Gautham Vasudev Menon; To Infinity & Beyond- 02
අද මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා ගෞතම් මෙනන් විසින් අධ්යක්ෂණය කරපු COP thriller චිත්රපටි තුන ගැන. ඒ චිත්රපටි තුන ගැන සංසන්දනාත්මක විග්රහයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා මගේ විදියට. මේක කරන්නේ විශේෂයෙන්ම මේ චිත්රපටි බලලා නැති අය වෙනුවෙන් කරන පෙළඹවීමක් විදියටයි. මේක රිවීව් එකක් නෙවෙයි. ඒ වගේම අර සාමාන්ය පෙළ සිංහල සාහිත්යයට ලියන විචාර වගේ චිත්රපටියේ දෙබසින් දෙබස අරගෙන කරන සාහිත්යයමය චිචාරයකුත් නෙවෙයි
.

ගෞතම් මෙනන් අධ්යක්ෂණය කරපු පළවෙනිම පොලිස් චිත්රපටිය තමයි Kaakha Kaakha. තිරගත වුනු වර්ශය 2003. රංගනය සඳහා දායක වෙනවා සූරියා සමග ජ්යෝතිකා. සංගීත අධ්යක්ෂණය හැරිස් ජයරාජ්. මේ චිත්රපටිය 2004 වසරේදී ඝර්ෂණ නමින් තෙලිඟු භාෂාවෙන් ප්රතිනිර්මාණය වෙනවා.
දෙවෙනියට ආපු පොලිස් චිත්රපටිය වෙට්ටයියාඩු විලෛයාඩු. තිරගත වුනු වර්ෂය 2006. රංගනය කමල් හාසන්, ජ්යෝතිකා, කමලිනී සමග ප්රකාශ් රාජ්.සංගීත අධ්යක්ෂණය හැරිස් ජයරාජ්.
චිත්රපටියේ බජට් එක කෝටි 25. ආදායම කෝටි 60.
තුන්වෙනි ෆිල්ම් එක යෙන්නයි අරින්දාල්.
රංගනය අජිත්, ට්රිශා, අනුෂ්කා, අරුන් විජේ සහ විවේක් ඇතුලු පිරිස. සංගීත අධ්යක්ෂණය හැරිස් ජයරාජ්. චිත්රපටියේ බජට් එක කෝටි 60. ආදායම කෝටි 96ත් 106ත් අතර මුදලක්. මේ චිත්රපටියේ රංගනය වෙනුවෙන් අජිත් සහ අරුන් විජේ සම්මාන දිනලා තියනවා.

මෙතනින් Kaakha Kaakha චිත්රපටියේ වියදම ආදායම ගැන නිවැරදි මූලාශ්රයක් නැහැ. නමුත් 2005,2006 අවුරුදු වලදි නිපදවුනු සහ කමල් හසන් රංගනයේ යෙදුනු වෙට්ටයියාඩු විලෛයාඩු චිත්රපටියටත් ඒ කාලේ හැටියට කෝටි 25(දැන් කෝටි 60, 65 පමණ මුදලක්) ගිහිල්ලා තියනවා. එතකොට ඊටත් අවුරුදු තුනකට කලින් කරපු ෆිල්ම් එකකට අනිවාර්යයෙන්ම වියදම ඊට වඩා අඩු මුදලක් වෙන්න ඕන.
මේ චිත්රපටි තුනම, විශේෂයෙන්ම අවසන් ෆිල්ම්ස් දෙක දිහා බැලුවම පේන ප්රධානම ලක්ෂණයක් තමයි ලෝ බජට් එකකින් හොඳ කොලිටි ෆිල්ම් එකක් කරලා ඒක බොක්ස් ඔෆිස් මට්ටමට ගේන්න ගෞතම් මෙනන්ට තියන හැකියාව. ඒකත් එයාගේ ස්ටයිල් එකේම කොටසක් තමයි, මට ඊයේ ඒ ගැන සඳහන් කරන්නට බැරි වුනා. ඒක කලාතුරකින් ඩිරෙක්ටර් කෙනෙකුට පිහිටන දෙයක්.
තමන් අධ්යක්ෂණය කරන චිත්රපටියක පොඩ්ඩක් තමන්ගේ මූණ පෙන්නනවට අමතරව තමන්ගේ කරන පොඩි පොඩි ස්ටයිල් කීපයකුත් ගෞතම් මෙනන් ප්රධාන නළුවන් වෙත ආරෝපණය කරනවා.
මේ චිත්රපටි තුන ගත්තොත් සූරියා, කමල්, අජිත් තුන්දෙනා හොඳ ස්මාට් කැෂුවල් විදියට ඇඳලා කරලා ඉන්නවා. ඒකත් ගෞතම් මෙනන්ගේ චරිත ලක්ෂණයක්. ඒ වගේම සැලකිල්ලකින් මේ ෆිල්ම්ස් බැලුව කෙනෙක් දකින්න ඇති ගෞතම් මෙනන් කණට උඩින් කොණ්ඩේ තියලා තියන කට් එක සූරියාගෙත් කමල්ගෙත් තියනවා ඒ චිත්රපටි දෙකේ.
යෙන්නයි අරින්දාල් චිත්රපටියේ කොස්ටියුම් ඩිසයින් වෙනුවෙන් බිහයින්ඩ්වුඩ් ගෝල්ඩ් මෙඩ්ල් එකක් පවා ලැබුනා.
චිත්රපටි වල කතාව පැත්තෙන් සැලකුවත් මේ චිත්රපටි තුනටම පොදු සිද්ධින් කිහිපයක්ම තියනවා දකින්න පුලුවන් වෙයි.
පොලිස් චිත්රපටි වුනාට මහා ලොකුවට ගහ මරාගන්නේ නැහැ. ඇක්ෂන් තිබුනත් අතාත්ත්වික මට්ටමෙ සටන් නැහැ.



GVM එක සාකච්චාවකදි කියලා තිබුනා යෙන්නයි අරින්දාල් චිත්රපටියේ සමහර දෙබස් අජිත් තමන්ගේ විදියට හරියන්නෑ කියලා ප්රතික්ශේප කලා කියලත්.





ඒ කාන්තාවො ආදර කතාවෙ උච්ඡතම තැනදි මිය යනවා.


මේක මම පොඩ්ඩක් හොයලා බලපු කාරණයක්. ගොඩක් නළුවෝ තමන්ගේ හොඳම රංගනයන් ඉදිරිපත් කරලා තියෙන්නෙ හර්කියුලිස් වගේ සික්ස් පැක් හදන්න කලින්
: උදාහරණය සූරියා.

නිලියෝ තමන්ගේ හොඳම රංගනයන් ඉදිරිපත් කරලා තියෙන්නෙ තමන්ගේ ස්වභාවික පෙනුමත්, ලස්සනත් තිබුන කාලේදි. උදාහරණය නයන්තාරා.
සමහර විට ඔබ එකඟ නොවෙන්න පුලුවනි(මේක අල්ලගෙන කොමෙන්ට් දාන්න එපා
).


මම එහෙම කිවිවේ බාහිර ආටෝපය එතරම් නැති කාලෙදි නළුවෙක්ට නිළියක්ට තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න නම් රඟපාන්නම වෙන නිසයි.
මේ චිත්රපටි තුනේ සංගීතය ගැන වචනයක් නොකිව්වොත් ඒක අඩුවක්. හැරිස් ජයරාජ්ව සිනමාවට හඳුන්වලා දුන්නේ ගෞතම් මෙනන්. ඒ ඔහුගේ පළවෙනි චිත්රපටිය වන මින්නාලේ චිත්රපටියේ සංගීත අධ්යක්ෂක විදියට. හැරිස් ජයරාජ් මම දැකපු විශේෂත්වය තමයි ඔහු සංගීත නිර්මාණයේදී බටනලාව යූස් කරනවා හරිම ලස්සනට. ගිය අවුරුද්දේ තිබුන බිහයින්ඩ්වුඩ් ගෝල්ඩන් මයික් මියුසික් අවෝර්ඩ්ස් වැඩසටහනේදී හැරිස්ට tribute එකක් විදියට එයා ෆිල්ම්ස් වලට කරපු සිංදු සෙට් එකක් බටනලා වාදනයකින් ඉදිරිපත් කලා. හරිම ලස්සනයි. වැඩිය ප්රසිද්දියේ දකින්න නම් ලැබෙන කෙනෙක් නෙවෙයි. හැබැයි හොඳ දක්ෂයෙක් කියලා කියන්න පුලුවන්.
හරි ඒනම්, මේ ලිපියේ අඩුපාඩු ඇති සෑහෙන්න. මොකද මම උත්සාහ කලේ ෆිල්ම් එක නොබලපු අය ස්පොයිල් වෙන එකෙනුත් ටිකක් වලක්වා ගන්න.
ඔබේ අදහසත් කියාගෙනම යන්න. හොඳ සංවාදයක් ගොඩනැගෙනවා නම් මම ඒකට කැමතියි.