Hridayam (2022) Malayalam | Sinhala Article

Hridayam (2022) Malayalam Ashini Randini

? Spoiler Alert ?

අභ්‍යවකාශයට ගිය ලොව ප්‍රථම පුද්ගලයා හැටියට ඉතිහාසගත වුනු යූරි ගගාරින් 1961 අවුරුද්දෙ අභ්‍යවකාශයට යන්න කලින් තමන්ගේ ආදරණීය බිරිඳ වැලන්ටිනාට මෙන්න මෙහෙම වදන් පේලි කිහිපයක් ලියල තිබුනා. ” මෙය සිහිනයක් වගේ. නමුත් මෙය දිනක ඉතිහාසයට එක් වනු ඇත. තව මොහොතකින් මගේ ගමන ආරම්භ කල යුතුයි. ඒත් ඊට සුලු මොහොතකට පෙර ඔබ එක්ක මදක් කාලය ගත කල හැකි නම්.කතා කරමින් හෝ සිටින්නට හැකි නම්. නමුත් ඔබ මගෙන් බොහෝ ඈතක ඉන්නෙ. එහෙත් මට දැනෙන්නේ ඔබ නිරතුරුවම මගෙ ලඟ ඉන්නව වගේමයි .❤️❤️❤️

සමහර මොහොතවල් අපේ ජීවිතයෙත් එනව මේක මෙහෙම උනා නම් කියල හිතෙන. අනේ මට තව ටිකක් මෙයා එක්ක කතා කරන්න තිබුනා නම්. අපි මේ තීරණය ගන්න ඉක්මන් උනේ නැත්නම් වගේ පසුතැවීමක් මිශ්‍ර වෙන මොහොතක් අපි හැම කෙනෙකුගෙම ජීවිත වල ඇති . සමහරවිට එක මොහොතට වඩා ඇති. ඒ වේලාවට අපි කරන්නේ ඒ ආදරණීය සොඳුරු නිතරඟයෙන්ම සිහියට නැගෙන මතක ඇස් දෙක පියාගෙන මතක් කරන එක.❤️

? අරුන් , කොලේජ් එකේ ෆස්ට් ඉයර් එකේදිම ඔයාට මම සමාව දුන්න නම් .. තාමත් අපි එහෙනම් එකට ඉඳීවි. දර්ශනා එහෙම කිව්වෙත් අර මම කිව්ව වගේ පසුතැවීම මිශ්‍ර වුනු මතක අවධි උනු අමුතුම හැඟීම දැනිලා.❤️

දර්ශනා මේක දෙපාරක් අරුන්ට කියනව.

පලවෙනි වතාවෙදි අරුන්ට දර්ශනාට දෙන්න උත්තරයක් අමුණගන්න බැරි උනා.

ඒත් දර්ශනා වෙනුවෙන් දෙන්න අරුන්ට දෙවෙනි වතාවෙ උත්තරයක් තිබුන. ඒ වෙනකොටත් අරුන්ගෙ ජීවිතේට ඒ උත්තරයත් අරන් වසන්තය උදා වෙලා තිබුනෙ. ❤️ ? ඔයාට ඕකට උත්තරේ ලැබෙන මොහොතක් ඉක්මනටම උදා වේවි දර්ශනා. එදා මට ඔයාට ඕකට දෙන්න පිලිතුරක් තිබ්බෙ නෑ . සමහර මොහොතවල් තියෙනව අපි ඇයි මේ ලෝකයේ ඉන්නෙ ඇයි අපි මේව කරන්නෙ ඇයි අපි මේ ජීවත් වෙන්නෙ කියල ප්‍රශ්නාර්ථ අපේ හදවතටම එල්ල වෙන.❤️ ඒත් එක දෙයක් තියේවි මොන දේ කලත් මොන දේ උනත් අපි ඒක වෙනුවෙන්ම ජීවත් වෙන්නම ඕනෙ කියල දැනෙන. එකම දෙයක් අපේම කියල දෙයක් අපි ට කවදාකහරි ලැබෙනව. ඒ වෙලාවට ඔයාටත් දැනේවි මේක තමා ඒ දේ කියල . ජීවිතයේ අපිට මුණගැහෙන හැම කෙනෙක්ම හැමදාමත් අපේ ජීවිතයේ අපි එක්ක ඉන්නව කියල නියමයක් නෑ. ඒත් එයාල නිසා ශේශ වෙන මතක ගොඩක් වටිනව. ❤️

අරුන් චෙන්නායි ඉඳන් ආයෙමත් යනකොට අරුන්ගෙ පපුවෙ ශේෂ උනු මතක එක්ක රිදුම් දෙන එකම පෑරිල්ල උනේ දර්ශනා.❤️

පුංචි අතපසුවීමකින් පුංචි අත්වැරදීමකින් ඒ පෑරිල්ල සදාකාලික වේදනාවක් උනාට වර්ණවත් මායාවක් වගේ අරුන්ගෙ ජීවිතේට ආදරෙත් අරන් පායපු මායාට වඩා අරුන්ට හැමදාම වැදගත් උනේ අර වේදනාව . දර්ශනා නිසා ලයේ ඉතුරු උනු කකියවන පෑරිල්ල.

? අරුන් දර්ශනාට ඔයා කලින් ආදරේ කලා වගේ ඔයා මට කවදාකහරි ආදරේ කලාද ?  දර්ශනා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙවෙනි වතාවට හරි අරුන් ලඟ තිබුනට මම හිතන්නෙ නෑ මාය අහපු මේ ප්‍රශ්නෙට අරුන්ට දෙන්න පිලිතුරක් ඇති කියල . ❤️ ජෝජ්ගෙ ජීවිතේට ආපු මලර් වගේ අරුන් දැකපු පලවෙනි මොහොතෙම ආදරේ හිතුනු දර්ශනාත් අරුන්ට එතකොට වටිනව ඇති. ජෝජ්ගෙ රිදුම උනෙත් මලර්. අරුන්ගෙ රිදුම උනෙත් දර්ශනා මිසක් මායා නෙමෙයි.❤️

උද්‍යානයක රෝස ගස් වල රෝස මලක් පර වෙලා ගියාට ආයෙමත් පහුවදාට ලස්සනට පිපෙනව . සුවඳ හමන මල් හුඟාක් පිපෙනව. මලක් මුකුලිත උනු රෝස ගහක ආයෙමත් කලින්ටත් වඩා ලස්සනට විකසිත උනු රෝස මලක් වගේ අරුන්ගෙ ජීවිතේ පිපිලා වසන්තය ගෙනාවේ නිත්‍යා. දර්ශනාගෙන් පටන් ගත්තු පෑරිල්ල ටික ටික සුවපත් කලේ නිත්‍යා. ඒක රිප්ලේස්මන්ට් එකක් කියනවට වඩා මට අනුව නම් රිෆ්‍රෙශ්මන්ට් එකක්. ❤️

අරුන්ගෙ ජීවිතේට ආයෙමත් පණනල ලැබුනෙ නිත්‍යා නිසා.

? අනේ දෙයියනේ මේකව මටම දුන්නට ස්තූතී, නිත්‍යා එහෙම කිව්වෙ අර දර්ශනා සමාව නොදුන්නු අරුන්ට. හැම මනුස්සයකුගෙම ජීවිතේ දුර්වලකම් තියෙනවා. වැරදි සිද්ධ වෙන එකත් මේ පරිණාමය උනු මනුස්ස ජීවින්ගෙ සාමාන්‍ය පොදු ලක්ශනයක් . ❤️ කාලෙන් කාලෙට අලුත් දේ ජීවිත ඇතුලෙ සිද්ධ වෙලා විවිධ පුද්ගලයො ජීවිතේට ඇතුලු වෙනව. සමහරු නොකියම යන්න යනව. සමහරු කියලම යන්න යනව. සමහරු අනවසරයෙන් ඇතුලු වෙලා සදහටම ජීවත් වෙනව. මේවා තීරණය වෙන්නෙත් ජීවිතයට ඕනෙ වෙන විදියට.❤️ ඒ හැම මතකයක් අතරෙම කවදාවත් අමතක කරන්න බැරි වේදනා එක්ක ආදරෙත් මුහු කරපු මතකත් අපිට තියෙනව. හරියට අරුන්ට සෙල්වා දුන්නු මතක වගේ.❤️

අරුන් තමන්ට දාව උපන්නු පුංචි පැටියට නම තියන්නෙත් සෙල්වා කියල . ඒ ආත්මීය සංසාරික බැඳීමක් සෙල්වා එක්ක තිබුන නිසා.

මතක වේදනා පෑරිලි ආදරයේම කොටසක්. මේ ඔක්කොම ජීවිතයේම කොටසක්. සමහර වෙලාවලට අපි අකමැත්තෙන් උනත් සමහර පුද්ගලයන්ට යන්න දෙන්න සිද්ධවෙනව. කැමැත්තෙන් හිටියත් දෛවයේ තීරණයක් නිසා ඒ පුද්ගලයන්ට අපේ ජීවිතෙන් යන්න වෙන මොහොතවලුත් එනව. ❤️ අපි හැමෝම විවිධ අවස්ථාවන් වල දර්ශනා වෙලා ඇති. අරුන්ලව මුණගැහිලත් ඇති. මායා වෙලාත් ඇති . නිත්‍යා කෙනෙක් හමුවෙනකල් බලාගෙන ඉඳලත් ඇති.❤️

ඒත් අවසානයේ මේ හැමදේම මැද්දෙන් හැමෝටම තමන්ව හොයාගන්න පුලුවන් වෙන මොහොතකුත් උදා වේවි.❤️

අරුන් තමන්ව හොයාගත්තෙ කැම්පස් එකෙන්. එතකොට ඔබ ? මම ? ….

හොඳ හුස්මක් අරන් ආයෙමත් ජීවිතේ දිහා බලල හිතන්න . වැරදුනු තැනුත් හමු වේවි. පසුතැවීම් එක්ක හැලහැප්පීම් එක්ක ජීවිතේ විඳිය යුතු තැනුත් අනිවාර්යයෙන්ම හමු වේවි.ඒ අතරේ ආදරය එක්කම තමන්ට තමන්වත් හමු වෙන මොහොතක් ඇත්තටම ඒවි.❤️

Release date: January 21, 2022 (India)
Produced by: Visakh Subramaniam
Production companies: Merryland Cinemas; Big Bang Entertainments
Distributed by: Merryland Studio

අශිනි රන්දිනි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *