Get Out (2017) English by Isuru Perera
මීට කලින් අපි කතා කරපු අමුතුම නිර්මානයක් උන Us 2019 මූවි එක මතක ඇතිනෙ. එ මූවි එකෙම Director උන Jordan Peele විසින්ම තමයි මෙ මූවි එකත් අදයක්ෂනය කරලා තියෙන්නෙ.
මෙ මූවි එකට සමගාමිව සම්මාන හතරක් හම්බ වෙලා තිනවා. එ සම්මාන වලින් එකක් වෙන Best Horror කින කැටගරි එක යටතෙ 2018 ද සම්මානයක් ලබා ගන්නවා. එත් ඒ ඇයි කින එක නම් හිතන්න ඕන දෙයක්.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් ක්‍රිස්(chris) කියන්නෙ කලු ජාතිකයෙක්. වෘත්තිමය ජයාරූප ශිල්පියෙක් වෙන ක්‍රිස්ගෙ පෙම්වතිය තමා රෝස් (Rose Armitage) කියන්නෙ. ඇය සුදු ජාතික යුවතියක්. ක්‍රිස්ගෙ චරිතය ගත්තොත් හොද ඉවසිමක් තියෙන අහිංසක පුද්ගලයෙක්.
ඉතින් ක්‍රිස් තමන්ගෙ පෙම්වතිය වන රෝස්ගෙ ඉල්ලිම මත ඇයගෙ දෙමව්පියන්ව හම්බ වෙන්න රෝස්ගෙ ගමට යනවා. රෝස්ගෙ දෙමව්පියන් ක්‍රිස් කලු ජාතිකයෙක් කින එකවත් නොසලකා ඔහුව ආදරෙන් පිලිගන්නවා. මෙ නිවසෙම තවත් කලු ජාතික සෙවකයන් දෙදෙනෙක් සිටිනවා. මොවුන් දෙදෙනා අසාමානය හැසිරිම ක්‍රිස්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔහොම ඉන්න ක්‍රිස්ට මෙ ගෙදරදි අමුතුම සිද්ධින් ටිකකට මූණ දෙන්න වෙනවා. මෙ දෙවල් එක්ක නැවත මෙ ගමෙන් පිට වෙන්න හැදුවත් රෝස්ගෙ සහොදරයා දෙමව්පියො ක්‍රිස්ට එකට ඉඩ දෙන්නෙ නෑ. එතනින් එහාට මොනවද වෙන්නෙ කිල දැනගන්න ඕන නම් මූවි එක බලලා රස විදින්න. හැබැයි මූවි එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් එහාට කියෙව්වොත් spoiler වෙයි. මෙතනින් එහාට කතා වෙන්නෙ ඇත්තටම මූවි එකෙ මොනාද වෙන්නෙ කින එක.
මෙතන සිද්ද වෙන්නෙ මෙකයි රෝස්ගෙ ෆැමලි එක ආමිටෙජ් ෆැමලි එක කාලයක් තිස්සෙ පරීක්ෂන කරනවා අමරණීය වෙන්න ක්‍රමයක්. ඉතින් මොවුන් දළඹුවකු නව ශරිරයක් සහිතව සමනලයෙකු වි ලබන අලුත් ජිවිතය ආදර්ශයට ගෙන ක්‍රමයක් හොයා ගන්නවා. එ කෙනෙක්ව මොහනය මගින් මානසිකව පාලනය කරලා එ කෙනාගෙ ශරිරය එ කෙනාට කොන්ට්‍රොල් කිරිමට නොහැකි මානසික තත්වයක් හදලා එකට තමන්ගෙ මොලයෙ කොටසක් බද්ධ කරලා තමන් එ බද්ධ කරන පුද්ගලයාගෙ ශරිරය තුල නව ජිවිතයක් ශලයකර්මයක් තුලින් ලබාගෙන ජිවත් වෙන ක්‍රමයක් තමා මොවුන් හොයා ගන්නෙ.
ඉතින් මොවුන් කරන්නෙ මොවුන්ගෙ තියෙන අවශයතාවන් පරිදි පුද්ගලයන් තොරාගෙන එ පුද්ගලයා රෝස් මගින් රවට්ටගෙන ගමට ගෙනල්ලා මොහනය මගින් මානසික තමන්ගෙ ශරිරය පාලනය කිරිමට නොහැකි තත්වයට ගෙනල්ලා ශලයකර්මයත් තුලින් තමන්ගෙ පවුලෙ සමාජිකයෙකු හට එම ශරිරය ලබා දිම.
ක්‍රිස්ටත් මෙතනදි වෙන්න ගියෙ මෙන්න මෙ දෙයි.
අපි දැක්කා ක්‍රිස් මුලින්ම රෝස්ගෙ ගෙදර ආපු දවසෙ දැක්ක වොල්ටර් කියන අමුතු පුද්ගලයා. මෙ පුද්ගලයාගෙ ශරිරය තුල තමා රෝස්ගෙ සීයා ජිවත් වෙන්නෙ. මතක ඇති ක්‍රිස් රාත්‍රි කාලයෙ සිගරට් එකක් බොන්න ගියපු වෙලාවෙ මෙ වොල්ටර් කින පුද්ගලයා රාත්‍රී කාලයෙ වෙගයෙන් දුවමින් ඉන්නවා. ඉතින් රෝස්ගෙ තාත්තා එක තැනකදි කිනවා ඔහුගෙ පියා කලින් මලල ක්‍රිඩා කරපු පුද්ගලයෙක් බව. ෆිල්ම් එක මුලදි මෙ හැසිරිම් කුතුහලයක් උනාට නැවත හොදින් බලපුවම තමා මෙ දෙවල් හොදින් තෙරෙන්නෙ.
එතකොට මතක ඇති රෝස්ගෙ නිවසෙ හිටපු අනිත් කලු ජාතික සෙවිකාව වෙන ජොර්ජිආනාව. රෝස්ගෙ පියා ඇයව ක්‍රිස්ට පෙන්නලා කිනවා මගෙ අම්ම මැරුනට පස්සෙ මගෙ අම්මගෙන් කොටසක් මන් ඉතුරු කර ගත් බව. ඉතින් මූවි එක බලද්දි අපිට නොතෙරි අපිට දෙන ඉඟි තමා මෙ සිද්දින්.
තව කතා කලයුතු දෙයක් තමා රෝස්ගෙ ගෙදර තිබුන උත්සවය. මෙ උත්සවයෙදි රෝස් තමන්ගෙ ඥාති කියා ගන්නා පිරිසට ක්‍රිස්ව පෙන්වපුවම ඔවුන් තමන් තමන්ට ක්‍රිස්ගෙ දක්ෂතා ගැලපෙනවද කිල බලන්න විවිද ප්‍රශ්න අහනවා. මූවි එක බලද්දි අපිට පෙන්නෙ ජාති බේදයක් නිසා ක්‍රිස්ව අපහසුතාවයට පත් කරන්න ඇහුවා වගෙ උනත් ඇත්තටම සිද්ද වෙන්නෙ එකිනෙකා ක්‍රිස්ව පරික්ෂා කිරිමයි තමන්ට ගැලපෙනවද යන වග.
ඊ ලග කාරනය තමයි මෙ උත්සවයෙදිම හම්බ වෙන අවුරුදු 22ක් විතර වයසැති තරුණ කලු ජාතිකයා. මොහු සිටින්නෙ වයස අවුරුදු 40ක් විතර වෙන කාන්තාවක් සමග. එ වගෙම මොහුගෙ විලාසිතා සුදු ජාතික වයසක පුද්ගලයෙකුට සමාන වෙනවා. ක්‍රිස්ට මොහුව දැකලා පුරුදු නිසා මොහුගෙ ෆොටො එකක් ගන්න යන විට ෆ්ලැසර් එක වැදුන මොහොතෙ මොහු ක්‍රිස් වෙත තරහෙන් කඩා පනිනවා. මට නම් මුලදි හිතුනෙ ෆොටො එකක් ගත්ත නිසා ඔහු එ තරහට එම කරනවා ඇති කිල. එත් ඇත්තටම වෙන්නෙ ෆ්ලැසර් එකෙන් එන ආලොකය නිසා මොහන තත්වයෙන් මිදි ශරිරයෙ නියම අයිතිකාරයා එලියට ඇවිත් ක්‍රිස්ට අනතුරු අඟවන එක මෙහෙන් පලයන් කිල..
මෙ සිද්දි අතරම ඊ ලගට වෙන අපුරු සිද්ධිය තමා බිංගො ක්‍රිඩාව. මොවුන් මෙ ක්‍රිඩාව තුලින් දිනන පුද්ගලයාට තමා අලුත් නව ශරිරය ලබා දෙන්නෙ. ඉතින් ක්‍රිස්ගෙ ශරිරය ලබා ගන්න මෙ පාර චාන්ස් එක ලැබෙන්නෙ තවත් අසාර්තක එත් ජයාරූප ශිල්පියෙක්ට. ඔහුට ක්‍රිස්ව කොයි තරම් වටිනවද කිව්වොත් ක්‍රිස් කියන්නෙ බොහම සාර්තක ජයාරුප ශිල්පියෙක් යන වග ඔහු දැනන් ඉන්නවා.
මෙ සිද්ධි හැම එකක්ම අවසානයෙ ක්‍රිස් නිවසට පැමින මෙ සිද්ධි තමන්ගෙ මිත්‍රයට දුරකතන ඇමතුමක් මගින් කියන්න යන විට ඔහු දකින්නෙ තමන්ගෙ ෆොන් එක චාජරයෙන් ඉවත්කොට ඇති බව. ඔහු මෙ චොදනාව ජොර්ජිආනාට එල්ල කරන අතර එතනට සමාව ගන්න එන ජොර්ජියානා කතා කරන විදිය ගැන බැලුව නම් තවත් විශෙෂ දෙයක් බලාගන්න පුලුවන්. එ ඇය අඩන ගමන් හිනා වෙනවා. මෙතනදි කදුලු හෙලන්නෙ ඇත්තම ජොර්ජියානා වන අතර ඇයට උවමනා වෙලා තියෙන්නෙ ක්‍රිස්ට තමන්ට උන දෙ කියන්න. නමුත් මෙතනදි හිනා වෙන්නෙ ජොර්ජියානාගෙ ශරිරය පාවිච්චි කරන රෝස්ගෙ ආච්චි.
මෙ කොම උනත් අවසානය දක්වා ප්‍රෙක්ෂකයාගෙ අවදානය වෙනතකට යොමු කරන්න Jordan එක තැනකදි කපටි වැඩකුත් කරනවා. එ ක්‍රිස්ව මොහනය කරන්න පෙරාතුව ඔහු නිදාගෙන සිටින විට ඔහු ඇදට වෙලා තමන් රෝස්ගෙ ගමට එද්දි මැරුන මුවා හිටිය ස්තානයට ගිය හැටි ගැන කල්පනා කරනවා පෙන්වනවා. එත් මෙතන තින සුවිශෙෂි දෙ තමයි ඇත්තටම එ සිද්ධිය උන වෙලාව දවල් කාලය උනත් ක්‍රිස් එ තැන ගැන හිතනවා පෙන්වන්නෙ රාත්‍රි කාල ස්වරුපයෙන්. එ කියන්නෙ ක්‍රිස් එ ගැන හිතනවා නෙමෙ ක්‍රිස් මොහනය කරන සිද්දියෙ ඉදන් හැම දෙයක්ම හිනයක් විදියටයි දකින්නෙ කිල බොරුවට පෙන්වන්නයි Jordanට උවමනා වෙන්නෙ.
එ වගෙම තමා මතක ඇති මූවා මැරුන ස්තානයට පොලිසිය ආවම ක්‍රිස්ගෙ හැදනුම්පත ඉල්ලද්දි රෝස් එකට විරුද්ධ වෙනවා. ඇත්තටම ෆිල්ම් එක බලද්දි මුලදි හිතෙන්නෙ එ ක්‍රිස්ට තින ආදරෙට කිල. එත් රොස්ට ඕන වෙන්නෙ ක්‍රිස්ගෙ අනන්‍යතාවය පොලිසියෙන් හංගන්න.
ෆිල්ම් එකෙ අපි අවසානය තෙක් නොහිතන එ වගෙම අපිට වෙනම විදියකට හිතෙන ආකාරයට ෆිල්ම් එක මුල් හරියෙදි ගොඩක් දක්ෂ ලෙස jordan ගොඩ නගනවා. එ අතින් ගත්තම මෙ මූවි එක????
ඉතින් මෙ කන්සෙප්ට් එක දැක්කම මෙ මුවි එක mystery thriller ගණයට කැටගරි කරත් වැඩියෙන්ම ගැලපෙන්නෙ sci fi කාන්ඩයටයි.
මෙ ෆිල්ම් එකට අදාල නැති උනත් පොඩි කාරණාවනක් තිනවා කියන්න. පලවෙනි එක මෙ මුවි එකෙ තින කන්සෙප්ට් එක කලින් දවසෙ මම හිනෙකින් මන් දැක්කා.
ඊ ලග එක තමා මුවි එක මුලදිම අමුතුම සංගිතයක් එක්ක කාර් එකෙන් ගස් පෙලියක් පහු කරන් යනවා දැක්කම මට හිතුන දෙ තමා මෙ සීන් එක ඇතුලත් කරලා තියෙන්නෙ අපිව මොහනය කරලා ෆිල්ම් එක බලන්න පොලඹවන්නද කිල හිතුන. එතකොටත් මන් දැනන් හිටියෙ නෑ මොහනය කින දෙ මෙ මූවි එකෙ තින බව.
ඉතින් අපිට මෙකෙන් දෙයක් තියනවා හිතන්න.මොකද අපි දන්නවා පහු ගිය කාලෙ එක් මනුස්සයෙක්ගෙ ශරිරයට තවත් මනුස්සයෙක්ගෙ හිසක් බද්ධ කරන්න හදපු පරීක්ෂනය සාර්තක නොවුනත් සම්පුර්ණයෙන් ආසාර්තක නොවුන බව දවසක මෙ දෙවල් හරි ගිහින් මොලයක් බද්ද කරන දවස දක්වා දියුණු උනොත්,අවුරුදු දහස් ගානක් එකම පන්තියක් එහි වරප්‍රසාද අනවසර ආකාරයෙන් බුක්ති විදිමට තියෙන ඉඩ කඩ වැඩියි.
- Jordan Peele