Home (2021) Malayalam | Sinhala Article

?️ Home (2021) Malayalam by Arul Keerthanan

මානව සමාජයේ ඇති වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක් වී ඇත්තේ familia යන ලතින් පදය ඇසුරෙනි. රෝම සමාජයේ familia ලෙස හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි. එනම් වූ පවුලක් පැවතීමට නම් නිවසක්, වාසස්ථානයක් අත්‍යාවශ්‍ය සාධකයකි. නිවසක් යනු එක් අයෙක් හෝ බොහෝ දෙනෙකු ස්ථීර හෝ අර්ධ ස්ථීර වාසස්ථානයක් ලෙස භාවිතා කරන අවකාශයකි.

ලෝකයේ ජීවය ස්ථාපිත වීමත් සමඟ නොයෙක්වූ ජීවීන් වර්ධනය වන්නට විය. ඔහුන් තම පැටවුන් අව්ව, වැස්ස යනාදී ස්වභාවික විපර්‍යාසයන්ගෙන්ද, හානි පමුණුවන සතුන්ගෙන් ආරක්ෂා වීම තකා ඔහුනොවුන්ට ආවේනිකවූ කැදලි තනා ජීවත් වන්නට විය. මානව පරිණාමයෙන් පසු ඔහුන්ද නොයෙකුත් ආකාරයෙන් නිවාස තනන්නට විය. ගල් ගුහා, ගස්කොළන්, සත්ව ලෝම යනාදි දෑ භාවිත කර කාලයා ඇවෑමෙන් වර්ධනය වූ මිනිසා පහසුකම් සපිරි නිවාස ගොඩනඟන්නට විය. කාලයක් තිස්සේ වෙනස්කම් රාශියකට මුහුණපාමින් අද වනතුරු මිනිසාට තවත් ගැලපෙන, ජීවත් වීමට පහසු අන්දමින් නිවාස තනයි.

නිවසක් හුදෙක් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට පමණද අවශ්‍ය? නැත
නිවසක් යනු පවුලක ජීවනාලිය කිව්වොත් නිවැරදියි. පවුලේ ජීවත් වන්නන් දවස අවසානයේ තම දුක සැප බෙදාගන්නා තෝතැන්නකි. ආදරය, රැකවරණය, සෙනෙහස, සතුට සපිරි ස්ථානයකි. එවන් වූ නිවසක් පිළිබඳව මලයාලම් මායාවෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් තමා ???? කියන්නේ. එන්න මා සමඟ චිත්‍රපටයට ඇතුළට ගොස් විමසා බලමු.

වසර ගණනාවක් පුරා පැවත ආ පවුල පිළිබඳ නිර්වචනය විශාල ලෙස වෙනස් වීමක් දක්නට ඇත. දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් තම අදහස්, ප්‍රශ්න බෙදාහදා ගැනිමේ ගතිකත්වයක් දක්නට ලැබේ. තම දෛනික වැඩකටයුතු අවසන් කොට සියල්ලෝම එකට මුණගැසෙන සංදිස්ථනය වන නිවස පිළිබඳව රොජින් තෝමස් විසින් රචනා කරන ලද මෙම කතාවේ පියා නිශ්ශබ්දව කටයුතු කරන්නෙකි. ඔහු තම බිරිඳ සමඟ සහයෝගීව සියලුම වැඩ කටයුතු සිදු කරනා ආදරණීය පුද්ගලයෙකි. මවද තම භූමිකාව හරියාකාරව සිදුකරන්නීය. වයෝවෘද්ධ මී මුත්තෙකු, සහ පුතුන් දෙදෙනුකුද සිටියි. වැඩිමහල් පුතුගෙ සිහිනය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වීමයි. බාලයාසෙල්ලක්කාර ජීවිතයකට ලොල් වූවෙකි.

ඉතින් මේ කතාවේ වීරයා ලෙස රොජින් තෝර ගන්නේ ඔලිවර් ට්විස්ට් නැමැති මෙම කතාවේ තාත්තවයි. චිත්‍රපටය පුරාවට ඉදිරි දර්ශන ඔහුගේ වන අතර ඔහු වටා සිදුවන සිද්දින් පාදක කොට කතාව ගලාගෙන යයි. ඔහුගේ බාල පුත් චාල්ස් යෞවන අවධියේ පසුවන තමා ගැන පමණක් සිතන, දක්ෂ, මදක් කම්මැලි මිනිසෙක් වුවද දෙමාපියන්ට තරමක් සමීප ය. වැඩිමහලා ඇන්ටනි සිනමාකරුවෙකු වීමේ සිහිනෙන් අහංකාරකම, සහ තරමක් උඬගු ගතියෙන් යුත්, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඇති ගැටළු ගැන සිතමින් අන් අය පිළිබඳව අවධානය යොමු නොකරන අයෙකි. ඔහුට මෘදු වූ හැගීම් තිබුණද, නමුත් අහංකාර පැත්ත අභිබවා යයි.

කිසිවක් හොඳාකාරයෙන් නොදකින පුතු ඇන්ටනි හා ඔලිවර්ට මිතුරෙකු මෙන් ආශ්‍රය කිරීමට උවමනා වේ. නමුත් එය ඔලිවර් සිතනවාට වඩා අමාරු කාර්‍ය්යකි. නව තාක්‍ෂණය, හරියටම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතය ඉගෙන ගැනීමට කැමති වයසක මිනිසෙකු වන ඔහු සතුව තිබුනෙ සාමාන්‍ය කුඩා ජංගම දුරකතනයකි. ඔහුට එය බාහිර ලෝකය ආ සසඳන කල තරම ගැලපෙන බව දැනෙනට ඇති. නිවසක් යනු අප දැක ඇති හෝ සමහර විට අප ජීවත් පවුල නිරූපණය කරන චිත්‍රයකි. චරිත අප අවට සිටින මිනිසුන් ය, ඔවුන්ගේ ගැටළු සහ අරගල සැබෑ ය, ඔවුන්ගේ විසඳුම් ද එසේමය.

තම වැඩිමහල් පුතු නිවසට ආ දා පටන් ඔහු හා සමීප සබඳතාවක් ගොඩනැගීමට උත්සහ කරද, ඔහු තම පියා තඹදොයිතුවකටවත් ගනන් නොගැනීම ප්‍රේක්ෂකයෙකු වශයෙන් මට ප්‍රබලව දැනුනි. ඔලිවර් ට්විස්ට් තම පුතු ඔහුගේ උගත් මාමණ්ඩියට ලබා දෙන පිළිගැනීම ඔහුට ලබා දීමට ආශා කරයි. නමුත් එය ලබා නොදීම ගැන ඔලිවර් කිසි විටෙකත් ඇන්ටනි කෙරෙහි කෝපයට පත් නොවේ.

තමා කෙසේ හො පුතු ආඩම්බර වන පරිදි ජීවත් විය යුතු බව සිතේ දරා ඔලිවර් බොහෝ දේ ඉගෙන ගනි. අහඹු ලෙස මුණගැහෙන්නන්, ඔලිවර්ගෙ සුබසෙත උදෙසා කටයුතු කරන අතර ඔහු පිටුපස සිට එයට සහයෝගය ලබා දෙයි. ජීවිතය කුමක්ද යන වග නැවත අධ්‍යනයේ යෙදුන ඔලිවර් කෙටි කාලයක් තුල බොහෝ දේ ඉගෙන ගනී.

අවසානයේ නෙතට කඳුලු ඉනූවේ එදා තම පුතුට කියූ අතීත කතාව ඇන්ටනී විශ්වාස නොකරද එය සත්‍යක් වූ බවට ඔහු මෙන්ම අප සියලු දෙනාද දැනගත් අවස්ථවේදිය. මිනිසත්කම කුමක්ද යනවග ඔබ අපි සියල්ලෝම ඔලිවර්ගෙන් ඉගෙනගත යුතුය.

ආදරය, ආශාව, බලාපොරොත්තු, විශ්වාසය සහ පිළිගැනීම යනාදිය කතාවේ ශක්තිය වැඩි කිරීමට ලේඛකයා තියුණු ආයුධක් කරගෙන ඇත. ස්මාර්ට් ජංගම දුරකතනයට ඇබ්බැහි වීම, වැඩ රාජකාරි හේතුවෙන් සමීපතයන් පිළිබදව සොයාබැලීමට නොහැකි වීම, සියල්ලන්ට සමව නොසැලකීම ආදිය ගැන ???? හරහා කතා කරයි.

“තැවෙන සිත් නිවාලීමට, මොහොතක් නිදහස් වී කතා කරන්න.
අපට එය හුදෙක් වචන වුවාට, ඔහුන් ඒ සදහා කාලයක් තිස්සේ බලා සිටින්නට ඇති.!!” ❤️

Initial releaseAugust 19, 2021

අරුල් කීර්තනන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *