Gautham Menon; To Infinity & Beyond- 09

Gautham Menon; To Infinity & Beyond- 09

ගෞතම් වාසුදේව් මෙනන්ගේ වැදගත්ම චිත්රපටි ගැන මම කලින් ලිපි වලදි කතා කලා. ඒ වගේම ඔහු රංගනයෙන් දායක වුනු full length රෝල්ස් තියන චිත්රපටි තුන ගැනත් එක ලිපියකින් කතා කලා.

ගෞතම් මෙනන් අධ්යක්ෂකවරයෙක්ට සහ නළුවෙක්ට අමතරව playback singer කෙනෙක් විදියටත් කටයුතු කරනවා. එසේම ඔහුට අයිති Odragaa Entertainment Entertainment ආයතනයෙන් නිපදවන මියුසික් වීඩියෝ වල අධ්යක්ෂකවරයා ලෙසත් ඔහු කටයුතු කරනවා. බොහෝ දුරට මේ මියුසික් වීඩියෝ වලට පෙනී සිටින්නේත් චිත්රපටි නළුනිළියන්ම තමයි. එසේම Ondraga Entertainment මගින් ⁣කෙටි චිත්රපටි නිපදවීමත් සිදුකරනවා. එසේම ගෞතම් මෙනන් නළු නිළියන් සමගකරන ලද සාකච්ඡා ඇතුලත් වීඩියෝ රාශියක්ද Ondraga යූටියුබ් පිටුවේ තිබෙනවා. එයින් ප්රවීණ සිනමාධර මනිරත්නම් මහතා සහ සංගීතවේදී ඉලෛරාජා සමග සිදුකර ඇති සාකච්ඡාවන් සුවිශේෂී ලෙස සැලකිය හැකියි..

මේ ආයතනය ගොඩාක් ජනප්රිය වුනා 2018 අවුරුද්දෙදි. ඒ නවක චිත්රපට අධ්යක්ෂකවරයෙක් වන කාර්තික් නරේන් සහ ගෞතම් මෙනන් අතර ට්විටර් හරහා ඇති වුනු උණුසුම් වචන හුවමාරුවක් නිසා. කාර්තික් නරේන්ගේ නාගඅසූරන් චිත්රපටිය නිශ්පාදනය කරන්නේ මේ Ondraga Entertainment ආයතනයෙන්. ⁣ඒ කාලයේදි ගෞතම් මෙනන්ගේ චිත්රපටි දෙකකත් නිෂ්පාදන කටයුතු සිදු වෙමින් තිබුනා. මෙහිදී ඇතිවුනු මූල්යමය ගැටලුකාරී තත්වයක් නිසා කාර්තික් නරේන් ට්වීටර් හරහා ගෞතම් මෙනන්ට යම් දෝශාරෝපණයක් සිදුකලා. එයට ගෞතම් මෙනන් ලබාදුන්න පිළිතුරත් එක්ක ඒ සිද්ධියට අරවින්ද් ස්වාමි ඇතුලු තවත් කීපදෙනෙක්ම කතාවට සම්බන්ධ වෙලා ප්රශ්නය තරමක් දුරදිග ගියා.

කොහොම නමුත් ගෞතම් මෙනන් විසින්ම අවසානයේදී එම ගැටලුව සමථයකට පත්කර ගත්තා. කාර්තික් නරේන්ගේ චිත්රපටිය මේ වසරේ තිරගත කිරීමට දින නියම කරලා තිබුනේ. ඒ වගේම වික්රම් ප්රධාන චරිතය නිරූපණය කරන Dhruva Natchathiram චිත්රපටියත් තවත් එක් චිත්රපටියකුත් ගෞතම් මෙනන්ගේ අධ්යක්ෂණය යටතේ ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. Dhruva චිත්රපටිය පිළිබඳව නම් බොහෝ දෙනෙක් ඉමහත් අපේක්ෂාවෙන් සිටිනවා. වික්රම්ගෙ salt & pepper කොණ්ඩයත් ඔහුගේ කඩවසම් පෙනුමත් රසිකයින් තුල මේ චිත්රපටිය පිළිබඳව බලාපොරොත්තු දල්වා තිබෙනවා.

ගෞතම් මෙනන්ට පසුගිය අවුරුදු කිහිපය එතරම් සාර්ථක වුනේ නම් නැහැ. ENPT චිත්රපටිය තුළින්ද බලාපොරොත්තු වුන තරමට සාර්ථකත්වයක් ලබාගැනීමට අපොහොසත් වුනා. එබැවින් Dhruva Natchathiram චිත්රපටිය ඔහුටත් වික්රම්ටත් දෙදෙනාටම කම්බැක් එකක් වනු ඇති. එසේ නම් මා ප්රිය මිතුරු මිතුරියනි මේ ලිපියත් සමග ගෞතම් මෙනන් පිළිබඳව මා පළ කල ලිපි මාලාව අවසන් වෙනවා. මගේ බලාපොරොත්තුව වුනේ ඔහුගේ චිත්රපටි පිළිබඳව කතා කිරීමයි. මින්නාලේ චිත්රපටියේ හින්දි ප්රතිනිර්මාණය, Kakhaa චිත්රපටියේ තෙලිඟු ප්රතිනිර්මාණය වැනි චිත්රපටි කිහිපයක් පිළිබඳව නම් මා කතා කලේ නැහැ. ලිපි අටක් පුරා රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තූතියි?? මෙවැනි ලිපි පෙළකින් නැවත හමුවෙමු.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *