Gautham Menon; To Infinity & Beyond- 07

Gautham Menon; To Infinity & Beyond- 07

19 years of Minnale : 7 facts about this romantic blockbuster
 බැංගලූර් නගරයට මහ වැස්සක් වැටෙන රාත්රියක්. වැස්සෙන් බේරෙන්නත් දුරකතන ඇමතුමක් ගන්නත් කියන කාරණා දෙකම නිසා රාජේශ් දුරකතන ඇමතුම් කුටියකට දුවනවා. ඔහු දකිනවා වැස්සේ සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක්. එ් ළමයි අසලින් කාර් එකක් නතර වෙනවා. කාර් එකෙන් බහිනවා රූමත් තරුණියක්. ඇයත් පොඩිවුන් ටික එක්ක වැස්සේ නටන්න ගන්නවා. රාජේශ්ගේ හිත දැන් තියෙන්නේ දුරකතන ඇමතුමේ නෙවෙයි, දුරකතන කුටියෙන් එළියේ සිද්ද වෙන සිදුවීමත් එක්කයි. ඔහු උත්සාහ කරන්නේ අර වැස්සේ නටන තරුණියගේ මූණ දැක ගන්නයි.
minnale
එක් ක්ෂණයකදි විදුලි එළියත් එක්ක අකුණක් ඇතිවෙනවා. ඒ නිමේශයේදී රාජේශ් අර තරුණියගේ මුහුණ දැක ගන්නවා. ඔහුගේ හදවත එක මොහොතකට නැවතෙනවා.
මේ තරම් කාලයක් ගැහැණු ළමයින් පේන්න බැරිව හිටපු රාජේශ් එ් මොහොතේ තත්පර කීපයකට දැකපු අර සුන්දර මුහු⁣ණේ හිමිකාරිය සමග ප්රේමයෙන් බැඳෙනවා….
මින්නාලේ කියන්නේ GVM ගෙ පළමුවැනි චිත්රපටිය. 2001 වසරේ තිරගත වුනු මේ චිත්රපටියත් එක්ක එතෙක් තිබුන දමිළ ප්රේමකතා සිනමාව උඩුයටිකුරු වුනා යැයි කිව්වොත් නිවැරදියි මම හිතන්නේ. මේක නොබලපු කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. එහෙම කවුරුහරි ඉන්නව නම් අනේ මේක බලන්න??
මින්නාලේ චිත්රපටිය සඳහා මාධවන්, අබ්බාස් සමග රීමා සෙන් තමයි රංගනයෙන් දායකවී තිබෙන්නේ. සංගීත අධ්යක්ෂණය හැරිස් ජයරාජ්. මෙය හැරිස්, GVM දෙන්නගෙම පළවෙනි චිත්රපටිය වුනාට කාටවත්ම ඒම හිතෙන්නෑ. ඒ තරමටම සාර්ථකයි.
මාධවන් කියන්නේ හරි ලස්සනක් තියන නළුවෙක්. විශේෂයෙන්ම ඔහුගේ තරුණ කාලයේදී රඟපෑ චිත්රපටි නිසා මාධවන්ට තරුණියන් අතර ලොකූ ජනප්රියතාවයක් තිබුනා ඒ කාලෙදි. දෙමළ විතරක් නෙවෙයි හින්දි සිනමාවෙත් මාධවන් කියන්නේ ජනප්රිය නළුවෙක්. අබ්බාස් දැන් නම් චිත්රපට වලින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු මාධවන්ගේ සමකාලීනයෙක් සහ අනූව දශකයේ අග භාගයේ ඉඳපු ලීඩින් ඇක්ටර් කෙනෙක්. මුස්තාෆා මුස්තාෆා ඩෝන්ට් වොරි මුස්තාෆා සිංදුව එහෙම මතක ඇතිනේ ?
ඒ වගේම බොහොම කඩවසම් පෙනුමක් තිබුන නළුවෙක් තමයි අබ්බාස් කියන්නේ.
රාජේශ්(මාධවන්) සහ සෑම්(අබ්බාස්) කියන්නේ එකම ඉන්ජිනියරින් කොලේජ් එ⁣කක මිකැනිකල් සහ කම්පියුටර් සයන්ස් ඉගන ගන්න දෙ⁣න්නෙක්. ඒ වගේම දෙන්නට දෙන්නා පේන්න බැහැ. සෑම් කියන්නේ හොඳ ළමයෙක්. රාජේශ් ඒකෙ අනිත් පැත්ත. චිත්රපටිය බලපු අයට මතක ඇති,
එක දවසක් රෑ රාජේශ් යාලුවො එක්ක ගිහිල්ලා වෝඩ්න්ගේ රූම් එක ඇතුලට රතිඤ්ඤා දාලා දොරට චූ කරලා අන්තිමේට ඒකට සෑම්ව පටලවන සිද්දිය.
GVM කියනවා ඒක එයා කොලේජ් එකේ ඉන්න කාලේ ඇත්තටම කරපු වැඩක් කියලා?. වෝඩ්න් එක්ක තිබුන පොඩි ප්රශ්නයක් නිසාලු එහෙම කලේ. ෆිල්ම් එකේ පෙන්නන්නේ සෑම්ව සස්පෙන්ඩ් කරනවා කියලනේ. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ අපේ GVM සර්ව සස්පෙන්ඩ් වුන එක.
ඔය වගේ පොඩි පොඩි සිද්දි සම්බන්ධ අත්දැකීම් තියන අය මේක කියවනවා ඇති. ඇත්තටම කිව්වොත් මටත් තියනවා?
මෙන්න මේ සැබෑ ජීවිතේ දේවල් ෆිල්ම් එක තුලට ගැනීම නිසා මේ ෆිල්ම් බලන අයට දැනෙනවා තමනුත් මේ කතාව අස්සේ ඉන්නවා කියලා. ඒක දැනීමත් එක්ක තව පාරක් බලන්න හිතෙනවා ෆිල්ම් එක. ගැහැණු පිරිමි බේධයක් නැහැ ඒකට. මින්නාලේ ෆිල්ම් එක ඇතුලේ තමනුත් ඉන්නවා කියලා හිතුනෙ නැති කෙනෙක් නෑ කියලයි මම නම් හිතන්නේ. GVMගෙ secret එක තමයි ඒක. එයා කාගෙහරි අත්දැකීම් චිත්රපටයක් තුලට දාගන්නවා. බලන අයට දැනෙනවා තමන් මේ ෆිල්ම් එකේ ජීවත් වෙනවා කියලා. ENPT එච්චර සාර්ථක නොවුනේ ඒකෙ එහෙම ගතියක් නැති නිසා වෙන්න ඕන.
මින්නාලේ චිත්රපටියට ගීත අටක හෝ නවයක් තියනවා. හැම සිංදුවක්ම හරිම ලස්සනයි. ‘වසීගරා’ වගේ අතිශය ජනප්රිය ගීත මෙහි තියනවා.
බලපු නැති අය අනිවාර්යයෙන්ම බලන්න මේක. ආදර කතා කියන්නේ මේවට. බලපු නැති දෑස කුමටද කියලත අහන්න වෙනවා.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *