සුපිරි තරු සහ පහර කන කොමඩිය
කුලය වර්ණය පන්තිය ආගමෙන් වැසුණු ඉන්දියානු පොදු ජන සිනමා රසිකත්වය තුල සුපිරි තරු සහ ඔවුන්ගේ කම්මුල් පහර වලට ලක් වන හාස්‍ය ජනනය කරන රංගන ශිල්පීන් මමත් ඔබත් කොතෙක් නම් දැක ඇත් ද…..
ඇත්තටම ඇයි එහෙම පහර දෙන්නෙ?පහර කෑම තුල ප්‍රේක්ෂකයා ලබන පරපීඩක කාම රසය පමණට වඩා වැඩි නොවේද …?
ජනප්‍රිය සුපිරි තරු විෂයෙහි ,ශරීරය තරමක් වර්ණය සුදට හුරු ශක්තිමත් ප්‍රධාන නලුවෙකු සමග රංගනයේ යෙදෙන,සිනමා පටය පුරාවටම පොදු ජන හාස්‍ය රසයන් උත්පාදනය කරන අඳුරු සමක් සහිත හාස්‍යරූපී නලුවාට නිතර පහර දීම ඉතා ජුගුප්සා ජනක දර්ශණයක් නොවේද…?
කම්මුල් පහරවල් එකිනෙක විඳ සිනමාපටයක් උදෙසා ලබා දෙන්න උත්සහ කරනුයේ කිනම් රසයක්ද තීරණය කිරිමෙහි ලා ප්‍රේක්ෂක අයිතිය පවා දුර්වල කරමින් ප්‍රේක්ෂකයා ද ඒ කම්මුල් පහර තුල පරමානන්දයක් ලබන බව නිසැකය..
ඉන්දීය සිනමා තොටිල්ලේ පැද්දෙන කුල ගෝත්‍ර වර්ණවාදී හුදු දේශපාලන ගැටුම් හා මනුශ්‍ය ඝාතනය තුල මෙන්ම ඒ පිලිබඳව කතිකාවත් නිර්මාණය කරන්නා වූ සිනමා නිර්මාණ තුල පවා තම සගයාට කම්මුල් පහර හෝ නොයෙක් තාඩන පීඩන එල්ල කරමින් උමතු රසිකයා ,වීරයාගේ ඕනෑම ක්‍රියාවකින් අමන්දානන්දයට පත් කිරීමත් තෘප්තිමත් වීමත් එකතරා ගෝත්‍රික ලක්ශණයක් බව අප තරයේ සිහිපත් කල යුතු කරුණක්..
එයා සුපිරි තරුවක්.එයාගෙන් කම්මුල් පාරක් කෑවම මොකො ? එවැනි මානසිකත්වයකින් ප්‍රේක්ෂකයා ඉල්ලනු ඇතැයි සිතා සිනමාව නිර්මාණකරුවා පෝෂණය කිරීම….. සැබෑම ප්‍රේක්ෂක අවශ්‍යතාවක්ද?
සිනමා නිර්මාණයට වඩා ඉදිරියෙන් ප්‍රේක්ෂකාගරය සැමදා පවතීවී…….එනිසා කැත කැත ලෙසම පවත්වාගෙන යා යුතු නැත.