Forrest Gump (1994) English by Thushan Ranathunga
නූතන ඇමරිකානු ඉතිහාසයේ කැඩපත – Forrest Gump
1986 ඇමරිකානු නව නවකතා රචකයෙක් වුනු Winston Groom විසින් රචනා කළ Forrest Gump නවකතාව 1994දී Robert Zemeckis විසින් චිත්‍රපටයකට පෙරළනවා . මේ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ,හොඳම අධ්‍යක්ෂණය ඇතුළු Academy Awards හයක් දිනාගන්නවා .
මේ චිත්‍රපටයේ කතාව Tom Hanks විසින් පණ පොවන Forrest Gump චරිතය ගැන ගලා ගියත් චරිතයට බාහිරින් හා සමගාමීව සිදුවන සිදුවීම් එක්ක ගලාගෙන යන්නේ විසිවන සියවසේ මැදභාගය සිට අග භාගය වන තෙක් ඇමරිකානු ඉතිහාසයේ රසවත් සහ වැදගත් සිදුවීම් .ප්‍රබන්ධ කතාවක් වුණත් හරි ලස්සනට ඉතිහාසය එක්ක ගළපන්න කතුවරයාට හැකිවෙලා තියෙනවා .
1950 දශකයේ කුඩා දරුවෙකු වූ Forrest Gump ජීවත් වන්නේ සිය මව සමඟ Alabama ප්‍රාන්තයේ ග්‍රාමීය පරිසරයක . ඉතිහාසය ගැන මේ චිත්‍රපටය සඳහන් වන මුල්ම අවස්ථාව තමය් Forrest Gump ගෙ නම. ඔහු සඳහන් කරන අන්දමට ඔහුගේ මව ඔහුට නම තබන තියෙන්නේ ඔහුගේ මුතුන් මිත්තෙක් වූ Nathan Bedford Forrest ගෙ නම ඇසුරෙන් . මේ සඳහන් කරන පුද්ගලයා ඇත්තටම ඉතිහාසයේ හිටපු චරිතයක් .ඔහු ඇමරිකානු සිවිල් යුද්ධ සමයේ හිටපු Confiderate Army ප්‍රබල Genaral වරයෙක් .ඔහු තමා Ku Klux Klan කියන සුදු ආධිපත්‍යවාදී ත්‍රස්ත කණ්ඩායමේ පළමු Grand Wizard.
Forrest Gump ගෙ මවට තිබ්බ ආදායම් මාර්ගය තමයි තරමක් සුවිශාල සහ අලංකාර ඔවුන්ගේ ගෙදර කාමර නවාතැන් වශයෙන් පිටස්තරයන්ට ලබාදීම.ඇමරිකානු මෙන්ම ලෝක සංගීත ඉතිහාසයේ හිටපු සුවිශේෂ චරිතයක් වුනු Elvis Presley ත් මේ ආකාරයෙන් ඔවුන්ගේ ගෙදර නවාතැන් ගන්න ආපු පුද්ගලයෙක් . චිත්‍රපටයේ පෙන්වන ආකාරයට Elvis Presley සිය සුවිශේෂී නර්තන විලාසය පවා ඉගෙන ගෙන තියෙන්නෙ කුඩා කාලයේ කකුල්වල ආබාධ තිබූ Forrest Gump දරුවාගේ බකල නර්තන විලාසයෙන්.
චිත්රපටයේ අන්තර්ගත ඇමරිකානු ඉතිහාස කතා කිහිපයක් ඔබ හමුවේ තැබීම මිස
චිත්‍රපටයේ තියෙන කතාව මම මෙතනදි කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ . ඒක නිසා උපරිම රස වින්දනය සඳහා චිත්‍රපටය බැලීම ගොඩක් උපකාරී වෙයි කියලා මම හිතනවා .
ඉගෙනුම් හැකියාවෙන් සමවයස් අයට වඩා Forrest Gump දුර්වල වුණත් අනිත් අයට නොතිබූ ධාවන හැකියාව නිසා University Of Alabama හි අධ්‍යාපනය ලබන්න Forrest ට හැකි වෙනවා .මේ කාලය ඇමරිකාවේ වර්ණභේදවාදය උපරිමයටම තිබූ අවධියක්.දවසක් Alabama ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වූ George Wallace ඇලබාමා විශ්වවිද්‍යාලයේ ඇතුළුවන දොර අවහිර කරන් ඉන්නවා පළමු කළු ජාතික සිසුන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවාට විරුද්ධව . ඒත් පසුව ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට සෘජු විධායක නියෝගයක් කරනවා ආණ්ඩුකාරවරයාව එතැනින් ඉවත් කිරීමට සහ කළු ජාතිකයෝ සිසුන් දෙදෙනා විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්න . මේ සිදුවීමේදී එක් කළු ශිෂ්‍යාවක් අතින් වැටුනු පොතක් අහුලලා දෙන්නෙ රචකයාට අනුව Forest Gump .
විශ්ව විද්‍යාලෙන් පිට උනාට පස්සේ Forrest Gump අමෙරිකානු යුද හමුදාවට බැඳෙනවා.ඔහුව යැවෙන්නේ වියට්නාම යුද පෙරමුණට .
මේ කාලවකවානුවේදී ඇමරිකාව පාවිච්චි කරන ඉතා භයානක ආයුධයක් තමයි Napalm කියන්නේ .රසායන ද්‍රව්‍ය කිහිපයක සංයෝජනය හදන මේ ජෙල් ස්වභාවයෙන් යුත් අධි තාප දායි සංයෝගය .ඉතා වේදනාකාරී මරණයක් සතුරාට අත්කර දීමට සමත් වෙනවා . මුලින් ඇමරිකානු හමුදාව naplem යොදාගත්තේ කැලෑ ගිනි තැබීම ආදී ක්‍රියා වලට .පසුව ගුවනින් හෙලන බෝම්බ සඳහා යොදාගන්නත් ඔවුන් පෙලඹෙනවා. ගුවනින් හෙලන බෝම්බයක් වර්ග යාර දෙදහස් පන්සියයක් සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කිරීමට සමත් .මේ ආයුධය කෙතරම් භයානක ද කියනවා නම් 1980 දී භාවිත කිරීමට තහනම් අවි ආයුධ ලැයිස්තුවටත් Napalm එකතු වෙනවා . මේ Napalm ගැන මට කියන්න හිතුනෙ Forrest Gump වියට්නාමයේ ඉද්දි Napalm Attack එකක් පෙන්නන නිසා.
යුද්ධයේදී වෙඩි වැදීම නිසා තුවාල වෙන Forrest Gump යුද හමුදා රෝහලේ දී නොඅඩුව ලැබෙන දෙයක් තමයි අයිස්ක්‍රීම් . වියට්නාමයේ යුද්ධයේ යෙදෙන ඇමෙරිකානු භට පිරිස් වල චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා Ice Cream Plant වෙනම වියට්නාමයේ ඇති කළ බව සඳහන් වෙනව.
සුව උනාට පස්සේ Forrest Gump ඇමරිකාවට යන්න වුනා.ඒ කාලේ වෙනකොට වියට්නාම් යුද්ධයට ඇමරිකාවෙන් සෙබළු යවනවට විරුද්ධව ඉතා විශාල ජනමතයක් ඇමරිකාවේ ගොඩනගමින් තිබුනේ . ඒ සඳහා කැපවුනු ව්‍යාපාර ගොඩක් තිබුන . යුද්ධයේදී නිර්භීතව තමන්ගෙ කණ්ඩායමක් බේරගන්න හැකිවූ හේතුව නිසා ජනාධිපති Lyndon Johnson
Forrest Gumpට Medal Of Honor ප්‍රදානය කරනවා .මේක ගන්න වොෂින්ටනයට ගියත් අහම්බෙන් වගේ Forrest Gump කලින් කියපු වියට්නාම යුද්ධයට විරෝධී ව්‍යාපාරය පැවැත්වෙන ස්ථානයට යන්න සිද්ධ වෙනවා .මේ ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයාව Forrest Gumpහඳුන්වන්නේ සිය කතාව ඇතුළත වැඩිපුර F word එක පාවිච්චි කරන කෙනෙක් හැටියටය්.
ඔව් ඇත්ත .ඔහු තමයි Abbie Hoffman .ඔහු ඒ කාලේ ඇමරිකාවේ බිහිවූ යුද විරෝධී ව්‍යාපාරයක් මෙන්ම රැඩිකල් , ප්‍රති සංස්කෘතියකට තාරුණ්‍ය මෙහෙයවපු පුද්ගලයෙක්. Abbie Hoffman ගැන තවත් කතා දැනගන්න පුළුවන් මෑතකදී Academy Awards වලට පවා නිර්දේශ වෙච්ච The Trial Of Chicago 7 චිත්‍රපටය මගින් .එතන ඔහුගේ චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න General අැලඩින් ගෙ චරිතය නිරූපණය කරපු Sacha Baron. Forrest Gump චිත්‍රපටයේ මේ සමයේ ම ක්‍රියාත්මක වුනු SDS, Black Panther ව්‍යාපාර ගැනත් අපට මතක් කරනවා .
යුද්ධයෙන් තුවාල වෙලා රෝහලේ ගත කරන කාලය තුළ Forrest Gump දැඩි ඇල්මක් දක්වන දෙයක් තමයි Ping Pong ක්‍රීඩාව . 1970 ජනපති රිචඩ් නික්සන් චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් දෙරට අතර Ping Pong තරඟ පැවැත්වීමට කටයුතු කරනවා . පිංපොං ක්‍රීඩාව ඉතාම හොඳින් ප්‍රගුණ කරපු Forrest Gump තමයි එතනදි ඇමරිකාව නියෝජනය කරන්නේ . ඒකෙන් ජයග්‍රහණය කරලා ඇමරිකාවට එද්දි Forrest Gump ඇමරිකාවේ ක්‍රීඩා තරුවක් වෙලා හමාරයි .
දවසක් Forrest Gump එක්ක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙනවා සුප්රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමෙ John Lennon . චිත්‍රපට රචකයා පෙන්නන පෙන්නන ආකාරයට John Lennon ගේ Imagine ගීතයට පාදක වෙලා තියෙන්නෙත් Forrest Gump ඒ වැඩසටහනෙදි චීනය ගැන කියපු දේවල් .
ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනය කළු පැල්ලමක් තමයි Watergate සිදුවීම .
Ping Pong ක්‍රීඩාවෙන් දිනාගත්ත කීර්තියත් එක්ක රිචඩ් නික්සන් ජනාධිපතිවරයා හමු වෙන්න නැවත Forrest Gump ට අවස්ථාවක් ලැබෙනවා . එහිදී ජනාධිපතිවරයා ඔහුට කියනවා ඔහු දැනට සිටිනා හෝටලය වෙනුවට Watergate Complex එකේ නවාතැන් ගන්න .එදා තමයි Watergate Complex එකේ පිහිටලා තිබුණු Democratic National Committee මූලස්ථානයේ රිචඩ් නික්සන් ගේ කණ්ඩායම ලිපිගොනු සොරකම් කිරීමේ සහ දුරකථන ටැප්කිරීමේ යෙදෙන්නේ . මේ සිද්ධියටත් Forrest Gump ව හොඳින් සම්බන්ධ කිරීමට කතුවරයාට හැකිවෙලා තියෙනවා . මේ Watergate සිද්ධිය ගැන කියනවනං මේක හින්දා තමයි ජනාධිපති රිචඩ් නික්සන් ට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙවන්න සිද්ධවෙන්නේ . ඒ වගේම තවත් සිද්ධි ගණනාවකට අදාළ ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස මේ සිද්ධිය හඳුන්වන්න පුළුවන් .
හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ Forrest Gump යුද්ධය අතරතුර තමන්ට හමුවුනු , යුද්දෙදි ම මියගිය තමන්ගේ සගයා වන Bubba ගෙ සිහිනයක් වුනු ඉස්සන් ව්‍යාපාරයක් පටන් ගන්නවා . මුලදී අසාර්ථක වුණත් 1974 ඇමරිකාව මුහුණදීපු Carmen සුළිසුළඟ එක්ක අති සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා . චිත්‍රපටය පෙන්වන අන්දමට 1976දී බිහි වූ පසුව ඇමරිකාවේ අනන්‍ය සන්නාමයක් බවට පත්වූ Apple සමාගමේ ආයෝජන කරන්න තරම් ව්‍යාපාරය දියුණු වෙලා .
“Shit Happens” . සිංහල වුණත් අපි අතරත් මේ යෙදුම විරල දෙයක් නෙමෙයි . ඒ වගේම Smiley Face එක . හැම දේටම අපිත් යොදාගන්නවා . මේ දේවල් ඇමරිකානු සංස්කෘතිය එක්ක ආපු දේවල්. මේවයෙ ආරම්භයට වෙනත් සිද්ධි තිබුනත් චිත්‍රපටය ඇසුරින් මේ ආකාරය සංස්කෘතික ලක්ෂණ වල ආරම්භය ගැන අර්ථකථනයක් දීමට තිර රචක Eric Roth සමත් වෙලා තියෙනවා .
මේ කතාව තවත් සුවිශේෂී චරිතයක් තමයි Forrest Gump ගෙ මිතුරිය , ආදරවන්තිය පසුව බිරිඳ Jenny. මේ චරිතයට පණ පොවන Robin Write ගේ රංගනය අනභිභවනීය ය්. Jenny ගේ කතාව විවිධ බාධක මැද්දෙ කතාවේ ගලාගෙන යනවා .කොහොමහරි අවසානයේ එක වහලකට එන්න Forrest Gump ට සහ Jenny ට හැකි වෙනවා . මෙතනදි Jenny කියනවා ඇයට හඳුනානොගත් වයිරස් එකක් වැළඳිලා බව .ගොඩක් අය කියනවා මේ කියන්නේ ඒඩ්ස් ගැන කියලා .ඒත් කතාවේ කාලය සමඟ සසඳද්දී මේ වෙනකොට ඒඩ්ස් කියන එක ලෝකෙ හොයාගෙන තිබ්බේ . ඔය කියන ආකාරයට ලෙඩේ වෙන්න ඕනේ Hepatitis C. Jenny කතාවෙ හැටියට ගතකරපු Hippie Life Style එක , මත්ද්‍රව්‍ය භාවිතය සහ ලිංගික ඇසුර එක්ක එහෙම තමයි අපිට උපකල්පනය කරන්න වෙන්නේ .
Forrest Gump හරිම ලස්සන අවසානයක් තියෙන Motivational ගණයට අයත් වෙන චිත්‍රපටයක් .Tom Hanks ගේ විශිෂ්ට රංගනය ගැන විවාදයක් නැහැ .චිත්‍රපටය නිෂ්පාදනය ,කැමරාකරණය ඒ වගේම විශේෂ ප්‍රයෝග අති සාර්ථකයි .විශේෂයෙන්ම මම කලින් සඳහන් කරපු ඓතිහාසික කොටස් පවා අති තාත්විකයි .ජනාදිපතිවරුන් සහ වෙනත් පුද්ගලයන් සමග සිටින වීඩියෝ CGI තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කර තිබීම විශිෂ්ටයි .
මේ චිත්‍රපටය හරියට ඇමරිකාවේ ඉතිහාසයෙ කැඩපතක් වගේ . දේශපාලන සමාජීය පසුබිම් ,ඒ ඒ කාලයේ තිබුණු සමාජ මතිමතාන්තර ,ඇමරිකානු සංස්කෘතියේ අනන්‍ය සංකේත සහ ලක්ෂණ , නව ව්‍යාපාර ගොඩනැගීමත් සමඟ ධනවාදය සහ ඇමරිකානු ව්‍යාප්තවාදයේ හැසිරීම අපිට හරි ලස්සනට මේ චිත්‍රපටයෙන් විඳින්න පුළුවන් . ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුම පත්වීම් , ඝාතන තැත්, විශේෂ සිදුවීම් ගැන ලොකු අවබෝධයක් අපිට ලැබෙනවා.
මේ චිත්‍රපටය තුළ කියවෙන සමහර දෙබස් වල බාහිරට පෙනෙනවට වඩා අදහසක් ගැබ් වෙලා තියෙනවා .ප්‍රේක්ෂකයාට තමන්ගෙ ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් . ඒ වගේම තමයි චිත්‍රපටය චරිත .
අපි දැන් පොඩ්ඩක් Forrest Gump කියන චරිතය ගැන කතා කරමු . මේ චරිතය ඇතුළේ තණ්හාව ,වෛරය ,ලෝභය ,තරහව මුකුත් නෑ .හිස් චරිතයක් . ඒ උනාට ලැබෙන දේවල් වල අඩුවකුත් නෑ .චිත්‍රපටය පුරාවටම Forrest Gump ගෙන් දකින්න ලැබෙන්න මානව දයාව ,සරල ජීවිතය විතරමයි . ඔහුගේ චරිතය තුළින් අපට සාමාන්‍ය මිනිසෙක් හෝ දක්ෂ මිනිසෙක් සාමාන්‍ය ජීවිතවලදී විඳවන කනස්සල්ල ,අසහනකාරී ස්වභාවය සහ ජීවන බරෙන් තොරයි . චිත්‍රපටය පටන් ගන්නේ කුරුලු පිහාටු සුළඟේ පාවෙමින් යන දර්ශනයකින් .ඒ වගේම චිත්‍රපටයේ අවසන් වෙන්නෙත් ඒ කුරුලු පිහාටුව ම පාවෙන දර්ශනයකි . ඉතින් මට හිතෙනවා Forrest gump ගේ ජීවිතයත් හරියට ඒ කුරුලු පිහාටුව වගේ කියලා .හරි සැහැල්ලුවෙන් යන ගමනක් .ඒ ගමන අතරතුර ඔහු අතින් නිමවෙන දේවල් හරි ස්වභාවිකව සිදු වෙන්නේ .මට හිතෙන විදියට මේ චිත්‍රපටයෙන් දෙන අවසාන පණිවිඩය තමයි Forrest gump වගේ සරල මනසක් සහිතව , යහපත් ගුණාංග ටිකක් තියාගෙන යන ගමනට ස්වභාව ධර්මය මගින් නිර්මාණශීලීත්වය , සුවදායි ජීවිතය ඉබේම ලබා දෙනවා කියන එක . ඒ ලස්සන කතාවට සහ පණිවිඩයට ඇමරිකානු ඉතිහාසයට මුහු වෙච්ච පසුබිමක් එකතු කරල අපේ ඇස් ඉදිරියේ තබපු Forrest gump චිත්‍රපටය වෙනත් චිත්‍රපටවලට වඩා වෙනස් අති සාර්ථක නිර්මාණයක් වෙන්නේ ඒ නිසයි .
මේ ලිපිය මම සඳහන් කළේ චිත්‍රපටය තුළ මම හඳුනා ගත්ත කොටස් වලිනුත් කරුණු කිහිපයක් පමණයි .තවත් බොහෝ සංකේත සහ ඉතිහාසය සම්බන්ධ සිදුවීම් රාශියක් Forrest Gump චිත්‍රපටය තුළ අපට දක්නට ලැබෙනවා .ඉතින් ඔයාලා ඒ වගේ අඳුරගත්ත කොටස් තියනවනම් කමෙන්ට් කරන්න .
චිත්‍රපටය බලලා තියෙන අයට නම් මම සඳහන් කරපු දේවල් 100% සම්ප්‍රේෂණය වුණා කියලා හිතනවා . එහෙම වුණේ නැත්නම් ආරාධනා කරනවා ඔබට…. බලන්න Forrest Gump