Good bay Rubeus Hagrid | Sinhala Article

Good bay Rubeus Hagrid by Ashini Randini

ඉස්සර නත්තල් නිවාඩු කාලය එනකල් මමයි අක්කයි පුදුම තරම් ආසාවකින් බලාගෙන හිටපු කාලයක් තිබුනා. උදේ පාන්දරම නත්තල් හීතල හුලඟ විඳින ගමන් ආච්චි අම්මගෙ නත්තල් කෑම කන්න එහෙ යන එක අපේ පුරුද්දක් . ගෙදරට යනකොටම කේක් සුවඳ එනව. නත්තල් සැරසිලි ලස්සනට ගේ පුරාම පේනකොට එහෙ ගිය ගමන්ම දුවගෙන දුවගෙන ගිහින් කරන්නෙ ටීවී එක දාන එක. ඊටපස්සෙ අක්කයි මල්ලී එක්ක හැරී පොටර් බලනව. නත්තල් සමරන්න අපි තව අපේ ආදරණීය නෑදෑ ගෙදරක යන්න ලෑස්ති වෙන්නෙත් එහෙ ඉඳම්මයි. ඒත් ලෑස්ති වෙනකල්ම කරන්නෙ හැරී පොටර් බලන එක. ❤

ඒක බලනකොට ආච්චි රස පීස හරි කේක් හරි මොනාහරි හදල උනු උනුවෙන්ම ගෙනත් අතේ තියනකොට නැන්ද තේත් හදල ගෙනල්ල දීල ඉවරයි . මේ හැරී පොටර් කතන්දරේ මොනම වෙලාවක ටීවී එකේ ගියත් අපි බලන්නෙ පුදුමාකාර ආසාවකින්. මහ රෑට ගියත් ඒ කාලෙ අපේ අබලන් ටීවී එකට තට්ටු බට්ටු කර කර මාරම ඉවසීමකින් හැරී පොටර් බලන්න පුලුවන්කමක් අපිට තිබුනා ඒ තරම් අපි ඒ චරිත වලට ඒ මායා ලෝකයට ආදරේ කලා.❤ පුංචි කාලෙ ඉඳන් තිබුනු ආදරේ නිසාම අදටත් ටීවී එකෙ යනකොට නැත්තම් ඩවුන්ලෝඩ් කරල හරි බලන කතා වල ප්රමුඛස්ථානය ගන්නෙ හැරී පොටර් . මම ඩයි හාඩ් පොටර් හෙඩ් කෙනෙක් වෙන්නෙත් ඒ කාලෙ ඒ කතාවෙන් දැකපු අමුතුම සුන්දරත්වය ඒ ආපු ෆීල් එක නිසා.පොත් ටිකත් හොයාගෙන කියෙව්වෙ ඒ චරිත වලින් ඒ කතාවෙන් අපිට ලැබුනු ඒ ෆීල් එක නිසා. ඒ නොස්ටැල්ජියාව හරිම වෙනස් හරිම සුවිශේශී. අපි ඒ නොස්ටැල්ජික් ෆීලින් එකට ආදරෙයි ❤️ හැමදාම ආදරෙයි ❤️

ඒ අතරින් හැග්රිඩ් කියන මනුස්සය අපි හැමෝටම විශේශයි. වෙන කාගෙදෝ දරුවෙක්ව තමන්ගෙම දරුවෙක් වගේ බලාකියාගෙන පරිස්සම් කරනගමන් අනෙක් හැම දරුවෙක්වම ආරක්ශා කරපු යෝධයෙක් වගේ දැවැන්ත පුද්ගලයා. සත්තුන්ටත් දරුවන්ට වගේ ආදරෙයි ❤ ගිනි පිඹින මකරුන්ට පවා.

හැම මොහොතකම සාධාරණය මනුස්සකම අගය කරපු මේ මනුස්සයත් අපි ඒ තරම් ආදරෙන් හැරී පොටර් ෆිල්ම් වැලඳගන්න එක ප්රබල හේතුවක් උනා.මේ ලඟදි රිලීස් උනු හැරී පොටර් රීයුනියන් එකේදි හැග්රිඩ්ගෙ චරිතයට පන දීපු රූබි කෝට්රේන් හරි අපූරු දෙයක් කිව්වා

?️” තවත් අවුරුදු පනහකට පස්සෙත් ඔයාලට හැරී පොටර් බලල රස විඳින්න පුලුවන් වේවි. මම එතකොට නැති වේවි.ඒත් හැග්රිඩ් හැමදාම ඔයාලගෙ මතකයේ තියේවි”?️

ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් හැග්රිඩ් අපේ ලමා කාලය ලස්සන මතක වලින් පිරෙව්වා. තවත් අවුරුදු ගානකින් ඊලඟ පරම්පරාත් මේ කතාවට මේ චරිත වලට ආදරේ කරාවි. එයාලව ආදරෙන් වැලඳගනීවි. හැරීට රොන්ට හර්මයිනිට ඩම්බල්ඩෝට ස්නේප්ට ආදරේ කලා වගේම හැග්රිඩ්ටත් හැම කෙනෙක්ම ආදරේ කරාවි.හැග්රිඩ් නැතුව හොග්වෝට්ස් වැඩක් නැහැ කියල හැරී වගේම එයාලත් පිලිගනීවි.❤

අපේ ලමා කාලය සුවඳවත් කලාට ස්තූතී හැග්රිඩ් ❤

ඇත්තටම අපිට ඔයාව මතකයේ හැමදාමත් තියේවි.

සුබ ගමන් ❤

අශිනි රන්දිනි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *