Gujarati Cinema (Dhollywood) | Sinhala Article

Gujarati Cinema (Dhollywood) by Madushi Jayasundara

Narsinh Mehta

වර්ථමානයේ ඉන්දියානු සිනමා කර්මාන්තය තුල නිරන්තරයෙන් කතාබහට ලක්නොවුනත්, ඉන්දියානු සිනමාවේ ප්‍රධාන කලාපීය හා දේශීය චිත්‍රපට කර්මාන්තයක් ලෙස, “Dhollywood” නමින් හදුන්වන , ගුජරාට් ප්‍රාන්තය තුල ගොඩනැගුනු, ගුජරාට් භාශා සිනමා කර්මාන්තය වසර 100 ක් දක්වා ඈත ඉතිහාසයට දිවයයි. බොලිවුඩ්,සහ දකුනු ඉන්දීය සිනමා කර්මාන්ත තරම් වේගවත් දියුනුවක් අද නැතත්, නිහඩ චිත්‍රපට යුගයේ, බොහෝ අය ගුජරාති ජාතිකයින් වූ අතර, සිනමා කර්මාන්තයට හඩ පැමිනීමත් සමග, 1932 අප්‍රේල් 9 වන දින, තිරගත කල,නානුබායි වකිල් අධ්‍යක්ශනය කල “Narsinh Mehta” ප්‍රථම පූර්ණ කථාමාලව සමග ඔවුන්ගේ හඩ චිත්‍රපට ආරම්භය සනිටුහන්වේ, මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ සාන්තුවරයකු සහ කවියෙකු වන නර්සිං මේතාගේ ජීවිතය පදනම් කරගෙන ය.

NARSINH MEHTA (1932)

FIRST GUJARATI TALKIE FILM 

YouTube

ඉන්පසු,1935 දී හෝමී මාස්ටර් අධ්‍යක්ශනය කල “Ghar Jamai” නම් ප්‍රහසන සිනමාපටයද,එහි සිනමාවේ මුල් යුගය සිහිපත් කරන නිර්මානයක් වන අතර, 1947 දී ඉන්දියාව නිදහස දිනාගන්නා තෙක්,මෙම කර්මාන්තය විසින් නිශ්පාදනය කල, මුලු චිත්‍රපට ගනන 12 ක් පමනි. වර්ථමානයේ එහි මුලු චිත්‍රපට ගනන දහසක් පමන වෙයි.සත්‍ය මෙන්ම මිථ්‍යාවන් සහ ජනප්‍රවාද කෙරෙහි අවධානය යොමු කරමින්, 1940 ගණන් වලදී ගුජරාට් චිත්‍රපට නිෂ්පාදනය වර්‍ධනය විය.

1950 සහ 1960 යන දශකය තුලදී , සාහිත්‍ය කෘති පිළිබඳ චිත්‍රපට නිකුත් කිරීමත් සමඟ මෙම කර්මාන්තයේ ප්‍රවනතාවය පැවතුනි. 1970 දශකයේදී ප්‍රාන්ත රජය විසින් බදු මුදල් අඩු කිරීමත් සමග, කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කලත්, ගුනාත්මක බවින් පහල චිත්‍රපට නිර්මානය වී තිබේ. නමුත් 2000 වසර පමන වනවිට, කර්මාන්තය බොහෝ අඩාල වූ අතර, 2010 දී කර්මාන්තය අර්ධ වශයෙන් පුනර්ජීවනය වී ඇති අතර පසුව චිත්‍රපට සඳහා නව තාක්‍ෂණය සහ නාගරික විෂයයන් ගලා ඒම හේතුවෙන්. ප්‍රාන්ත රජය 2016 දී දිරි දීමනා ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළේය.

ගුජරාටි චිත්‍රපට කර්මාන්තයේ ඇති සිත්ගන්නා දෙය නම්, සෑම විටම ගුජරාටි නොවන සහහින්දි සිනමාවේ (බොලිවුඩ්) ජනප්‍රිය පුද්ගලයින් පවා එය පිළිගන්නා බවයි. බොලිවුඩයේ සුපිරි තරුවක් වන අමිතාබ් බච්චන් සහ ජයා බච්චන්ද ‘Carry On Kesar’ ගුජරාට් චිත්‍රපටයේ සුලු කොටසක් සදහා රංගනය කලේය. ‘Parki Jani’ චිත්‍රපටය සදහා පරේශ් රාවල්, Bhavai’ (The Tale of Life) චිත්‍රපටයේ නසුරුද්දීන් ශාහ්, ‘Ventilator’ ජැකී ශෙරොෆ්, ජුහී චව්ලා වැනි නලු නිලියන් රංගනයෙන් දායක වීමත්, තවත් උදාහරනවේ.

ගුජරාට් සිනමා ඉතිහාසයේ තවත් වැදගත් බොහෝ කාරනාවන් කථාබහට ලක්කිරීමට තිබුනත්, අද මෙම ලිපිය ඔස්සේ, මා තෝරා ගත් මාතෘකාව නම්, වසරේ හොඳම විදේශීය චිත්‍රපට කාණ්ඩය යටතේ, රටේ නම ගිය චිත්‍රපට කර්මාන්ත අභිබවමින් , 86 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ඉන්දියාවේ නිල ප්‍රවේශය ලෙස නම් කල, “ප්‍රථම ගුජරාට් චිත්‍රපටය” වන “The Good Road (2013)” පිළිබදව තොරතුරු කිහිපයක් බෙදාගැනීමයි.

ගයාන් කොරෙයා (Gyan Correa) විසින් අධ්‍යක්ශනය කරමින් සහ පිටපත ලියමින්, ඔහුගේ මංගල සිනමා අත්දැකීම වන මෙම චිත්‍රපටය, ඉන්දියානු ජාතික චිත්‍රපට උලෙලේදී (60 වන) , හොදම ගුජරාටි චිත්‍රපටය (2012) ලෙස 2013 වසරේදී සම්මානයට පාත්‍රවිය. එමෙන්ම හොඳම විශේෂාංග චිත්‍රපට ජූරි සම්මානය දිනා ගත්තේය. (Indian Film Festival, Houston (IFFH) Award)

විරල හා තරල වාර්තාමය ආකාරයකින් රූගත කරන ලද “The Good Road” හි රේඛීය විස්තරය වනූයේ, ගුජරාටයේ කච් (Kutch) දිස්ත්‍රීක්කයෙහි, ලුණු කාන්තාර සහිත අධිවේගී මගක යන ගමනේදී, නගරයක ජීවත් වන මධ්‍යම පාන්තික යුවළකගේ සහ දුප්පත් ට්‍රක් රථ රියදුරෙකුගේත් 11 හැවිරිදි දැරිවියකගේත්, කථා තුනක් එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය චිත්‍රපටයෙන් පවසයි. විශේෂයෙන් දරුවන් දෙදෙනෙක් (ආදිත්‍ය,පූනම්) කාන්තාරයේ අතරමං වී ආපසු ගෙදර යාමට මාවතක් සොයමින් සිටින අයුරු මෙහි නිරූපනය වෙයි. එය කච්හි සුන්දරත්වය සහ රළු බව හරහා ගිය ගමනකි.

“අධ්‍යක්‍ෂවරයා ස්වාභාවික නළුවන් සඳහා අවධානය යොමු කළ අතර,චිත්‍රපටයේ ට්‍රක් රථ රියදුරෙකුගේ චරිතය නිරූපණය කරන ශාන්තිභායි සැබෑ ජීවිතයේ ද ට්‍රක් රථ රියදුරෙකි. එහි ආදිත්‍යගේ දෙමාපියන් ලෙස සොනාලි කුල්කර්නි සහ නළු අජේ ගෙහි ද රංගනයෙන් දායක වේ. රූගත කිරීම් ඇරඹීමට පෙර ශබ්ද නිර්මාණ ශිල්පී Resul Pookutty , කාන්තාරයේ තාවකාලික චිත්‍රාගාරයක් පිහිටුවා ස්වාභාවික ශබ්ද පටිගත කළේය. ඔහුද, Slumdog Millionaire චිත්‍රපටය වෙනුවෙන්, පෙර ඔස්කා සම්මානයක් දිනාගත් අයෙකි.

TRAILER –  You Tube
FULL MOVIE – You Tube

ගුජරාටයේ චිත්‍රපට තැනීම යනු දුප්පත් කලාවකි. කෝටි 2.25 ක අය වැයකින් සාදන ලද The Good Road යනු බොහෝ දුරට ගුජරාටයේ සුඛෝපභෝගී චිත්‍රපටයකි. චිත්‍රපට සදහා නිශ්පාදකයින් හිගකම නිසා, ගුජරාටයේ චිත්‍රපට කර්මාන්තය නිරන්තරයෙන් කඩාවැටීමට ලක්වූ අතර, ප්‍රාන්ත රජයේ ප්‍රතිපාදන මත, ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව විසින් , මෙම චිත්‍රපටයේ නිශ්පාදන පිරිවැය සපිරිනි. නමුත්,බොහෝ විට තත්වයෙන් බාල යැයි සැලකූ චිත්‍රපට සදහා රජයෙන් දීමනා නොලැබිනි.

ඉර්ෆාන් ඛාන් සහ නවාසුදීන් සිද්දිකි රංගනයෙන් දායක වූ, ‘The Lunchbox’, සහ ‘Bhaag Milkha Bhaag’ ‘English Vinglish’ මලයාලම් චිත්‍රපටය ‘Celluloid’ සහ කමල හසන් රංගනය කල ‘Vishwaroopam’ සහ තවත් රටේ ප්‍රධාන චිත්‍රපට 22ක ලයිස්තුවකින්, 19 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව ඒකමතිකව The Good Road ඉන්දියාවේ ඔස්කා ප්‍රවේශය කිරීමට තීරණය කළ අතර, මෙහි තේරීම් කමිටුවේ ප්‍රධානත්වය බෙංගාලි චිත්‍රපට නිෂ්පාදක ගෞතම් ඝෝස් විසින් දරනු ලැබීය. ‘ද ගුඩ් රෝඩ්’ තෝරා ගැනීමට පෙර ජූරි සභාව පැය පහක පමණ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, චිත්‍රපටයේ කතාව තුලින් නොදන්නා ඉන්දියාවක් පෙන්වාදී ඇතිබවත් ඔවුන් ප්‍රකාශකර තිබේ. කෙසේ නමුත් ඔස්කා සම්මාන උලෙල වෙනුවෙන්, ඉන්දියාව නියෝජනය කලත්, මෙම චිත්‍රපටයට එහි නිර්දේශ අතර තේරී පත්වීමට නොහැකි විය, මෙම ගුජරාට් චිත්‍රපටය Hyperlink cinema වට අයත් ඉතා විශිෂ්ඨ කලා නිර්මානයක් ලෙස සැලකෙයි.

කෙසේවෙතත්, බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ද එවර ඉන්දියාවෙන් ඔස්කා සදහා යාමට තරගයේ සිටි අතර, “The Good Road” වැනි එතරම් ජනප්‍රිය නොවූ සිනමාපටයක්, ඒ සදහා එක්කිරීමේ තීරනය ගැන, බොලිවුඩයේ සිනමා ප්‍රබලයින්ගේ උදහසට ලක්විය.

Hyperlink cinema යනු සමකාලීන ජීවිතය පිළිබිඹු කිරීම සඳහා මාධ්‍යයේ සීමාවන් ඉක්මවා යාමට උත්සාහ කරන නැගී එන චිත්‍රපට ප්‍රභේදයකි.

එකල ගුජරාටයේ මහ ඇමති ලෙස නරේන්ද්‍ර මෝදිද ට්විටර් පණිවුඩයක් නිකුත් කර, ගුජරාටි චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උළෙලට ප්‍රථම වරට තෝරා ගැනීම ගැන ආඩම්බර වන බව ප්‍රකාශ කලේය. The Good Road ට පෙර, අවසන් වරට ජාතික සම්මානයක් ලැබූ ගුජරාටි චිත්‍රපටය වූයේ,1994 දී තිරගත කල උපේන්ද්‍ර පටෙල්ගේ “Manvi ni Bhavai” ය.

මධූෂි දිලංකා ජයසුන්දර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *