Gautham Menon; To Infinity & Beyond- 06

Gautham Menon; To Infinity & Beyond- 06

අද කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ගෞතම් මෙනන් රංගනයෙන් දායකවුන චිත්රපටි තුනක් පිළිබඳවයි. ඔහු තමන් විසින් අධ්යක්ෂණය කරපු චිත්රපටි බොහොමයක තත්පර කිහිපයක රූපරාමුවකට හෝ ⁣පෙනීසිට තිබෙනවා. නමුත් මේ ඒ චිත්රපටි ගැන නම් නෙවෙයි.

1. Kannum Kannum Kollaiyadithal

මේක අපේ රසිකයින් අතර ගොඩක් ජනප්රිය වුනු චිත්රපටියක්. මෙහි ගෞතම් මෙනන් රඟපාන්නේ DCP ප්රතාප් චක්රවර්තී විදියටයි. මෙම චිත්රපටි පිළිබඳව The Hindu පුවත්පත සමග පැවැත්වුන සාකච්ඡාවකදි GVM කියපු කරුණු කිහිපයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි.
හැමකෙනෙකුටම මතක ඇති DCP ප්රතාප් කාර් එක නවත්වලා ඇවිල්ලා වාහනේ ඉඳපු මැරයින්ගෙන් ‘යෙන්න ඩා, ස්කෙච් ආ?’ කියලා අහන තැන. ⁣චිත්රපටියේ අධ්යක්ෂකතුමා එතන GVM වෙනුවෙන් ෆයිට් එකකුත් එක්ක මාස් එන්ට්රි එකක් තමයි සැලසුම් කරලා තියෙන්නේ. නමුත් GVM ඒ අදහසට කොහොමවත්ම කැමති වෙලා නැහැ. ඒක නිසා එයාගේ අදහසුත් අරගෙන ඒ අවස්ථාවට අදාළව ⁣කරපු වෙනස්කම තමයි චිත්රපටියෙදි අපිට දකින්න ලැබුනේ. මම හිතන්නේ ෆයිට් එකකට ගියාට වැඩිය හොඳ ගැම්මක් DCP ප්රතාප් චරිතයට ලැබුනා ඒ සිද්ධිය නිසා. එතනදි GVM කිව්වේ එයා නළුවෙක් විදියට එච්චර ලොකු කෙනෙක් නෙවෙයි නිසා ලොකු නළුවෙකුට දෙන විදියේ මාස් එන්ට්රි එකක් තමන්ට ගැලපෙන්නෑ කියලයි.
ඊළඟට සිද්ධාර්ත් සහ කැලිස් එක්ක එයාපෝට් එකට ගිහිල්ලා එතන ඉන්න නිලධාරියව තල්ලු කරලා බලාත්කාරෙන් ඇතුලට දුවන තැන. එතනත් අධ්යක්ෂකතුමා ස්ක්රීන්ප්ලේ එකට දාලා තිබිලා තියෙන්නේ එයාපෝට් එකේ ඉන්න පොලිස් නිලධාරීන් සහ DCP ප්රතාප් අතර ෆයිට් එකක්?. එතනදිත් GVM කැමති වෙලා නැහැ. DCP කෙනෙක් විදියට අනිත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බරපතල විදියට බාධා කරලා ගහගන්න එක ගැලපෙන්නෑ කියලා තමයි ඒ වෙනුවට බලාත්කාරෙන් එයාපෝට් එක ඇතුලට යන සිද්ධිය දාගෙන තියෙන්නේ.
ඊළඟට, චිත්රපටියේ අන්තිමේට ගියොත් ‘2 years ago in Kerala’ කියලා පටන් ගන්න සිද්ධිය. ඒක තමයි හොඳම සිද්ධිය, කතා දෙකක් නෑ. මම දන්නෑ කට්ටියට මීටර්ද කියලා එතන අර කෙල්ල DCP මහත්තයට රවට්ටන්නේ ‘ජෙසී’ කියන නමින් පෙනී සිටිමින්. ජෙසී කවුද කියන්න කට්ටිය දන්නවනේ?. ඒ අවස්ථාවෙදි BGM එක විදියට ප්ලේ වෙන්නේ Vinnaithaandi Varuvaya චිත්රපටියේ තියන ‘Hosanna’ ගීතයේ සංගීත ඛණ්ඩයක්.
සමස්තයක් විදියට GVMගෙ තිබුනෙ හොඳට දැනෙන රඟපෑමක්. ගොඩක් අය මේ මනුස්සයා කවුද කියලා හොයන්න පටන් ගත්තේ ඔය ෆිලුමෙන් පස්සේ.
විශේෂයෙන්ම කතා කරන ස්ටයිල් එක එහෙම එයාටම යුනික් ස්ටයිල් එකක්.

2. Trance

මේක නම් බොහොම වාද විවාද වලට හේතු වුනු ෆිල්ම් එකක් සහ මම කතා කරන්න අකමැතිම ෆිල්ම්ස් කීපයෙන් එකක්.
සොලමන් ඩේවිස් කියන ව්යාපාරිකයා විදියට GVM කරපු රඟපෑම විශිෂ්ඨයි. අන්වර් රශීඩ් මේ චිත්රපටිය GVMට ආරාධනා කරලා තියෙන්නේ GVM කරපු ඉන්ටර්වීව්ස් කීපයක් එයා බලලා තිබුන නිසාලු. ඒවගෙදි ගෞතම් මෙනන් පර්ෆෝම් කරපු විදිය අන්වර් රශීඩ්ට සෙට් වුන නිසා තමන්ගේ චිත්රපටියේ මේ චරිතය වෙනුවෙන් තෝරගෙන තියනවා කියලයි GVM කියන්නේ.
මේකත් මුලින් අදිමදි කරලා පස්සේ බාරගත්ත චරිතයක්.
මෙහිදී ගොඩක් close up දර්ශන තිබුන නිසා රඟපෑම ටිකක් අමාරු වුනා කියලා GVM ද හින්දු පුවත්පතට කියනවා. විශේෂයෙන්ම අවසානෙදි තෝමස් අතින් සොලමන් සහ අයිසැක් මැරෙන තැන. එතනදිත් අන්වර් සැලසුම් කරගෙන හිටපු විදියට GVMගෙ අදහසකුත් එකතු කරලා පොඩ්ඩක් වෙනස් විදියකට ඒ ක්ලොස් අප් එක ගත්තා කියලයි GVM කියන්නේ. ඒ වගේම මේ චිත්රපටියෙදි තමනුත් ගොඩක් දේවල් ඉගනගත්තා කියලත් GVM කියනවා.
සොලමන් ඩේවිස් විදියට කරපු චරිතය බොහොම කැපී පෙනෙන චරිතයක්. ඒ වගේම නළුවෙක් විදියට GVMට හොඳ personality එකක් තියනවා කියලත් තහවුරු කරපු චරිතයක්. නමුත් එයාට හරියන්නේ ටයිකෝට් ඇඳලා ඉංග්රීසි කතා කරන චරිත තමයි. වේට්ටි කමිස වලට බැස්සොත් නම් වැඩේ අල වෙනවා.

3. Goli Soda 2

රාඝවන් කියලා පොලිස් නිලධාරියෙක් විදියට තමයි මෙහි රඟපාන්නේ. බලලා ඇති මේ චිත්රපටිය නම් ගොඩක් කට්ටිය. බලලා නැති අයට අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරන චිත්රපටියක්. හොඳ තීම් එකකුත් එක්ක හොඳ කතාවක් තියනවා.
රඟපානවා කියලා මහාලොකු දෙයක් කරන්න තිබුනේ නැහැ. සාමාන්යයෙන් දකින විදියට වඩා පොඩි වෙනසක් කරලා තිබුනා රැවුල වවලා.
GVM පැත්තකට දාලා බැලුවොත් Goli Soda 2 කියන්නේ නියම චිත්රපටියක්?
තව තියනවා ඕ මයි කඩවුලේ ෆිල්ම් එක එහෙම. ඒවගේ Cameo appearance තමයි තියෙන්නේ. මුලු චිත්රපටිය පුරාවටම තියන චරිතයක් විදියට හොයාගන්න ලැබුනේ විස්තර කරපු චිත්රපටි තුන විතරයි.
මේවා බලලා නැති කවුරුහරි ඉන්නවා නම් බලන්න. GVM නිසා නම් නෙවෙයි. නමුත් චිත්රපටි විදියට මේවගේ කොලිටියක් තියනවා. Kannum Kannum එකේ නම් එහෙම දෙයක් නැහැ. නමුත් අනිත් ෆිල්ම්ස් දෙකම බරක් තියන චිත්රපටි දෙකක්.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *