Gautham Vasudev Menon; To Infinity & Beyond- 01

Gautham Vasudev Menon
To Infinity & Beyond- 01
ගෞතම් වාසුදේව් මෙනන් කියන්නේ අද වෙනකොට බොහොම කතාබහට ලක්වෙන පුද්ගලයෙක්. Trance මලයාලම් චිත්රපටියේ සහ විශේෂයෙන්ම Kannum Kannum Kollaiyadithaal චිත්රපටි දෙකේ කරපු රංගනය නිසා ඔහුව ගොඩක් දෙනෙකුගේ ප්රියතම පුද්ගලයෙක් වෙලා කියලා තමයි පේන්න තියෙන්නෙ. Kannum Kannum Kollaiyadithaal ෆිල්ම් එකේ තමයි ⁣මෑත කාලයේ මම බලපු ෆිල්ම්ස් වලින් හොඳම සර්ප්රයිස් එකක් දුන්න ending එක තිබුනේ?. ඒක නම් හරිම creative වැඩක්???.
කෝමහරි මේ GVM මහත්තයා වෙනුවෙන් ඇති වෙලා තියන අලුත් රැල්ල ගැන සලකලා බලලා මම හිතුවා ගෞතම් මෙනන් ගැන ආටිකල් සෙට් එකක් කරනවා කියලා.
ගෞතම් මෙනන් ඉපදුනේ කොහෙද,කවද්ද, මොනවද ඉගනගත්තේ ඕවා ගැන ඔයාලා දන්නවා ඇති. ඒ වගේම සිනමාවට ආවේ කොහොමද කියලත් දන්න නිසා මම ඒවා ගැන කතා කරන්නේ නැහැ. අනිත් අතට ඒවා වැඩකුත් නෑ වගේ. මොකද අපේ කොල්ලෝ කියන විදියට කිව්වොත් හිටපු විදියට වඩා ඉන්න විදිය තමයි වැදගත්!
තමන්ගේම කියලා ආවේණික සිනමා ස්ටයිල් එකක් හදාගෙන ඒ ස්ටයිල් එක තමන්ගේ පළවෙනි චිත්රපටියේ ඉදලා මේ වෙනකන්ම එක දිගටම පවත්වගෙන ආපු අධ්යක්ෂකවරයෙක් තමයි ගෞතම් මෙනන් කියන්නේ.
ගෞතම් මෙනන්ගේ ස්ටයිල් එක මේ විදියයි කියලා තමයි කියැවෙන්නේ;
?ඔහුගේ චිත්රපටි වල ඉන්න ප්රධාන නළුවා එහෙම නැත්තන් වීරයා නිතරම හරිම ලස්සන, කඩවසම් පෙනුමට ඉන්නවා. ලස්සනට කපලා පීරපු කොණ්ඩය සහ ගාණකට කපපු/ ක්ලීන් ශේව් කරපු රැවුලක් හෝ උඩු රැවුලක් අනිවාර්යයෙන්ම මෙයාලට තියනවා. කතා දෙකක් නෑ ඔය ගොඩක් නළුවෝ ලස්සනටම ඉඳලා තියෙන්නෙ GVM ගෙ ෆිල්ම් එකක තමයි. උදාහරණයක් විදියට සූරියා සහ අජිත් සලකන්න පුලුවන්. තමන්ගේ ෆිල්ම්ස් වල කොස්ටියුම් ඩිසයිනින් ගැන ලොකුව⁣ට හිතන අධ්යක්ෂකවරයෙක්. අජිත් කුමාර් වෙනුවෙන් චිත්රපටියක කරපු හොඳම කොස්ටියුම් ඩිසයින් එක තිබුනේ යෙන්නයි අරින්දාල් චිත්රපටියේ වෙන්න ඕන.
?ප්රධාන නිළිය බොහෝ දුරට ස්වාධීන චරිතයක්. හොඳින් ඉගන ගත්ත, රැකියාවක් කරන අය විදියට තමයි එයාලා පෙන්නුම් කරන්නේ. ඒ වගේම ප්රධාන නිළිය නළුවා යටතේ නැටවෙන රූකඩයක් නෙවෙයි. පෙනුම අතින් ගත්තත් ගත්තත් හරිම ලස්සනයි. Vinnnaithaandi Varuvaaya චිත්රපටියේ ට්රිශාගෙ ලස්සනට, Kaakha kaakha චිත්රපටියේ ජෝතිකාගේ පෙනුමට වශී නොවුන කොලුවෙක් මෙතන ඇතියි කියලා මම හිතන්නෑ.
?නළුවා, නිලිය විතරක් නෙවෙයි ප්රතිවීර චරිතයට පවා හොඳ ලුක් එකක් දෙනවා ගොඩක් දුරට. මැරයොත් ටිකක් ලස්සනට තමයි ඉන්නේ?.
?මධ්යම පාන්තික ජීවන රටාව තමයි බොහෝ දුරට චිත්රපටියේ කතාවට පසුබිම විදියට තියෙන්නෙ. මේ චිත්රපටි වල ඉන්න තරුණ තරුණියෝ දෙමළ වගේම ඉංග්රීසිත් කතා කරනවා. තරුණයෝ ගොඩක් දුරට ඉගෙනීමට බර, තමන්ගේ පවුලෙ අයත් එක්ක ගොඩක් ආදරෙන්, සහයෝගයෙන් තමයි ඉන්නේ. හිතුවක්කාර පුත්තු දකින්නම නැති තරම්.
?චිත්රපටියකට Narrator කෙනෙක් ඉන්නවා. ගොඩක් දුරට ඒ ප්රධාන නළුවා. කතාවේ ගලාගෙන යෑම ප්රේක්ෂකයා අහන්න ලැබෙනවා. ඊට අමතරව තමන්ගේ හිතත් එක්කම කතා කරගන්න අවස්ථා අනිවාර්යයෙන්ම තියනවා.
?පොලිස් චරිත දිහා බැලුවොත් මේ පොලිස් නිලධාරින්ට තමන් ආදරය කරන කාන්තාව අහිමි වෙලා තියනවා.
?තමන්ගෙ චිත්රපටියක ගෞතම් මෙනන් පොඩි හරි කොටසකට ඉන්නවා. සමහරවිට ඒක තත්පර ගාණක දර්ශනයක් වෙන්න පුලුවන්.
?කේර⁣ළය සම්බන්ධ වෙන රූපරාමු කිහිපයක් බොහෝ දුරට තියනවා. ඒක නිසාමද මන්දා Kannum Kannum Kollaiyadithaal චිත්රපටියේ අධ්යක්ෂකතුමා ඒ චිත්රපටිය අවසාන කරන්න කේරළයම තෝරගත්තෙත්?
ගෞතම් මෙනන් අමෙරිකානු සිනමාවෙන් ආභාශය ලබපු අධ්යක්ෂකවරයෙක්. අමෙරිකානු චිත්රපටි වල භාවිතා කරන ‘depth and aesthetics’ කියන කන්සෙප්ට් එක තමයි ඔහු තමන්ගේ චිත්රපටි සඳහා භාවිතා කරන්නේ. ප්රේම කතා වෙනුවෙන් නම් දැනට ඉන්න හොඳම අධ්යක්ෂකවරයෙක් විදියට ගෞතම් මෙනන්ව හඳුන්වන්න පුලුවන්.
එ් වගේම නළුවෙක්, පසුබිම් ගායකයෙක් සහ චිත්රපටි නිෂ්පාදකවරයෙක් විදියටත් ඔහු කටයුතු කරනවා. වෙබ් සීරිස් එකක් ඩිරෙක්ට් කරපු පළවෙනි ප්රමුඛ පෙලේ අධ්යක්ෂකවරයා වෙන්නෙත් ඔහුම තමයි. ඒ වගේම ගෞතම් මෙනන් අධ්යක්ෂණය කරපු මියුසික් වීඩියෝස් සෑහෙන ප්රමාණයකුත් තියනවා.
ඒ වගේම අද වෙද්දි දමිළ සිනමාවට නැතිවම බැරි චරිත කිහිපයකුත් ඔහු විසින් සිනමාවට හඳුන්වලා දීලා තියනවා.
මේ දේවල් සහ ඔහුගේ සිනමා නිර්මාණයන් ගැන ඉදිරි ලිපි තුලින් කතා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *