Found footage Movies

සරල සේයා සිනමාව – Found footage 

Found footage කියන්නේ සමහර චිත්‍රපටවල භාවිතා වන කැමරාව මත පදනම් වෙන තාක්ෂණයක්. සිංහල වහරෙන් ගත්තොත් අපි කියනවා “” දල සේයාපට හමුවීම” එහෙමත් නැත්නම් “සරල සේයා එකතුව” මේක මේ වෙනකොට ගොඩක් ඉදිරියට ඇවිල්ලා චිත්‍රපට අනුප්‍රභේදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.

මේකෙදි වෙන ප්‍රධානතම දේ තමයි චිත්‍රපටය රූගත කිරීම සඳහා විශේෂයෙන් කවුරුත් නෑ. කැමරා අධ්‍යක්ෂකවරු එලවලා දාලා චරිතවලට කැමරාව ලබාදීම වගේ වැඩක් තමයි මෙතන වෙන්නෙ.
මේ වගේ චිත්‍රපටයක් තුල අපි දකින්නේ චිත්‍රපටය තුල සිටින චරිතයක් අතේ තිබී සටහන් වූ දර්ශන. CCTV කැමරාවක සටහන් වූ දර්ශන, චරිතවල හිසට සම්බන්ධ කරන ලද GoPro කැමරා වල දර්ශන. ඒ නිසා මේම චිත්‍රපට වල සිනමාත්මක බව ටිකක් අඩු කරල, යථාර්ථවදී විදියට උපරිම තාත්විකත්වයෙන්, කැමරා සෙලවීම් සහ ස්වාභාවික හැසිරීම් එක්ක ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න අධ්‍යක්ෂකවරු උපරිම උත්සාහයක් ගන්නවා.

කැමරා සෙලවීම් මත ප්‍රශ්න, බොහෝ දුරට GoPro සහ සිරුරට සම්බන්ධ කරන කැමරා භාවිතයෙදී. මොකද චරිත වලට කැමරා සම්බන්ධ කිරීමේදි ඒ ඒ චරිත චලනය වන විට සම්බන්ධ කරන ලද කැමරාත් ඒ එක්කම චලනය වෙනවා. අන්න එතනදී සටහන් වන රූපරාමුනේ අප මේ චිත්‍රපටයක් විදියට දකින්නේ. චරිතවල චලනය සමග කැමරාවේ සටහන් වන දර්ශන එතනදී ගොඩක් තාත්විකයි. නමුත් මේක තවත් කෙනෙක් දැකිය යුතු නිසාවෙන් වඩාත් පැහැදිලි බවක් ගේන්න කැමරාවේ චලන පාලනය කරන්න සිදු වෙනවා. අන්න ඒ ස්ථායිකරණ පද්ධතිය වෙනුවෙන් වැඩි වශයෙන් කාන්දම් භාවිතා කරනවා.

Found footage කිව්වම ක්‍රම කිහිපයකට බෙදා වෙන්කරන්න පුළුවන්

? first person perspective – මේක තමයි ප්‍රධානම ක්‍රමය. චරිතයක් සමග ඇති කැමරාවක්. ඔහු දකින, ඔහුගේ කැමරාවේ සටහන් වන රූපරාමු තමයි අප චිත්‍රපටයක් විදියට දකින්නේ.
? surveillance footage – CCTV හෝ වෙනත් ඕනෑම තැනක සවිකරන ලද surveillance කැමරාවල සටහන් වූ දර්ශන
? news footage – ඕනැම තැනකින් සොයාගන්නා ලද ප්‍රවෘත්ති දර්ශන
? pseudo documentary/mockumentary – මේක documentary යක්. හැබැයි මේකෙදි පෙන්නන්නෙ නිර්මාණය කරන ලද දේවල්/ සත්‍ය වගේ ඉදිරිපත් කරන ව්‍යාජ වැඩසටහන්

ගොඩක් වෙලාවට found footage එන්නෙ horror catogary එකත් එක්ක. මොකද found footage සමග horror කියන්නේ නිකං බැදීමක් වගේ දෙයක්. ඒත් fantasy, action, comady චිත්‍රපටත් අපි ඕන තරම් දැකල තියෙනවා.

Q. මේ සිනමාපට නරක, බැහැර කල යුතු සිනමාවක්ද?
A. අනිවාර්යයෙන්ම නෑ. මේකත් එක්තරා විදියක සිනමාවක්. චරිතවලට කැමරාව දුන්නා කියල plot එකට කිසිදු හානියක් වෙන්නෙ නෑ.
Q. කිසිම ගුණාත්මකභාවයක් නැද්ද මේ සිනමාපටවල?
A. තියෙනවා. ඔය සාමාන්‍ය සිනමා නිර්මාණ වලට වඩා විශිෂ්ට නිර්මාණ found footage වලින් බිහිවෙලා තියෙනවා. වෙනසකට තියෙන්නේ සිනමාත්මක භාවය පොඩ්ඩක් අඩුයි. ඒත් ඒක රසවින්දනයට බාධාවක් නෙවෙයි.

සමහරුන්ට නං මේ සිනමාව දිරවන්නෑ. මේ කැමරා සෙලවීම් එක්ක වමනය,කරකැවිල්ල, හිසරදය, අධික ලෙස බිය වීම, ඇස් දැවිල්ල, වගේ දේවල් ඕනතරම් සමාජයෙන් අහන්න දකින්න ලැබෙනවා.

මගේ නං ආසම සිනමාවක් තමයි found footage කියන්නේ. මේ සම්බන්ධයෙන් මම නැරඹූ සිනමාපට කිහිපයක් පහලින් තියෙනවා පොඩි විස්තරයකුත් එක්ක. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් නරඹා රසවිදින්න.

1.? Cannibal Holocaust (1980)
Found footage කොටස් සහිතව එන ලොව මුල්ම සිනමාපටය වෙන්නේ මේක. මේක ගැන ඉතින් හැමෝම දන්නවනේ. රටවල් ගනනාවක තහනම් වූ චිත්‍රපටයක්. Ruggero Deodato ගේ cannibal thrilogyයෙ දෙවෙනි චිත්‍රපටය තමයි මේක. Jungle Holocaust (1977),Cut and Run (1985) තමයි අනෙත් චිත්‍රපට දෙක. චිත්‍රපට සම්බන්ධ නෑ කෙලින්ම cannibal Holocaust (1980) බලන්න පුළුවන්.

2.? Blair witch project (1999)
Found footage ජනප්‍රිය උනෙ මේ චිත්‍රපටයෙන් කිව්වොත් වැරදි නෑ. එතනින් පස්සේ ආපු ගොඩක් නිර්මාණ ආභාෂය ලැබුවේ මේකෙන්. ඒ දවස්වල මේකෙ ප්‍රචාරණ කටයුතු සිදු කලේ සත්‍ය කතාවක් කියල. ඒ නිසාම චිත්‍රපටයට අමුතු තත්ත්වයක් ලැබුණා.

3.? As Above, So Below (2014)
පැරීසියේ ගුප්ත සොහොන් ගැබක් තුලින් “” අමරණීයත්වයේ පාෂාණය”” සොයා යන පුරාවිද්‍යාඥවරියක් ඇතුළු යහලුවන් පිරිසකට සිදු වන නොසිතූ සිදුවීම් පෙලක් තමයි චිත්‍රපටයේ දිව යන්නෙ. Found footage කෙසේ වෙතත් horror චිත්‍රපට ලෝලියෙක් මේ විශිෂ්ට නිර්මාණය නං බලල නැතිවෙන්න විදියක් නෑ. Traveling, horror, twist ඔක්කොම එකතු උන අග්‍රගණ්‍ය නිර්මාණයක් කියල බය නැතුව කියන්න පුළුවන්.

4.? Trollhunter (2010)
වලහෙක් විසින් සිදු කලේ යැයි විශ්වාස කරන කලබගෑනියක් පසුපස හඹා යන දඩයක්කාරයෙක්. ඔහු සමග යන රූපවාහිනී නිවේදක කන්ඩායමක්. ස්කැන්ඩිනේවියානු ජනප්‍රවාද මත පදනම් වූ හරිම ලස්සන නෝර්වීජියානු ඩාක් ෆැන්ටසි චිත්‍රපටයක්. සදා මතකයේ රැදෙන චිත්‍රපටයක් වේවි.

5.? Cloverfield (2008)
නිවසක යාලුවො සෙට් එකක් දාන ෆැමිලි පාටියක්. එක්වරම සිදුවුන භූමිකාවක ශබ්දයක්. නිවසේ වහලය මතට නැග මේ පිළිබඳ සොයා බලන තැත් කරන යහලුවන්.
එය ඇත්තටම භූමිකම්පාවක්ද?? Matt Reeves විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් බව පෙන්වූ තවත් අවස්ථාවක්. මෙහි ජනප්‍රියත්වය නිසාම තවත් චිත්‍රපට දෙකක් 10 Cloverfield Lane (2016), Cloverfield paradox (2018) නමින් තිරගතඋනා.

6.? What we do in the shadows (2014)
තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවන සමාජ වෙනස්වීම් නිසා ඒ සමග ගැලපෙන්න උත්සාහ කරන නවසීලන්ත වැම්පයර්වරු කණ්ඩායමක් ගැන තමයි මේ චිත්‍රපටය දිවයන්නෙ. ලස්සන දෙබස් සමග හොදට හිනාවෙන්න පුලුවන් නිර්මාණයක් තමයි මේක. අධ්‍යක්ෂක taika waititi. මේක කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් waititi සමග එකතුවී මේ නමින්ම tv series එකක් FX හරහා නිකුත් උනා.

7.? V/H/S (2012)
Horror චිත්‍රපට ලෝලියෙක් නං මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරබා ඇති. මොකද මේක horror රසිකයින්ට වෙනස්ම අත්දැකීමක් උනා. Anthology horror විදියට මම දැකපු විශිෂ්ට නිර්මාණයක් මේක.
ජනප්‍රියත්වය නිසාම තවත් කොටස් දෙකක් V/H/S 2 (2013), V/H/S viral (2014) නමින් තිරගත උනා. දෙවෙනි චිත්‍රපටය නං සුපිරිම නිර්මාණයක් බවට සැකයක් නෑ.

8.? Paranormal activity (2007)
අලුත් නිවසක පදිංචියට යන තරුණ යුවළක්.
නිවසේ අමුත්තෙක් ඇති බව හැගීයාම නිසා ඔවුන් නිවසේ CCTV සවිකිරීමට පියවර ගන්නවා. හොල්මන් නොපෙන්වා හදගැස්ම වැඩි කරන්න පුළුවන්ද?. මේක කොච්චර ජනප්‍රියද කියනවනං ලෝකයේ අඩුම වියදමකින් වැඩිම ලාභයක් වාර්තා කරපු චිත්‍රපටය තමයි මේක. ඒනිසාම
Paranormal Activity 2 (2010), Paranormal Activity 3 (2011), Paranormal Activity 4 (2012), Paranormal Activity: The Marked Ones (2014), Paranormal Activity: The Ghost Dimension (2015) නමින් චිත්‍රපට 6 ක් නිර්මාණය උනා. තාමත් වැඩේ ඉවර නෑ. තවත් චිත්‍රපටයක් announced කරා. කොහොම නමුත් අවසානය වෙද්දී චිත්‍රපටවල ගුණාත්මක භාවය ගොඩක් අඩුඋනා. ඒ නිසා ඔයාලට මතක් කරනව unrated, extended පිටපත් පමණක් නරඹන ලෙස.

9.? Europa report (2013)
බ්‍රහස්පති ග්‍රහයාට දැනට සොයාගෙන තියෙන විදියට චන්ද්‍රයන් 79 ක් ඉන්නවා. ඉන් එකක් තමයි Europa කියන්නේ. මෙහි ජීවය පවතීද සැකය මත සයදෙනෙකුගෙන් යුත් කන්ඩායමක් Europa බලා පිටත් වෙනවා. ඔවුන්ගේ Europa ගමන සාර්ථක වෙයිද? එහිදී මුහුණදීමට වෙන අභියෝග මොනවද?. Europa වල ජීවය පවතීද?. නියම විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටයක්.

10.? Gonjiam: Haunted Asylum (2018)
ලෝකයේ ගොඩක්ම බය හිතෙන ස්ථාන 7 න් එකක් තමයි මේ gonjiam මානසික රෝහල. රෝගීන් අතුරුදන් වීම සහ රෝහලේ අධ්‍යක්ෂිකාවගේ සියදිවි නසා ගැනීම නිසා මේ ගැන බොහෝ කටකතා තියෙනවා. දැනට මේ රෝහල අතඇර දාල තියෙන්නෙ. ඉතින් මේ සම්බන්ධයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය වෙලා කියල දැනගත්තම දැනට රෝහල බාරව කටයුතු කරන තැනැත්තා නඩුවක් දාල චිත්‍රපටය තහනම් කරන්න කියල. නමුත් අවසානයේ රජය තීරණය කරනවා චිත්‍රපටය පෙන්වන්න. ඒ නිසා සුපිරි horror චිත්‍රපටයක් නැරඹීමේ වාසනාව අපට උදා උනා.

11.? The Taking of Deborah Logan (2014)
ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින වයෝවෘද්ධ කාන්තාවක්. අවසාන කාලය නිසා ඇය තීරණය කරනවා ඇගේ තත්වය කැමරා ශිල්පීන් කිහිප දෙනෙක් දමා රූගත කිරීමට. කැමරා ශිල්පීන්ට රෝගයට වඩා නපුරු දෙයක් ඇයගෙන් හම්බවෙනවා. මම horror චිත්‍රපටය දැකපු විශිෂ්ටම concept එකක්. චරිතවල විශිෂ්ට රංගනය සහ සමහර රූපරාමු ඔබගේ හදගැස්ම වැඩි කරනු නොඅනුමානයි.

12.? REC (2007)
මාධ්‍යවේදිනියක් සමග කැමරාකරුවෙක් වැඩසටහනක් පටිගත කරන අතරතුර එකවරම ඇමතුමක් එනවා මහල් නිවාසයක සිරවුණු කාන්තාවක් පිලිබඳව. සැනෙකින් මොවුන් එතනට ලගා වෙනවා. මහල් නිවාසයේ අමුතු දෙයක් සිදුවන බව දැනගැනීමෙන් පසු වහාම ඔවුන් පිටත්වීමට පියවර ගන්නවා. පසුව ඔවුන්ට වැටහෙන්නේ මහල් නිවාසය ඔවුන් සමගම නිරෝධනය කර ඇති බවයි. මහල් නිවාසයේ හා ඔවුන්ගේ ඉරණම කුමක් වෙයිද?
විශිෂ්ටතම ස්පාඤ්ඤ found footage චිත්‍රපටයක් බව කියන්න පුළුවන්. කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් REC 2 (2009), REC 3 Genesis (2012), REC 4 apocalypse (2014) නමින් තවත් චිත්‍රපට තුනක් නිර්මාණය උනා. ඒ විතරක් නෙවෙයි මේක Hollywood වල remake උනා qureantine (2008) නමින්. එහි දෙවන කොටසත් qureantine: terminal (2011) නමින් තිරගතඋනා.

13.? Digging up the marrow (2014)
රාක්ශයෝ ඇත්තටම මේ ලෝකෙ ඉන්න පුළුවන්ද?. හිටියොත්…. මුලු චිත්‍රපටයම දිවයන්නේ මෙන්න මේ මාතෘකාව උඩ. විශ්‍රාමික රහස් පරීක්ෂකයෙකු monsters ලා පිලිබඳ සොයාබැලීමක්. Jump scares එක්ක රාත්‍රී කාලයේදී රසවිදීමට කියාපු චිත්‍රපටයක්.

14.? Chronicle (2012)
ඉස්කෝලෙ යන කොල්ලො තුන් දෙනෙක්ට සුපිරි බලයන් හම්බුනොත් කොහොමද?. සමාජයේ අනෙත් අයට වඩා ඔවුන් විශේෂ වෙනකොට ඔවුන් සමාජය විහිළුවකට ගැනීමට පෙලබෙනවා. එතකොට මේ බලයන් පාලනය කරගැනීම නොහැකි උනොත්.ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. පසුගිය දවස්වල වැඩියෙන්ම බැනුම් අහපු Joss trank ගේ නිර්මාණයක්.

15.? The visit (2015)
මල්ලියි,අක්කයි යනවා දුර බැහැර ආච්චිලගෙ ගෙදර සතියක් නිවාඩුවක් ගත කරන්න. මේ පලවෙනි පාරට යන්නෙ. ඒත් මොකක් හරි අවුලක්. වයසක දෙන්නගෙ හැසිරීම් එහෙම ගොඩක් අවුල්. සතියක් පොඩිඋන් දෙන්නට එහෙ ඉන්න පුළුවන් වෙයිද?.M. Night Shyamalan ගේ අසාර්ථක වීගෙන ආපු සිනමාව නැවතත් විශිෂ්ට සිනමාවට ආවෙ මේකෙන් කියල කියන්න පුළුවන්.

16.? Hardcore Henry (2015)
First person ගේම් එකක් ඇතුලට යන්න පුළුවන් උනානම්. එහෙනම් මෙන්න තියෙනවා ඒකට කියාපු බාන්ඩේ. මුලු චිත්‍රපටයම පෙන්නවන්නෙ ප්‍රධාන චරිතයේ ඇසින්. Action sense first person ම විදගන්න ඔයාලට අවස්තාව ලැබෙනවා. VR box එක්ක මේක බලපු උදවිය බිත්ති වල බඩගෑ බවත් සමාජයෙන් අහන්න ලැබෙනවා.

17.? Afflicted (2013)
ලෝකෙ වටේ සවාරිවල නිරත වෙමින් ඒ සෑම traveling අත්දැකීමක්ම පටිගත කොට documentary එකක් විදියට ලෝකෙට පෙන්නන්න හදන යාලුවො දෙන්නෙක්. ඒත් මේ සවාරිය ඉවර වෙන්නේ නං අපට හිතාගන්නවත් බැරි විදියට. Horror, creepy, violence එකතු වූ විශිෂ්ට නිර්මාණයක් විදියට මම මේක දකින්නේ. වැදගත්ම දේ ප්‍රධාන නලුවො දෙන්න තමා රචනා කොට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. බලන්න ඔවුන් කොච්චර සාර්ථකද කියල.

18.? Creep (2014)
රස්සාවක් සොයා දුර බැහැර නගරයකට යන කැමරා ශිල්පියෙක්ට අමුතු වැඩක් සෙට් වෙනවා. ඒ තමයි තම අවසාන මොහොත ගත කරන මිනිසෙකුගෙ අවසාන පණිවුඩ පටිගත කිරීම. අවසානය අපි හිතාගෙන හිටපු විදියටම වෙයිද?. චරිත නිර්මාණය,තිර රචනය, අධ්‍යක්ෂණය කරන්නේ චිත්‍රපටයෙ ප්‍රධාන නලුවො දෙන්නා. මේකෙ ජනප්‍රියත්වය නිසාම creep 2 (2017) නමින් තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. ඒය මුල් චිත්‍රපටයට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් ඔවුන් මේක thrilogy යක් කරන්න බලාපොරොත්තු වෙනවලු.

19.? Hell House LLC (2015)
මළවුන්ගෙන් දිනය දා හොල්මන් නිවාස චාරිකාවකදී මිය ගිය පුද්ගලයින්ගේ 15ක්. මේ අබිරහස සොයාගැනීමට වසර පහකට පසු ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක් දැයි දැනගැනීමට එම ස්ථානයට යන වාර්තා කාර්යමණ්ඩයක්. Horror චිත්‍රපට ලෝලීන්ට වෙනස්ම අත්දැකීමක්. විශිෂ්ට නිර්මාණයක්.
ජනප්‍රියත්වය නිසා Hell House LLC II: The Abaddon Hotel (2018), Hell House LLC III: Lake of Fire (2019) නමින් තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය උනා. ගුණාත්මක භාවය නං ගොඩක් අඩුයි.

20.? Searching (2018)
අතුරුදන් වූ තම දියණිය සොයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ඇගේ පියා. දියණියගේ පරිගණකය පරික්ෂා කිරීමේදී ඔහුට දකින්න ලැබෙන තොරතුරු මොන වගේ ද? නියම twist එක්ක දිග හැරෙන මෑතකාලීන විශිෂ්ට නිර්මාණයක්. ජනප්‍රියත්වය නිසා තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙන බව ආරංචි ලැබෙනවා.

21.? End of Watch (2012)
පොලිස් සගයන් දෙදෙනෙක්, ගනුදෙනු කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට නරක කට්ටිය එක්ක. පොලීසිය උනත් සාමාන්‍ය මිනිස්සුනෙ. පොදු යහපත උදෙසා නීතිය පිටින් යන්න වෙන අවස්ථා තියෙනවා. ආදරෙය, සෙනෙහස, සහෝදරත්වය, සමග සංවේදී සිනමාපටයක්. David Ayerගේ විශිෂ්ට නිර්මාණයක්.

22.? Grave encounters (2011)
චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ඔවුන්ගේ සොහොන් මුනගැසෙන්නෝ වැඩසටහන වෙනුවෙන්, හොල්මන් ඇතැයි සිටින ස්ථාන වලට ගොස් එහි ඇති හොල්මනක් නැති බව ලොවට පෙන්වයි. ඒත් මෙදාපාර තෝරාගත් ස්ථානය පොඩ්ඩක් අමුතු බව තේරුම් ගන්න කොට ඔවුන් පරක්කු වැඩියි. Horror චිත්‍රපටයක විශිෂ්ට අවසානයක්. ජනප්‍රියත්වය නිසාම දෙවන කොටසකුත් grave encounters 2 (2012) නමින් තිරගතඋනා. නමුත් මුල් චිත්‍රපටයේ නමට හානි වූ බවයි දක්නට ලැබෙන්නෙ.

23.? Unfriended (2014)
යාලුවො 6 දෙනෙක් විඩියෝ චැට් එකක්. චැට් එක අතරතුරදී තවත් කවුද මේකට සෙට් වෙලා. ඒ කවුද?. එයාගෙයි මෙයාලගෙයි සම්බන්ධය මොකක්ද?. අවසානය අප නොසීතූ එකක්ම වේවි. ජනප්‍රියත්වය නිසා unfriended : dark web (2018) නමින් තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. චිත්‍රපට දෙකේ සම්බන්ධයක් නෑ.

24.? Willow Creek (2013)
ඇමරිකාවේ ප්‍රසිද්ධියට පත් තවත් පුරාවෘත්තයක් තමයි big foot කියන්නේ. කිහිප වරක්ම දර්ශනය වූ බව අන්තර්ජාලයෙන් අහන්න ලැබෙනවා. සත්‍ය අසත්‍ය බව කෙසේ නමුත් ඔහු ගැන සිනමාපට විශාල ගණනක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ඉන් එක් සිනමාපටයක්. තරුණයෙක් සහ ඔහුගේ පෙම්වතිය Bigfoot අබිරහස විසදීමට වනගත වෙන තිගැස්සෙන සුලු දර්ශන සමගින් නියම adventure චිත්‍රපටයක්.

25.? last exorcism (2010)
වංචාවෙන් දිවි ගෙවන දේවගැතිවරයෙක්. මේ අතරතුර ඔහුට භූත පලවා හැරීමකට ලැබෙන ආරාධනයක්. ඉහලම විචාරක ප්‍රතිචාර මැද තිරගත වූ මේ සිනමා සිත්තම මෙහි දෙවන කොටස Last Exorcism Part II (2013) නිසා චිත්‍රපටයේ නමට හානි වූ බවක් තමයි පේන්න තියෙන්නේ.

26.? Sacrament (2013)
මිත්‍යාව තරං භයානක දෙයක් නෑ කියල අහල තියෙනවනෙ. 1978 නොවැම්බර් 18 වැනිදා මහා මූසල දවසක් උනා. ලොවම හැඩවූ,කම්පා වූ දවසක්. ගයනාවේ සිදුවූ මේ සිදුවීම ලොව ලොකුම සියදිවිනසා ගැනීම වෙනවා.
ජිම් ජෝන්ස් නම් දේවගැතිවරයෙක් තම කතාව අවසානයේ මිනිසුන් සිය දිවි නසා ගැනීමට පෙලබීම හිතන්නෙවත් පුලුවන්ද?. එදින මිනිසුන් 950 ට එහා මේ විදියට මිය යනවා. සයනයිඩ් කෙලින්ම දරුවන් තුලට එන්නත් කිරීමෙන් මුලින්ම දරුවන් මරා දමා පසුව ඔවුන් සයනයිඩ් පානය කොට මිය යනවා. මිය ගිය අයගෙන් 1/3 ක් දරුවන්. පැන යාමට උත්සාහ කරන අය වෙඩි තබා ඝාතනය කරනවා. අවසානයේ ජීම් ජෝන්ස් තීරණය කරනවා තම රෝද පුටුවේ සිට මුඛයට වෙඩි තබා අවසන් ගමන් යන්න. වනාන්තරයට පැන ගිය කිහිප දෙනෙක් ඇරෙන්න අනෙක් සියලු දෙනාම මේ දේව භූමියේ සියදිවි හානිකරගන්නවා. මේ මූසල ඛේදවාචකය සිනමාවටත් එනවා.
සිනමාපටය ගතහොත් නම්,ගම් සහ සමහර කොටස් හැරුණු කොට 98%ක් ම සත්‍ය සිදුවීම. එදින රාත්‍රියේ රහසේ පටිගත වූ ‘death tape’ නම් හඩපටය මේ සිනමා පටයට බෙහෙවින් උපකාරී වෙලා තියෙනවා. ඔයාලටත් මේ හඩපටය අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන්න පුළුවන්. ලමුන්ගේ අදෝනා, පන අදින මිනිසුනගේ් අදෝනා, ජෝන්ස්ගේ මූසල කතාව ඇතුළත් මේ හඩපටය සංවේදී අයට නිර්දේශ කරන්නේ නැහැ. අධ්‍යක්ෂක Ti West ගේ විශිෂ්ට අධ්‍යක්ෂණය සමග ශබ්ද සංකලනය, වර්ණ භාවිතය, තිර රචනය විශිෂ්ට අන්දමින් මේ සිනමාපටයට යොදා ගෙන තියෙනවා. Violence ගතියත් නොඅඩුව තියෙනවා Eli Roth නිශ්පාදක නිසා.

27.? Apollo 18 (2011)
1969 දී නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස ඇපලෝ 11 යානයෙන් හදට ගිය බව අපි හැමෝම දන්නවා. ඊට පසුවත් ඇපලෝ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක උනා. නිල වශයෙන් පිලිගත් අවසන් මෙහෙයුම උනේ Apollo 17 මෙහෙයුම. ඉන්පසුව නසා ආයතනය නිල වශයෙන් චන්ද්‍ර මෙහෙයුම් නවතා දමනවා. ඇයි? ඔන්න ඔය මාතෘකාව උඩ තමයි චිත්‍රපටය දිව යන්නේ. Apollo 18 මෙහෙයුමක් උනා. එහිදී සිද්ධවුණේ මේ වගේ දේවල්. ඒ නිසා තමයි සියලු සඳගමන් නැවතුනේ කියල එක්තරා පිලිතුරක් බලාගන්න පුළුවන්. තිගැස්සෙන සුලු දර්ශන සමගින් නිසැකවම ඔබ ඇපලෝ 18 යානය තුල සිටින බව හැගීයයි.

28.? Finel prayer AKA borderlands (2013)
13 වන සියවසේ නිර්මාණය වූ පල්ලියක්. මේකෙ සිදුවූ අද්භූත සිදුවීම් කිහිපයක් නිසා පල්ලිය අතඇරලා දාලා තියෙන්නේ. මේ සිදුවීම් අසත්‍ය බව පෙන්වීමට වතිකානු රජය කැමරා ශිල්පීයෙක් ඇතුළු කිහිප දෙනෙක් පල්ලිය වෙත පිටත් කර හරිනවා. එහිදී ඔවුන්ට සිදුවෙන්නෙ නොසිතූ සිදුවීම් පෙලක්.
නියම තිගැස්සීම් කිහිපයක් හමුවන චිත්‍රපටයක්.

29.? Diary of the Dead (2007)
1968 වසර… George A. Romero නම් චිත්‍රපට අධ්‍යක්ෂ චිත්‍රපටයක් නිර්මාණය කරනවා. චිත්‍රපටයේ නම night of the living dead. සිනමා රසිකයන් අනිවාර්යයෙන්ම බලල ඇති. සිනමාහල් වෙත මුදාහැරුනු මේ චිත්‍රපටය ඒකාලෙ විශිෂ්ටම නිර්මාණයක් උනා. ඒ විතරක් නෙවෙයි සමහර රටවල චිත්‍රපටය තහනම් කිරීමටත් පියවර ගැනුනා.
මොකද ඔවුන් මීට පෙර මෙවන් අත්දැකීමකට මුහුණ දීල තිබුනෙ නෑ. ලේ වැගිරීම්, ප්‍රචන්ඩත්වය එහෙම උපරිම මට්ටමකට ඇවිල්ලා තිබුණෙ ඒකාලෙ හැටියට. චිත්‍රපටය කොපමණ ජනප්‍රිය උනාද කියනවනම් එකිනෙකට සම්බන්ධ චිත්‍රපට කිහිපයක් නිර්මාණය උනා. නරඹන්න කැමති කෙනෙක් ඉන්නවා නම් පිලිවෙල මේකයි.

️⚫Night of the Living Dead (1968)
⚫Dawn of the Dead (1978)
⚫Day of the Dead (1985)
⚫Land of the Dead (2005)
⚫Diary of the Dead (2007)
⚫Survival of the Dead (2009)

ඔන්න ඔය චිත්‍රපට පෙලෙන් පස්වන චිත්‍රපටය හෙවත් diary of the dead (2007) අයිති වෙන්නේ මේ මාතෘකාවට. අනිවාර්යයෙන්ම නරඹන්න වෙනස්ම අත්දැකීමක් වේවි.

30.? the conspiracy (2012)
තරුණ චිත්‍රපට නිර්මාණයකරුවන් දෙදෙනෙක්, ඔවුන්ගේ මීලග ව්‍යාපෘතිය කුමන්ත්‍රණ න්‍යායන් ලොවට හඳුන්වා දුන් පුද්ගලයෙක් සමග වැඩකිරීම. අවසානය කෙසේ සිදුවෙයිද? සැකය+මුලාව ඇති තැන සුහදත්වයක්ද නොමැත. අමතක නොවන නිර්මාණයක් වේවි. conspiracy කිව්වම චිත්‍රපටයේ අවසානය අනුමාන කරන්න යන්න එපා ඒක වැරදේවි.

31.? Phoenix forgotten (2017)
ඇරිසෝනාහි පීනික්ස් නගරයට ඉහලින් අද්භූත ආලෝකයන් දිස් වීමෙන් පසු මේ ගැන සොයා බැලීමට යන තරුණයින් තිදෙනෙක්. ඔවුන්ට පිලිතුරක් හමුවේද ? නැත්නම්…… Ridley Scott මෙහි නිශ්පාදක වරයෙක් නිසා නියම realistic alien Vibe එකක් ලැබුන කියල හිතෙනවා.

32.? The Houses October Built (2014)
ඔක්තෝබර් මාසය, හැලොවීන් කවුරුත් කැමතියි පොඩ්ඩක් බය වෙන්න. මිතුරන් පස් දෙනෙක් මේ සදහා ස්ථානයක් සොයමින් රෝඩ් ට්‍රිප් එකක් යනවා. ඔවුන්ට තැනක් හමුවෙනවා. නමුත් ඒ තැන……….. සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර ඔවුන් ඔවුන්ගේ ගමන වීඩියෝ ගත කලා. මෙ චිත්‍රපටයේ එන ඇතැම් දර්ශන සැබෑ ප්‍රතිනිර්මාණයන්ය. ගොඩක් ජනප්‍රිය උන නිසා මෙහි sequel චිත්‍රපටයක් Houses October Built 2 නමින් 2017 දී පැමිණියා.

33.? La cueva (2014)
සංචාරකයින් පස් දෙනෙක්. යන්නෙ ලස්සන සුන්දර දූපතකට. තව දෙයක් ඒකෙ තියෙනවා. ගුහාවක්?
තරුණ කොල්ලො කෙල්ලොනෙ, ඕකට නොගිහින් ඉන්නවැයි?.
අවසානය? ලස්සන ස්පාඤ්ඤ චිත්‍රපටයක්. ස්පාඤ්ඤයේ ලස්සන පරිසර පද්ධති සමග මතකයේ රැදෙන ත්‍රාස්‍යජනක චිත්‍රපටයක් වේවි.

34.? Area 51 (2015)
Area 51 ගැන කවුරුත් දන්නවනෙ.
දන්නෙ නැති අයට පොඩ්ඩක් කියනවනම්, 1947 ඇමරිකාවේ රොස්වේල් වලට හදුනා නොගත් යානයක් වැටුනා. බලධාරීන් කිව්වා මේ පිටසක්වල යානයක් කියලා. ටික දවසකින් ආයෙ කිව්වා කාලගුණ බැලුනයක් කියලා. ඉතිං ඒක කලින්ම කියන්න තිබුනනෙ. මිනිස්සු පිලිගන්න කැමති උනේ නෑ. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ තමයි area 51 කියන රහසිගත හමුදා කඳවුර ගැන කටකතා පැතිරුනෙ. බලධාරීන් මේක අධිආරක්ෂිත කලාපයක් කලා. කවදාවත් මිනිස්සු දැකලා නැති මේ තැන ගැන සිනමාපට බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ එක් චිත්‍රපටයක්.

35.? Skinwalker Ranch (2013)
උඩ කියපු ඒරියා 51 ට වඩා භයානක සහ අද්භූත තැනක් ලෙස පිලිගන්නෙ මෙන්න මේ Skinwalker ගොවිපල. ලොව වැඩිම පර්යේෂණ ප්‍රමාණයක් සිදු කරපු ස්ථානය ලෙසත් වාර්තාවක් තියලා තියෙනවා.
මෙහි මුල්ම අද්භූත සිදුවීම් මුලින්ම සොයාගන්නනෙ 1951 වසරෙදි. එදා සිට අද දක්වා සිදුවීම් 800කට වඩා සිදු වෙලා තියෙනවා. තාමත් කිසිදු පර්යේෂණයක් සාර්ථක වී නැහැ. එලැබ සිටින එකම මතය “සම්මත පර්යේෂණ වලින් පරිබාහිර දේ මෙම ගොවිපල ආශ්‍රිතව සිදු බව බවයි”
මේ සිනමාපටය උඩ කියපු සිදුවීම් වලින් එක් සත්‍ය සිදුවීමක්. සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් අපූරු චිත්‍රපටයක්.

36.? The pyramid (2014)
පුරාවිද්‍යාඥයින් කන්ඩායමක් පිරමීඩයක අභිරහසක් විසදන්න සැරසෙනවා. නමුත් කණ්ඩායමට බලධාරීන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙනවා. ඇයි?. මේ බාධක මැද්දේ වුවත් ඔවුන් පිරමීඩයට ඇතුළු වෙනවා. පුරාණ ඊජිප්තු ජනප්‍රවාද චිත්‍රපටයට සම්බන්ධ වන ආකාරය අපූරුයි. ත්‍රාසය භීතිය කුතුහලය සමගින් නියම horror චිත්‍රපටයක්.

37.? Earth To Echo (2014)
යාලුවො තුන් දෙනෙක්. එකපාරට මෙයාලගේ ජංගම දුරකථවල පේන්න ගන්නවා අද්භූත සිතියමක්. ඉතින් මෙයාලා සිතියම් පෙන්නක ආකාරයට ගමන් කරනවා. ඔවුන්ට කුමක් හමුවෙයිද?. වෝල්ට් ඩිස්නි සමාගම විසින් ඉදිරිපත් කරන අපූරු ළමා චිත්‍රපටයක්.

38.? Into the Storm (2014)
පාසලක් අසල විශාල කුණාටුවක් නිර්මාණය වෙනවා. ක්‍රමයෙන් මෙය විශාල ටොනේඩෝවක් දක්වා වන අතර වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන් මෙය වීඩියෝ කරන්න කිහිප දෙනෙක් පෙලඹෙනවා. ඔවුන් පනබේරගනියිද? නැතහොත් ජීවිතය පරදුවට තබා ඔවුන් මෙය වීඩියෝ කරයිද? බලන්න වටින නිර්මාණයක්.

39.? Devil’s pass (2013)
ඩියැට්ලොව් ඛේදවාචකය කවුරුත් දන්නවා ඇතිනේ. දන්නෙ නැති අයට පොඩ්ඩක් කියනවනම්….. 1959 රුසියාවේ යූරල් ප්‍රදේශයට කදුනගින්නන් 10දෙනෙක් යනවා. එක්කෙනෙක්ට අමාරු උන නිසා මෙම අපහසු තරණයට එකතු වෙන්නේ ඉතුරු නවදෙනා. දවස් 16ක ගමනක් උනත් දවස් 20ක් යනතුරුත් ඔවුන්ගෙන් තොරතුරක් නොමැති නිසා නිවෙස්වල අය කලබල වෙනවා. පසුව කරන ලද සොයාගැනීම් වලදී නවදෙනාම අබිරහස් ලෙස මිය ගිහින්. ඔවුන් කූඩාරම් ඇතුලෙන් කපාගෙන කලබලයෙන් එලියට පැනලා. පරීක්ෂණ වලදී මොවුන්ගේ සිරුරු වලින් අධික විකිරණ සාන්ද්‍රණයක් පෙන්නුම් කරන බවත් ඔවුන් අස්ථි අධික පීඩනයකට ලක්වී ඇති බවත් සොයාගන්නවා. ඇත්තටම එදා සිදුවුණේ කුමක්ද කියල දන්නෙ ඔවුන් පමණයි.
ඉතින් මේ සිද්ධියට මත 100කට වඩා ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සිනමාපටයට පාදක වෙන්නෙ ඒ එක් මතයක්.

40.? The bay (2012)
කෙනෙක් පිහිනමින් සිටියදී රෝගාතුර වෙනවා. නවත් කෙනෙක් මාළු ආහාරයට ගැනීමෙන් රෝගාතුර වෙනවා.
තවත් කෙනෙක් වතුර බීමෙන්…….. ඔන්න බලධාරීන්ගෙ අවධානය වතුර දෙසට යොමුවෙනවා. මේ වතුර වල තිබෙන අබිරහස කුමක්ද? ඉහල විචාරක ප්‍රතිචාර මැද තිරගත වූ චිත්‍රපටයක්.

41.? District 9 (2009)
පිටසක්වල ජීවීන් එනවා, පෘතුවිය ආක්‍රමණය කරනවා හෝ විනාශ කරනවා. ඔය සාම්ප්‍රදායික කතාවෙන් එහාට ගියොත්… ජොහැනස්බර්ග් වලට ඉහලින් පිටසක්වල යානයක් නවත්වනවා. කාටවත් කරදරයක් නෑ. මිනිස්සුත් මෙයාලට District 9 කියල ස්ථානයක් වෙන්න කරල දෙනවා. නමුත් මිනිස්සු වෙනස් වෙනවා. පීටර් ජැක්සන් එහෙමත් මේකට සම්බන්ධ උන නිර්මාණයක් නිසා හොදම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන හතරකටත් නිර්දේශ වෙනවා.

42.? The Devil Inside (2012)
උඩ කියපු paranormal activity, last exorcism වගේ චිත්‍රපට නැවතත් මතකයට නැගෙන අවස්ථාවක්. box office වාර්තා බිදහෙලූ චිත්‍රපටයක්. ඉහලම ආදායම් ලැබූ found footage චිත්‍රපට අතරටත් යන්න පුළුවන් වෙලා තියෙනවා.
යක්ෂයා අරක්ගෙන සිටින තම මව සිදු කරපු මරණ තුනක් සහ ඉන් පසුව සිදු වන සිදූවීම් රූගත කරන දියණියක් ගැන තමයි චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. රාත්‍රී කාලයේදී නං ඉහලින්ම රසවිදින්න පුළුවන් නිර්මාණයක්.

43.? Evidence (2013)
කතාව පටන් ගන්නේ විශාල පිපුරුමකින්. පොලීසියට එම ස්ථානයෙන් හමුවෙන්නේ කැමරා කිහිපයක් පමණයි. මේ කැමරා වලින් කුමක් හෝ සාක්ෂියක් සොයන්න උත්සාහ කරන පොලීසියට හමුවෙනවා මෙය අනතුරක් නොවන බව. ඇත්තටම මොකක්ද එතන සිදු උනේ. බලමුද කැමරාවල මොනවද පටිගත වෙලා තියෙන්නේ කියලා.

44.? The Poughkeepsie Tapes (2007)
ටෙඩ් බන්ඩි ගැන කවුද නොදන්නෙ. කාන්තාවන් 30කට වඩා අමානුෂික ලෙස ඝාතනය කරපු ඇමරිකාවේ දාම ඝාතකයෙක් තමයි ටෙඩ් බන්ඩි කියන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙත් ඔහුව. නියම ත්‍රාස්‍යජනක චිත්‍රපටයක්.

45.? A Haunted house (2013)
Marlon Wayans චිත්‍රපටයක ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක හාස්‍යජනක නිර්මාණයක්. මේ තියෙන්නේ comedy එක්ක found footage ආපු අවස්ථාවක්.
මේකෙ ජනප්‍රියත්වය එක්ක තවත් කොටසක් haunted house 2 නමින් 2014 දී තිරගත උනා. විශේෂයෙන්ම අර උඩින් කියපු paranormal activity,devil inside වගේ නිර්මාණත් conjuring, Anabelle, sinister, exorcist වගේ නිර්මාණත් විහිළුවකට ලක්වෙනවා බලාගන්න පුළුවන්.

46.? Exists (2013)
Blair witch project මුල් චිත්‍රපටයයේ අධ්‍යක්ෂක Eduardo Sánchez ගෙ තවත් found footage ආගමනයක්.
උඩ කියපු willow creek වගේ තවත් බ්ග් ෆුට් චිත්‍රපටයක්. මේක ඒකට වඩා තරමක් අඳුරු තේමාවක් ඔස්සේ ගලායන නිර්මාණයක්. තිගැස්සෙන සුළු දර්ශනත් එක්ක රාත්‍රී කාලයට ගැලපෙන නිර්මාණයක්.

47.? The Gallows (2015)
පාසලක නාට්‍යයක් අතරතුර මියයන සිසුවෙක්. නැවතත් වසර 20කට පසු එම නාට්‍ය සිදුකිරීමට යන සිසුන් කන්ඩායමක්. ශාලාව පිටතින් අගුළු දැමීමක්. අනුමාන කරන්න යන්න එපා අවසානය නොසිතූ එකක්ම වේවි. ජනප්‍රියත්වයත් එක්ක තවත් කොටසක් gallows act 2 නමින් 2019 දි තිරගත උනා.

48.?the tunnel (2011)
සිඩ්නි නුවර උමං දුම්රිය මාර්ගයක් ගවේශණය කරන කාර්යය මණ්ඩලයක් ගැන තමයි චිත්‍රපටය දිව යන්නේ. ඔවුන්ට මොනවා හමුවෙයිද? මේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටයත් මතකයේ රැඳෙනු නොඅනුමානයි.

49.? Fourth kind ((2009)
පිටසක්වල ජීවීන් විසින් පැහැරගැනීම් ගැන කතා විටින් විට වාර්තා වෙලා තියෙනවා. සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් සිනමාවෙන් නං මේ සම්බන්ධයෙන් විශාල නිර්මාණ ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා.
මේ ඉන් එක් සිනමාපටයක්.

50.? Devil’s due (2014)
අලුත විවාහ වූ යුවලක්, ඔවුන්ගේ ප්‍රථම දරුවා මෙලොව එළිය දකිනකං බලාගෙන ඉන්නේ. නමුත් මොකක් හරි අවුලක්. ඇත්තටම කවුද මේ ඉපදෙන්න ඉන්නෙ? රාත්‍රී කාලයට කියාපු නිර්මාණයක්.

51.? Last broadcast (1998)
පුරාණ මිත්‍යා කථාවල එන Jersey යක්ෂයා සොයා ගිය පුද්ගලයින් හතරදෙනෙක්ට සිදුවූ ඉරණම කුමක්ද? මේ ගැන වාර්තා චිත්‍රපටයක් කරන පුද්ගලයෙක් ගැන තමයි චිත්‍රපටය දිව යන්නේ. Found footage මුල් කාලේ නිකුත් වූ අපූරු චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.

52.? The Den (2013)
උඩ කියපු unfriended, dark Web, searching වගේ නිර්මාණ මේකෙන් යම්කිසි ආභාෂයක් ගත්තා වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් නිකුත් වෙන්නෙ මේ චිත්‍රපටය. මොකද චිත්‍රපටවල යම් සමාන සිදුවීම් දැකගන්න පුළුවන්. පරිගණක අනවසර පිවිසුම, පැහැරගැනීම් චිත්‍රපටයට සම්බන්ධ වෙන ආකාරය අපූරුයි.

53.? Noroi: The Curse (2005)
විශිෂ්ට Found footage නිර්මාණ අතර මේ ජපන් සිනමා සිත්තම ඉහලම තැනක තියන්න පුළුවන්. විශේෂයෙන්ම මේකෙ අවසානය. ඒ විතරක් නෙවෙයි ධාවන කාලය වැඩිම found footage නිර්මාණ වලින් එකක්. ඒ කෙසේ වෙතත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් විශිෂ්ට නිර්මාණයක්.

54.? Lake mungo (2008)
මේ සිනමාපටය නං කෙනෙකුට කම්මැලි වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට සංවේදී වෙන්න පුළුවන්. ඒත් මේක found footage නිර්මාණ අතර ඉහලින්ම තියන්න පුළුවන් එකක්. අවසානය විශිෂ්ටයි.

55.?Host (2020)
Unfriended ,dark Web රිද්මයට පන පෙවූ අලුත්ම සිනමාපටය. ඒ සිනමාපටවලට වඩා මේකෙ concept එක මාරයි. අඩුම ධාවන කාලයකින් මේ වගේ දෙයක් කරපු නියමයි. ඒ වගේම ගිය අවුරුද්දේ හොදම horror අත්දැකීමක්.

#Thankyou
#Foundfootage
Created by ✍️
#kavishanhirudika

කවිශාන් හිරුදික(Stranger)

කවිශාන් හිරුදික

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *