Happy Birthday (2022) Sinhala by Ruwishan Vimukthi
ෆිල්ම් එක පැය එක හමාරයි. එක ලොකේෂන් එකක ඔක්කොම වෙන්නේ. සිද්ධි උඩින් පල්ලෙන් පනින්නැතුව ලස්සනට එක පෙළට ගලාගෙන ගියා, රඟපාන හැමෝගෙන ඇක්ටින් මරු.
ඒ උනාට ෆිල්ම් එක පට්ට නෑ!
සාමාන්‍යයෙන් ලංකාවේ ෆිල්ම් එකක් නාන ගොඩක් තැන් මේකෙන් මගඅරවගෙන තිබ්බා. ලංකාවට Fresh concept එකක්, කතාවත් හොඳයි, Plot holes අඩුයි, සිද්ධි ගැලපීමත් හොඳයි, පැය එක හමාරම කම්මැලි නැතුව බලං ඉන්න පුලුවන්, cringe ගතිය අඩු ඩයලොග්ස් තිබ්බා, ලොකුවට නැතත් ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියන කුතුහලය තිබ්බා. රඟපාන සෙට් එකම මරු. පොඩි ළමයගෙ ඉඳන් දිල්හානි වෙනකංම විදින්නැතුව ලස්සනට වැඩේ කරලා තිබ්බා.

Screenplay එක පවා වරදක් නෑ. මැද්දෙ අර සේවිකාවගෙන් දෙන්න යන ට්විස්ට් එක මුලදිම අවුල් කරගන්නවා, ඒක නං ඩිරෙක්‍ටර්ගෙ අවුලක්, පස්සෙ ගාර්ඩ්න් එකේ බංකුවක් උඩ නිකං තුවක්කුවක් තියෙනවා, බැමි ලිහාගෙන දුවව දාලා අම්මා දුවනවා වගෙ අභව්‍ය සීන් කිහිපයක් තිබ්බත්, ඇත්තටම ඩිරෙක්ටින් පවා හොඳයි.
අර අවුල තමා තියෙන්නෙ ඉතින්.

බලන්න, කිසිම අවුලක් නැතුව බලං ඉන්න පුලුවන්. පැය එක හමාර සුටුස් ගාලා යනවා. හැබැයි අන්තිමට ලොකු impact එකක් නං එන එකක් නෑ. ඒ උනාට ලංකාවේ එන ගොඩක් ෆිල්ම්ස් වලට වඩා නං මේක හොඳයි.
Edit : අහ් මේක රීමේක් එකකුත් නෙවෙයි. මේ වගේ ගෙට පැනලා නිවැසියො බය කරලා මේ විදියට යන ෆිල්ම්ස් ගොඩක් තියෙනවා හොලිවුඩ් සහ ඉන්දියාවේ. Inspire වෙලා ඇති, concept එක ගන්නත් ඇති, හැබැයි රීමේක් නං නෙවෙයි!