Forrest Gump (1994) English
Drama/Romance ‧ 2h 22m
Director: Robert Zemeckis
Featured song: Forrest Gump
Box office: 683.1 million USD
Awards: Academy Award for Best Actor in a Leading Role, Academy Award for Best Picture, more
මම මේ චිත්‍රපටය කීප වතාවක් බලල තියෙනව. අද නැවත වතාවක් බැලුව. කෙටි චිත්‍රපට නිර්මාණකරැවෙක් විදියට මගේ කලෙක්ෂන් එකේ තියෙන සහ මම චිත්‍රපටයක් හදන්න කලියෙන් බලන තවත් එක් චිත්‍රපටයක් තමයි මේ Forrest Gump කියන්නේ.
ලෝකයේ විවිධ චිත්‍රපට බිහි වෙනව ඒවට සම්මාණ ලැබෙනව, ඇගයීම් ලැබෙනව සමහර නිර්මාණ ඉපදිලා එහෙමම විනාශ වෙලා යනව හරියට අපේ ජීවිත වගේ. ඉතිං ඒ අතර අමරණීය වෙන්න පුළුවන් නම් පුද්ගලයකු වශයෙන් හෝ සත්වයෙකු මේ එකීමෙකී ඕනම දේයකින් ඒක මාර වටින දෙයක් වෙනව. මේ කියන්න යන චිත්‍රපටයත් අමරණීය චිත්‍රපටයක්.
අඩු මානසික බුද්ධියක් තියෙන කුඩා පිරිමි ලමයෙකු වටා තමයි කතාව ගෙතෙන්නෙ.ඒත් ඔහු මොඩයෙකු නම් නොවෙයි. ඒත් කවුරැත් ගනං ගන්නෙ නැති ලමෙක්. හරියට තෝමස් අල්වා වගේ ඉතිං දවසක් ඉගෙන ගන්න පාසලෙන් පවා මේ කුඩා ගම්ප් කොන් වෙනව ඒ විදුහල්පති ගම්ප් ගේ මානසිකත්වය අනිත් ලමයින් උපමා කරමින් ගම්ප්ගෙ මවට කියද්දි.
ගම්ප්ගෙ මානසිකත්වය නිසා විදුහල්පති ගම්ප්ගේ මව සමග රාත්‍රියකුත් ගත කරනව ඒ ගම්ප්ව පාසලේ තබාගන්නා ලෙස ඉල්ලමින්. කොතරම් මාතෘත්වයක්ද එතන තියෙන්නෙ අධ්‍යක්ෂකවරයා ඉතාම සියුම්ව ඒ ඉරියව් ග්‍රහනය කරගෙන තියෙනව.
ඉතිං පුංචි ගම්ප්ට මේ අතර සෙට් වෙනව පාසල් බස්එකේ ඉන්න ජෙනී කියන ගෑනු ලමයව. එතන මාර ම හමුවක් අවසානය වනතෙක්ම ඒ හමුව තියෙනව විටින් විට එක එක බාධක ආවත් ගම්ප්ගේ හිතින් ජෙනීව අමතක වෙන්නෙ නැ.
මම කුතුහලය ටිකක් තියල කියන්නම් නෙබලපු කෙනෙක්ට නැත්නම් මේකෙ රහ නැතිවෙන නිසා. පස්සේ එක එක දේවල් වෙලා ගම්ප් හමුදාවට යනව එතනදි ගම්ප්ට ආයෙ පාරක් පට්ට යාළුවෙක් සෙට් වෙනව බාබා කියල. උත් හරියට මගේ යාළුවෙක් වගේම තමයි මොකද කටේ තියෙන්නෙම ඉස්සො ගැන නිසා.
බාබාත් අන්තිමේදි මැරෙනව චිත්‍රපටය ගැන කතා කරද්දි නම් ඒ හැගීම් අපේ හදවතට මාර විදියට දැනෙනව. ඒක මාර උත්සාහයක්. ජෙනී බාබා කැප්ටන් මාර සුසංයෝගක්. මේක බලන්නම ඕන චිත්‍රපටයක් මම එහෙම කියන්නේ මේක අපේ හදවතට කතා කරන නිසා.
අවසානයේදි හැමදේම හරියනව එක මොහොතකට….
ඉතාම විශිෂ්ඨ සිනමා නිර්මාණයක් Forrest Gump කියන්නේ. දෙබස් සංගීතය රෑප ශබ්ද ඉතාම සියුම්ව සිනමාත්මක රහක් එක් කරල තියෙනව.
මාව ගොඩක් සංවේදී කල චිත්‍රපටයක් මගේ අතීත මතක හැමදේම මේක බලද්දි නැවත සිහිවෙනව විටෙක මා මේ චිත්‍රපටය ඇතුලෙ ගම්ප් ලෙස රගපානව කියල හිතුන වාර අනන්තයි. ඉතිං නොබලපු කෙනෙක් ඉන්නවනම් Forrest Gump චිත්‍රපටය අදම බලන්න.
මම ලොකු ලේඛිකකයෙකු නම් නෙවෙයි. ඒව වැඩිය හිතන්න එපා. කවුරැහරි මේ ලිපිය දැකල හෝ නිර්මාණය රස විදින්ද නම් මට ගොඩක් සතුටුයි. Forrest Gump කියන්නේ මෝඩයෙකු ගැන කතාවක් නම් නෙවෙයි.