Gautham Vasudev Menon; To Infinity & Beyond- 08

Gautham Vasudev Menon; To Infinity & Beyond- 08

Achchayam Yenbadhu Madamaiyada(2016)

Achcham Yenbadhu Madamaiyada (aka) Achcham Enbadhu Madamaiyada Songs review
Achcham Yenbadhu Madamaiyada
සාමාන්ය මධ්යම පාංතික පවුලක්. අයියයි නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි හැමෝම ආදරයෙන් ජීවත් වෙනවා. අයියා MBA එකක් එහෙම කරලා ටිකක් කාලයක් නිදහසේ ජීවත් වෙන්න ඕන කියලා යාලුවො එක්ක විනෝදයෙන් ඉන්න කොල්ලෙක්. පොඩි පොඩි ප්රේම කතා දෙකකුත් අයියට තිබිලා තියනවා ඉස්සර. හැබැයි ඒවා පටන් ගන්නත් කලින් ඉවර වුන ප්රේම කතා. දවසක් එක නංගියෙක් එයාගේ යාලුවන්ට ගෙදරට ආරාධනා කරනවා. එදා ඒ ආපු නංගිගේ යාලුවෙක් ළඟ අයියගේ හිත නතර වෙනවා………
ඉන්දියන් රුපියල් කෝටි 27 බජට් එකකින් හදලා කෝටි 50 ආදායමක් හොයපු බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක් තමයි Achchayam Yenbadhu Madamaiyada(AYM). 2016 වසරේදි තමයි මේ චිත්රපටිය තිරගත කරලා තියෙන්නේ.
සංගීත අධ්යක්ෂණය A.R. රහ්මාන් මාස්ටර් විසින් සිදුකරලා තිබෙනවා. සිම්බු සමග මන්ජිමා මෝහන් තමයි ප්රධාන චරිත නිරූපණය සිදු කරන්නේ. AYM 2013 වසරේ දෙසැම්බර් තමයි ඉස්සරවෙලාම රූගත කිරීම් පටන් අරගෙන තියෙන්නේ. නමුත් GVM යෙන්නයි අරින්දාල් වැඩ පටන් අරගෙන තියනවා ඒ අතරෙදි. ඊට පස්සේ ඒක ඉවර වෙනකන් මෙහි වැඩ කටයුතු නතර කරලා තියනවා.
මේ චිත්රපටියේ ප්රධාන නිළිය විදියට මුලින්ම තෝරාගෙන තියෙන්නේ පල්ලවී සුභාෂ් කියලා නිළියක්. ඇය සහ සිම්බු සමග පළමු වටයේ රූගත කිරීම් ඉවර කරලත් තිබුනා. නමුත් දෙවනි වටය 2015 පටන් ගනිද්දි ඇයට දින ලබාදීමේ ගැටලුවක් ඇති වෙලා තියනවා. ඒක නිසා පල්ලවී වෙනුවට තමයි මන්ජිතා තෝරගෙන ආපහු පල්ලවී පෙනී සිටපු සියලු දර්ශන මන්ජිතා යොදාගෙන රූගත කරලා තියෙන්නේ. මම හිතන්නේ සිම්බු කියන්නේ චිත්රපටයක් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සූදානම් නළුවෙක් වෙන්න ඕන. මොකද ඔහුගේ ඉවසීම නොවෙන්න මෙහෙම චිත්රපටයක් ඇති නොවෙන්නත් තිබුනා. GVM සිම්බු ගැන කතා කරන ඕනම වෙලාවක කියන දෙයක් තමයි සිම්බු එක්ක වැඩ කරන එක හරිම පහසුයි කියන කාරණය.
රංගනය ගැන පොඩ්ඩක් කතා කලොත් ඇත්තටම හරිම නැචුරල් රඟපෑමක් තමයි සිම්බුගෙ තියෙන්නේ. මන්ජිමා මේ කාලයේදි නවක නිළියක්. නමුත් ඇයගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. සිම්බු කියන්නේ single take actor කෙනෙක් කියලා තමයි GVM කියන්නේ.
චිත්රපටියේ ගීත පහක් තියනවා. ගොඩාක් ජනප්රිය වුනා මේ සින්දු ටික. ඔක්කොම තියෙන්නේ 1st half එකේ. දෙවනි අර්ධයේ ගීත නැහැ.
මේ චිත්රපටියේ තියන බයික් ජර්නි එක (චිත්රපටියේ හොඳම කොටස) ගැන අදහස ආවේ තමන් තරුණ කාලේ ඒ විදියට බයික් එකෙන් ගියපු ගමන් නිසා කියලා GVM කියනවා.
සම්මාන ගැන කතා කලොත් 2017 ෆිල්ම් ෆෙයා උත්සවයේදී බෙස්ට් මියුසික් ඩිරෙක්ටර්, Best lyricist, Best female debut කියන සම්මානත් IIFA උත්සවයේදී බෙස්ට් මියුසික් ඩිරෙක්ටර් සම්මානයත් ඇතුලු තවත් සම්මාන කිහිපයක් දිනාගන්නට AYM චිත්රපටිය සමත් වෙලා තියනවා.
මෙය Sahasam Swasaga Sagipo ලෙස තෙලිඟු භාෂාවෙන් ප්රතිනිර්මාණය කරලා තියනවා. රංගනය නාගචේතන්යා සමග මන්ජිමා මෝහන්.
මේ චිත්රපටි දෙක ප්රතිනිර්මාණය කියනවට වඩා වෙන වෙනම චිත්රපටි දෙකක් විදියට රසවිඳින්න පුලුවන්.
To be continued….

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *