Hansa Vilak (1980) Sinhala by Chamika Jayasundara
වික්ටොරියානු සුචරිතවාදයට ගල් ගැසු බණ්ඩාරනායක
ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් දකින දකින වාරයක් පාසා මගේ හිත කියාගන්න බැරි අත්භුත ගනයේ අදහස් ගොන්නකට දිව යනවා. මේ හැගිම මට නුතන සිනමාව තුලින් හමු වන්නේම නැ. මොකද කිව්වොත් බණ්ඩාරනායක හංස විලක් තුලින් ධනවාදී පරිභොජන ක්‍රමයක් තුල ස්ථාපිත කරගත් වික්ටොරියානු සුචරිතවාදයට හිනා වෙනවා, ගල් ගහනවා , හු කියනවා. මුලින්ම මම කියන මේ හරබර වචන ටික බෙර ගමු. හංස විලක් එන්නේ කොලඹ සමාජය තුල නාගරි කරණය වු කාලය හා සබැදිව. එනම් ,මේ යුගය තුල කොලඹ මිනිස්සු ධනවාදී ආර්ථිකයට හුරු වෙන කාලයක් වෙනවා. එනම් තට්ටු නිවාස තුල හිර වෙන්න විම නිසා කොලඹ මිනිස්සු ඔක්කොටම ගමේ ඉද්දි නොමිලේ ලබා ගත් සියලු දැට මුදලක් නියම විම දරා ගන්න වෙනවා. වතුර , ගස් වල හැදෙන ගෙඩි, දර වැනි සියල්ල මිලට ගන්න සිද්ධ වෙනවා. කොලඹ ඉන්නවා නම් හිනා වෙන්නත් සල්ලි ඔනි කියන කතාව පටන් ගන්නේ ඔය කාලයෙන්. මෙතනදි ලිංගිකත්වයට පැහැදිලිව හොඳ වෙලදපොලක් බිහි වෙනවා. ගම් වල පැවති අනියම් ආදර අන්දර බොහො වෙලාවට පැවතුනේ ලදු කැලැ හො හුදකලා නිවෙස් තුල. එතකොට මානව ලිංගික හැසිරිම් සදහා මුදල් වියදම් උනේ නැ. හැබැයි කොලබ තුල කතාව වෙනස්. ලිංගිකත්වය සදහා අලුත් කන්සෙප්ට් හැදෙනවා. පැයකට දෙකකට දෙන කාමර, සිනමා හල් තුල බොක්ස් ටිකට්, නිල් චිත්‍රපට ඇතුල භාණ්ඩ හා සෙවා රැසක් එනවා සෙක්ස් සදහා. මොකද ධනවාදය තුල සෙක්ස් කියන්නේ මුදල් ඉපයිය හැකි කන්සෙප්ට් එකක්. හැබැයි මේ ආර්ථිකය තුල ලාංකික මිනිස්සු හිටියේ සුද්දා දිලා ගියපු වික්ටොරියානු මානසිකත්වය තුල. එ සදාචාරය සහ ධනවාදී ක්‍රමය ඇතුලේ මුලු ලංකාවම හිර උනා. හිතා ගන්න බැරි උනා ආතල් අරන් සල්ලි වියදම් කරනවද, නැත්නම් සමාජ සංස්කෘතික නියමයන් රකිමින් ජිවත් වෙනවද කියලා . මේ උත්තරයක් නැති ගැටලුව ඇතුළෙ මිනිස්සු හිර වෙනවා . ඔය හිර විමත් එක්කම මිනිස්සුන්ට යන්න පාරක් නැති වෙනවා.
ඔතනදි සමහර පිරිමි සුචරිතවාදයට හෙන ගහපන් කියලා එනවා අනියම් හො නියම් ලිංගික සැප හොයාගන්න . එ කාලෙට සාපෙක්ශව උන් රැඩිකල් වෙනවා තමුන්ගේ අශ්ලිස ආසාවන් ඉටු කර ගන්න . ඔතනදි පවුල් සංස්ථාවක අවශ්‍යතවක් නොමැති මිනිස්සු බිහි වෙන්න ගන්නවා. ඔතනදි සාම්ප්‍රදායික සුචරිතවාදයට වඩා අර සමාජ ක්‍රමය බිද වැටෙන්න ගන්නවා. ධනවාදී අර්ථ ක්‍රමයක් තුල මානව සබදතා පලුදු විම ලස්සනට බණ්ඩාරනායක දකිනවා. නුතනවාදි වාමාංශික මනුස්සයෙක් විදිහට බණ්ඩාරනායක ධනවාදී සමාජ ක්‍රමයේ වැරැද්ද හංස විලක් තුලින් ව්‍යංගාර්ථවත් කරනවා. මෙය හොදින් ඉස්මතු කරනවා නිශ්ශංක මිරැන්ඩා සමග ධනවාදී ක්‍රමයේම නිර්මාණයක් වු හදිසි ලිංගික ක්‍රියාකාරකම් සදහා යොදා ගන්න හොටෙල් කාමරයක් තුල සිට පොලිසියට හසු වන අවස්ථාව . මක් නිසා ද යත් පොලිසිය හා නිතිය යනු මාක්ස්වාදී නිර්වචනයට අනුව මෙම ධනවාදී ක්‍රමය පවත්වා ගැනිමට යොදා ගන්න පාලක පන්ති උපකරණයක් . ධනවාදී නිර්මාණයක් තුල සිට හසුවන වැරැදි කරුවෙක් තවත් ධනවාදී නිර්මාණයක හැසිරිම තුලදි පැන නගින උප ගැටලුව හංස විලක් තුලින් පෙන්වා දෙනවා. මෙතනදි පොලිස් නිලධාරීන්ගේ හැසිරිම විවිධ කොණ මාර්ගයෙන් පෙන්වමින් එම ගැටලුව පිලිබද අමුතු හැගිමක් ප්‍රෙක්ශකයා තුල ඇති කරනවා
වාමාංශික පුරුදු කතිකාවතකට පිලිතුරු දෙන්න අමාරු ගැටලුවක් තමයි නිදහස පිලිබද කතාව හා අනියම් ලිංගික ඇසුර.මෙතනදි බණ්ඩාරනායක කරලියට එනවා. කවුරුත් එලිපිට කතා නොකරන කතාවක් සිනමාවට ගෙනවා. හැබැයි සිනමා කර්මාන්තය සමග බලද්දි බණ්ඩාරනායක ෆෙල්. මොකද හංස විලක් ගැන ලොකු කතිකාවතක් හැදුනට සිනමා කර්මාන්තය තුල ජනප්‍රිය සිනමාවක් වෙන්නේ නැ . දශක ගනනකට පසු නැවත පෙන්නුවත් ලොකු දෙයක් ඇති වෙන්නේ නැ. හැබැයි මේ සිනමාපටය මට අනුව අමුතු හොඳ එකක්. මම ඉහත කතා කරපු රැඩිකල් සැමියෙක් තමයි නිශ්ශංක . රැඩිකල් බිරිදක් තමයි මිරැන්ඩා. මේ රැඩිකල් දෙදෙනා තමුන්ගේ පවුල් සංස්ථාව දෙක සුනුවිසුනු කරගෙන එකතු වෙනවා. අනියම් ලිංගික ඇසුර නිතිමය රාමුවක් යටතේ ලයිසන් ඇති ලිංගික ඇසුරක් කරනවා. එ එකතු විම් බණ්ඩාරනායක හරි ලස්සනට රැප රාමුවට ගන්නවා. එතරම් ලිංගික ප්‍රබොධිමත් යුවලක ශුංගාරි දර්ශනයක් මම දකින්නේ orginal sin තුලින් පමණයි. එම ප්‍රබොධිමත් ලිංගික සැප තුල, පවුල තුල ඇති අමුතු සැපක් බණ්ඩාරනායක පෙන්නවා. නිශ්ශංක සහ මිරැන්ඩා සමග ප්‍රෙක්ශකයා පුර්ණ තෘප්තිමත් බාවයකට හංස විලක් තුලින් අරන් යනවා. බණ්ඩාරනායක ඔතනදි දෙනවා එක විරාමයක්. ඔබට කැමති නම් වික්ටොරියානු සුචරිතවාදයට ගල් ගසා සතුටින් නික්ම යන්න . ආදරය ලැබිය යුතු කෙනාගෙන් මොන බාදාවක් තුල උනත් විද ගන්න .
ඔබ තවදුරටත් මේ සිනමා පටය තුල රැදි සිටියොත් නිශ්ශංකට තමුන්ගේ පෙර බිරිද හමු වෙනවා. එතනදි ඇගේ සහොදරයා නොහිටින්න නිශ්ශංක තුන් කොන් ආදරයක් කරනවා. නුතන ලිංගික ක්‍රම තුල පවතින threesome ක්‍රමයක් නොවුනත් නිශ්ශංකට අවස්ථාව හිමි වෙනවා මිරැන්ඩා හා තම පැරණි බිරිදත් සමග සමානුපාතික ආදරයක් ගෙනියන්න . එක සියලුම සංස්කෘති , සදාචාරයන්ට ගල් ගසා මිනිස් මනොභාවයන්ට මුල් තැන දිමක්. මක් නිසාද යත් කතාව තුලදි නිශ්ශංක මතින් ගොඩ නගන දුශ්ටිවාදය නිසා ප්‍රෙක්ශකයාට කිසිවිටෙක නිශ්ශංකගේ වරදක් පෙන්නේ නැ. එය දාම ඝාතකයෙකුගෙන් උසාවියක් තුලදි ඔබ වැරැදි කරුද යැයි විමසුවොත් ඔහු පවසන්නේ නැත යන්නයි. මක් නිසාද යත් ඔහුගේ සිතුවිලි තුල ඔහු නිවැරැදි නිසා. ඔය කරුණ තවත් සරල කලොත් යොවුන් පෙම්වතියක් හො පෙම්වතෙක් එක වර ප්‍රෙම සම්බන්ධයක් නැවැත්වුවහොත් එය අනිකාට හා අනිකාගේ හදුනන හිතමිතුරන්ට දුකක්, වරදක් .නමුත් සම්බන්ධය නවත්වන්නාට එයට අදාලව කරුණු රැසක් තියෙවි. එවා ඔබද මැදහත්ව ඇසුවොත් හො ඔබෙත් සිතුවිලි සමාන නම් ඔබත් එකග වෙවි. ඉතින් මෙම අවස්ථාව තුලදි නිශ්ශංකත් නිවැරැදි මිනිසෙක් . ඔතනදි ලැබෙනවා දෙවෙනි විරාමය. ඔබේ පැරණි ඇසුර හා නුතන ඇසුර සමග අන්‍යොන්‍ය සහයොගයෙන් ආදරය කරන්න . ඔතනදි නික්ම යන්නත් ඔබට පුළුවන් .
මෙතනින් එහාට යන්න ගියොත් ඔබ යන්නේ නිශ්ශංක මිරැන්ඩාගේ ලස්සන ආදර කාතාවෙ තෘප්තියත් සමගයි. ලොකයේ වැඩි මිනිස් ප්‍රතිශතයක් විස්වාස කරන අන්දමට වැඩිම තෘප්තිමත් හැගිමක් තමයි රාගි හො විරාගි කාන්තා පිරිමි මුලික සබදතා. එම තෘප්තිමත් භාවය දිර්ග කාලිනව පවතිව යැයි ඔවුන් සැම විටම බලාපොරොත්තු වෙනවා. හැබැයි බණ්ඩාරනායක මෙතනදි ටොක්කක් ඇන ඔබට පවසනවා මෙය අතෘප්තියේ මාවතක් බව. මේ පිලිබද දිප්ති කුමාර ගුණරත්න දිර්ගව පැහැදිලි කරනවා. You tube තුලින් එම පැහැදිලි කිරිම ඔබට නරබන්නට පුලුවන. සැබවින්ම සියලු ආතල් කුඩු වි විනාස වන තැනකට බණ්ඩාරනායක ගෙනියනවා නිශ්ශංක ව . එය තුලින් වික්ටොරියානු සදාචාරයන්ට ගල් ගස්සන්න ආ ප්‍රෙක්ශකයා නැගිටවනවා බණ්ඩාරනායක . ඔහු සුචරිතවාදියෙක් වෙනවා. අමුතු අවසානයකට ප්‍රෙක්ශකයා ගෙන ගොස් අත හරිනවා. එ අවසානය තුලත් අමුතු රසයක් දැනෙනවා. මක් නිසාදයත් කොතෙක් රැඩිකල් මිනිසෙකු තුල වුවත් ලමා වියේ සිට ගැබ්ව ආ සුචරිතවාදයට , සංස්කෘතික සදාචාරයන්ට නැවතත් තැන ලැබිම නිසා හිත පතුලෙන් පොඩි අත්පුඩි පහරක් වදිනවා.
මේ පැහැදිලි කිරිම තුලට ගැබ් කල නොහැකි වු කරුණු තුනක් මම තවදුරටත් හංස විලක් තුලින් දකිනවා. පලමු වැන්න වන්නේ මිරැන්ඩා සිනමාපටය ආරමභයේ පැමිණෙන ආකාරය. බිම බලාගෙන සංසුන් ගමනින් තමුන්ගේ දුව පෙර පාසල් රැගෙන යන ලස්සන ස්ත්‍රියක් තමයි එ රුප රාමු තුල තියෙන්නේ. හැබැයි පසුබිම් සංගිතය සදහා යොදා ගෙන ඇත්තේ ලිංගික සම්භොයක දි සුරාන්ත ගත මොහොතේ ගැහැනිය නගන කෙදිරිලි හඩයි. මෙතන සිටම ධර්මසිරි බණ්ඩාරනායක කියන්නට උත්සහ කරන කතාවක් තියෙනවා . එනම් මේ ශ්‍රී ලංකානු සංස්කෘතික අවකාශයේ ගැහැනිය හිර කර ඇති ආකාරය. ඇයටත් ආසාවන් තියෙනවා . ලිංගික තෘප්තියක් දකින්න ගැහැනු පිරිමි දෙපාර්ශවයම කැමති . නමුත් සදාචාරයන්ට , සංස්කෘතියට කොටු කරන ගැහැනිය ලස්සන සාරියකට , ඔසරියකට ගොනු කර ඇගේ ආශාවන් යටපත් කරවනවා. ඇයට සුරාන්තගත ප්‍රිතියක් පිලිබද සිතිම වරදක් නොවෙයි, එය අශ්ලිස ආසාවකුද නොවෙයි. එය සාමාන්‍ය මනුශ්‍ය ස්භාවයයි. ඔතනදි බණ්ඩාරනායක කාන්තා සමානාත්මතාව වෙනුවෙන් පෙනි සිටිමින් සිනමා පටය තුලට පිවිසෙනවා.
සිනමාපටය අවසාන කොටස තුලදි පුර්ණ තෘප්තියක් වෙනුවෙන් නිශ්ශංක මිරැන්ඩා සමග සදා ගත් මනොරාජික මාලිගාව බිද වැටෙනවා. ඔතනදි නිශ්ශංක විසින් මිරැන්ඩා මරා දමනවා. නමුත් ,නිශ්ශංකගේ එ ඇතිවන උමතුව අවසන් වන්නේ නැ. නිශ්ශංක යම් මට්ටමකට ස්ථිර වන්නේ පාලු ගරා වැටුනු නිවසක ජිවිත් වන කතොලික ස්‍ත්‍රියක් මරා දැමිම තුලින්. ඔතනදි මම දකිනවා වෙනත් කාරණයක් . එ තමයි කාන්තා සිරුර සම්බන්දව පිරිමි සතු කුතුහලාත්මක හැගිම. ඔක නිසාම තමයි යම් ස්ත්‍රියක් තුලින් තෘප්තිමත් නොවන පිරිමියා තවත් ස්ත්‍රියක් සොයා යන්නේ.මන්ද ඔහු සිතනවා ඇය තුල පරිපුර්ණ තෘප්තිමත් ස්භාවයක් දිගටම පවති කියා. නමුත් එයද නැති බව හැගුන විට තවත් ස්‍ත්‍රියක් වෙතට ලෙසින් නොනවතින ලුපයක් තුල ඔහු සිර වනවා. නිශ්ශංකගේ මිරැන්ඩා පිලිබද කුතුහලය සහ ආශාව ඇය මරා දමන මොහොතේ දි අවසන් වන්නේ නැ. ඔහුට අවසානයේ හමු වනවා මිරැන්ඩා වැනි වයසක ස්ත්‍රියක්. ඇය සිටින පාලු ගරා වැටුනු නිවස විනාශ වි ගිය පවුල් සංස්ථාවක් නිරුපනය කරනවා. එම සිදුවිම තුලින් නිශ්ශංක තමුන්ව මෙතරම් අවුල් ජාලයක පැටලු මිරැන්ඩාගේ ඔහුට කිසිදු හැගිමක් ඇති නොවන මොහොතක් ( මෙය නිශ්ශංකගේ මනොභාවයක්) ගෙන එම කොපය අවසන් කරගන්නවා. එය තවත් අර්ථවත් කිරිමට නිශ්ශංක අසලින් ගිනි නිවන රථයක් ගමන් වෙගයෙන් ගමන් කරනවා.
සිනමා පටය පිලිබද කතා කිරිමේ දි හංස විලක් සිනමා පටය සිනමාවට නැගෙන්නේ 1980 දි. එය ලංකාවේ නිර්මාණය කරන ලද මුල්ම මනොභාවයන් මුලික කරගත් අද්භුත නාට්‍ය මය ආදර ශානරයට සිනමාපටය වේ. මෙහි කැමරාකරණය හා ආලොකරණය තුලින් නිශ්ශංකගේ මනොභාවයන් නිරුපනය කිරිම අද සිනමාවටත් වඩා ඉහල තලයක පවතින අතර සංගිතය තුලින් ද ප්‍රෙක්ශකයාට උපරිම රසවින්දනයක් ලැබෙන ලෙස නිපදවා තිබේ. සාරංශගතව ගත් කල ධර්මසිරි බණ්ඩාරනායක නම් එ සොදුරු මිනිසා විසින් නිපදවන ලද විශිෂ්ටතම සිනමාපටය ලෙස හංස විලක් මම හදුන්වමි.
හංස විලක් යනු සැබවින් ම හංස ගිතයක අමිහිරි මිහිර එකට කලතන නොනවතින සුරාන්තමය වින්දනයකි ….