Harry Potter (film series)

පොටර්හෙඩ් කෙනෙකුගේ විලාපය ?

ලිට්ල් විනින්ග්හී අංක 04 හි පිහිටි ඩර්ස්ලී නිවසත් දැන් හැරී නොමැති දුකින් පාලුවට ගිහින්ලූ
නැවත වරක් පෙටූනියා සහ වර්නෝන්ට තරවටු කිරීමට අයෙකුත් නැහැලූ
ඩඩ්ලිට දැන් ඊර්ෂ්‍යා කරන්න සහෝදරයෙකුත් නැහැලූ
ප්ලැට්ෆෝර්ම් 9 3⁄4 එක්ස්ප්‍රස් එක අදටත් ඒ සුන්දර හමුවේ මතකයන් දරාගෙන හොර්ග්වොට්ස් බලා ගමන් කරනවලූ
වැලපෙන විලෝගහත් දැන් හුඟක් නිශ්චලයිලූ
එරිස්ඩ් කැඩපතත් දැන් නවක සිසුන්ගෙන් වසන්කරලලූ
ඔලිවැන්ඩර්ගේ මායා යශ්ටිහලත් දැන් හොඳටම අඩපණයිලූ
ෆ්ලෝරිශ් සහ බ්ලෝට්ස් මායා පොත්හලටත් දැන් එච්චර ආදායමක් නැහැලූ
ග්‍රීන්ගොට්ස් මායා බැංකුවත් දැන් ප්‍රතිසංස්කරණය කරලලූ
ඩයගන් ඇලී මාවතෙත් දැන් එකල මෙන්ම මායාකර්ම සඳහා අවශ්‍ය දේවල් ලබාගන්නත් තියෙන ඉඩකඩ අඩුයිලූ
ඩොබීගේ සිරුරත් සමඟම ශෙල් කොටේජ් නිවසත් ඒ අසළ වෙරළ තීරයත් ඒ මතකයන් දරාගෙන අදටත් හූල්ලනවලූ
ලිට්ල් හැන්ග්ලෙටන් ග්‍රාමයේ මග්ල් ලා අතරත් දැන් කිසිම සතුටකුත් නැහැලූ
හොග්ස්මේඩ් ගමෙහි පැවතුනු ගුප්ත ගතියෙත් කිසිම අඩුවක් නැහැලූ
මායා අමාත්‍යාංශයත් දැන් එකල පැවැති නීතීරාමුවෙන් පිටයනවලූ
සීරියස් බ්ලැක්ගේ අස්කබාන් සිරගෙදරින් පැනයාම අදටත් නොඅඩුව එකිනෙකා අතර මිමිණෙන පුදුමයට කරුණක්ලූ
ස්පිනර්ස් එන්ඩ් මග්ල් මාවතේ ඇවිද ගිය ස්නෙප් ලිලී ප්‍රේම වෘන්තාන්තයේ අඳොනාව අදටත් එහි හමාගෙන යන සුළඟෙහි ගැබ්ව පවතිනවලූ
හෙඩ්විග්ටත් දැන් ඉස්සර වගේ පියාඹන්න බැරිව ඔත්පලවෙලා ඉන්නවලූ
ෆ්ලොඩ් ඇන්ග්ලියා කාරයත් රොන්ගේ පාවිච්චියක් නොමැතිව පැත්තකට දාලලූ
අඳුරු වනාන්තරයත් දැන් හැරී,හර්මයිනි,රොන් නැති ශෝකයෙන් වියලී ගිහින්ලූ
මෙරෘඩර් සිතියමත් දැන් හව්හරණක් නොමැතිවම අතෑරලා දාලලූ
අදිසි කබායත් දැන් හැරී නොමැති දුකින් දිරාගිහින්ලූ
ටයිම් ටර්න්ර් එකෙන් බක්බික්ගේ ජීවිතය බේරගැනීම වැනි වීරක්‍රියා කරන්නත් නිර්භීත කවුරුත්ම හොර්ග්වොට්ස් තුළ නැහැලූ
ඇරගොග්ගේ මකුළුදහන මතක් කළ පමණින්ම අද හොර්ග්වොට්ස්හී ශිෂ්‍යයන් බියක් උපදවාගන්නවලූ
ආතර් සහ මෝලි හැරීට දක්වපු සෙනෙහස ඔවුන්ගේ මියයාමත් සමඟම වැළලී ගියාලූ
හර්මයිනි ළඟ එකල පැවැති සුන්දර සිනහවත් දැන් අහිමිව ගිහින්ලූ
රොන්ගේ හාස්‍ය උපදවන සුලු බව මැකී ගිහින් දැන් වගකීමක් සහිත පියෙකුත් වෙලාලූ
එකල වීරක්‍රියා සිදුකළ තුන් කට්ටුව අද ඔවුනොවුන්ගේ ජීවිත තුළ ඔහේ කාලය ගෙවෙනවලූ !

ආයෙමත් එනවද ?

හොග්වොර්ට්ස් එක්ස්ප්‍රස් එකේ එකම මැදිරියක හිඳගෙන එකල පරිදිම වීරක්‍රියාවකට මුල පුරන්න !

රොන්ගේ විහිලුවකුත් හර්මයිනිගේ සිනහවකුත් හැරීගේ වීරක්‍රියාවකුත් නොමැතිව පොටර්හෙඩ්ස්ලා කරකියාගන්න දෙයක් නොමැතිව අදටත් අසරණ වෙලාලූ ?

අනුජ විජේසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *