Gentlemen Prefer Blondes ( 1953) English | Sinhala Article

Gentlemen Prefer Blondes ( 1953) English by Hirusha Kasun

90% liked this film Google users

මට Gentlemen prefer blonde චිත්‍රපටය නැරඹීමට හේතු දෙකක් මූලික උනා. එකක් තමා මම පෞද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන රංගන ශිල්පිනියක් වන Marilyn Monroe මෙහි රංගනයෙන් එක් වීම. දෙවැන්න තමා මේ දිනවල මම චිත්‍රපට නරඹමින් යන Howard Hawks මෙහි අධ්‍යක්ෂකවරයා වීම.

සිනමාව බිහිකල සුන්දරම රංගන ශිල්පිනියක් තමා Monroe ඒ ගෙන මම අමුතුවෙන් වචන ගලපන්න උවමනා නැහැ. සුන්දරත්වය වගේම ඊටම මුහු උන සරාගීබව වගේම ඈටම අනන්‍ය අපූර්ව රංගන හැකියාව ගෙන සිනමාව ප්‍රිය කරන හැමෝම දන්න කාරණාවක්.

Howard Hawks කියන්නෙ එකිනෙකට විවිධ වූ ශානර වල චිත්‍රපට නිර්මාණය කරලා සාර්ථක උන සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. එතුමාගේ චිත්‍රපට මේ දිනවල බලන් යන නිසා අපි ඒ පිළිබඳව පසුව කතිකා කරමු

Gentlemen prefer Blondes කියන්නෙ Monroe ගෙය් Howard ගෙය් Combination එකෙන් නිර්මාණය උන දෙවැනි චිත්‍රපටය මම මීට කලින් දිනයක ලියා පල කලා Monkey Business චිත්‍රපටය ගෙන ඒක තමා පලවැන්න. මේක එච්චර ස්පෙෂල් කම්බිනේෂන් එකක් නෙවෙයි තමා. මොකද මන්කි බිස්නස් එකේ Monroe කලේ සප්පොර්ටින් රෝල් එකක්.

Gentlemen prefer blonde කොමඩි මියුසිකල් පැත්තට වැටෙන චිත්‍රපටයක් . මියුසිකල් ගොඩක් අයට පෑහෙන ශානරක් නෙවෙයි ඒ හන්දා මියුසිකල් චිත්‍රපට වලට අකමැති උදවියට මේක මහා විකාරයක් වෙන්න පුලුවන් . කෙසේ උනත් මේක මට පෞද්ගලිකව ඉතාමත් ආකර්ෂණීය චිත්‍රපටයක් .

ලොරේලි ලී හා ඩොරති කියන්නෙ ගායන ශිල්පිනියන් දෙදෙනෙක්. දෙදෙනාම මිතුරියන්. ලී විස්වාස කරන්නෙ ඈට ආර්ථික අතින් සාර්ථක වෙන්න පුලුවන් වෙන්නෙ ධනවත් පිරිමියෙකු හා විවාහ වීමෙන් පමණක් බව. ඒවගේම ඈ ආභරණ වලටත් බොහෝ සෙය්න් ඇලුම් කරනවා. ඉතින් ඈ ගුස් නම් බොළද මෝඩපහේ තරුණයෙකු සමග හාද වෙනවා . ඔහු ධනවත් ඈ ප්‍රිය කරන ඕනෑම දෙයක් මිලට ගන්නට තරම් ධනයක් ඔහුට තියෙනවා . නමුත් ගුස්ගේ පියා එස්මන්ඩ් අනුමාන කරනවා ලී ගුස්ව රවටාගෙන මුදල් කඩවඩා ගැනීමේ අරමුණින් විවාහ කරගන්න උත්සාහ කරන බවට.

ඔය අතරේ ලී තීරණය කරනවා ප්‍රංශයේදී ගූස් හා විවාහ වන්න. නමුත් ප්‍රංශය වෙතට එකම නැවේ ලී සමග යන්න ගූස්ට එන්න වෙන්නෑ. පියා ඔහුව නවතනවා. ඒ වෙනුවට ගූස්ගේ පියා ඔහුගේ සැකය තහවුරු කරගන්නට එර්නි නම් පුද්ගලික රහස්පරීක්ෂකවරයාව රහසේ ලීගේ ඔත්තු බලන්නට යොදවනවා. නැවෙදි මොනා වෙන්න ඇත්ද , ගූස් හා ලී විවාහ උනාද යන කාරණා චිත්‍රපටයේ කතාව වෙනවා

මියුසිකල් ශානරයට වැටෙන නිර්මාණයක් නිසා බොහෝ ගීත මෙන්ම නැටුම් මෙහි අඩංගුය්. සමහර දෙබස් පවා ගීතමය නැඹුරුවක් ගන්නවා. කෙසේ උනත් මියුසික් කොමඩි චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් මේක සෑහෙන්න විනෝදබර චිත්‍රපටයක් වේවි

Release date: August 1953 (USA)
Box office: $5.3 million

හිරුෂ කසුන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *