Gautham Vasudev Menon; To Infinity & Beyond- 04

Gautham Vasudev Menon; To Infinity & Beyond- 04

මේ ලෝකේ ජීවත් වෙන්න ක්රම දෙකක් තියනවා. එක, සාධාරණව ජීවත් වීම. දෙක, අනුන්ව රවට්ටලා ජීවත් වීම.
වෙන්කටේශ් ජීවත් වුනේ පළවෙනි ක්රමයට. බිරිඳ සහ පුතා එක්ක හොඳ පවුල් ජීවිතයක් ඔහුට තිබුනා. වෘත්තියෙන් මෙඩිකල් රෙප් කෙනෙක් වන වෙන්කටේශ් කරන්නේ වෛද්යවරුන්ව මුණගැහිලා තමන්ගේ සමාගමේ ඖෂධ වර්ග ඔවුන්ට හඳුන්වලා දෙන එක. නමුත් හදිස්සියේම වෙන්කටේශ්ගේ දරුවා අසනීප වෙනවා. දරුවගේ අසනීපයත් එක්ක ඇති වන මානසික බිඳවැටීම නිසා වෙන්කටේශ් සහ බිරිඳ අතර තිබුන සම්බන්ධය තරමක් පලුදු වෙනවා. දිනපතා වැඩට යන එන ඔෆිස් ට්රේන් එකේදි ලස්සන, අහිංසක පෙනුමක් තියන කාන්තාවක් වෙන්කටේශ්ට මුණ ගැහෙන්නෙ ඔය අතරවාරයේදී…….
………………………………………………………….
සරත්කුමාර් කියන්නේ අනූව දශකයේදි දමිළ සිනමාවෙ රජ කරගෙන හිටපු නළුවෙක්. උසත්, උසට ගැලපෙන මහතත් එක්ක කඩවසම් පෙනුමක් තියන සරත්කුමාර්ට වශී නොවුන තරුණියක් ඒ කාලේ තමිල්නාඩුවේ ඉන්න නැතුව ඇති. අදටත් ඔහුගේ කඩවසම් ගතිය නම් නොනැසී තියනවා.
නමුත් දේශපාලනේට සම්බන්ධ වීම නිසා ඔහුගේ රංගන ජීවිතයේ තිබුන ගැම්ම නැති වෙලා ගියා.
ලංකාවේ සරත්කුමාර් රසිකයෝ නැහැ, ඒක විස්වාසයි. චිත්රපටි බලපු අය නම් ඇති. මේ ලඟදි රිලීස් වුන Vaanam Kottatum චිත්රපටිය වුනත් වැඩි දෙනෙක් බලන්න නැතුව ඇති.බලපු නැති අයට කියන්නේ, ඒක නම් බලන්න වටින චිත්රපටියක්???
අද මම කියන්න යන්නේ 2007 වර්ෂයේ තිරගත වුනු Pachaikili Muthucharam චිත්රපටිය ගැනයි. මෙය ත්රිලර් කාණ්ඩය යටතට එන චිත්රපටියක්.
සරත්කුමාර්, ජ්යොතිකා සහ ඇන්ඩ්රියා මෙම චිත්රපටිය සඳහා රංගනයෙන් දායක වුනා. සංගීත අධ්යක්ෂණය සුපුරුදු පරිදි හැරිස් ජයරාජ් විසින් සිදුකරලා තියනවා. මෙය බ්රිටිෂ්-අමෙරිකන් චිත්රපටියක් වන ‘Derailed’ නම් ඉංග්රීසි චිත්රපටියේ ආභාෂයෙන් තමයි හදලා තියෙන්නේ. ඒ නිසාම මෙය GVMගෙ සුපුරුදු ස්ටයිල් එකෙන් පිට පැනලා තරමක් දුරට හොලිවුඩ් ටච් එකක් ඇතුව නිර්මාණය වෙලා තියනවා.
සාමාන්යයෙන් GVMගෙ ෆිල්ම් එකක අඩුවෙන්ම දකින්න ලැබෙන්නේ සටන් ජවනිකා. ඒවා තිබුනත් සාමාන්යය මට්ටමින් තමයි තියෙන්නේ. අමානුෂික සහ දරුණු සටන් නැහැ. ඒකට හේතුව විදියට GVM කියන්නේ තමන් කරන ෆිල්ම් එකක් තමන්ගේ දරුවන්ට බලන්න පුලුවන් මට්ටමින් තියෙන්න ඕන නිසා ප්රචණ්ඩත්වය තමන් ප්රතික්ෂේප කරනවා කියලයි. නමුත් මේ චිත්රපටියේ ෆයිට්ස් සහ වෙඩි තියන දර්ශන තියනවා. ඒ වගේම GVMගෙ ෆිල්ම් එකකට සාමාන්යයෙන් නොලැබෙන A grade සහතිකයක් තමයි මේකට මුලින්ම ලැබිලා තියෙන්නෙත්. පසුව සමහර දෙබස් mute කලා කියලා තමයි කියන්නේ.
මුල ඉඳලා තත්පරයෙන් තත්පරයට කුතුහලය වැඩි වෙන ෆිල්ම් එකක්. ඒ වගේම අර සුපුරුදු ප්රේම ජවනිකා එහෙම නොඅඩුව තියනවා.
සරත්කුමාර්ගේ රඟපෑම එහෙම විශිෂ්ඨයි. ඇත්තටම සරත්කුමාර්ද මේ රඟපාන්නේ කියලත් හිතුනා. ජ්යෝතිකාත් හරිම අහිංසක චරිතයක් තමයි කරන්නේ. පසුබිම් සංගීතයත් ගීත සියල්ලමත් හොඳටම හොඳයි. සරත්කුමාර් ඉන්න ෆිල්ම් එකක ෆයිට්ස් නෑ කියන්නේ හරියට නිකං මනමාලි නැති මගුල් ගෙදරක් වගේ. එහෙම වෙන්න නොදී අවසාන හරියෙදි ෆයිට් සීන්ස් ටිකක් තියනවා. චිත්රපටිය මුලදි ගලාගෙන යන මෘදු, ආදරණීය ස්වභාවය අවසානයට එද්දි බිඳිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ත්රිලර් පැත්තට මාරු වෙනවා.
මේ ෆිල්ම් එක ගොඩක් අය බලලා නම් නැතුව ඇති. දැන් ඉන්න මිලේනියම් කිඩ්ස්ලට 4k වීඩියෝස් නැතිව ෆිල්ම්ස් බලන්න අමාරුද මන්දා. එකේ පුදුමයකුත් නෑ, මොකද එයාලා තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉපදිලා එහි ව්යාප්තියත් එක්ක උස් මහත්වුනු අය.
ඇන්ටෙනා කූරු දෙකක් හයිකරලා තිබුන
අඟල් දාහතරේ පිලිප්ස් ටීවී එකෙන් චිත්රපටි බලන්න පටන්ගත්ත නාකියෝ ටිකට නම් ඕවා ලොකු අවුලක නෑ මං හිතන්නේ?. ඒක නිසා අසූවේ, අනූවේ නාකියෝ ටිකවත් මේ ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා(නාකියෝ කිව්වට තරහා වෙන්න එපා??).
මොකද මේක අනිවාර්යෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්. මොකද කිව්වොත් කාන්තාවක් සහ පිරි⁣මියෙක අතර ඇති වෙන්න පුලුවන සම්බන්ධයට මොනතරම් දුරක් යන්න පුලුවන්ද, එ් උපරිම දුර මේ චිත්රපටියෙන් ගිහිල්ලා තියනවා.
ඊළඟ ලිපියෙන් හමුවෙමු???
To be Continued…..

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *