Harshali Malhoth Indian Actress by Thara Rajarathna
හර්ෂාලි මල්හෝත්‍රා ( Harshali malhothra )
පාකිස්ථානයයි ඉන්දියාවයි එකට එකතු කරපු පුංචි සුරතලිය මුන්නි හෙවත් හර්ශාලි මල්හෝත්‍රා , ඔබට මතකද Bajrangi Bhaijaan සිනමාපටයේ සිටින පුංචි සුරතල් කෙල්ල මුන්නි නැතිනම් ශාහිදා තමයි මේ හර්ශාලි කියන්නේ ,
Bajrangi Bhaijaan සිනමාපටය වඩාත්ම මිනිසුන්ගේ සිත් දිනා ගත්තේ මේ චුටි කෙල්ල නිසා , මම ඉන්දියානු සිනමාවෙ දුටු හරිම ලස්සන චුටි කෙල්ල තමයි ඇය , ඇයගේ ඒ ලස්සන මුහුණ හැමෝගෙම සිත් වසග කර ගන්නවා , මැය දැන් නම් හුඟාක් ලොකුයි , නමුත් ඇයගේ ඒ පිවිතුරු මුහුණ මට නම් කිසිම දාක අමතක නොවෙවි , මුන්නි නැතිනම් හර්ශාලි උපත ලබා තිබෙන්නෙ 2008 ජුනි 3 වන දින මුම්බායි හි පන්ජාබි හින්දු පවුලකට දාව , ඒ කියන්නේ ඉයේ දින තමයි මැයගේ උපන් දිනය තිබිලා තිබෙන්නේ ,
මැය කුඩා කාලයේ සිටම හින්දි සිනමාපට වල වගේම රූපවාහිනි කතා මලා වල මැයගේ දස්කම් පෙන්වා තිබෙනවා , ඒ වගේම මැය මෙ වෙනකොට නිළියක් වගේම දක්ශ නිරූපිකාවක් ද වෙනවා , ඇය ඇයගේ කුඩා කාලයෙම ඇගෙ සොදුරු ගමන පටන් ගෙන අවසන් , එය ඇත්තටම විශේශත්වයක් ,
මැය සිනමාවට පිවිසියේම Bajrangi Bhaijaan සිනමාපටයෙ මුන්නි හරහා එහි මැය සමග සල්මන් ඛාන්, කරීනා කපූර් සහ නවාසුදීන් සිද්දිකි රංගනයෙන් දායක උන විශිෂ්ට සිනමාපටයක් , ඒ වගේම ඔබ දන්නවද මෙම සිනමාපටයට සහාබාගි විමේ පරික්ශනයට ගැහැණු ළමුන් 5000 ක් පමණ සහාභාගි වුවත් ඒ සියල්ල අතරින් තෙරි පත් වි තිබෙන්නෙ අපේ පුංචි කෙල්ල හර්ශලි ,
මේ අතර මැයට හොඳම කාන්තා නවක රංගනය සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි වු අතර ඇය එම කාණ්ඩයට නිර්දේශ වූ ලාබාලතම කෙනා වෙනවා , මේත් එක්කම මැයට සම්මාන රැසක් ලබා ගැනිමට හැකි වෙනවා විශෙශයෙන්ම Bajrangi Bhaijaan සිනමාපටය වෙනුවෙන් ,
මුන්නි දැන් ලොකු තරුණියක් මෙතරම් කාලයක් ගියාද කියාලවත් හිතා ගන්න බැ ,
නමුත් මැයගේ කුඩා කාලයේ තිබුනු ඒ සුරතල් මුහුණ චුට්ටක් වගේ දැන් වෙනස් වෙලා , එය ඉතිං සමාන්‍ය දෙයක් , නමුත් මගේ අදහස නම් ඇයගේ ඒ තිබුණු සුන්දරත්වයෙන් ඉන්දියානු සිනමාව වැඩක් ගත්තේ නැත යන්නයි , ඇයගේ එ පිවිතුරු මුහුණ තව තවත් සිනමාපට රැසක් අලෝකමත් කිරිමට හැකියාව ඇයට තිබුනා ,
කොහොම නමුත් කොතරම් කාලයක් ගියාත් පුංචි මුන්නි නම් මගේ හදවතින් කවදවත් නොමැකෙවි , ඇය හරියටම හිත නිවන භාවනාවක් වගේ .