Gummo (1997) English by Devinda Perera
” Life is beautiful. Really, It is. Full of beauty and illusions. Life is great. Without it you’d be dead. “
මේකනම් මට මැරෙනකන් අමතක නොවෙන ෆිල්ම් එකක් වේවි. ෆිල්ම් එකකට වඩා මේක අත්දැකීමක්. ඒ වගේම පට්ට ලොකු study material එකක්.. Gummo කතා කරන්නෙ පෙන්වන්නෙ මෙන්න දේවල් කියලා තේරුම් ගන්න පුලුවන් වුනත් අවංකව මගේ දැනුම් මට්ටම මත ඒ කියන පෙන්වන දේවල් ඉතාම පටු පරාසයකට තමයි තේරුම් ගන්න පුලුවන් වුනේ.. ඒත් ෆිල්ම් එකෙන් ඒ කියන්න හදන දේවල් පෙන්වලා දුන් විදිහ මට බොහෝදුරකට තේරුනා වගේම මන් ජීවිතේට මේ වගේ ෆිල්ම් එකක් බලලාත් නැ තව මේ වගේ එවා ඇතිද කියලා කියන්න දන්නෙත් නෑ.
සමහරුන්ට ෆිල්ම් එකක් හදන්න බැරි ඇහුවම රටේ නැති හේතු.. බජට් එකක් නෑ, හොද නලුවො නෑ, හොද කතාවක් නෑ එක එක බයිලා.. අන්න එහෙම එකෙක්ට කනට එකක් ගහලා පෙන්නන්න වටින ෆිල්ම් එකක් තමා gummo කියන්නෙ.. යකො මුලු රටේම සමාජය සංස්කෘතිය වගේ ලස්සන දේවල් වලින් වහලා දාලා තියෙන කවුරුත් අත නොගහන නොකියවන ඒ ලස්සන යට කුනුවෙවී පල්වෙවී තියෙන ගඳ ගහන ජරාජීර්ණ කොටස ගැන පොඩි පොඩි චරිත ටිකක් අරගෙන මහලොකු දේවල් නැතුව ඒ පෙන්වන විග්‍රහය එපික් සරලවම..
මේ ලෝකේ හැමදේම දිරනව.. අපිට හුරු විදිහට කිව්වොත් අනිත්‍යයයි.. Gummo අපිට පෙන්වන්නෙ සමාජය විසින් අතැරලා දාලා තියෙන කතා කරන්න අකමැති කතාකරන්නෙ නැති සමාජයේම එක කොටසක්.. මේක බලන්න හරි ලේසි ෆිල්ම් එකක් නෙමේ වගේම ඔහේ බලන්නන් වාලේ බලන්න වටින එකකුත් නෙමෙ.. මේක සමහර වෙලාවට humorous විදිහට පෙන්වන සිද්ධි පට්ටම Dark,Abusive දේවල්.. හැම චරිතයක් වටාම තියෙන්නෙ අන්න එහෙම කැත කුනු ගඳ ගහන කතාවක්… මේකෙ පෙන්වන ඒවා ගැන හිතන්න හිතන්න ඒ ගඳ දැනෙනවා වැඩී.. මට සිරාවටම පුදුමයි මේ ෆිල්ම් එක කිසි අවුලක් නැතුව තාම තියෙන එකටත්..
Gummo කියන්නෙ සිරාවටම cult වැඩක්..මන් කලිනුත් කිව්ව වගේ මට මේ ෆිල්ම් එක ලොකු වැඩී..මේකේ කතාකරන එවා ගැන වෙන කෙනෙක්ට පැහැදිලි කරන්න තරම් මගේ දැනුම හොදටම මදි.. වැඩි හරියක් තේරුම් ගියේ director harmony korien අරන් තිබ්බ ප්‍රයත්නයන් තමයි.. Disturbing atmospheres , Bizzare characters, Metal music , hand held camera movements, almost a fictional documentary, almost plotless.. ඒත් අන්තිම output එක මාරයි.. පෞද්ගලිකව මන් ෆිල්ම් එකක් කියන්නෙ මෙන්න මෙහෙම දෙයක් කියලා හිතාගෙන හිටපු ඕඩර් එක , ඩෙෆිනිශන් එක එහෙම් පිටින්ම බිමට සමතලා කරපු එකම ෆිල්ම් එක තමයි මේක.. ඇත්තටම මොකකටද අපි ෆිල්ම් කියන්නෙ කියලා හිතෙනවා බලලා ඉවර වුනාම..මේකෙ මුලක් මැදක් අගක් , වීරයෙක් හතුරෙක් , අඩුම තරමේ කතාවක්වත් හරියට නැ.. ඒත් ජීවිතේට ඇත්තටම ඔය කියන එවා තියෙනවද? ජීවිතේ කියන්නෙ එකට එක නොගැලපෙන සිද්ධි , හැඟීම් චරිත සමූහයක එකතුවක්.. ඕන වෙලේක ඕන් දෙයක් වෙන්න පුලුවන්.. Gummo ත් එහෙමයි.. අපි සමාජයේ පොඩියි කියලා හිතෙන චරිත,පැතිකඩවල් දිහා පොඩ්ඩක් උනන්දුවෙන් අවධානෙන් බැලුවොත් ඒ පොඩි දේවල් වල ගොඩක් ලොකු කතාන්දර තියෙන්න පුලුවන්..
අන්තිමට කියන්න තියෙන්නෙ Gummo කියන්නෙ බලන්න ඕන ෆිල්ම් එකක් නෙමේ ඉගෙනගන්න ඕන ෆිල්ම් එකක්.. මන් ආයෙත් කියනවා මන් මේ පොඩ්ඩ හරි මෙහෙම ලියාගත්තෙ හෙන අමාරුවෙන් මොකහ මේ ෆිල්ම් එක ගැනෙන දැනෙන දේවල් එහෙම ලියන්න අමාරුයි වගේම එක එක්කෙනාගෙ අත්දැකීම් දැනුම මතත් වෙනස් වෙන නිසා..ඒත් දන්න පොඩ්ඩෙන් හරි මෙහෙම වැල් බයිලාවක් ලියලා මෙච්චර මේ කියම්නෙ මේක බලන්න.. අනිවාරෙන් බලන්න.. ෆිල්ම් හදන , ඒ සම්බන්දව ඉගෙනගන්න කෙනෙක් නම් දහවතාවක් හරි කමක් නෑ බලන්න බලලා ඉගෙනගන්න…සමහරවිට ඔයා ෆිල්ම් ගැන හිතෙන විදිහ එහෙම්පිටින්ම වෙනස් වේවි.. ඔයා සමාජෙ ගැන මීටවඩා හිතන්න ගනීවි.. ඔය මොකක් හරි කරගන්න කමක් නෑ මේක අනිවාර්යයෙන් බලන්න..
( gummo එකේ පෙන්වන sub cultures , cult scenes වගේ අර මන් නොදන්න දේවල් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් අනේ පින් සිද්ධවෙයි මොනාහරු කියාගෙන යන්න.. මන් මේ ෆිල්ම් එකට ලව් හැබැයි ඇයි කියලා කියන්න තේරෙන්නෙ නැ..ඒත් මන් ලව්.. ඒකනිසා ලව් කරන්නෙ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් කියන්න දෙයක් තියෙන්නට් ඕනෙ නිසා මට ඒ ගැන උගන්වන්න!)