Careless• Whisper
නොසැලකිලිමත් වචන
මේ සින්දුව නම් ඕන කෙනෙක් අහලා ඇති. සින්දුව කෙසේ වෙතත් මේ Saxophone සංගිතය නම් අහලා නැති කෙනෙක් නැති තරම්… මේ තමයි අවුරුදු 09 ක් තිස්සේ මගේ Playlist එකේ No:1 සින්දුව. 2013 දි තමයි පලවෙනි වතාවට මම මේ සින්දුව අහන්නේ මේ සින්දුව ඉංග්‍රීසි ගායක ජෝර්ජ් මයිකල්ගේ ගීතයක් . මේක නිකුත් කලේ 1984 ජූලි 24. ජොර්ජ් මයිකල් පැවසුවේ Careless whisper ගිතය ඔහුගේ ළමා කාලයේ සිදුවීම් මත පදනම්ව සංකල්පගත කළ බවයි.
ගීතයට පාදකවුන සිදුවිමේ ආරම්බය ….
ජොර්ජ් මයිකල් විසින් ,
මට වයස අවුරුදු දොළහ පමන වන විට මගේ සහෝදරියට ලන්ඩනයේ ක්වීන්ස්වේහි අයිස් වැඩපලකට යාමට සිදු වුනා . එතන හිටියා දිග ලා දුඹුරු කෙස් තියෙන ගෑණු ළමයෙක්. එයාගේ නම ජේන්. මම ඒ කාලේ කණ්නාඩි දාපු මහත කොල්ලෙක්. මට එයා ගැන ලොකු කැමැත්තක් ඇතිවුනා. සමහර දවසට අපි හිම මත ලිස්සා යාමේ පිටියට ගිය දවසට මම සවස් වනතුරු ජේන් සමග කතා කරමින් ගත කරනවා . නමුත් පසුව ඇය මට මගහැරුනා. පසුව අවුරුදු කිහිපයකට පසු මම මගේ පළමු ආදර සම්බන්ධතාවය හෙලන් නම් ගැහැණු ළමයෙකු සමඟ පැවැත්වුවා. මයිකල් තවදුරටත් පැවසීය. පසු කලෙක ක්වීන්ස්වේ සිට පැමිණි ලා දුඹුරු ගැහැණු ළමයා ඇගේ පාසල් ජිවිතය අවසන් කිරිමට පැමින ඇති බව මා දැනගත්තේය. එය මට ටිකක් සැනසිමකි . එක් දිනක අහම්බෙන් ඇය මා හමුවානද ඇය මා හදුනගත්තේ නැත. ඒ වන විට මගේ පෙනුම බොහෝ සෙයින් වෙනස් වෙලා තිබුනා.
කාලය ගත වු පසු පාසලේ අවසාන දිනය පැමින තිබුනා. මම සහ යහලුවන් පාසලේ අවසාන දින ඩිස්කෝ එකක් වාදනය කළා. ජෙන් දැනගෙන සිටියා මා කාත් සමග හෝ ආදර සම්බන්ධයක් පවත්වන බව. නමුත් ඇය එය ස්ථිර වශයෙන්ම දැන ගෙන සිටියේ නැ . නමුත් එක් අවස්ථාවක ඇය මා සමග නර්ථනයක යෙදුනා. ඒ තමයි මගේ ජිවිතේ ගතකල හොදම මොහොත. පසු කලෙක දිගින් දිගටම මම ඇයව හමුවිමට පටන් ගත්තා. නමුත් මම හෙලන් දැකීම නතර කළේ නැ . මම හිතුවා මම දක්ෂයි කියලා . ඒත් මම ජේන් එක්ක තිබ්බ සම්බන්ධය ඉවර නොකර හෙලන් කියන කෙල්ල එක්ක වෙන සම්බන්ධයක් පටන් ගත්තා. ඒ සියල්ල ටිකක් සංකීර්ණ වුනා. ජේන් මාස කිහිපයකට පසු මගෙන් මිදුණා …පසුව මට වෙන ගැහැනු ලමයෙකු ගැන ඇත්ත වශයෙන්ම එතරම් හැඟීම් ඇති නොවීය. මගේ පලමු ආදරය ජේන් ගැන මට වරදකාරී හැඟීමක් ඇති වුනා. මම ඇයව එතැන් සිට දුරින් ආශ්‍රය කලා. මෙම ගීතයේ අදහස ඇය ගැන ය. ” Careless whisper ” . අපි නැටුවා. ඇත්තටම අපි එදා ගොඩක් නැටුවා … නමුත් ඇය දන්නවා … එය සිදුවි ඉවරයි…..
I feel so unsure
මට හරිම අවිනිශ්චිත බවක් දැනෙනවා
As I take your hand and lead you to the dance floor
මම ඔබේ අත අල්ලාගෙන ඔබව නැටුම් තට්ටුවට ගෙන යන විට
As the music dies, something in your eyes
සංගීතය මිය යන විට, ඔබේ ඇස්වල යමක්
Calls to mind a silver screen
රිදී තිරයක් මතකයට කැඳවයි
I’m never gonna dance again
මම ආයේ කවදාවත් නටන්නේ නැහැ
Guilty feet have got no rhythm
වරදකාරී පාදවලට රිද්මයක් නැත
Though it’s easy to pretend
මවාපෑම පහසු වුවත්
I know you’re not a fool
මම දන්නවා ඔයා මෝඩයෙක් නෙවෙයි කියලා
I should’ve known better than to cheat a friend
යාලුවෙක්ව රවට්ටනවාට වඩා මම දැනගෙන ඉන්න තිබුනා
And waste the chance that I’d been given
ඒ වගේම මට දීපු චාන්ස් එක නාස්ති කරන්න
So I’m never gonna dance again
ඒ නිසා මම ආයේ කවදාවත් නටන්නේ නැහැ
The way I danced with you, oh
මම ඔබ සමඟ නැටූ ආකාරයට
_____________________
Time can never mend
කාලය කිසිවිටෙක නිවැරදි කළ නොහැක
The careless whispers of a good friend
හොඳ මිතුරෙකුගේ නොසැලකිලිමත් කටහඬවල්
To the heart and mind
හදවතට සහ මනසට
Ignorance is kind
අවිද්‍යාව කරුණාවන්තයි
There’s no comfort in the truth
සත්‍යයේ සැනසීමක් නැත
Pain is all you’ll find
ඔබට සොයා ගත හැක්කේ වේදනාව පමණි
Never without your love
ඔහ් ඔබේ ආදරය නොමැතිව කවදාවත්
Tonight the music seems so loud
අද රෑ සංගීතය ඉතා ඝෝෂාකාරී බව පෙනේ
I wish that we could lose this crowd
මට මේ සෙනඟ නැති වුණා නම් හොඳයි
Maybe it’s better this way
සමහර විට මේ විදිහට වඩා හොඳයි
We’d hurt each other with the things we’d want to say
අපට කියන්නට අවශ්‍ය දේවලින් අපි එකිනෙකා රිදවන්නෙමු
We could have been so good together
අපිට ගොඩක් හොදට එකට ඉන්න තිබුනා
We could have lived this dance forever
අපිට මේ නර්තනය සදාකල් ජීවත් වෙන්න තිබුණා
But now, who’s gonna dance with me?
ඒත් දැන් කවුද මාත් එක්ක නටන්නේ?
Please stay
කරුණාකර ඉන්න
now that you’re gone
ඔයා දැන් ගියා කියලා
(Now that you’re gone)
(දැන් ඔයා ගිහින් ඉවරයි )
was what I did so wrong, so wrong
මම කරපු දේ ගොඩක් වැරදිද? , වැරදිද?
That you had to leave me alone?
ඔයාට මාව තනියම දාලා යන්න වුණා කියලා?
ගීතයේ සිදුවිම සහ අර්ථය …
මේ ගීතයෙන් කියවෙන කතාව වෙන්නේ උසස් පාසලේ අවසාන දින සිදුවන උත්සවය / ඩිස්කෝ එක අතරතුරදි . උත්සවය අතරතුරදි මයිකල් විසින් ජේන්ට නැටුමකට ආරාධනා කරනවා. හැබැයි මේ වන විටත් ජේන් දන්නවා මයිකල් වෙනත් කෙල්ලෙකු සමග සම්බන්ධතාවයක් ඇති බව. පසුව ඒ සියල්ල මොහොතකට අමතක කල ජේන්ගේ කැමැත්ත මත මයිකල් ඇයව නැටුම් වේදිකාව මතට එක්කගෙන යනවා. හැබැයි මයිකල් වෙන කෙනෙක්ට ආදරය කරනවා. ඒක නිසාම ජේන් ගැන ඔහුට ලොකු අවිනිශ්චිත බවක් හැගෙනවා. සංගිතය මියයමින් ඇත. එනම් සංගිතය තවදුරත් මයිකල්ව සනසාලන්නේ නැත. එ සංගිතය නිසාම මේ වන විට මයිකල් දුකින් මුසපත්ව ඇත. ඒ ඔහු වෙනත් කෙනෙක්ට ආදරය කරමින් තවත් කෙල්ලෙකු සමග නර්ථනයේ යෙදෙන නිසාය . ඔහුගේ පාදද ඔහුට අවනත නැත. ඔහුගේ පාදද ඔහුගේ වරදකාරිබව දනි. ඔහු දන්නවා ජේන් කියන්නේ මොඩයෙක් නෙමේ කියලා. මයිකල් දැනුත් සිදුකරන්නේ ජේන්ව රවට්ටන එක .නමුත් ජේන් නර්ථනයේ යෙදිමට කැමතියි කියු අවස්ථාවේ මයිකල්ට ලොකු අවස්ථාවක් ලබාදෙනවා. නමුත් මයිකල්ගේ වැරදිකාරි බව නිසා ඔහු හිතනවා තවදුරටත් ජේ්න් එහෙම අවස්ථාවක් ඔහුට ලබා නොදුන්නම් කියලා. ඔහු පවසන විදියට මේ ඔහු ගැනු ලමයෙකු සමග නර්ථනයේ යෙදෙන අවසාන අවස්ථාවයි. ඔහු තවත් නර්ථනයේ යෙදෙන්නේ නැහැ…..
නර්ථනයේ යෙදෙන කාලය වේගයෙන් ඉගිලි ගොස් ඇත . සංගිතයේත් නර්ථනයේත් අවසානයකට ලගාව ඇත. මයිකල් මිට පෙර කල දැ නැවත ආපස්සට ගත නොහැක. ජේන් මයිකල් ගැන සත්‍ය දැනගෙන ඇත. ඇයට එහිදි දැනගන්න ලැබෙන්නේ වේදනවක් පමනි. එම සත්‍යයේ සැනසිමක් නොමැත. අවසානයේ සිදුවන්නේ මයිකල් ගැන සත්‍ය ජෙන් විසින් දැනගත් පසු ඔහුන් අතර ප්‍රශ්නයක් ඇතිවිම පමනකි.
මයිකල් දන්නවා තවදුරටත් ජේන්ගේ ආදරය ඔහුට ලබාගත නොහැකි බව. ඇයගේ ආදරය නැතිව මේ නර්ථනය වැඩක් නැත. ඇයගේ ආදරය නැතුව ඔහු සංගිතය හෝ නර්ථනය රසවිදින්නේ නැත. දැන් ඔහුට ඇසෙන එකම ශබ්දය අසල මිනිස්සුනගේ ගොෂාවක් පමනි. මයිකල් හිතන විදියට මේ නර්ථන ශාලාවේ සිටින මිනිස්සුන් නොසිටියාම් හොදය. මන්ද ඔහුට ජේන් සමග තනි විමටය. නමුත් මයිකල් පසුව ඔහුගේ සිත සනසාගන්නේ ” කමක් නැ මේ විදියත් හොදයි ” කියාය. ජේන්ට බොහෝදේ පැවසිමට ඇත. නර්ථනයේ යෙදෙන අවස්ථාවේම මයිකල් විසින් ජේන්ට බොහෝ දේ පවසා ඇත. ජේන්ද මයිකල්ට බොහෝ දේ පවසා ඇත. එහිදි සිදුවන්නේ දෙදෙනා විසින් ඔවුන්ගේ සිත් බිදදමා ගැනිමකි. මයිකල් ජේන්ගේ විමසන්නේ ” අපිට ගොඩක් හොදින් ඉන්න තිබුනා ජේන්. අපිට හැමදාම මෙහෙම නර්ථනයේ යෙදෙන්න තිබුනා. ඒත් දැන් ඔයා මාව දාලා ගියාම කවුද මාත් එක්ක නර්ථනයේ යෙදෙන්නේ? “
එසේ පවසනවාත් සමගම ජේන් මයිකල් හැරදා නැටුම් වේදිකාවෙන් බැස යනවා. මයිකල්ගේ සිතේ හටගන්නෙ එකම සිතුවිල්ලයි. ” කරුනාකරලා ටිකක් ඉන්න ජේන් “
පසුව මයිකල් , ජේන්ගේ විරහව නිසා බොහෝ සෙයින් දුකින් කාලය ගත කර ඇත. ඔහු ගීතයේ අවසානයේ කියන ” මම ආයේ නටන්නේ නැ ” කියන්නේ මයිකල් තවදුරටත් වෙන කෙනෙක්ට ආදරය කරන්න තරම් හැගිමක් ඔහුට නැ කියන එකයි. නැටුම් වේදිකාවෙන් බැස යන ජේන් දිහා බලාගෙන ඉන්න මයිකල්ගේ සිත මුමුනන්නේ එකදෙයයි.
” ඔයා දැන් මාව දාලා ගිහින් ජේන් , මම කරපු දේ වැරිදිද? ගොඩක් වැරදිද ? ඔයා මාව මෙතන තනියම දාලා යන්න ඔයාට දුක නැද්ද ජේන් “
මේ Careless whisper ගිතය තමයි මයිකල්ගේ ඉතාමත් ජනප්‍රිය වු ගිතය. එය ආශ්වාදජනකයි . අදටත් මම ආසම ගීත ලයිස්තුවේ අවුරුදු 09 මුලුල්ලේ ඉහලින්ම රැදෙන ගීතය . අදටත් මට ගීතයේ පද මතකයි. මේ සින්දුව ආයේ ජනප්‍රිය වෙන්න ගත්තා Deadpool 2016 චිත්‍රපටියෙන්. චිත්‍රපටියේ අන්තිමට වේඩ් කාරයා කැගහලා කියන සින්දුව ….
” මම නැවතත් නටන්නේ නැ…. මම ඔයත් එක්ක නටන විදිය එක්ක “
කොහොම වුනත් ජෝර්ජ් මයිකල් මේ වන විට මියගොස්ය . 2016 දෙසැම්බර් 25 වන දින ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ගෝරිං-ඔන්-තේම්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී මයිකල් හෘද රෝගයකින් මිය ගොස් ඇති බව සොයා ගත්තේය. වසර 38 ක් ගත වි හමාරය. ගායකයා මියගොස්ය. ගීතය අදටත් ජනප්‍රියයි. ගිතයේ සංගීතය අදටත් ජනප්‍රියයි…….
Artist: George Michael
Nominations: Brit Award for Song of the Year, MORE