French Dispatch ( 2021) Eng / French by Hirusha Kasun
වෙස් ඇන්ඩර්සන් මාරම සීරියස් විහිලුකාරයෙක්. හාස්‍ය කියන දේ ඕනම සිදුවීමක තියෙනවනෙ වෙස් මාර දක්ෂය් ඕනම සිදුවීමක තියෙන හාස්‍ය එක්ක සීරියස් කතාවක් සිනමාවට ගේන්න. වෙස් ඇන්ඩර්සන් මම කැමතිම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නෙ ඔහු මේ සියුම් හාස්‍ය එක්ක කරන අරුමපුදුම ගනුදෙනුව නිසා. ඒවගේම ඔහු දෙබස් , වර්ණ වගේම පසුතල සිනමාවෙදි යොදා ගන්නා ඔහුටම අනන්‍ය ක්‍රමවේදයෙත් උග්‍රම බැතිමතෙක් මම. ඒ හන්දා වෙස් ඇන්ඩර්සන් කියන්නෙ හැමවෙලේම වර්තමාන සිනමාවේ දිශානතිය සලකුණු කරන්නෙක්. පෙරලිකරුවෙක් වගේම කලාත්මක සිනමාවක නියමුවෙක් කියලා හදුන්වන්න මම හරි කැමතිය්
වෙස්ගෙ French Dispatch චිත්‍රපටය තුලත් වෙස්ටම අනන්‍ය සිනමා සලකුණු සියල්ලම පාහේ මිඩංගුය්. සමමිතික සිනමාකරණය , අසමසම විශිෂ්ට වර්ණ භාවිතය , අනගිභවනීය කතා තේමාව , නැවුම් පසුතල භාවිතය , ගැඹුරු දෙබස් වගේම වෙස් ඇන්ඩර්සන් සමාජය සම්බන්ධව ඔහුගේ දැක්ම French Dispatch හරහා එලියට දානවා . චිත්‍රපටය නැරඹීමෙන් ලැබෙන්නෙ තනිකරම කලාගාරයක පහස . නානාවිධ අග්‍රකෘති සිතුවමින් වටවුන කලාගාරයක හෝරාදෙකක් ගත කලා වගේ ෆීලින් එකක් ෆ්‍රෙන්ච් ඩිස්පැට්ච් නරඹලා අවසන් වෙද්දි අපිට ලැබෙනවා. ඒ තමා වෙස් ඇන්ඩර්සන්ගේ සීක්‍රට් සිනමා රෙසිපියෙ තියෙන විශිෂ්ඨත්වය.
ෆ්‍රෙන්ච් ඩිස්පැට්ච් කියන්නෙ ඇන්තොලොජියක් . සගරාවක වූ ලිපි තුනක් චිත්‍රපටය තුලින් සිනමාරූපීව දිගහරිනවා. වචන රූප කරන්න අමාරුය් කිව්වට වචන කියවද්දි ම්ැවෙන රූප සිනමාවට ගේන එක වෙස්ට ඒ හැටි කජ්ජක් නෙවෙයි . ෆ්‍රෙන්ච් ඩිස්පැට්ච් ඇතුලෙ ඒ වචන – රූප – පාට සෙල්ලමෙන් වෙස් හරිම ලස්සනට මේ වැඩේ කරනවා.
පලවෙනි ලිපිය මිනීමැරුමක් හේතුවෙන් සිරගත වූ චිත්‍රශිල්පියෙක් පිළිබඳව . ඔහු සංවේදී චිත්‍රශිල්පියෙක් උනත් දැඩි කෝපාකාරී ගති පැවතුම් ඇතිවීමට හේතුවද ලිපියෙහි මිඩංගුය් . ඔහු මිනිස්සු දකින්නෙ වෙනස්ම ආරකට. ඔහුගේ මනුශ්‍ය සිතුවම් වෙනස්ම ප්‍රකාශනාත්මක ස්වරුපයක් ගන්නේ එහෙය්න්. ඔහු මිනිස්සු දකින විදිහ සෙස්සන්ට අධිකලාත්මක නිර්මාණයක් . නවමුතාවක් සමීප කරන්නට සමත්. ඕනම කලාකරුවෙක්ට ප්‍රතිභාවක් තිබිය යුතුය්. කලාකරුවෙක්ගෙ ප්‍රතිභාව කියන්නෙ ඔහුට හෝ ඇයට කලාමාධ්‍ය තුල අපූර්ව ලක්ෂණ නිර්මාණය කිරීමේ හැකියාව. මෙම කතාංගය තුල සෙස්සන් ඒ චිත්‍රශිල්පියා දැක්ක නවමු අධිකලාත්මක ප්‍රතිභාසම්පන්න දුෂ්ඨියෙන්ම මම වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂතුමාවත් දකිනවා. ඔහු අසමසම කලා ප්‍රතිභාවක් ඇත්තෙක්
දෙවැනි කතාව තරුණ අරගලකරුවෙක් පිළිබඳ ලිවූ ලිපියක්. අරගලකරුවෙක් හැම විටම බිහි වෙන්නෙ ඔහු හෝ ඇය ඉන්න සමාජයේ ඇතුලෙ තියෙන වියවුල් ඒ සමාජයෙන් පිටත ඉදලා ආගන්තුකව බලන්න පටන් ගන්න මුල්ම තත්පරේ. ආවේගශීලී අරගලකරුවො හැමවෙලේම බලන්නෙ ගතානුගතිකත්වයෙන් සමාජය මුදවන්න. ඔහුටම ආවේනික ක්‍රමයකට සමාජය පෙරලියකට තල්ලු කරන්න හදන තරුණ අරගලකරුවා පිටත සමාජයේ හැලහැප්පීම් ස්මග කොහොම ගනුදෙනු කරාවිද කියන කතාව මේ කතාංගයේ අඩංගුය් .වෙස් ඇන්ඩර්සන් තරුණ ආවේගශීලී සිතුවිලි , සංකල්පනා සිනමාවට අරන් එන විදිහනම් හිතා ගන්න බැරි තරමටම සියුම් වගේම සූක්ෂමය්.
තුන්වෙනි ලිපිය කෝකියෙකු පිළිබඳව . කෝකියා අපක්ෂපාතී වගේම ප්‍රතිපත්ති ගරුක ආසියාතිකයෙක්. බුද්ධිමත් සූක්ෂම සූපවේදියෙක්. ජීවිතෙත් කෑමක් වගේ ආර්ටිෆිෂල් , ඒ වගේම නානාවිධ රසයන් එක්ක ගැටෙනවා. කෝකියට මුහුණ පාන්නට වෙන අකරතැබ්බත් ඒ වගේ. මේ කතාන්දර ත්‍රිත්වයෙම වෙස් ඇන්ඩර්සන් අපූරු ඇනිමේෂන් දර්ශන කිහිපයක්ම යොදා ගන්නවා. ඒක උපරිමයට එන්නෙ තෙවැනි කතාන්දරයේදි. වෙස් ඇන්ඩර්සන් කියන්නෙ මොනතරම් සූක්ෂම අධ්‍යක්ෂකවරයෙක්ද කියන්න මේ චිත්‍රපටයෙ ඇනිමේෂන් දර්ශන විතරක් උනත් ප්‍රමාණවත්
ෆ්‍රෙන්ච් ඩිස්පැට්ච් සෑහෙන්න ඇහැට සනීප වැඩක්. චිත්‍රපටය පටන් ගත්ත තත්පරේ ඉදලා අවසානය වෙනකල් අපි බලන් ඉන්නෙ චිත්‍රයක් දිහා. ඕනම මනුස්සයෙක්ගෙ ජීවිතේ තියෙනවා සියුම් හාස්‍යක්. ඕනම සිදුවීමක තියෙනවා සියුම් හාස්‍යයක්. ඕනම වැඩක් ඕනවට වඩා සීරියස් වෙන්නෙත් එහෙම නැති වෙන්නෙත් ඒ හාස්‍ය නිසා. චිත්‍රපටය පුරාවටම වෙස් ඒ සියුම් හාස්‍ය හරි රහට නඩත්තු කරනවා
ඕනම මනුස්සයෙක් කලාකාරයෙක්. හැබැයි කලාව උපදින්නෙ ඒ මනුස්සයා ලෝකය දිහා පිටස්තරයෙක් වගේ බලන්න ගත්තම වගේම ඕනවට වඩා සීරියස් නොවී සැහැල්ලුවෙන් ලෝකය දකින කොට !.
වෙස් ඇන්ඩර්සන් ෆ්‍රෙන්ච් ඩිස්පැට්ච් වලින් කියන්නෙ ඒ කලාකරුවව හොයා ගත්ත මිනිස්සු ගෙන
මම මුලින් කිව්වත් වගේ වෙස් ඇන්ඩර්සන් කියන්නෙ වෙනස්ම තින්කින් පැටර්න් එකක් තියෙන පුද්ගලයෙක් . ඔහුට පුලුවන් උනා චිත්‍ර චිත්‍ර විදිහටම සිනමාවට ගේන්න. ෆ්‍රෙන්ච් ඩිස්පැට්ච්හීදි වෙස් සගරාවක ලිපි තුනක් සිනමාවට ගේනවා. ඉස්සරහට වෙස් තව මොන මොනවා සිනමාවට නගය්ද කියන්න බෑ. ඒම ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් පුද්ගලයෙකුත් නෙවෙයි වෙස් කියන්නෙ හැබැයි නියත වශයෙන්ම ඇහැට සනීප විශුවල් එක්ක වෙනස්ම ආරකට මිනිස්සුන්ව සියුම් හාස්‍යකින් වගේම ගැඹුරින් කියවන අලුත් වැඩකින් වෙස් ආයෙ එය්. මොකද වෙස් ඇන්ඩර්සන් කියන්නෙ සිනමාවේ පිනට පහල උන අග්‍රකෘති කලාගාරයක්.