලක්ශ්‍යය මෙය නිසා අපි එය ගැන කතා කලම යුතුයි..
?කෝයි මිල් ගයා යනු 2003 දී එළිදැක්වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.. කතන්දරය හොලිවුඩ් චිත්‍රපටයක් වන “ET: Extraterrestrial” චිත්‍රපටයට සමාන වන අතර, එය “The Alien” චිත්‍රපටයෙන් ආනුභාව ලත් යැයි අනුමාන කෙරේ..මානසික ආබාධ සහිත පුද්ගලයෙකුගේ චරිතය රඟපෑම රිතික් රොෂාන් එය දීප්තිමත් ලෙස රඟ දක්වයි… මෙම චිත්‍රපටය 2003 දී විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් අතර එය වසර ගණනාවක හොඳම චිත්‍රපටයයි.. රිතික් රොෂාන් එක රැයකින් සුපිරි තරුවක් බවට මෙයින් පත් වි තිබෙනවා ..
ඒ වගේම මොහුට සයිඩන්හැම් විදුහලේ වාණිජ අංශයේ උපාධියක් ද තිබෙන බවයි පවසන්නේ… ඒ මෙන්ම මොහු සහා මොහුගේ පියා ඉතාමත් සුහදව දෙදෙනාම එකටම වැඩ කරපු ඉතාමත් සමගි යුවලක් ලෙසයි හඳුන්වන්නේ.. ඔහු ඔහුගේ පියාට චිත්‍රපට හතරක් සඳහා සහාය වි තිබෙනවා ඒවා නම් -Khudgarz (1987), King Uncle (1993), Karan Arjun (1995) සහ Koyla (1997) යන සිනමාපට .
මිට අමතරව මොහුට තෙරෙන කාලයේ සිටම ඔහු පියා සමග සිනමාවෙ වැඩ කටයුතු සිදුකල බවයි පවසන්නේ… ම්ට අමතරව ඔහු තම පියාට සහය වන අතරතුර කිෂෝර් නමිත් කපූර් යටතේ රංගනයද හදාරා තිබෙනවා …. මීට අමතරව ආධාර සමාගම් රැසක ප්‍රදනත්වය වගෙම බොහෝ මිනිසුන්ට උපකාර කිරිම් සිදු කල දාන පතියෙකු ලෙසත් මොහුව හදුන්වනවා..
Hrithik පවුල් ජිවිතය අඩාල වුවද.. ඔහුගේ බිරිඳ සමග වෙන් වුවත් ඔහු ඔහුගේ පුතාලා දෙන්නා සමග ඉතාමත් සතුටින් සිටින බවයි පවසන්නේ…
නමුත් අනෙකුත් නළුවන් මෙන් නැවත විවාහයක් ගැන සිතයිද කියන එක නම් රහසක්.. කෙසෙ නමුත් මොහු වගේ මිනිසෙක් නම් අප සිනමාවට අහිමි වෙන්න එපා යන්නයි ප්‍රෙක්ශකයන්ගේ එකම පැතුම.. ඒ වගේම වයස් භේදයකින් තෝරව සැමගේම සිත් දිනා සිටින මොහු තව චිරාත් කාලයක් සිනමාවෙ.. යෙහෙන් වැජබෙවා වගේම තව තවත් මොහුගේ සිනමාපට අපට නැරඹිමට උදා වෙවා යන්නයි අපගේ එකම පැතුම…..