Haseen Dillruba (2021) Hindi | Sinhala Article

Haseen Dillruba (2021) Hindi

(हसीन दिलरुबा)

87% liked this film Google users

Spoiler Alert!

Haseen Dillruba 2021 Hindi 720p HDRip - ExtraMoviesලෝකේ තිබෙන අපහසුම සහ සංකීර්ණතම කාර්යක් මිනිස් හිත කියවීම. විටෙක අපට අපවත් හඳුනාගත නොහැකි අවස්ථාවන් තුල, අනෙකා පිලිබඳ කවර කතාද. විශේෂයෙන්ම අප සමාජය තුල ගැවසෙද්දී විවිදාකාර චරිත අපට මුණගැසෙනවා. නමුත් එම නන්නාදුනන චරිතයන්ට වඩා, අප සමීපතයින් ලෙස සලකන බහුතරයක් දෙනා පිලිබඳ ඔබෙත් මගෙත් දැනුවත්භාවය කෙතරම්ද?. එය සැබවින්ම පිළිතුරු ලබා දීමට අපහසු පැණයක්. Haseen Dillruba චිත්‍රපටය තුල ඇති සංකීර්ණ චරිත දුටු විට, සැබවින්ම දනුණේ මෙවැනි අදහසක්. Haseen Dillruba විශිෂ්ට ගණයේ Crime Thriller චිත්‍රපටයක් නොවුනත්, මාගේ මතය අනුව ඔබේ අවධානය හිමිවිය යුතු චිත්‍රපටයක්.

චිත්‍රපටය ආරම්භ වන්නේ මෙහි ප්‍රධාන චරිතයක මරණයක් අඟවමින්. මෙයට සැක පිට ප්‍රශ්න කිරීමට ලක්‌ වන්නේ රාණි නම් තරුණියක්. මියගොස් ඇත්තේ ඇගේ සැමියා බවටයි මෙහි ආරම්භය අපට සඳහන් කරන්නේ. රාණි ඇගේ කතාව පොලිස් ප්‍රශ්න කිරීම් තුලදී පවසනවා. රිශාබ් නොහොත් රිශු තම දෙමාපියන්ගේ බල කිරීම මත විවාහයට සුදානම් වන තරුණයෙක්. ඔහු යෝජිත විවාහයක් හරහා විවාහ වීමට සුදානම් වන්නේ රාණි නම් තරුණියක් සමගයි. රිශු යනු දැඩි ලෙස ලැජ්ජාශීලී තරුණයෙක්. රාණි යනු රූමත් සහ සමාජශීලී චරිතයක්. රිශු සහ රාණිගේ චරිතයන් අප සංසන්දනය කලොත්, ඔවුන් දෙපල අතර අහස පොලොව හා සමාන පරතරයක් බැලූ බැල්මට තිබෙනවා. රාණි යනු රිශු බලාපොරොත්තු වූ ආකාරයේ බිරිඳක් නොවේ. එසේම රිශු යනු රාණි බලාපොරොත්තු වූ ආකාරයේ ස්වාමිපුරුෂයෙක්ද නොවේ.

අප ආදරය හෝ ලිංගිකත්වය පිලිබඳ කතාබහ කරද්දී, යුවලක් අතර තිබෙන ලිංගික සම්බන්දතාවය බොහෝ සෙයින් වැදගත්. රාණි සහ රිශුගේ සම්බන්දයට ඇති වන ප්‍රධාන බාධකයක් මෙය. රාණි මෙම විවාහය තුලදී ලිංගිකව තෘප්තිමත් වන්නේ නැත. මෙය පිලිබඳ ඇගේ මවට දුරකථනයෙන් පැවසූ දෙයක්, රිශුගේ කනට ඇසෙනවා. රිශු තුල මෙය ඇති කරන්නේ දැඩි කණස්සල්ලක්. මෙම සිදුවීමෙන් අනතුරුව රාණි සහ රිශුගේ බැඳීම තව තවත් දුරස් වනවා. මෙය අතරවාරයේ නීල් නම් රිශුගේ ඥාති සහෝදරයෙක්, ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. නීල් යනු බොහෝ සෙයින් කඩවසම් තරුණයෙක්. විවාහ ජීවිතයේ හුදෙකලා වූ රාණි තුල, නීල් කෙරෙහි හැඟීමක් පහල වනවා. ඔහුද ඇයට ආකර්ෂණය වනවා. රිශු තුලින් නොලැබුණු තෘප්තිය නීල් තුලින් ඇය ලබා ගන්නවා. රාණි ඇයගේ විවාහයෙන් වෙන්වී නීල් සමග පැමිණීමට ඇති කැමැත්තත් ඔහුට ප්‍රකාශ කරනවා. නමුත් රාණිගේ බලාපොරොත්තු සියල්ලක්ම පවතින්නේ කෙටි කලක් පමණයි. ඊට හේතුව නීල් එම නිවසින්, ඇයට නොදන්වා පිටව යන නිසාවෙන්. ඔහු විවාහ ජීවිතයට සුදානම් පුද්ගලයෙකු නොවන නිසා, එම යෝජනාවෙන් පලා යනවා. රාණි නීල් සමග පැවැත්වූ අනියම් සම්බන්දය පිලිබඳ ඇගේ සැමියාට හෙළිදරව් කරනවා. ඔබත් මමත් නොසිතූ ආකාරයට මෙම චරිතයන් වෙනස් වන්නේ මෙතැන් පටන්.

විනිල් මැතිව්ගේ අධ්‍යක්ෂණයෙන් සහ කනිකා ඩිලන්ගේ තිර රචනයෙන් හැඩවුණු මෙය, විශිෂ්ට ගණයේ නිර්මාණයක්‌ ලෙස හඳුන්වන්නට අපහසුය. ඊට ප්‍රධාන හේතුව තිර රචනයේ සහ අධ්‍යක්ෂණය තුල පෙන්නුම් කළ දුර්වලතා නිසාවෙන්. මෙය සංකීර්ණ මාතෘකාවක් මත ගොඩනැගුනත්, ප්‍රේක්ෂක ආකර්ෂණය වෙනුවෙන් හාස්‍ය රසයක්ද ඇතුලත් කර තිබුනේ. නමුත් මෙය ලියැවී තිබුනේ romantic thriller එක ලෙසටයි. මෙහි ඇති බැරෑරුම් තේමාව සමග මෙහි මුල් භාගයේ ඇතුලත් වූ හාස්‍ය රසය දෙවෙනි භාගයේ කතාව ගමන් කළ පැතිකඩත් සමග නොගැලපෙන ස්වභාවයක් පෙන්නුම් කළා. මෙය black comedy thriller එකක් ලෙස ලියැවී තිබුනා නම් මීට වඩා ගැලපීමක් එකතු වන්නට තිබුනා. ඒත් සමගම මෙහි conflict එක ලෙස සංකේත වන්නේ නීල්ගේ චරිතයයි.එවැනි චරිතයක් සිනමා නිර්මාණයක් තුල ප්‍රභල ලෙස ලියැවී තිබිය යුතුයි. නමුත් මෙහිදී එම conflict චරිතයේ වර්ධනය ඉදිරිපත් කර ඇත්තේ දුර්වල ආකාරයට. මෙය චිත්‍රපටය තුල කැපී පෙනුණු අඩුපාඩුවක්.

ඉහත සඳහන් කළ අඩුපාඩු හැරුණු විට
චිත්‍රපටයේ සමස්ත අන්තර්ගතයට මා ප්‍රිය කළා. මෙම කතාව ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ රාණිගේ මතයෙන්. නමුත් ඇය unreliable narrator කෙනෙක් බව චිත්‍රපටය තුල සාර්ථකව ඉස්මතු කළා. ඒ අනුව ඇගේ කෝණය සැබවින්ම අධ්‍යනය කිරීමට මෙහි අනිකුත් ප්‍රධාන සහ සහාය චරිතයන්ගෙන් ලැබෙන දායකත්වය වැදගත්. ආදරය සහ විවාහය වැනි මාතෘකා තුලදී සමාජය කෙතරම් සදාචාරාත්මක රාමු ගොඩ නැගුවත්, සංකීර්ණ මිනිස් සත්වයාගේ ඒක පුද්ගලික හැසිරීම් රටාවන් අනුව එවැනි රාමුන් තුලින් මිනිසුන්ව පාලනය කළ නොහැක. Haseen Dillruba තුල රාණි සහ රිශුගේ චරිත තුලින් ප්‍රභලව ඉස්මතු කළ කාරණයක් මෙය. මෙම චරිතයන් දෙක තුල ඇති ඒක පුද්ගලික ආශාවන් හමුවේ, විවිදාකාර භයානක අභ්‍යන්තරයන් වෙනුවෙන් ඔවුන් ගමන් කිරීමට සුදානම්. විටෙක ඔබ‍ට මෙවැනි අදහස් දැනෙන්නට පුළුවන් රාණි රිශු සමග විවාහ වන්නේ කුමන හේතුවක් මතද?, රාණි යනු රිශු බලාපොරොත්තු වූ ආකාරයේ බිරිඳක් නොවුනත් ඔහු ඇයව ඉවසන්නේ කුමන හේතුවක් මතද? (චරිත ද්විත්වයටම අදාල කාරණයක්), රාණි රිශු තුලින් සිදුවන භයානක ක්‍රියාවන් හමුවේ විවාහය අත් නොහරින්නේ ඇයි? සහ මෙම දෙපලම එකිනෙකා වෙනුවෙන් භයානක අන්තයන් වලට ගමන් කළේ ඇයි?. මෙවැනි පැණයන් මා තුලත් මෙය නරඹන වාරයේදී සිතට නැගුනා. මෙයට සරලවම පිළිතුරක් රාණිගේ චරිතය එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා: ” True love often drives us to the brink of madness “. මෙය කව්රු හෝ කරන ක්‍රියාවේ හරි වැරැද්ද කෙසේ වෙතත්, ප්‍රේම සම්බන්දතා තුල සිදුවිය හැකි දෙයක්. රාණි සහ රිශුගේ සම්බන්දය ප්‍රධාන වශයෙන් පැවතුනේ මෙම වදන් පෙල යටතයි.

Haseen Dilruba Movie Review Archives - The Online Khabarරඟපෑම් පිලිබඳ අවධානය යොමු කරද්දී තාප්සි පන්නු සුපුරුදු ලෙස එම චරිතයට සාදාරණයක් ඉෂ්ට කළා. නමුත් මෙහි ප්‍රභලම රංගනය ඉස්මතු වූයේ වික්‍රාන්ත් මාසී තුලින්. ආරම්භයේදී ඉතාම නිහඬ ලැජ්ජාශීලී චරිතයක පටන්, දෙවෙනි හෝරාවේදී සංකීර්ණ සහ විටෙක භයානක චරිතයකට වර්ධනය වූ ආකාරය මාසීගේ ප්‍රභල රංගන හැකියාව ඉස්මතු කළා. චිත්‍රපටයේ පසුතල නිර්මාණයන් මෙන්ම Jaya Krishna Gummadi ගේ කැමරාකරණයද චිත්‍රපටය තුල කැපී පෙනුණා.

Initial release: July 2, 2021
Director: Vinil Mathew
Music by: Score: Amar Mangrulkar; Songs: Amit Trivedi

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *