Hellaro (2019) Gujarati by Mmp Ranaweera
කෙල්ලනේ වරෙව් නටන්න….❤️ උන් නැටුවේ උඹලා වෙනුවෙන්… ❤
වර්ෂ 1975 දී ඉන්දිරා ගාන්ධිගේ පාලන සමයේ ඇති වූ භීෂනකාරී සමයයේදී ඒ කරදර අතරතුර එරට මිනිසුන්ට නියගයෙන්ද පීඩා විදින්නට සිදුවනවා. ඒ වූ සමයේ මධ්‍යම සහ දකුණු ගුජරාට ප්‍රාන්තවල වසර කිහිපයක් පැවති නියගය නිමා වන්නේ දුර්ගා මෑනියන් හට කන්නලව් කරමින් ගර්බා නැටූ ගැහැනුන් පිරිසක් නිසා බව අදටත් ඒ මිනිසුන්විශ්වාස කරනවා..
මේ ජනප්‍රවාද කතාවට අනුව එතෙක් ගුජරාටයේ Kutch නම් කුඩා කර්කෂකාෂ්ඨක ගම්මානයේ දේව මාතාවට කන්නලව් කරමින් ගර්බා නැටුවේත් ඇගේ ආත්මය ආරූඩ වූවේත් පිරිමින්ට් පමනයි.. ගර්බා යනු ඔවුන්ගේ භාෂාවෙන් ගර්භාෂයයි. ඒ අනුව ගර්බා නැටුම් ශෛලියේ හැඩ තල නිර්මාණය වී ඇත්තේ මව් කුසේ සිටින දරුවන්ගේ චලබ රටාවන් අනුව. මෙය නැටිය යුතු වූවේ ගැහැනුන් පමනයි. පිරිමින්ට අයිති කාර්ය වූවේ තාලයට ධෝලය වැයීම පමනයි. නමුත් මේ ගමේ ගර්බා නටන්නේ පිරිමින්..ඔවුන් සිතුවේ ගැහැනුන් නැටීම දේව සාපයක් බවයි. කෙතරම් විහිලුවක් ද.. ඉතින් වැස්සක් වහීවිද…
නමුත් මේ වැස්සත් සමග ගමට නගරයෙන් පැමිනි එක් සුරූපී විවාහක තරුණියකට දුර්ඝා මෑනියන් ආරූඩ වූ බව එගම් වැසියන් විශ්වාආකරනවා..එතෙක් ගැහැනුන්ට මේ ගමේ පිරිමින් සැලකුවේ අන්තිම පහත් අයුරින් ගැහැනියගේ කාර්ය ගේදොර වැඩ කරමින් දරුවන් වැදීම පමනක් බවයි ඔවුන් සිතුවේ. ගැහැනුන් සතුටු සාමිච්චියේ සහ කෙලිකවටකම් කරන්නට ලැබුනේ දුර්භික්ෂය නිසා වතුර ගෙන එන්නට දොලටකට යන ගමන් මගේදී පමනයි. නමුත් මේ සියළුම දුග්ගැහැට බිද දමමින් එකට එක් වන මේ ගැහැණුන් අවසානයේ අලුගසා දමමින් තම බලය නුත්යලාලිත්යෙන්ම පතුරුවන්නේ හරි අපූරු විදිහටයි.
මේ ඔවුන්ගේ අහිංසක අරගලයේ කතාවයි..
මංජරී. ඇය සුරූපී වගේම නාගරික පරිසරයක හැදුන 7වසර තෙක් පාසැල් ගිය අකුරු සාස්ත්‍රය හොදින් දන්න ගමට ආපු අලුත් මනමාලියක්. සුපුරුදු ලෙස අනික් කෙල්ලන්ට මෙන් ඇයට සැමියා සමග යහන් ගතවීම , වතුර ගෙන ඒමට දොලට යෑම.ආදී පිරිමින් විසින් පැනවූ නීති මාලාවකට නතුවන්නට සිදුවනවා නමුත් ඇය මේ නීති මාලාවේ සිරවන්නේ නෑ.. දොලට යන අතර තුර ඇය මේ ගමේ හැගීම්.සිරවී සිටි ලදුන් හා කුළුපග වනවා.. අවසානයේ නොසිතූ දිනෙක නොසිතූ අයුරින් ඔවුන්ගේ ගමන් මගේ පිපාසිතව වැටී සිටින බෙරවායෙකු හමුවන මේ ගැහැණුන්ට ඔවුන්ගේ සිරවී තිබු හැකියාවත් ආශාවත් එළියට ගන්නට භාග්‍යක් හිමි වනවා..
අනික් ගැහැනුන්ගේ විරෝධය පිට ඔහුට දියපොදක් දී ජීවිත ධානය දෙන මංජරී වෙනුවෙන් ඔහු ඇයට කෘතගුණ සලකන්නේ ඔහු අත ඇති ධෝලය වාදනය කරමින්.මෙතුවාක් කාලයක් නීති පනවා නටන්නට තහනම් වූ ගර්බා නැටුම් ධෝලයේ පදයට නැටවෙන්නේ ඔවුන්ද නොසිතූ ලෙසටයි. පිටත ලෝකයේ නිදහස සමරමින් වසර ගනනක් මෝසම් වැසි වලට දුර්ගා මෑනියන් වෙනුවෙන් නටන්නට බැරි උන මේ ගැහැනුන් නිදහස සිතූ සේ සැමරුවේ ඉතාමත් සතුටින්..
කෙල්ලෝ නැටුවා වගේ නෙවෙයි. නැටුම සාපයක් උනොත් මොන විපැත්තියක් වේවිද කියන දැඩි බයෙන් ඔවුන් නිවසට යන අතර පසුව දා ආරංචි වන්නේ ගමේ මළදරු උපතක් සිදුවුන බවකුයි.. දෙවියනේ සාපය වැදුනවත් ද. ??
සාපය වැදුනද නැද්ද කියලානම් කියන්නෑ.. හැබැයි සතුටින් අවසන් වන මේ අපූරු කතාව අනිවාර්යයෙන් ඔබ බැලිය යුතුම කතාවක් වගනම් කිව යුතුමයි.
Hellaro (2019) නම් වූ මේ සළරුව කුජරාටියෙන් අපට පුද දුන් අපූරු තිලිනයක්. මෙහි අධ්‍යක්ෂණයෙන් සහ සම තිර රචනයෙන් අභිෂේක් ශාහ්ගේ පළමු සිනමාආගමනය සටහන් වී තිබුනා. ඒ වගේම මෙහි අපූරු නැටුම් කිහිපයක් වගේම ගීත සහ සංගීතයද ඉතාමත් මියුරු සහ ප්‍රශන්සනීයයි Mehul Surti මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබුනා. ඒ වගේම මෙහි ගර්බා නැටුම් හරිම ආකර්ශනීයයි. ඒ වගේම මෙම චිත්‍රපටය ඉන්දියාවේ ජාතික චිත්‍රපට සම්මාන උලෙලකින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ජයග්‍රහණය කළ පළමුගුජරාටි චිත්‍රපටයද වනවා. ඒ විතරක් නෙවෙයි ජූරියේ විශේෂ ඇගයීමක් විදිහට මෙහි රගපෑ නිළියන් 13දෙනා හට ගෞරව සම්මානද හිමිවන අතර චිත්‍රපටිය නැරඹුවෝතින් එය කෙතරම් සාධාරනද යන්න ඔබටම හැගේවි..
ඇතතටම ලස්සන චිත්‍රපටියක්.. මග නොහැර නරඹන්න.