HELEN (2019) Malayalam | Sinhala Article

HELEN (2019) Malayalam by Himashi Indrachapa


◾ හෙලන්
◾ THRILLER / DRAMA
◾ 7.7/10 IMDB
◆ ▬▬▬ ❴✪❵ ▬▬▬ ◆

“ කිසි කෙනෙක් අපිව මතක තියා ගන්නෙ නැති එකේ,
කවුරුහරි අපිව මතක තියා ගත්තොත්,
අපිට ඒ කෙනාගේ මූණ කවදාවත් අමතක වෙන්නෙ නෑ නේද සර්?

ඇත්තටම අද කාලේ මිනිස්සුන්ට උගන්වන්න ඕන මුහුණු දිහා බලාගෙන ඇවිදින්න, බිම බලාගෙන ඇවිදිනව වෙනුවට. “

හෙලන්ට අවුරුදු 25 යි. හෙද උපාධිධාරිනියක්. ඉන්දියාවේ හෙදියන්ට ගෙවන වැටුප අඩුයි කියලා කැනඩා යන්න තමයි ඇය ලෑස්ති වෙන්නේ. එතකන් රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරනවා.තාත්තා එක්ක තමයි හෙලන් ජීවත් වෙන්නේ. පෙම්වතාගේ නම් අසාර්. මුස්ලිම් කොල්ලෙක්.හෙලන්ගේ තාත්තා දන් නෑ මේ සම්බන්දේ ගැන.

ඒත් දවසක් ⁣⁣දෙන්නත් එක්ක රෑ බයික් එකෙන් එද්දි හෙල්මට් නෑ කියල පොලිසියෙන් මේ දෙන්නව නවත්වනවා. ඒ සිද්ධිය එතන ඉන්න එපාම කරපු චරිතයක් තියෙන පොලිස්කාරයෙක් දුරදිග යවනවා. ඒ මදිවට මේ මිනිහා හෙලන්ගේ තාත්තාටත් කතා කරනවා. ඉතින් එදා රෑ තාත්තා දැනගන්නවා අසාර්ගෙයි හෙලන්ගෙයි සම්බන්දේ ගැන. ඒ වේලාවේ ඉඳලා තාත්තා හෙලන්ගේ මූණවත් බලන් නෑ. මේ ගැන හෙලන් ගොඩක් දුකින් ඉන්නේ. ඒ නිසා ඇය ඊට පහුවදා වැඩ ඇරිලා ගෙදර යන්න අදිමදි කරනවා. හෙලන් ටික ටික පරක්කු වෙද්දි තාත්තා හෙලන්ව හොයන්න ගන්නවා. ඒත් ඇත්තටම හෙලන්ට ගෙදර එන්න බැරි වෙන්නේ වෙන කරදරයක් නිසා.

ඉතින් මොකක් ද හෙලන්ට වුණේ ? ඇයි හෙලන් ගෙදර ආවේ නැත්තේ ? අසාර්ගෙයි හෙලන්ගෙයි ආදරේට මොකක් ද වුණේ අන්තිමට ?

හරිම ලස්සන සරල කතාවක්. මහ ලොකු කතාවක් නෑ මේක ඇතුළේ. ඒත් ඒ පොඩි කතාව ඇතුළේ ලොකු පණිවිඩයක් දෙනවා සමාජයට. ඒ තමයි අද නැතිම දේ. මිත්‍රශීලිත්වය.තාක්ෂණීකරණය වෙන සමා⁣ජයේ අපට කෙනෙක් දිහා බලල කතා කරන්වත් වෙලාවක් නෑ. ඒත් හෙලන් එහෙම නෑ. ඇයට හම්බෙන හැමෝටම ඇය එක හිනාවකින් හරි සංග්‍රහ කරන්න අමතක කරන් නෑ. ඉතින් හෙලන්ගේ ඒ එක හිනාවක් නිසා තමයි ඇගේ ජීවිතේ බේරුණේ.ඇයත් නොහිතන්න ඇති ඇගේ ඒ මනුස්සකම ඇයට පෙරළා උදව් කරාවි කියලා.

” Kumblaangi Nights “ එකේ පුංචි ⁣කෙල්ල බේබි තමයි මේකේ අපේ හෙලන්.ඇය නමින් ඇනා බෙන්. ඊට අමතරව හෙලන්ගේ තාත්තා විදියට ලාලුත්, අසාර් ලෙස නොබෙල් බාබු තෝමසුත් රංගනයේ යෙදදෙනවා. ඊට අමතරව අජු වාගීෂ් තමයි හෙලන්වයි, අසාර්වයි තාත්තාට අල්ලලා දෙන අර එපා කරපු පොලිස් නිලධාරියාට පණ පොවන්නේ. ඔහුගේ චරිතයනම් චිත්‍රපටිය පුරාවටම මහා එපාම කරපු චරිතයක් වේවි මේක බලනකොට.

අපි ආදරය කරන ” Hrdiyam ” අධ්‍යක්ෂක විනිත් ශ්‍රී නිවාසන් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නේ. ඔහු මේකේ පොඩි චරිතයකටත් රඟපානවා. පොඩි චරිතයක් වුණාට කතාව ඇතුළේ ⁣වැදගත් මෙහෙයක් ඉටු කරන චරිතයක්. මෙහි අධ්‍යක්ෂක තමයි Mathukutty Xavier. ශාන් රහමාන්ගේ සංගීතය චිත්‍රපටයේ අපූර්වත්වය තවත් වැඩි කරලා තියෙනවා කියලා කිවුවොත් නිවැරදයි.

ඉතින් බලලා නැත්නම් බලන්න.මේක හරිම ලස්සන ආදරණීය කතාවක්. හැබැයි මේක හරිම සීතල කතාවක් හොඳේ….

Release date: November 28, 2019 (United Arab Emirates)
Produced by: Vineeth Sreenivasan
Production companies: Habit of Life; Big Bang Entertainments
Cinematography: Anend C. Chandran
Download
Subtitle Download

හිමාෂි ඉන්ද්‍රචාපා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *